IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


"සෞදි රැකියාවට යන්න - සෞදි නීතිය දැනගන්න"

සෞදි අරාබියේදී ගල් ගසා මරාදැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව බේරාගැනීමට හැකි වූයේ රජය නිවැරදි නීති ක‍්‍රියාමාර්ග අනුගමනය කළ නිසා බවත් රිසානා නෆීක් තරුණියට මරණ දඬුවම නියම වූ කාලයේ වත්මන් රජය බලයේ සිටියේ නම් ඇයව ද බේරාගැනීමට තිබූ බවත් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

පසුගිය රජයේ නියෝජිතයින් රිසානා ගැන සොයාබැලීමට බව පවසමින් සෞදි අරාබියේ සාප්පු සවාරි ගියා මිස අන් කිසිවක් නොකළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි අවස්ථාවක සහය ලබා ගත හැකි ආකාරයේ විදේශ සබදතා පසුගිය රජයට නොතිබීම රිසානා නෆීක්ට මරණ දඬුවම හිමි වූ බවද කීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මාධ්‍ය හමුව අතරවාරයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිත් තාසිම් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමටද රාමනායක මහතා කටයුතු කළේය.

තානාපතිවරයා දුරකතනයෙන් පැවසුවේ  වත්මන්  රජය හා තානාපති කාර්යාලය නිවැරදි ක‍්‍රියා පටිපාටිය අනුව කටයුතු කළ නිසා ගෘහ සේවිකාව මරණ දඬුවමෙන් මුදා ගැනීමට හැකි වූ බවයි.

සෞදි අරාබියේ රැකියා සඳහා යන ලාංකීය ජනතාවට එරට නීතිය පිළිබද නිසි අවබෝධයක් නොතිබීම ඔවුන් මෙවැනි දඩුවම් ලැබීමට හේතුවී ඇතැයි ද රාමනායක මහතා කීවේය.

RANJANSAUD-1224-01 RANJANSAUD-1224-02 RANJANSAUD-1224-03

ඡායාරූප හා වීඩියෝ ඉෂංක සුනිමල්



අදහස් (0)

"සෞදි රැකියාවට යන්න - සෞදි නීතිය දැනගන්න"

චානක ලොස් ඇන්ජලිස් Friday, 25 December 2015 05:17 AM

ආණ්ඩු වල ප්‍රශ්නයක් නොවේ මෙතන තිබෙන්නේ . රටේ තිබෙන ක්‍රම වේදය නොසළකා කටයුතු කිරීමට පුද්ගලයන් පෙළම්බී තිබීමයි. නැතිනම් කොහොමද රිසානාව වයස වැඩි කර යැව්වේ. එම පුද්ගලයන්‍ ක්‍රමවේදයට පයින් ගසා වැඩ කරන්නේ ඔවුන් දන්නවා කුමණ ප්‍රශ්නයක් ආවත් දේශපාලන බලය හා මුදල් විසි කර බේරෙන්න පුළුවන් බව. මම නම් විශ්වාශ කරන්නේ නැහැ අපේ රටේ ජනිත වී ඇති අලුගුත්තේරු දේශපාලනය තිබෙන තුරු පුද්ගලයන් නිසි ක්‍රමවේදය අනුව වැඩ කරයි කියා. (අ)

:       0       0

සමන් Friday, 25 December 2015 05:47 AM

අචිරා.එකනේ ඔයාල මහින්ද මහත්තය පරද්දල මෙයාල පත් කර ගත්තේ.දැන් කිසිම කාන්තාවකට ගල්ගහන්නේ නැහැ මෙයාල බලයේ ඉන්නකල්.(අ)

:       0       0

කෝසල Friday, 25 December 2015 05:51 AM

රොෂාන් කොහොමද එහෙම කියන්නේ.කාරණා දෙකටම නියම වූ දඩුවම මරණ දඩුවමයි. ඒ එකම දඩුවමයි.මරණ දඩුවමක් නැවැත්තුවා කියන්නේ ඒක සුවිශේෂියි. (අ)

