IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදි ගිහින් කුණු බක්කි කයි

‘ මමත් තවත් සෞදි  ශ්‍රී ලාංකියින් පිරිසක්  සමඟ සෞදියේ  මහපාරවල්වල  ජීවත්  වුණා. සල්ලි නැති නිසා  හිගා කෑවා.සමහර දවස්වලට බඩගින්න  දරා ගන්න බැරිව  කුණු බක්කිවලට දමන ආහාර කෑවා.‘

 මාස හතරක් පමණ සෞදි අරාබියේ  පදික වේදිකාවල ජිවත් වෙමින්  සිට මෙරටට පැමිණි  උඩවලවේ එම් ජී  ජානක පුෂ්පකුමාර (23) තරුණයා කියයි.

සෞදියේ ලැබෙන වැටුපෙන් ණය ගෙවා  නිවසක් ගොඩ නඟා පවුලේ ආර්ථිකය ශක්තිමත් කැර ගැනීම  ඔහුගේ  සිහිනය විය.

 ජානකගේ සිහිනය බොඳව ගියේ  අකාරුණික විලාශයෙනි. නිවසක් ඉදිකිරීමට අත්තිවාරමක් දමා  ගිය ඔහුට සිදු වුයේ  තම පවුල පදිංචි නිවෙස උගසට  තැබු මුදලින් ලංකාවට පැමිණිමටය.

‘ගෙයක් හදන්න අත්තිවාරමත් දමා රට ගිය මට සිද්ධ වුනේ  මගේ අම්මයි ,තාත්තයි,නංගියි පදිංචි පැල්පත  උගස් කරලා ලක්ෂ  රුපියල් ලක්ෂ තුනක්  සෞදියට ගෙන්වාගෙන අපහු ලංකාවට එන්නයි.‘



අදහස් (0)

සෞදි ගිහින් කුණු බක්කි කයි

මාෂ් Sunday, 11 August 2013 04:41 PM

මෙය ඇත්තෙක් නෙමෙයි වගේ. ඇයි මේ මනුස්සයා සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට නොගියේ. (නදී)

:       0       0

අපොන්සු Monday, 12 August 2013 02:43 AM

ඔබට කල හැකි හොඳම දෙයක් තමයි මේ ඡන්දෙ කාලේ කාට හරි හේත්තු වෙන එක. මොන පිල්ලිය දාල හරි දේශපාලනෙට බැහැ ගත්තොත් ලක්ෂ තුන කජු ඇට වගෙයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 07:29 PM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 12 August 2013 02:54 AM

විදේශ වල ඉදලා ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් නැහැ. ඒ වුනාට විදෙශ වල ඉදලා ලංකාවට ඇවිත් මොනවා හරි වැඩකට නැති බහුබූත සිංදුවක් කියලා අපේ රටේ මුදලින් මිලියන කීපයක් පිටරට ගෙනියන රැප් ගායකයන්ව පිළිගන්නේ රතුපලස්දාලා. වී.අයි.පී පර්යන්තයේදී , අනේ මගේ රටට ගිය කලක්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 12 August 2013 03:05 AM

මම දවසක් රට යනකොට (ජර්මනියට) ලංකාවේ ගුවන්තොටුපලේදී මගෙන් ඇහුවා විදේශ රැකියා එකේ මොනවද ගෙවූවද කියලා. මම කිව්වා මම ගෙවලත් නැහැ ගෙවන්න අදහසකුත් නැහැ , ඕකට සල්ලි ගෙවනවාට වඩා හොදයි අර රතුකුරුස සංවිධානෙට කියක් හරි ගෙවන එක. ඒක අපේ මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කෑම ටික හරි දෙනවා කියලා. එතකොට මට කියනවා අපිට පුළුවන් ඕනේ නම් ඔයාව අත්අඩංගුවට ගන්න කියලා. නිකන් විකාර දොඩවන්න එපා කිඅල මම ආවා.(නදී)

:       0       0

වීර Sunday, 11 August 2013 05:17 PM

කෝ අර සෞදි අරාබිය ගැන බොරු වර්ණනා කරන අර්ෂා, රිෂාර්ඩ් සහ මුස්ලිම් උදවිය? දැන්වත් පිළිගන්න සෞදිය කියන්නේ ආගමික නිදහසක් තබා ජීවත්වෙන්න වත් නිදහසක් නැති ම්ලේච්ඡ අපායක් කියලා.(නදී)

:       0       0

වීර Sunday, 11 August 2013 05:19 PM

මාෂ්, එහෙම කරලා වැඩක් වෙන එකක් නැහැ (නි)

