IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සෞදි තානාපති ශනිදා වැඩ බාර ගනී

විදේශ අමාත්‍යංශ තානාපති නිලධාරියකු වන වඩිවෙල්  ක්‍රිෂ්ණමුර්ති  මහතා    සෞදි අරාබියේ  රියාද්  නුවරදී     සෙනසුරාදා  රාත්‍රි 9.20 ට ශ්‍රී  ලංකා තානාපති පදවියේ වැඩ බාර ගැනීමට නියමිතය.

 සෞදි අරාබි  විදේශිය අමාත්‍යංශයේ  විශේෂ පිළිගැනීමේ  නිලධාරියෙක් ගුවන්තොටුපළේදී  වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා  පිළිගත්තේය.රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ  අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා  පාහඩ් රජු  ගුවන් තොටේදී නව තානාපති පිළිගත්තේය.

 ශ්‍රී ලංකා  රජය වෙනුවෙන්  විශේෂ රාජ්‍යතාන්ත්‍රික  මෙහෙයක් ඉටු කරමින්  වසර තිහකට අධික  විදේශ සේවා පළපුරුද්දක් ඇති  ක්‍රිෂ්ණ මුර්ති මහතා  සෞදි අරාබියේ වෙසෙන  ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්  වැදගත් කාර්ය භාරයක්  උසුලනු ඇතැයි  තානාපති කාර්යාලයයේ  තුන්වැනි  ලේකම් රොෂාන්  ගුණවර්ධන මහතා  වෙත පවසයි.

 කෙසේ වුවද  බ්‍රහස්පතින්දා  තානාපති කාර්යාලයයේ  නිලධාරීන් හමු වු  නව තානාපති  ක්‍රිෂ්ණමුර්ති මහතා  ඉදිරියේදී  ගතයුතු පියවර  පිළිබඳව  කෙටි සාකච්ඡාවක්  පැවැත් වු අතර ලබන සෙනසුරාදා (1)  නිළ වශයෙන්  තානාපති ලෙස වැඩබාර ගැනිමට කටයුතු කරනා බවද  පැවැසීය.

 



අදහස් (0)

සෞදි තානාපති ශනිදා වැඩ බාර ගනී

ඉම්රාන් Saturday, 01 June 2013 01:29 PM

බලමු මෙතුමා හරි වැඩක් කරාවිද කියල. (ස)

:       0       0

දිසානායක Friday, 31 May 2013 10:49 PM

මහත්තයෝ, පළමුව තානාපති කාර්යාලයේ ඉන්න හොර නිලදාරීන් ටික චුත කරලම වැඩේ පටන් ගත්තොත් නේද හොද? (නි)

:       0       0

නිමල් Saturday, 01 June 2013 12:36 AM

කවුරු ආවත් අපේ ගෑනුන්ට දෙවියන්ගේම පිහිටයි, සෞදි නීති ඇතුළේ (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 01 June 2013 03:24 PM

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රමිකයන් වශයෙන් අපි ඔබ තුමාව සාදරයෙන් පිළිගනිමු. මෙතෙක් තානාපති කාර්යාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ලාංකීය ජනතාව වෙනුවෙන් සාධාරණිය සේවයක් ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ආගම්, ජාති, කුල, මල භේද වලින් තොර සර්ව සාධාරණ සේවයක් කිරීමට අප සැමගේ සහායද ලබාදෙන අතර ඔබ තුමාට දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමු.(ස)

:       0       0

ලක්ෂ්මන් Friday, 31 May 2013 05:10 PM

තානාපති සේවය කියන්නේ බොහොබ වැදගත් දෙයක් රටකට (දී)

:       0       0

ලක්ෂාන් Friday, 31 May 2013 05:07 PM

රටවල් අතරේ සම්භන්දය තියෙන්නේ මේ වැඩ වලින් තමයි (දී)

:       0       0

වජිර Saturday, 01 June 2013 07:24 AM

සුභපැතුම් ඔබට

:       0       0

ශාන්ති Friday, 31 May 2013 05:13 PM

ජයවේවා ඔබතුමාට (දී)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Friday, 31 May 2013 05:37 PM

සුබ පැතුම්. වෙනසක් දැක ගන්න පුළුවන් වේවි කියා බලාපොරොතු වෙනවා. (නි)

:       0       0

නිහල් Friday, 31 May 2013 05:45 PM

සාර්ථකව වැඩ කරගෙන යන්න සුභපැතුම්. මොන තානාපති ආවත් වැඩක් නැහැ නිසි විමර්ශනයක් නොකෙරේ නම්. බලධාරියනි සියළු තානාපති කාර්යාල විමර්ශනය කරන්න (නි)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 31 May 2013 06:24 PM

නව තානාපතිතුමා සාදරයෙන් පිළිගනිමු ! පසුගිය දශක 2ක තුල රියාද් තානාපති කාර්යාලයේ සේවය කළ මුස්ලිම් තානාපතිවරු 4 දෙනා දෙස ආපස්සට හැරී බැලුවොත් කළ සේවාව විවේචනයට ලක්කළ හැකිය. සිංහලද,මුස්ලිම්ද , දෙමළද, යන වග අපට අදාල නොවේ. ශ්‍රී ලංකා ශ්‍රමිකයන් වෙනුවෙන් සේවය කිරීමට යමෙක් පත්කලේ නම් ඒ සේවය නොපිරිහෙලා ඉටු කිරීම ඒ තනතුර දරන්නාගේ යුතුකමයි. නව තානාපතිතුමාගේ ක්‍රියාකලාපයන් ගැනත් අපි විමසිල්ලෙන් සිටිමු. ඔහු අප වෙනුවෙන් අගය කළ යුතු සේවයක් ඉටුකරාවි යන්න අපේ විශ්වාසයයි.රට වෙනුවෙන් අපි ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු! (නි)

:       0       0

සෙනරත් Friday, 31 May 2013 06:41 PM

බෙල්ල පරිස්සම් කරගන්න.(නදී)

:       0       0

මංජු Friday, 31 May 2013 07:13 PM

සුබ අනාගතයක් !(නදී)

:       0       0

ලියනගේ Friday, 31 May 2013 08:44 PM

සාදරයෙන් උණුසුම් ලෙස පිළිගනිමු (නි)

:       0       0

ප්‍රේමතිලක Saturday, 01 June 2013 11:54 AM

ඔබට අපගේ සුබ පැතුම් නව වෙනසක් ඇති කරන්න.(ස)

:       0       0

අසංග Saturday, 01 June 2013 12:54 PM

ඔබ තුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්. ඒ වගේ ඔබ තුමාගෙන් එක දෙයක් ඉල්ලා සිටිනවා ඔතන සිටින හරියට කතා කරන්න නොදන්නා අය වහාම මාරු කර දමන්න. කලින් සිටි අය ඔතන ගොඩක් මගෝඩි වැඩ කරා. දැන් අපි බලා පොරොත්තු වෙනවා ඔබතුමාගේ අවංක සාදාරන සේවයක් වෙයි කියලා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 23 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 653 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1537 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3439 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1804 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 690 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site