(යොහාන් භාසුර)
සෞදි අරාබියේ ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත මෙම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යංශය කියයි.
සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශ ගතවීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව කියන විදේශ සේවා කාර්යංශය රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් පුද්ගලයින් https://eservices.saudieng.sa/ar/accreditation/pages/foreignregistration.aspx යන වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වියයුතු බව ද සඳහන් කළේය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞදි යන ඉංජිනේරුවන්ට දැනුම් දීමක්