:       0       0

සමන් Sunday, 11 August 2013 05:44 PM

වීර,අනේ පුලුවන් නම් සෞදියේ ඉන්න ලක්ෂ ගණන් ඉන්න සිංහල කට්ටියව ගෙන්න ගන්නකෝ?මතක තියාගන්න ලක්ෂගානක මිනිස්සු ජීවත් වන්නේ මැද පෙරදිගින් රක්ෂා කරන නිසයි.පුළුවන් නම් තායිවානේ,චීනයේ,බුර්මයේ රැකියා අවස්ථා ලබාගෙන සිංහල කට්ටියව මැද පෙරදිගින් ගෙන්නා ගන්න. (නි)

:       0       0

අමිත Monday, 12 August 2013 01:38 PM

හරිම දුකයි සමහර අපේ ලංකාවෙ අය දුක්විදින විදිය දැක්කම. අඩුපඩියට පිටරට ඇවිල්ලා නොවිදිනා දුක් විදිනවා. රට ඇවිල්ලා දියුණු වුන අයත් ඉන්නවා. ඒ වුණාට ප්‍රවේශමින්. ලංකාවෙත් කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. (නි)

:       0       0

මහී Sunday, 11 August 2013 06:21 PM

හොද පුවතක් (නි)

:       0       0

සෑම් Monday, 12 August 2013 02:04 PM

වීර, බොරුවට කුලප්පු වෙලා කෑ ගහන්න එපා. දැන් මිනිස්සු ලක්ෂ ගානක් දීලා ඕස්ට්‍රේලියා ගිහිල්ලා තිබුණු දේවල් නැති කර ගෙන අපහු එන්නේ... එතකොට ඒකේ වැරැද්ද කාගෙද? (නි)

:       0       0

අර්ෂා Monday, 12 August 2013 09:00 AM

වීර, නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා(නි)

:       0       0

අර්ෂා Monday, 12 August 2013 02:20 PM

රටවිරු සරණ කියලා අරමුදලක් පිහිටුවන්න ඕනෑ. (නි)

:       0       0

ධම්ම Monday, 12 August 2013 10:16 AM

විදේශ රැකියා කාර්යාංශය ජර්මන් සිල්වාගෙන් සල්ලි නොගන්නත් ඩුබායි තිලකගෙන් සල්ලි ගන්නත් හේතුකාරණා ඉදිරිපත් කරන්න, අපගේ දැනගැනීම පිණිස. (දී)

:       0       0

ඩී.උපුල් Sunday, 11 August 2013 07:31 PM

දර්ශන, මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ. එහෙම නැතුව බදු මුදල් අයකරලා ජනතාව සූරාකමින් මැති ඇමතිවරුන්ට රජ සැප විඳින්න නෙමෙයි. (නි)

:       0       0

රසා Sunday, 11 August 2013 07:31 PM

මම දන්න අවුරුදු 16ක විතර ගෑනු ළමයෙක් හිටියා. ඒ ගෑනු ළමයා ලගදී ඩුබායි ගියා. ගමන් බලපත්‍රය, හැදුනුම්පත හදලා ඩුබායි රටට යැව්වේ ඒජන්සියකින්. ඒ ළමයාට අසාර්ථක විවාහයකින් ලැබුණු අවුරුදු 2ක විතර ළමයෙක් හිටියා. සැමියා හමුදාවේ කෙනෙක් නිසා ළමයා දාලා රට යන එකට විරුද්ධව තහනමක් දාලා තිබුණා. ඒජන්සියට තහනම අයින් කරන්න රුපියල් 10,000ක් වත් ගියේ නැහැ. ඔන්න ඕකයි තත්වය..... (නි)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 07:42 PM

අද වෙන දේවල් දැක්කම හිනහත් යනවා. තරහත් එනවා.මම අවරුද්දකට දෙවතාවක් ලංකාවට එනවා, ඉඳලා හිටලා එයාර් පෝට් එකේදී හැංගිලා ඉඳලා එක පාරට පැනලා විදෙස් රැකියා එකේ සල්ලි ගෙව්වද අහන්නේ අපි ඒ ගොල්ලන්ගෙන් ණයට ගත් මුදලක් නොදී පැනලා යනකොට වගේ. තව කොච්චර දේ තිබුනත් කියලා වැඩක් නැහැ.මේ අවුරුදු 15 ට රුපියල් කෝටි ගණනක් මම ලංකාවට එවලා ඇති. නිකම් හම්බවෙන ඒවා නෙමෙයි. කොම්පැනියේ ලොක්කන්ගෙන් බොරුවට බැනුම් අහලා අව්වේ කරවෙලා,දාඩිය හෙලලා හම්බ කරපුවා.ඒ වුණාට අපිට නම් හම්බ වුන කැකිරි ගෙඩියක් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 10:30 AM

