රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුෙමේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පස්වන ස්ථානයට හිමිකර ගත් සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප්‍රධානය කිරීම තලකිරියාගම පහලවැව යන ස්ථානයේදී ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී ඇති අතර සම්පූර්ණ ශ්‍රම දායකත්වය ගුවන් හමුදා සීගිරි කඳවුරෙන් දක්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යකෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා සීගිරි කඳවුරු අණදෙණ නිළධාරි විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ ඇතුලු ඉමාලි ගේ ඥාතීහු සහභාගි වුහ.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිංදු කියා ගෙයක් දිනයි
වසන්ත Saturday, 26 April 2014 11:36 AM
නිමාලි ඔයාට මගෙන් සුබ පැතුම් ඔයාගේ දක්ෂ කමට විතරක්ම නෙමේ මෙවැනි තිළිණයක් ලැබුනේ ඔයාගේ වාසනාවත් බලපානවා,ජයෙන් ජයම වේවා,(අ)
පොන්සේකා Saturday, 26 April 2014 11:09 AM
අනේ මන්ද හොද නරක නෙමේ කියන්නේ ගාපු තීන්ත එකේ පාට..සිංහල අයගේ සිරිතක්ද මන්ද .ඇයට ඕනි පාට ඇය ගාන්න කියන්න ඇති ඉතින් ඔයාලට මොකෝ (අ)
දයාන් Saturday, 26 April 2014 12:02 PM
හොඳ ත්‍යාගයක්,එත් ආරක්‍ෂිත සමහර දෑ මෙහි අඩංගු වී නැහැ.බලන්න පඩි පෙලට සම්බන්ධ ආරක්‍ෂිත වැට,ගොඩක් හිස්.මෙය දඟකාර කුඩා දරුවන්ට හිතකර නොවේ. ඉතින් මේ ගැන වැඩ කල්පනා කාරිවන්න. (අ)
චම්පා Sunday, 27 April 2014 03:21 PM
අපි හොදදේට හොදයි කියමූ (දී)
රජින්ද Saturday, 26 April 2014 12:46 PM
මෙහෙමයි පොන්සේකා මහත්තයෝ, අපි අඩු පාඩු දකින්නේ මිනිස්සුන්ගේ නෙමෙයි. වැඩ වල. එතකොට තමයි ඒ ගැන තවත් කෙනෙක් හිතන්නේ. අපි හැමෝම දන්නවා මේ වැඩේ සුපිරි වැඩක් කියල. එත් ඒ වැඩේට අදාලව එකේ ඇති අඩුවක් පෙන්නලා දීමයි කරන්නේ. නැතුව මේ සද්කාර්ය හෙළා දැකීමක් එහෙම නෙමේ. (අ)
පතිරණ Saturday, 26 April 2014 12:51 PM
හැමේටම ස්තුතියි
අසංග Monday, 28 April 2014 08:58 PM
හරිම ලස්සනයි. (ත)
කමනි Saturday, 26 April 2014 12:51 PM
අඩු පාඩු හොයනවා ඇරෙන්න මෙයාලට කියන්න දෙයක් නැද්ද? ලස්සන ගෙයක්. (අ)
ධමිම්කි Saturday, 26 April 2014 01:32 PM
ලස්සන ගෙයක්, ලස්සන වටපිටාවක්, ලස්සන සෙබළියක්. (අ)
සංජය Saturday, 26 April 2014 02:42 PM
රණවිරුවෝ ඉන්නවා නේද ඒ ළමයිට ගෙයක් හදලා දෙන්න තිබුන නේද? (නදී)
ටානියා Sunday, 27 April 2014 11:11 AM
සුභපතනවා ඔඅබට (දී)
විජය බණ්ඩාර Saturday, 26 April 2014 03:24 PM
මෙම ත්‍යාගය ඔබට ලැබුනේ ගී ගයුවට පමණක්ම නොවේ කුරිරු ත්‍රස්තවාදී යුද්ද සමයේ අම්පාරේ බංකර තුල රට වෙනුවෙන් ඔබ කල අනුපමීය සේවාව වෙනුවෙනි. ඉමාලි , ඔබ අපට හැමදා වීර තරුවකි. ඔබට උණුසුම් සුබ පැතුම්! (අ)
