IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සෞදි රැකියාවට තව නීතියක්

කොපමණ කලක් සෞදි අරාබියේ රැකියාව කළද අවසන් වරට රටින් පිටවී  යාමෙන් නැවත රැකියාවක් සදහා වසර දෙකක කාලයකට සෞදි අරාබියට පැමිණීම වැළක්වීමේ යෝජනාවක් වෙළඳ මන්ත්‍රණ  කම්කරු වෙළදපොල කමිටුව විසින් නිදේශ කරනු ලැබ ඇතැයි ‘‘ඇරැබ් නිව්ස්” පත්‍රය කියයි.

මෙම නිර්දේශය ඉහළ බලධාරීන්ගේ අනුමැතිය පිණිස අශරකියා වෙළද මණ්ඩලයේ රැස්වීමකදී සම්මත විය. 1975 වසරේදී අනුමත කර 1977 වසරේදී යාවත්කාලින කරන ලද ගිවිසුම් උල්ලංඝනය කොට මෙරටින් පිටව ගිය විදේශිකයින් සදහා පැනවූ වසර තුන වසරකින් අඩුකිරීම මෙහි අරමුණ බව සදහන් වෙයි.

මෙම නිර්දේශයේ  තවත් වගන්තියක් යටතේ යෝජනා වී ඇත්තේ යම් හෙයකින්  ගිවිසුම් ප්‍රකාරව තම අභිමතය පරිදි ගිවිසුම දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් රටින් පිටවී යන විදේශික ශ්‍රමිකයන් සදහා වසරක කාලයක් සෞදි අරාබියේ රැකියාවකට  පැමිණීම තහනම් වනු ඇති බවයි.

 



අදහස් (0)

සෞදි රැකියාවට තව නීතියක්

ෂානක කුමාර Thursday, 06 November 2014 09:01 AM

මේ නීතියම දැන් ඕමාන් වලත් තියෙනවා කවුරු වුණත් තමන්ගේ දැනට තියෙන වීසා එක කැන්සල් කරලා ගියොත් ආයෙත් අවුරුදු 2 ක් යනකං එන්න බැහැ(අ)

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 06 November 2014 09:06 AM

ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සෞදි රටට එවීම අපේ රටින්ම නවත්තනවනම් හොදයි. මෙහෙ ඉන්න මිනිස්සු අන්තිමයි. හිතන් ඉන්නේ මෙහෙ වැඩට එන අය සත්තු කියලයි. (ර)

:       0       0

දිලූ Thursday, 06 November 2014 05:08 PM

අපේ රටෙන් සෞදියට කට්ටිය යවනකොට පොඩ්ඩක් හොයලා බලන්න.මොකද මම දැනුවත්ව එහෙට ගියාට පස්සේ ටික කාලයක් යනතුරු එයාලට පඩි දෙන්නේ නැහැ.ඉතින් එයාල වෙන රැකියා වලට යනවා.ඊටපස්සේ ඉතින් කරදර.පව් අපේ කට්ටිය! (නි)

:       0       0

චමින්ද - සෞදි අරාබිය Thursday, 06 November 2014 06:40 PM

මෙවැනි යෝජනා සම්මත කරගන්නේ හුදෙක් ඔවුන්ගේම වාසියට බවයි මට නම් සිතෙන්නේ. විශාල ප්‍රශ්න ගොඩක් හිසේ දරාගෙන අළුතින් එන කාන්තාව ඔවුන්ගේ තාඩන පීඩන, වධ හිංසා ඉවසාගෙන, අසරණ වී කියන ඕනෑම වෙලාවක ඕනෑම වැඩක් කිරීමට ඉදිරිපත් වෙනවා. ප්‍රශ්න ටිකෙන් ටික විස‍ඳෙනවාත් එක්කම, තව තව අයගේ ඇසුර ලැබෙනවාත් එක්කම, භාෂාව, වැඩ රටාව තේරුම් ගැනීම වැනි කරුණු මත බොහෝ ගෘහ සේවිකාවන් තමන්ගේ අයිතිවාසිකම්, විවේකය වැනි දේ ගැන කතාකරන්න පටන් ගන්නවා. සේවිකාවක් අවශ්‍ය නිසා මෙයාලා ගිවිසුමට අත්සන් තැබුවත් එහි ඇති එකදු වැකියක් ක්‍රියාවට නංවන්නටවත්, අඩුම තරමේ පිළිගන්නටවත් සුදානමක් නැහැ. ගෘහ රියදුරන්ගේ තත්වයත් ඉතාම ශෝචනීයයි. වගකිවයුත්තන්ට මෙය පෙනී මේ ගැන සිතන්න, පියවරක් ගන්න නුවණ පෑදේවා! (නි)

:       0       0

රූපවතී Thursday, 06 November 2014 07:10 PM

අනේ! වසර දෙකක් ඉඳලා ලංකාවට ආවහම නැවත සෞදියට යන්නම බැරිවිදියට තහනම්ම කරනවා නම්... මේ ප්‍රවෘත්තිය දැකලා සමහර ලොකු ලොකු මැති ඇමතිලාට පෙෂර් වැඩිවෙලත් ඇති දැන් (නි)