‘ගෙයක් හදන්න අත්තිවාරමත් දමා රට ගිය මට සිද්ධ වුනේ මගේ අම්මයි ,තාත්තයි,නංගියි පදිංචි පැල්පත උගස් කරලා ලක්ෂ රුපියල් ලක්ෂ තුනක් සෞදියට ගෙන්වාගෙන ආපහු ලංකාවට එන්නයි. ඇයි විදේශ සේවකයින් නොමිලේ ගෙන්වා ගන්නේ නැද්ද? ඒකනේ මම කියන්නේ. ඉස්සර අපෙන් රුපියල් 3200 ක් කප්පන් අරගෙන යැව්වට දැන් ඒකත් වැඩි කරලා. රුපියල් 11800 ක් මගෙන් ගත්තා. අසරණ වෙලා යලි ලංකාවට යන්න සිද්ද වුනොත් කටුනායක ඉදලා බස් එකේ යන්න විතරයි විදේශ සේවා එකෙන් රුපියල් 200 යක් දෙන්නේ. මෙවා හෙන ගහන අපරාද නෙමෙයිද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 10:33 AM

ඩී.උපුල් 2013-08-11 19:31:05 දර්ශන, මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ. එහෙම නැතුව බදු මුදල් අයකරලා ජනතාව සූරාකමින් මැති ඇමතිවරුන්ට රජ සැප විඳින්න නෙමෙයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 10:35 AM

අවරුදු දෙකකට රුපියල් 3200 ක් කප්පන් දීල තමි ඉස්සර අපි රට ගියේ. දැන් අරකත් වැඩි කරලා රුපියල් 11860 ක් ගසා කනවා. මෙ තරම් අසරණ මිනිසුන්ගෙන් ගසා කන මෙයාලට හෙන ගහනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 10:40 AM

ලංකාවේ රථ වාහන වලට වැඩිය ඉන්නේ ට්‍රැෆික් පොලිසියෙන් වගේ කටුනායක ගුවන්තොටුපොළේ වැඩියෙන්ම ඉන්නේ විදේශ සේවා එකට ගෙවලද කියලා පරීක්ෂා කරන ූදවිය. ඇතුළු වුන තැන එලා ගුවන්යානයට නගින තැන දක්වා පරික්ෂා කරනවා. රක්ෂනය ඇයි ඔය හැටි අපිට කර ගස්සන්නේ. මේ වගේ ගසා කෑමක් නම් මම මගේ අම්මා අප්පා කාලෙදිවත් දකලා නම් නැහැ කියන්නේ නිකම්ම නෙමෙයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 09:07 PM

ලංකාවේ ඕනාතරම් අවස්ථාව තියෙනවා දියුණු වෙන්න. කටුනායක රැකියාවල් තියෙනවා මිනිස්සු නැහැ.(නදී) l

:       0       0

මෝරලා Sunday, 11 August 2013 02:49 PM

ලක්ෂ තුනක් ගෙවන්න තරම් කරපු වැරැද්ද කුමක්ද ? (නි)

:       0       0

ෆාරිස් Sunday, 11 August 2013 02:57 PM

හොර ඒජන්සි වලින් රට ගියොත් ඔහොම තමයි. මමත් තිබුණු ත්‍රී රෝද රථය විකුණා සෞදි ගියා. ඔය ටිකමයි මටත් වුනේ...අනේ මගේ සල්ලි. (නි)

:       0       0

සුසන්ත ධනපාල Sunday, 11 August 2013 09:56 PM

දෙවියන්ගේ පිහිටෙන් මගේ උත්සාහයෙන් මගේ පවුල හොදින් ජීවත්වෙනවා. අපේ රටේ හමුදාවට මගේ හොදම තරුණ කාලය කේප කරන්න උනා ඒ ගෙන ඇත්තටම මම අද පසුතෙවිලි වෙනවා. මොකද අපේ රටේ ඉන්න මිනිස්සු කල ගුණ ඉක්මනින් අමතක වෙන මිනිස්සු නිසා. ඒ මම හෙලු දහදිය වින්ද දුක් මා මෙහි කැප කල නම් අද මම දනවතෙක්. (දී)

:       0       0

සරත් Sunday, 11 August 2013 03:01 PM

මේ අසරණ මිනිසුන්ට කාගෙන්වත් පිහිටක් නැද්ද? විදේශ සේවා කාර්යංශ මොනවද මේ මිනිසුන් වෙනුවෙන් කරන්නේ! (නි)