:       0       0

ලතා Friday, 25 December 2015 06:44 AM

මතිෂ චාමර ඔයා තමයි හරිදේ කියා තිබෙන්නේ.., අපි නම් පහුගිය ආණ්ඩුවට ස්තුති කරනවා අපේ තිබුණු අසාදාරන මිනීමැරීම්(කොටි බෝම්බ ගසා මිනි මරපු විදිය )නැති කර දුන්නට. මොනවා උනත් ඒවා අමතක කරන්න බැහැ (කෞ)

:       0       0

නුවන් Friday, 25 December 2015 08:02 PM

මොනවා වුණත් මේ රටවලට ලංකාවේ ගැහැණුන් යවන්න එපා! (නි)

:       0       0

අමල් Thursday, 24 December 2015 12:00 PM

මෙයට කැප වූ සියලුම දෙනාට සුබපැතුම්.! (ර)

:       0       0

දිල්ෂාන් Friday, 25 December 2015 07:33 AM

හැම දෙයකටම කලින් හිටපු රජය ගැන කියලා දේශපාලන වාසි ගන්න දඟලන්න එපා. එය ඉතා හිරිකිත වැඩක්. අනික මොන දේ කිව්වත් අර්ථසාධක මුදල් කොල්ල කන රජයකට සමාවක් ලැබෙන්නේ නැහැ. (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 24 December 2015 12:14 PM

රිසානාගේ ප්‍රස්නේ මේකට සම්බන්ධ කරන්නේ කොහොමද. මේක අනියම් සම්බන්දයක් ලංකාවේම දෙන්නෙක් අතර, රිසානාගේ ප්‍රස්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්, (ර)

:       0       0

රොෂාන් Thursday, 24 December 2015 12:15 PM

එදා ඒක මරණයක් මේක දුෂණය කීරීමක් එක තේරුම් ගන්න. (ර)

:       0       0

හුසේන් මොහොමඩ් Friday, 25 December 2015 07:47 AM

ඇමතිතුමා යහපත් චේතනාවෙන් මේ වැඩේ කරත්, මේක සංදර්ශනයක් කියනේකයි මගේ හැංගීම. මේ සිනමාවක් නෙමෙයි කැමරා ටික අටවාගෙන සම්මුක සාකච්චා කරන්න. ඔහු තාම ලාමකයි. (අ)

:       0       0

නසීර් Thursday, 24 December 2015 12:46 PM

රිෂනගේ ප්‍රස්නේ මේකට සම්බන්දෙ වෙන්නේ ඇයගේ වයස වෙනස් කර යැවීම ගැන නිසි පියවර නොගැනීම ,ඇය වෙනුවෙන් නීති සහාය නොගැනීම , අන්තර් ජාතික සහාය නොගැනීම. (ර)

:       0       0

ප්‍රසන්න Friday, 25 December 2015 08:26 AM

බොරු ඕන නෑ... මෙයා හැමදාම රගපානව.... ඇත්ත ජීවිතෙත් චිත්‍රපටියක් මෙයට... අන්න හිරුනික නංගි මධාවි පාර්ට් දාල... පුළුවන් නම් කතා කරමු බලන්න එක ගැන.... මහා ලොකු වන් ෂොට් (අ)

:       0       0

මංගල Friday, 25 December 2015 08:38 AM

කලින් නම් මෙතුමා කිව්වේ සෞදි යවන්නම එපා කියල (අ)

:       0       0

ටිකිරි Thursday, 24 December 2015 12:59 PM

රටේ නම තියලා එන්නේ, පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරමු කටුනායක . (ර)

:       0       0

සමන් Thursday, 24 December 2015 01:11 PM

ප්‍රශ්න දෙකේ වෙනස වත් තේරෙන්නේ නැහැ. (ර)

:       0       0

මතීෂ චාමර Thursday, 24 December 2015 01:23 PM

ගල් ගසා මැරීමට නියමිතව සිටි කාන්තාවගේ දඩුවම ලිහිල් කිරීම මෙම රජයේත් විදේශ කටයුතු අමාත්‍යංශයෙත් ජයග්‍රහනයකි. එය පැසසිය යුතුයි. නමත් මෙය රිසානාගේ සිද්ධියත් සමඟ සසඳා දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම මෝඩ වැඩකි. මෙම සිද්ධිය අනියම් සම්බන්ධයක් නිසා ලැබුනු දඩුවමක් වන අතර රිසානාගෙ සිද්ධිය මිනී මැරැමක්. මිනී මැරුමකදි සමාව දෙන්න සවුදි රජයට බැහැ. ඒ‌කෙදි සමාව දිය හැක්කේ මැරැනු කෙනාගෙ ලේ නැයෙක් විතරයි. ඉතින් ඒ‌ මැරැනු ලමයගෙ අම්මා කැමති වුනේ නැහැ සමාව දෙන්න.ඒක පහුගිය රජයේ දුර්වලතාවයක් වත් මේ රජයේ විශේෂ හැකියාවක්වත් නොවේ. (ර)