:       0       0

රිෆාඩ් Thursday, 06 November 2014 10:27 AM

මගේ අදහස සවුදියට ගැනු එවිම තහනම් කරන්න ඔනේ එ මොකද දන්නවද ?ගැනු විදින දුක ?සවුදි රට තරම එපාකරපු රටක් මම ඉතන්නේ වෙන කොහේවත් නැ (බ)

:       0       0

අසෝක Friday, 07 November 2014 11:18 AM

මම කියන්නේ අපේ රටට විදේශිය මිනිමය උපයගන්න ලෝක වෙළද පොළ සමග තරග කරන්න පුළුවන් නිෂ්පාදන රට තුල නිපදවන්න ඕන අපේ රටේ කාන්තාවන් පිට රටට විකුණලා සල්ලි හොයනවා කියන්නේ අපේ පිරිමින්ගේ කොන්ද පන නෑ කියන එක තමා (බ)

:       0       0

හිල්මි Thursday, 06 November 2014 12:06 PM

සුළු වැටුපකට මැදපෙරදිගට අපේ සිංහලයින් යැවීම නවත්වන්න. කරුණාකර අපටත් ඇමෙරිකානු පුරවැසි බව ලබාදෙන්න. අඩුම තරමින් ඕස්ට්‍රේලියාවේවත් අපිට රැකියාවක් ලබාදෙන්න. (නි)

:       0       0

යොහාන්‍ Thursday, 06 November 2014 12:13 PM

මේ නීති ගැන මගේ හිතේ නම් වැඩි කැමැත්තක් නැහැ (නි)

:       0       0

උනපාන පේමානන්ද හිමි Thursday, 06 November 2014 11:32 PM

රටක් විදියට අපි මොනතරම් පහත් පිළිවෙතක්ද අනුගමනය කරන්නේ කියලා මට හිතෙනවා. අපේ අම්මලා, අක්කලා, නංගිලාගෙන් තමයි අපේ ආර්ථිකය තර කරගන්නේ. විදෙස් විනිමයෙන් 45%ක් උපයන්නේ මැදපෙරදිග සේවය කරන කාන්තාවෝ. නමුත් ඔවුන් මුහුණදෙන සැබෑ යථාර්ථය දන්නේ ඔවුන්ම පමණි.මේ තිත්ත ඇත්ත දන්නවා නම් සියලු දෙන.... (නි)

:       0       0

සමන්ජය Thursday, 06 November 2014 06:57 AM

යම් කෙනෙක් කලක් විදේශයක රැකියාව කරනවිට ඔහු එම රටේ භාෂාව, සංස්කෘතිය, වැඩකරන ආකාරය පිළිබඳ මනා වැටහීමක් ලබාගන්නවා. එවැනි කෙනෙක් වෙනුවට නවකයෙක් ගන්නා විට ඔහුට මුලික අවබෝධය ගැනීමට සෑහෙන කාලයක් ගතවනවා. සෞදියේ නම් කරන්න යන්නේ වෙනත් අරමුණක වැඩක් වගේ. කොහොම වුණත් මෙවැනි රටවලට කාන්තාවන් යැවීම නම් නීති නිසා නොව අප විසින්ම සිතා අවම කළ යුතුය. (නි)

:       0       0

අනුර Thursday, 06 November 2014 07:21 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

ලහිරු Friday, 07 November 2014 03:46 AM

මැදපෙරදිග නම් ඕනම නෑ.ලංකාවෙන් යවන එකම තහනම් කරානම් හොඳයි.කාලකණ්නි ජාතියක් මැදපෙරදිග ඉන්නේ. (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 06 November 2014 02:50 PM

මොන නිති ගෙනාවත් විදෙස් ශ්‍රමිකයන්ට යහපතක් නැ .දහඅට වංගුවටත් වඩා නැමෙන විදේශසේවා අමාත්‍යාංශයේ නිලධාරීන්.(හේ)

:       0       0

වීරක්කොඩි Thursday, 06 November 2014 07:33 AM

මේවා මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 08:00 AM

ඔය රටවල් මොන නිතිය ගෙනාවත් අපිට වහල්ලු වගේ තමයි සලකන්නේ. (ර)

:       0       0

ශාන - සෞදි Thursday, 06 November 2014 08:29 AM

මෙම නීතිය වගේම නිවාස වල සේවයට පැමිණෙන සේවිකාවන් සදහා සේවාකාලය උපරිම වසර 4 හෝ 5 සදහා සීමා කල යතුයි නැවත රැකියාවක් සදහා වසර 5 කාලයකට පැමිණීම වැළක්වීය යුතයි. මෙන්ම ඔවූන්ගේ වැටුප් නිසිපරිදි ලබා දෙන්නේද යන්න තානාපති කාර්යාල මගින් සොයා බලන ලෙස රජය ඔවූන්ට නියෝග කල යුතයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 10 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 128 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 147 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 148 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 63 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site