ශ්රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය.
අක්කරේපත්තුවේ එම්. එච්. රෆ්නාස් , රත්නපුර ඒ. එස්. එම්. සුජාන්, ගිරිඋල්ලේ පී. ජී. කමනි, ඇතිමලේ කේ. පී. කේ. චන්ද්‍රාවතී, කල්ලඩිහි එන්. රීටා සහ ගලෙන්බිඳුනුවැව පී. ටී. මොහොමට් රියාස් එසේ අතුරුදන් වී ඇතැයි ද, ඔවුන් සවුදි අරාබියට ගොස් ඇත්තේ 2004 සහ 2014 අය දස වසර තුළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අතුරුදන්වූ මෙම පිරිස ගැන යම් තොරතුරක් ඇත්නම් 011 4379328 අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞදි අරාබියේ සිටින ශ්‍රමිකයන් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
- ඩේලිමිරර් ඇසුරෙනි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන්
shan saudi Saturday, 25 March 2017 03:46 PM
මේ අය ජීවත් උයේ සෞදි අරාබියේ කුමන නගරයේද හා ඔවුන් අවසන් වරට කලේ කුමන ප්‍රදේශයේ සිටද පැහැදිලිව කිව යුතුය එවිට මේ අය ගැන දන්නා අයට සහය දක්වයි මම මීට මස 2 පෙර ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයට ගිය විට ඒ ඉදිරිපිට ඇති පල්ලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16 දෙනෙක් සිටි මා හට හමු වුන අතර ඔවුන්ගේ පාස්පෝට් ඔවුන් වැඩකළ කපිල් ( සෞදි බාරකාරයා ) ලග තිබෙන නමුත් ඒවා ලබා දීමට රියල් 5000 එක අයෙකුගෙන් ඉල්ලන බවත් ඔවුන් කීව දැන් මස ගණනක සිට රැකියාවක් නොමැතිව වැඩකළ කාලයට වැටුපද නොමැතිව අසරණව ජීවත් වන බව මට කියා සිටිය. දැනට ඔවුන්ට රාත්‍රී ආහාර සදහා පමණක් කොන්සෝල් කාර්යාලයෙන් මුදල් දෙන මුත් අනෙක් වේල් ආහාර නැතිව සිටින බව කීවා අවුවට වැස්සට දෙකට ඔවුන්ට මුවා වීමට කිසිම සෙවනක් නැති බව මා හොදින් දුටුවා මේ අය මුස්ලිම් දෙමල හා සිංහල අය වෙනවා ඔවුන් ගෙන් වැඩගත් කිසිම ආයතනක් ඔවුන්ට වැටුප් ගෙවා නැති බව කීව ඔය කියන අය මේ අතර සිටිනවද දන්නේ නැ කොන්සෝල් කාර්යාලයෙන් ඔවුන්ගේ කපිල්ගෙන් ඒ වන විටත් මේ බව විමසා නැති බවත් කීවා