IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සෞදි තවත් පිරිසකට වීසා

 

සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටින ශ්‍රී ලාංකිකයෙක් හදිසි හෘදයා බාධයකින් මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි කියයි. නුවරඑළිය රාගල පදිංචිව සිටි ජී.ජී. සුගතපාල (59) නැමති අයකු බවත් ඔහුගේ සිරුර  දමාම් මහා රෝහලේ තැන්පත් කර ඇති බවත් දැන ගන්නට ඇත.

එසේ පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් තවත් විශාල පිරිසක් සති තුනක පමණ සිටි දැඩි අවු රශ්මිය මධ්‍යයේ නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට ප්‍රදේශවල රඳී සිටිති. ඔවුන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඊයේ එහි ගියහ.

එහි දී එම පිරිස එක් හඬින් එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන් හැකි ඉක්මණින් මවුබිමට යවන ලෙසයි.

තානාපති කාර්යාලයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා සහ අමාත්‍ය උපදේශක පවසා අනුර මුතුමාල මහත්වරුන් පවසා ඇත්තේ හැකි ඉක්මණින් තමන් ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් එම කටයුතු සඳහා සිවිල් පුද්ගලයන් දෙදෙනකු  සේවය ලබා දී ඇති බවත් ඔවුන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරන බවත්ය.  ඒ සඳහා ආගමන විගමන නිලධාරීන් සමග සකච්ඡා කරන බව ද පැවැසීය.  

දෙසතියකට වරක් පැවැත්වෙන තානාපති ජංගම සේවාවට සහභාගී වීමෙන් අනතුරුව මෙම පිරිස, 91 වත්තේ රැදී සිටින එම පිරිස බැලීමට එහි ගියහ. ඊයෙ දින ද තානාපති සේවාව ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ 200ක් පමණ  එහි පැමිණ සිටියහ.



අදහස් (0)

සෞදි තවත් පිරිසකට වීසා

ජරා Sunday, 07 July 2013 10:19 AM

ඔය තට්ටේ ගාලා ඉන්නේ එයා පාතාලේට සම්බන්ද කෙනෙක් වගේ.(නදී)

:       0       0

විදානගේ Saturday, 06 July 2013 07:32 PM

අසන්න අපේ මිනිසුන්ගේ හඩ. බලන්න ඔවුන්ගේ මුහුණෙහි ඉරියව්, මොකක්ද අපි මේ අය වෙනුවෙන් ක‍රන්නේ? (නි)

:       0       0

රොෂාන් සෞදි Sunday, 07 July 2013 10:30 AM

ෂෙරිෆ් ,ඔබ කියන කතාවට මමත් එකගයි. එහෙත් මොහොමඩ්ට මම විරුද්ධයි. ලංකාව දුවන්නේ අන්තවාදී රවලින් එවන සොච්චම් පඩියෙන් නෙවෙයි. සෞදියේ වැඩියෙන්ම සේවය කරන්නේ ගෘහ සේවිකාවෝ සහ කම්කරුවෝ. අපේ රටට විදේශ විනිමය ලැබෙන්නේ යුරෝපේ රටවල් වලින් (නි)

:       0       0

මෝරලා Saturday, 06 July 2013 07:41 PM

එහෙ ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. ඒත් ලංකාවේ එක් එක් සංවිධාන හදාගෙන ජාතිවාදය වපුරලා මිනුස්සු ටික නැතිකරන්න හදනවා. කාටවත් මොලෙයක් කියලා දෙයක් නැහැ. මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ඉස්සරහට එන්න එක වීරයෙක්වත් නැතිවෙච්ච එක ගැන මං දුක්වෙනවා (නි)

:       0       0

ශාන්ත Saturday, 06 July 2013 07:52 PM

සිරිපාල ගම්මන්පිල මහතාට කළ හැකි හැම දෙයක්ම ඔහු මේ වෙනුවෙන් කරනු ඇති බව මගේ විශ්වාසයයි (නි)

:       0       0

ටුආන් Sunday, 07 July 2013 11:00 AM

සදරුවන්, මෝඩයෙක් වගේ කතාකරන්න එපා (නි)

:       0       0

සරත් Saturday, 06 July 2013 08:05 PM

කෝ අපේ විරුද්ධ පක්ෂය නැද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 06 July 2013 08:13 PM

කවදාවත් නොදුටුවාට ඔවුන්ගේ හදවතේ වේදනාව අපිටත් දැනෙනවා (නි)

:       0       0

සමන් Saturday, 06 July 2013 08:48 PM

මේවා ගැන කතාකරන්න කවූරුත් නැහැ. ජාතිවාදය අවුස්සන්න නම් වේදිකාවල නැගලා අනුන්ගේ ආගම්වල තියන දේවල් විකෘති කරලා බන කියන කට්ටියට බැරිද මේ කට්ටියගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න? (නි)

:       0       0

රත්නවීර Saturday, 06 July 2013 09:10 PM

රැවුලක් වවාගෙන ඉන්න කෙනා නේද අපේ සේවක සහෝදරියන්ට පහර දුන්නේ. ඒකේ වීඩියෝ එකක් තිබුනා වෙබ් එකේ.(නදී)

