IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෞදි ගිය කතක් ගිනි තබා මරා දාලා ?

සෞදි අරාබියේ අසිර් ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් ලෙස පැමිණ ශ්‍රී ලාංකික  කතුන් දෙදෙනකු රිය අනතුරකින් සහ පිළිස්සීමෙන් මිය ගොස් ඇතැයි කමිස මුසායිඩ් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගිය දෙදෙනාගෙන් එක් කාන්තාවක තිකුණාමල උප්පුවේලියේ  පදිංචිව සිට මීට මාස හයකට කළින් සෞදි අරාබියේ අසීර් ප්‍රදේශයේ කමිස මුසායිඩ්  හි නිවසක රැකියාව කරන ලද පස් දරු මවක් වන නසුරා යනුවෙන් හඳුනාගෙන ඇත.

එම නිවසේ හාම්පුතාගේ බිරිය විටින් විට පහරදීම් සහ හිරිහැර කරමින්  මෙහෙකාරකමෙහි යොදවා  ඇත.ඇය මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාවට  පැට්‍රල් හෝ වෙන කිසියම්  දෙයක් ශරීරයට වත් කර කාමරයක දමා ගිනි තබා ඇති බව මිය යාමට මොහොතකට  කලින් අසිර් රෝහල් සේවිකාවන්ට පවසා ඇතැයි වාර්තාවේ.

එහි සිටින ශ්‍රී ලාංකික  සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පැවසුයේ  නසුරා නැමැති මෙම කාන්තාව ශරීරය සම්පුර්ණයෙන්ම පුළුස්සා කිසිවකු විසින්  අසීර් රෝහල් පරිශ්‍රය ආසන්නයට ගෙනවිත් දමා  පලාගොස් ඇති බවත් පිටතට පැමිණ ඇති  රෝහල් නිලධාරියකුට කෙදිරිලි හඬ ඇසී  විපරම් කිරීමෙන් අනතුරුව හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කළ බවයි.

රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු  සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදී පිළිස්සු ආකාරයත් කරන ලද හිරිහැරත් පිළිබඳ තොරතුරු  අනාවරණය කැරගෙන ඇත.

කෙසේ වුවද මෙම කාන්තාව ඊයේ  උදෑසන හයට පමණ මිය ගොස් ඇති බවද ඇගේ මෘත දේහය අසීර් රේහලේ  තැනපත් කර ඇති බවද පවසයි.මෙම කාන්තාව අනතුරු සහිතව සිටින විටදී කිසියම් අයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිබියකට ඇඟිලි සලකුණු ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර අබා ප්‍රදේශයේ සිට  කිලෝමීටර් අසූවක් පමණ දුරකින් පිහිටි දරබ් කඳුකර ප්‍රදේශයකදී  තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් තම රැකියාව කරන ලද නිවසින් පලා යමින් සිටියදී රිය අනතුරට ලක් වී මිය ගොස් ඇති බවද ජෙඩා කොන්සියුලර් කාර්යාලයට වාර්තා වී ඇත.

මෙම කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ  මෙතෙක් තොරතුරු වාර්තා වී නැති මුත් ශ්‍රී ලාංකික කාන්තාවක් බවට තහවුරු වී ඇති බව ජෙඩා කොන්සියුලර් ආරංචි සඳහන් කරයි .මෙම කාන්තාවගේ මෘත දේහය ජිසාන් රෝහලේ තැන්පත් කැර ඇත.

 fff

 

 

 

 



අදහස් (0)

සෞදි ගිය කතක් ගිනි තබා මරා දාලා ?

කසුන් Thursday, 26 March 2015 01:38 PM

ලංකාවේ මිනිසුන්ගේ රැකියා ප්‍රශ්නයට නිසි විසඳුම් දුන්නා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ (නි)

:       0       0

අනුර Thursday, 26 March 2015 02:18 PM

මේවට කෑගහපු රන්ජන් කොහෙද? (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 26 March 2015 06:47 AM

හයක් හතරක් නොදැන මේ මිනිස්සුන්ව ඇයි මෙවැනි කාලකන්නි රටවල් වලට පිටත් කරන්නේ. (ස)

:       0       0

අමන්දා Thursday, 26 March 2015 05:31 PM

මෙහෙම තිරිසන් වැඩ කරන්න මිනිසුන්ට හැකිවුණේ කෙසේද? (නි)

:       0       0

සුනිල් Thursday, 26 March 2015 06:59 AM

මේ රටට අපේ මවු වරුන් සහෝදරියන් යවන එක නවත්තන්නේ කවදද? (හේ)

:       0       0

පද්මිණි Thursday, 26 March 2015 07:13 AM

මේ ලෝකේ දෙවියන් ඉන්නේ කොහිද? (දිල්)

:       0       0

ගයාන් Thursday, 26 March 2015 06:03 PM

සෞදියට අපේ රටෙන් කාන්තාවන් යැවීම නතරකරන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ඇසළ Thursday, 26 March 2015 07:20 AM

ඔටුවෝ කිසිම හිතක් පපුවක් තියන අය නෙමෙයි. ඒ වුනාට දවසට පස් වතාවක් ආගම අදහනවා. (ස)

:       0       0

ශානිකා Thursday, 26 March 2015 07:20 AM

මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? කීදහසක් ලංකික කාන්තාවන් මැරුණද? දැන්වත් නිසි පියවරක් ගන්න. (ස)

