සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරික සංක්‍රමිණිකයින් උදෙසා පොදු සමාකාලයක් සෞදි රජය විසින් තවමත් තීරණය කොට නැතැයි රියාද් තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මුතුමාල මහතා කියයි.
පොදුසමා කාලයක් කුමන හෝ මොහොතක ප්‍රකාශයට පත් කරනු ඇතැයි මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් කළද තවමත් ඒ පිළිබදව සෞදි රජය පවතින්නේ සාකචිඡා මට්ටමේ බවද ඒ මහතා අවධාරණය කරයි.
කෙසේ වුවද පෙර සුදානමක් ලෙස සහ සංගණනය කිරීමක් ලෙස අවතැන් වු අනවසරික ශ්‍රී ලාංකික ප්‍රජාව තම ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායා රූප දෙකක් සමග ගමන් බල පත්‍රයේ පිටපතක් ඇත්නම් එයද රැගෙන රියාද් තානාපති කාර්යාල හෝ අනෙකුත් කොන්සියුලර් කාර්යාලය වෙත පැමිණ අදාල පෝරමය පුරවා ලියාපදිංචි වන ලෙස දන්වා සිටී.
ඒ සමග රියාද් තානාපති කාර්යාලයෙන් නිකුත් කරන එම පෝරමය හා අනිකුත් ලිපි ලේඛන මුදලට විකීනීමේ කූට ජාවාරමක් රියාද් බාතා නගරයේ ක්‍රියාත්මක වන බවට තානාපති කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින් එවැනි ජාවාම් වලට අසු වී තම මුදල් අපතේ යවා නොගන්නා ලෙස දන්වා සිටින එම නිලධාරියා පැවැසුවේ කිසිවෙකුත් ලංකාවට යැවීම සදහා තනාපති කාර්යාලය විසින් කිසිදු මුදලක් අය නොකරන අතර කිසිදු පුද්ගලයකු තැරැව්කරුවන් ලෙස පත්කර නොමැති බවය.යම් කිසිවකු පොදු සමා කාළය උපයෝගීකර ගනිමින් මුදල් ගැනීමේ කූට උපක්‍රම පිළිබද තොරතුරු දන්නේ නම් 014195267 අංකයට හෝ මුතුමාල මහතා අමතන මෙන් ඉල්ලා සිටී.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සෞදි පොදු සමාව තවම නෑ‘
ප්‍රදීප් Tuesday, 26 March 2013 12:44 AM
එම්බසි නැතුව යන්න ක්‍රම තියෙනවානේ... (නි)
ප්‍රදීප් Tuesday, 26 March 2013 12:44 AM
එම්බසි ඕනෙ නෑ. යන්න ක්‍රම තියනවා. (ත)
ප්‍රදීප් Tuesday, 26 March 2013 12:38 AM
තානාපති කාර්යාල ඕනේ නැහැ. යන්න ක්‍රම තියෙනවනේ.(නදී)
බංඩාර Monday, 25 March 2013 06:27 PM
මුතුමල මහතා අමතා වැඩක් නැහැ. තානාපති කාර්යාලයේ දුරකතන නාද වීම ඒ අයට කරදරයක්. කවුරුවත් පිලිතුරු දෙන්නේ නැහැ.(නදී)
නිමල් Monday, 25 March 2013 06:29 PM
සෞදි රජයට පොදු සමා වැඩපිලිවෙල ගැන අත්දැකීමක් නැහැ. ඒ නිසා සෞදියේ පොදු සමා කාලයක් දෙන්නේ නැහැ. මේ සතියේ අනවසර කම්කරුවන් අල්ලනවා.(නදී)
අශාන්ත Tuesday, 26 March 2013 09:57 AM
අහුවෙන්නෙ නැතුව යන්න ක්‍රම තියෙනවා. (නි)
චරික් Monday, 25 March 2013 07:42 PM
මේ සතියේ අනිවාර්යෙන්ම අල්ලනවා. ඒ වගේම අල්ලපු අයට යන්න වෙන්නෙත් නැති හැඩයි.(නදී)
ලාල් Monday, 25 March 2013 08:43 PM
අනවසරයෙන් රැදීසිටින ලාංකිකයින් ප්‍රවේශම් වියයුතුයි. (නි)
බොතෙජු-රියාද් Tuesday, 26 March 2013 01:32 PM
ප්‍රදීප්, මෝඩකම පුදර්ශනය නොකරනවානම් තමයි හොද?(නදී)
සුනිල් Tuesday, 26 March 2013 02:09 PM
මෙහෙම කිවුවට තානාපති කාර්යාලයෙන් නම් සුභදායී සේවයක් අපිට දැකගන්න බැහැ. (නි)