IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සෞදි ඝාතනය පවුලේ අයට දන්වයි

කැකිරාවේ රේල්වේටවුන්හි සිටි මොහොමඩ් සියාන් සිහාබ්දීන් (32) සෞදි අරාබියේ යන්බෝ වරාය නගරයේ වීදුරු කපන්නකුගේ මරණය පිළිබඳව සෞදි ආරක්ෂක අංශ යේමන ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇතත් ඔවුන් අතර කිසිදු ආකාරයක විරසකයක් හෝ බහින්බස් වීමක් සිදුවී නැති බව කියති .

මධ්‍යම රාත්‍රියේ දී සිදුව ඇති පවසන මෙම මරණය පිහි ඇනුමකින් සිදුවී ඇති බවට සාක්කි ඇති අතර ඒ පිලිබදව දිගින් ගිගටම යේමන ජාතිකයාගෙන් සෞදි ආරක්ෂක අංශ ප්‍රශ්න කරමින් සිටි. මියගිය මොහොමඩ් සියාන් මෙම ආයතනයේ වසර හයක් කාලයක් රකියාවක් කරමින් සිටියේය. ඔහුගේ තෙවැනි නිවාඩුවට මවුබිමට ගොස් ආපසු පැමිණ ඇත්තේ  මිට මාස හයකට කලින් බවද පැවසේ

මෙම මරණය පිළිබවද ජෙඩා කොන්සියුලර් කාර්යාලයේ වැඩ බලන කොන්සියුලර ජනරාල් එම.එස්.එම අන්සාර් මහතා විසින් පවසා ඇත්තේ තම කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් ඉදිරි කටයුතු සොයා බැලීමට පත් කර ඇති බවයි.

කොන්සාල් ජනරාල්වරයා කියනුයේ මේ ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පවුලේ සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි.මිය ගිය අයගේ මෘත දේහය පිලිබදව ගතයුතු පියවර විදේශ අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදු කිරීමට පියවර ගන්නා බවද කොන්සල් ජනරාල් සදහන් කරයි.

hasni-and-mafasilla-(1)



අදහස් (0)

සෞදි ඝාතනය පවුලේ අයට දන්වයි

සෙනරත් බණ්ඩාර Sunday, 24 July 2016 09:18 AM

මොහොමඩ් මහත්මාගේ ඉල්ලීම පරිදි අල්ලාහ් හට කැමති පරිදි කටයුතු කිරීම පිණිස සෞදි ආරක්ෂක අංශ හට මෙය විමර්ශනය කිරීමෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් බලකරන මෙන් ශ්‍රී ලංකා රජයෙන්,තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. (බ)

:       0       0

බණ්ඩා කුවේට් Sunday, 24 July 2016 09:24 AM

මොහොමඩ් එතකොට ලොයර්ලා වුවමනා නැතිවේවි නේද ඉනිමගෙන් වැටුන මිනිහත් ඔය කතාවම කිවුවා (බ)

:       0       0

ගමගේ Sunday, 24 July 2016 09:23 AM

අන්ධ භක්තිය පිලිබඳ සජීවී උදාහරණය මොහොමෙඩ් (බ)

:       0       0

අමිල Sunday, 24 July 2016 10:19 AM

මොහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අල්ලනු.(හේ)

:       0       0

රසුන් Sunday, 24 July 2016 10:19 AM

ඔහුගේ පවුලට සාධාරණයක් ඉටු කරන්න, ඔහුගේ දේහය මෙරටට ගෙන එන්න කටයුතු කරන්න.(හේ)

:       0       0

අශිකා Sunday, 24 July 2016 10:51 AM

කිසි කෙනෙක් මිනීමරුවෝ අල්ලන යන්න එපා,තේරුමක් නෑ, මොහමඩ් කියන විදියට අපි ඔහේ බලාගෙන ඉම්මු අල්ලා මිනීමරුවන් අල්ලනකම් (බ)

:       0       0

ලංකා Sunday, 24 July 2016 10:53 AM

අමිල, රසුන්.මේ සැකකරුවන් අල්ලන ඕනෙත් නෑ,පවුලට සාධාරනයක් ඉටුකරන්න ඕනත් නෑ, නිකන් ඔයාල මෝඩ වෙන්න එපා, මොහමඩ් කිවනේ අල්ල මෙව්වා කරාය කියල,,ඉතින් ඔයාල කලබල වෙන්නේ ඇයි? (බ)

:       0       0

ශානක Sunday, 24 July 2016 10:56 AM

අල්ල කියල මේලෝකේ කවුරුත් නැතෝ. (බ)

:       0       0

සෙල්වා Sunday, 24 July 2016 11:34 AM

තවමත් මෙහෙම අය ඉන්නවනේ...(බ)

:       0       0

අනුර Sunday, 24 July 2016 11:43 AM

අන් අයගේ විශ්වාසයන්ට නිගරු නොකරමු මෙලොවේ ජීවත් වන සෑම මනුෂ්‍ය වර්ගයාටම තම තමන්ට ආවේනික වුන විශ්වාසයන් ඇත මේ විශ්වාසය සත්‍යටත් වඩා තහවුරු කිරීමට සැම මනුස්සයෙක්ම පෙළඹේ අප මේ ගැන උපේක්ෂාවෙන් බැලිය යුතු වෙන අතර මෙම විශ්වාසයන්ට නිගරු කළ යුතු නොවේ (බ)

:       0       0

ගුණවර්ධන Sunday, 24 July 2016 12:08 PM

අය්යෝ මොහමඩ් මොනවද ? මේ දාන අදහස් (බ)

:       0       0

අමිල Sunday, 24 July 2016 12:40 PM

අනුරලා වගේ අය නිසා මෝඩයෝ තව ඇති වෙනවා (බ)

:       0       0

බමුණු Sunday, 24 July 2016 01:05 PM

අමිල කලබල වෙන්න එපා මේවා අල්ලාගේ වුවමනාව අනුව සිදුවේවි. (බ)

:       0       0

කුමාර Sunday, 24 July 2016 01:09 PM

පුතාගේ මූණ දකිනකොට දුකයි. මේ පවුලට සාධාරණය ඉෂ්ට වේවා (බ)

:       0       0

රංජික් Sunday, 24 July 2016 03:27 PM

මේ මිනීමැරුම් නවත්වන්න කාටවත් බැරි ඇයි. (අ)

:       0       0

රූපවතී Sunday, 24 July 2016 07:05 PM

පව් අසරණ දරු පැටියාට පියා අහිමිවුණා. අසරණ ගැහැණියෙකුට ස්වාමියා අහිමිවුණා. මේ අසරණයින්ට සාධාරණය ඉටුවේවා! මියගිය මොහොමඩ්ගේ ආත්මයට සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 24 July 2016 06:25 AM

මෙලොව සියල්ල සිදු වනේ අල්ලාහ් ගේ කැමැත්තට මිසක් අපේ කැමැත්තට නොවේ එම නිසා අල්ලා ට මේක විසදන්න ඉඩදෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 48 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 201 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 45 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 208 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site