:       0       0

සම්පත් ශ්‍රි Thursday, 26 March 2015 07:20 AM

රන්ජන් මහත්තයෝ මේ වගේ ඒවාට උත්තර හොයන්න එතකොට නිකම්ම වීරයෙක් වී..(ම)

:       0       0

මේනක Thursday, 26 March 2015 07:30 AM

කෝ තලතා? බලමු මොකද කියන්නේ කියල. කතාව විතරයි.....(ස)

:       0       0

හංසමාලි Thursday, 26 March 2015 07:15 PM

අසරණ කාන්තාවන් පව්! (නි)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 07:39 AM

කාන්තාරයෙන් නිල් සිසිල් ජලය පැතීම නිශ්ඵල වේ. (ස)

:       0       0

කසුන් Thursday, 26 March 2015 07:57 AM

ලංකාවේ හිඟා කෑවත් පිට රට යවන්න එපා.(හේ)

:       0       0

රීටා Thursday, 26 March 2015 07:52 PM

මම නම් කියන්නේ රට යන්න එපා කියලයි (නි)

:       0       0

ජයන්ත Thursday, 26 March 2015 08:06 AM

ගම්වල දුක් විඳපු අහිංසක කාන්තාවන් මැද පෙරදිග රටවලට ගිහිල්ල හම්බකරන විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ධන කුවේරයෝ පිටරට සැප යානවාහන හා සුඛෝපභෝගි භාණ්ඩ ගෙන්නලා සැප විදින්නේ. මේ අහිංසක ශ්‍රමිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ගේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසන්න ගන්න වැටුපට මේ අහිංසකයන්ට සේවය කරනවද කියල. (බ)

:       0       0

කුමාරි Thursday, 26 March 2015 08:12 AM

රන්ජන් දැන් රට ඉන්න මිනිස්සු ගැන හොයන්න වෙලාවක් නැහැ මොකද හිටපු ජනාධිපතිතුමාගේ කොමෝඩ් වලින් රත්තරන් වලින් ගියපු මලපහ හොයනවා ..(බ)

:       0       0

රමණි Thursday, 26 March 2015 08:39 PM

මැදපෙරදිග යන එක තහනම් කළොත් ඊළඟට කෑගහයි අපේ මානුෂීය අයිතීන් නැතිකළා කියලා. ඇයි කාන්තාවන් මෙහෙම යන්නේ කියලයි මම අහන්නේ (නි)

:       0       0

ශෂී Thursday, 26 March 2015 08:32 AM

ජයන්ත; ඔබ හරි , ඇයි අපේ රටේ මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ? ලංකාවේ හිඟා කෑවත් පිටරට යවන්න එපා...ඒවායේ ඉන්නේ සත්තු වගේ මිනිස්සු ...ගම්වල දුක් විඳපු අහිංසක කාන්තාවන් මැද පෙරදිග රටවලට ගිහිල්ල හම්බකරන විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ධන කුවේරයෝ පිටරට සැප යානවාහන හා සුඛෝපභෝගි භාණ්ඩ ගෙන්නලා සැප විදින්නේ. මේ අහිංසක ශ්‍රමිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ගේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසන්න ගන්න වැටුපට මේ අහිංසකයන්ට සේවය කරනවද කියල (බ)

:       0       0

අභය Thursday, 26 March 2015 08:42 AM

සවුදි කියන්නේ මහා ජරා රටක්. මාධ්‍ය වලින් මෙතරම් සිදුවීම් කියද්දී ඇයි සවුදියට යන්නේ? යන මිනිස්සුන්ගෙත් වැරැද්ද. (ස)

:       0       0

ක්‍රිෂ්ණා Thursday, 26 March 2015 08:54 AM

මැද පෙරදිග රටවලට යවන එක සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුයි. දුප්පත්කමට කිීයක් හරි හොයාගන්න ගිහින් අන්තිමට ඡීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ . (දිල්)

:       0       0

අරුණ Thursday, 26 March 2015 09:23 AM

කාන්තාවන් ගෘහ සේවයට යවන්න එපා දැන්වත් මේ ගැන හොයලා බලන්න (දිල්)

:       0       0

කමල් Thursday, 26 March 2015 10:14 AM

කාන්තාවන් අරාබි රටවලට යවන්න එපා.(හේ)

:       0       0

වීකී Thursday, 26 March 2015 10:18 AM

උන් එහෙම කරත් අපිට හෙන ගෙඩි ඉල්ලන්න තරම්වත් හිතක් නෑ.. එකයි අපේ තියෙන මනුස්ස කම.. ගොතික ගති පාන ඔය ජාතියට අපි අනුකම්පා කල යුතුයි.. එත් ගැහැණු රට යවන එකනම් නැවතිය යුතුයි... (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 26 March 2015 11:18 AM

මේ වගේ ඛේදවාචක යළි සිදු නොවෙන්න වග බලා ගන්න.(හේ)

:       0       0

බුද්ධික Thursday, 26 March 2015 11:22 AM

මේ දේවල් නම් සහ ගහන අපරාධ.(හේ)

:       0       0

සොපී Thursday, 26 March 2015 11:34 AM

අපේ රටට වැඩිපුරම විදේශ විනිමය හොයල දෙන මේ අහිංසක ජිවිත රැක ගැනීමට බැරි වීම ගැන අපිට කවදාවත් සමාවක් නැහැ ..(හේ)

:       0       0

ද සිල්වා Thursday, 26 March 2015 11:36 AM

යහ පාලනය යටතේ වත් බැරිද අඩුම තරමින් කාන්තාවන් සෞදියට යවන එක නවතන්න ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 341 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 408 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1426 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 373 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site