:       0       0

සදරුවන් Saturday, 06 July 2013 09:13 PM

සෞදිය කියන්නේ ලෝකයේ තියෙන හොඳම අන්තවාදී රට. මේ වගේ රටවලට අහිංසක දුප්පත් මිනිස්සු විකුණලා කන අයට ගහන්න ඕන හෙන.(නදී)

:       0       0

සපු Sunday, 07 July 2013 12:17 PM

අනතුරුදායක මිනිස්සු ළඟ තියාගන්න එක ගැන එම්බසිය ප්‍රවේසම් විය යුතුයි. මොකද මුළු රටටම කැත නම සහ හානිදායක වෙයි (නි)

:       0       0

මොහමඩ් Saturday, 06 July 2013 10:12 PM

ලංකාවට හුගක් මුදල් එන්නේ විදේශ විනිමයෙන්.මෙහෙම දෙයක් වුනාම කව්රුත් නැහැ.අපේ කට්ටිය හැමදාම බයිලා තමා ගහන්නේ.අද දමාම් උෂ්ණත්වය සෙල්සියස් 40 ටත් වැඩියි.අනේ මන්දා.. (නි)

:       0       0

ප්‍රිය Saturday, 06 July 2013 10:57 PM

විදේශ විනිමය හොයන්නේ මේ විදිහටද? බලන්න ඒ මිනිස්සුන්ගේ හැටි? අනේ මෙහෙම ශ්‍රී ලංකාවක්... (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 06 July 2013 11:04 PM

සදරුවන්, අහිංසක දුප්පත් මිනිස්සු විකුණලා කන අයට ගහන්න ඕනා හෙන. මේ හැම කෙනෙක්ම රුපියල් 11860 ක් විදේශ සේවා එකට ගෙවලයි රට යන්නේ. ඉස්සර අපි අවරුදු 2 කටම ගෙව්වේ රුපිඅල් 3200 යි. දැන් ඒකත් වැඩි කරලා අපිව මාරාගෙනම කාලයි රට යවන්නේ. අන්ත අසරණ වුනහම ගුවන්තොටුපොළේදී බස් එකේ යන්න රුපිඅල් 200 ක් පමණයි ලැබෙන්නේ. අසරණ වුනහම උදව් කරන්න බැරිනම් රුපියල් 11860 ක් ගන්නේ මොන එහෙකටද ගන්නේ. (නදී)

:       0       0

මොහොමඩ් Saturday, 06 July 2013 11:12 PM

සදරුවන් ඔබ දන්නා දෙයක් නැත. අන්තවාදී රටවල් වලින් තමයි ලංකාව දුවන්නේ.(නදී)

:       0       0

රෙමා Sunday, 07 July 2013 12:06 AM

මේ රට හොඳ නැති එක ඇත්ත. ලංකාවෙන් ආපු එම්බසියේ ඉන්න අය අවශ්‍ය පියවර නොගන්නා එකයි මේ ඔක්කොටම හේතුව. ඔක්කොම තමන්ගේ වැඩ ගැන විතරයි බලන්නේ. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 07 July 2013 12:26 AM

සදරුවන් මල්ලි, අනේ කේන්ති ගන්න එපා පොඩි දේවල්වලට. බහුතර හෙළයන්ට පොඩ්ඩ වරදින්න බැහැ හෙණ ගහපන් කියනවා. නැත්නම් අයියනායක හෝ මුන්නේශ්වරම් දේවාලෙට ගිහින් පොල් ගහනවා තම වර්ගයා වැනසිලා යන්න කියලා. හෙට ඉඳලා බණ අහලා හිත සන්සුන් කරගන්න බලන්න. (නි)

:       0       0

සමන් Sunday, 07 July 2013 01:44 PM

මෝඩ සඳරුවන්, සෞදි රට අන්තවාදි නම් මුසල්මානුවන් පමණි ලංකාවෙන් යන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙන් යන මිනිස්සුන්ට මැදපෙරදිග රටවල් වලින් කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. කිසිම බද්දක් ගෙවන්නත් ඕනෑ නැහැ. ඔබ කියන රටින් ලක්ෂ ගානක මිනිස්සු ජීවත් වන්නේ මේ රටවල්වල වැඩ කරන නිසා තමයි. (නි)

:       0       0

සිද්ධීක් Sunday, 07 July 2013 01:05 AM

ඔව් ඔයා හැමදාම ඔය වගේ අන්තවාදේ කතා කොර කොර කසිප්පු බිබී ඉන්න. සෞදිවල ජොබ් එක්කක්වත් නැත්නම් කොහොමද ලංකාවේ මිනිස්සුන්ට කන්න හම්බවෙන්නේ? ඔයාද කන්න දෙන්නේ නැත්නම් ඔයගේ තාත්තද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 07 July 2013 03:28 PM

තාවකාලිකව ලංකාවේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 10 විතර සෞදියට යැවුවා නම් මේ ප්‍රශ්නය සතියක් ඇතුලත විසදා ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වාගන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන් නිලධාරීන් 20-30 එකපාරට රට සවාරි යවන්න. නමුත් මේ වැනි දෙයකට මුදල් නැහැ? ඉස්සර මේ ගැන රංජන් රාමනායක මහතය කතා කළා , කරුණාකර මැදිහත් වෙලා මේ මිනිස්සු බේරාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2512 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 918 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1558 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site