:       0       0

අනුර යු ඒ ඉ Sunday, 11 August 2013 03:02 PM

සුදුසු රැකියා ඒජන්ත කෙනෙක් මගින් නැවත ඉල්ලුම් කර බලන්න. නොපසුබට උත්සාහය අවශ්‍ය වෙනවා (නි)

:       0       0

ප්‍රිය Sunday, 11 August 2013 03:05 PM

බොදු බල සේනාවටවත් බැරිද මේ රට යවන එක නතර කරන්න? ඔන්න ලාංකිකයෝ අභිමානයෙන් ජීවත් වෙන හැටි (නි)

:       0       0

සරත් අතාවුද Sunday, 11 August 2013 03:13 PM

උත්සහ කරන්න මොන දුක විදගෙන හරි අපේ රටේ ජීවත් වෙන එක හොදයි නේද?(නදී)

:       0       0

දර්ශන Sunday, 11 August 2013 03:22 PM

පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදල දෙන්න. මේක කියවපු අය අතරේ කෙනෙකු සිටිය හැක.(නදී)

:       0       0

ගයන්ත Monday, 12 August 2013 05:29 PM

මේ වගේ කතා අනාවරණය කිරීම ගැන ලංකාදීපයට ප්‍රණාමය! අදට සෞදියේ 300 කට වැඩිය පාරවල්වල දුක් විදිනවා. ඒවාද හෙළි කරන්න (නි)

:       0       0

සමන් -මාලේ සිට Sunday, 11 August 2013 03:23 PM

මෙයට වග කිව යුත්තේ විදේශ රැකියා ආයතනය නම්, බලදාරියනි, හැකි ඉක්මනින් මොහුට සාදාරනයක් කරන්න (නි)

:       0       0

සංජීව Sunday, 11 August 2013 03:33 PM

අනේ දැන්වත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ මේ අරාබිය කියන්න මොකක්ද කියලා.(නදී)

:       0       0

සුපුන් Sunday, 11 August 2013 03:36 PM

ඒජන්සි එකකින්ද මෙයා ගිහින් තියෙන්නේ?(නදී)

:       0       0

අර්ෂා Monday, 12 August 2013 12:08 PM

වීර , ඔයා පන්සලකට ගොස් මාස 6ක් වත් භාවනාවේ යෙදිලා මනස සන්සුන් කරගන්න.(දී)

:       0       0

ධම්ම Sunday, 11 August 2013 03:43 PM

මොකද ජානක මල්ලි උනේ? මොනවා උනත් ඔයාත් දැන් අභිමානවත් රටවිරුවෙක් බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

අනුර පනාගොඩ Sunday, 11 August 2013 04:01 PM

අහන්නත් කනගාටුවකි. තව ටික කලකින් මේ රටෙත් මේ වගේ දේවල් අහන්න ලැබුනොත් අනේ පුදුම වන්න එපා.(නදී)

:       0       0

දිසානායක Sunday, 11 August 2013 04:07 PM

මම එකක් කියන්නම් මමත් ඉන්නේ අරාබි රටක මීට වඩා හොදයි ලංකාවේ හිටියනම්. එන්න එපා මේ කාලකන්නි රටවල්වලට දුක් විදින්න මෙහෙ වැඩි හරියක් ඉන්නේ තිරිසන්නු.(නදී)

:       0       0

ද සිල්වා Monday, 12 August 2013 12:28 PM

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොකද කියන්නේ මේවාට

:       0       0

ජගත් Sunday, 11 August 2013 04:13 PM

පව් අහිංසකයා.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 12 August 2013 12:49 AM

මෙහාට වෙලා හිටියානම් ඉවරයිනේ (දී)

:       0       0

ද සිල්වා Monday, 12 August 2013 07:01 PM

රට යනකොට ගුවන්තොටුපලේ පෝලිමට ඉදගෙන රක්ෂණ පරීක්ෂා කළාට , රට ගිහින් විපතකට පත් වුණහම පවුලේ කෙනෙක් යන්න බලන්න විදේශ සේවා එකට. එතකොට ඔය නිලධාරී කවුරුවත් නැහැ. (නි)

:       0       0

සසදන් Sunday, 11 August 2013 04:34 PM

සෞදියේ වෙන්නේ මෙවැනි දේවල් තමයි එම්බසිය ලාංකිකයින්ට සලකන්නේ බල්ලන්ට වගේ. මේ පුවතට වඩා බොහෝ දේ සෞදියේ වෙනවා කාන්තාවන්ට වෙන අපරාද එමටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9397 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4873 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6768 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4589 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1135 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1955 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site