ඉමාලි පතිරණ Saturday, 26 April 2014 05:04 PM
ස්තුති (දී)
කල්පනී Monday, 28 April 2014 05:21 PM
හැම දේටම වඩා ඔබේ නිහතමානී කම අක්කේ මේ (ස)
අජිත් රුවන්පුර Saturday, 26 April 2014 06:30 PM
සුබ පැතුම් ඉමාලි ...................... (දී)
නුවන් Saturday, 26 April 2014 08:31 PM
ඉමාලි නෙවෙයි සුදුස්සා ගෙයක් දොරක් නොමැති යුද්දයේ මරු කටේ දි අබාදිත උන සෙබලු කී දෙනෙක් නම් ඇත්ද ඉමාලි යුද්දය ඇස් දෙකින් දැක්කාදවත් දන්නෙ නැහැ.(නදී)
චන්ද්‍රසිරි Sunday, 27 April 2014 09:04 PM
පස් වෙනියාට මෙහෙමනම් පලවෙනියාට කොහොම ඇත්ද? ලස්සන ගෙයක් (දී)
දොඩන්ගොඩ ආනන්ද Saturday, 26 April 2014 09:52 PM
මෙම හමුදා නිලදාරීන් සුදු පැහැති බුදු රුවක් උස්සා සිටීමත් බුදහු දහමට නිගාවක් කියා රටින් පිටුවහල් කරාවිද දන්නේ නෑ (ස)
කමනී Saturday, 26 April 2014 09:06 AM
සුබ පැතුම්! දක්ෂ කමට ලැබුණු දෙයක්. සුබ අනාගතයක් සොයුරිය. (නදී)
සංජය Saturday, 26 April 2014 08:46 AM
මෙයිට වැඩිය හොඳ නැද්ද රට වෙනුවෙන් දිවි පිදු දරුවෙකුට මේ ගෙවල් දුන්නා නම්.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 26 April 2014 11:12 PM
කෙනෙක්ගේ දක්ෂතාවයට, උත්සාහයට, ලැබුණු දෙයක් දිහා වැරදි කෝනෙන් බලන්න එපා. කෙනෙකුට ලැබීමක් තිබේනම් ඒක වලක් වන්න තවක් කෙනෙකුට බෑ. ඉමාලි සොයුරිය ඔබට සුබ පතනවා.(නදී)
සෙන්ජී Saturday, 26 April 2014 10:05 AM
මේක අවශ්‍ය වැඩක් ද? (අ)
චමින්ද Saturday, 26 April 2014 09:25 AM
මගෙන් සුබ පැතුම් ! හැබැයි, ඇස් නිලංකාර වෙන තැබිලි පාටක් නේ, ගේ ඇතුලට ගාලා තියෙන්නේ.කාගේද දන්නේ නැහැ පාට තේරීම ? (අ)
ට්‍රයිකෝ රන්ජිත් Sunday, 27 April 2014 01:20 AM
මේවා හොඳ වැඩ. ඔවුන් දිරි ගැන්වීමත් රටට ආස්වාදයක් ඔවුන්ගෙන් ලබා දීමත් මේවයින් සිදුවෙනවා.(නදී)
ඉන්දික Saturday, 26 April 2014 09:53 AM
කීප දෙනෙකුට මේ වගේ දෙනවට වඩා වැඩි දෙනෙකුට බෙදිලා යනවනම් වඩා හොඳයි. (අ)
රජින්ද Saturday, 26 April 2014 10:47 AM
චමින්ද, ඒක තමයි මේ මාත් බැලුවේ මොකද මෙච්චර තද පාටක් ගේ ඇතුලට ගාල තියෙන්නේ කියල. ඉර එලිය වැටුනම කොහොම ඉන්නද? වාස්තු ශිල්පිය කොහෙන් ආව කෙනෙක්ද දන්නෑ. (අ)
මහවැලි Saturday, 26 April 2014 11:09 AM
ආශීර්වාද මුසු සුභපැතුම්. ඇස, කණ හා මනස විසින් ග්‍රහණය කරගන්නා වූ යහපත් ක්‍රියාවක් ඇසීමෙන්, දැකීමෙන් සහ සිතීමෙන් සිතෙහි හටගන්නාවූ ප්‍රභාස්වරය තුළින් නොමනා සිතුවිලි යටපත් වෙයි.(අ)
ශාන්ත Saturday, 26 April 2014 10:44 AM
නාවික සෙබළුන්ගේ ශ්‍රමය නොමිලේ ගත්ත එක වැරදිය. (අ)