:       0       0

අමල් Thursday, 24 December 2015 01:26 PM

අනේ මන්දා. (ර)

:       0       0

රුවන් Thursday, 24 December 2015 01:36 PM

රිසානාගේ කාලෙත් ඕකම ආණ්ඩුවෙන් කරා ඉල්ලිම් කරා ගොඩක් ඉල්ලිම් කරා. සෞදි රජය කිව්වේ මැරිච්ච ලමයගෙ පවුලෙන් ඉල්ලන්න ඒකත් කරා ඒත් මැරුන ලමයගේ අයිති අය ඉල්ලුවෙම ලේ වන්දිය විතරමයි, මරණෙට මරණය. (ර)

:       0       0

සුමිත් බස්නායක Thursday, 24 December 2015 01:48 PM

ප්‍රශ්න දෙකක වෙනස තේරුම් ගන්න බැරි අය සමන්, අපිටම ලැච්ජයි මේවා කියවනකොට. (ර)

:       0       0

මහින්ද Thursday, 24 December 2015 02:05 PM

ලංකාවේ ඉන්න සමහර කට්ටිය හිතන්නේ ෂරිය නීතිය හොඳයි කියලනේ. එයාලට සෞදියට ගිහිල්ලා ඒකේ අගය දැනගෙන එන එක හොඳයි. එතකොට තේරෙයි ලංකාවේ අගය. (නි)

:       0       0

බන්දුල Thursday, 24 December 2015 02:29 PM

අනුන්ගේ විපතේදී තමන්ට වාසිගන්න හදන්න එපා. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 25 December 2015 10:27 AM

මෙම ගෘහ සේවිකාව මරණ දඬුවමින් බේරා ගෙනීම ගැන අපි මෙම නව රජයට බොහෝ ස්තුතිවන්ත වනවා , එහෙත් එය මුවාවෙන් රන්ජන් රාමනායක පවත්වන සංදර්ශන හෙලා දකිනවා , (අ)

:       0       0

රොක්සි Thursday, 24 December 2015 02:27 PM

ඒ කාලේ තිබුන ආණ්ඩුව ඇය නිදහස් කරගන්න ප්‍රමාණවත් උත්සාහයක් ගත්තේ නැති බවයි අපි නම් දන්නේ. ඇමතිතුමාත් මොනවද ඇය වෙනුවෙන් කළේ? (නි)

:       0       0

නිසාර් Thursday, 24 December 2015 02:49 PM

සමහර අයට හොඳට ෂරියා දන්නවා. (ස)

:       0       0

තිස්ස Thursday, 24 December 2015 03:06 PM

සැමට තුති කුසුම්........මින් ඉදිරියට මෙවන් දේ සිදු නොවීමට බලධාරින් කටයුතු කල යුතුය. (ස)

:       0       0

සුනිල් මාතර Thursday, 24 December 2015 03:25 PM

එක් කෙනෙක් බේරලා කියවන තරම! අද පත්තරේක බැලුවොත් මිනීමරලා ගඟවල් වල, පාරවල් ගානෙ. පාතාලේ ක්‍රියාත්මකයි. ඒත් කතාව පරණ ආණ්ඩුව ගැනමයි. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 24 December 2015 04:07 PM

කියන දේ තවටිකක් සිතාබලා කිවුවා නම් නේද හොඳ? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 24 December 2015 04:14 PM

අම්මෝ, මෙයාට සෑහෙන දුරකථන ඇමතුම් එනවනේ! (නි)

:       0       0

මිනිපෙ Thursday, 24 December 2015 04:42 PM

මිනිසාගේ ස්වභාවික හැඟීම් වලට මෙසේ තහංචි ඇයි? (නි)

:       0       0

නසාර් Thursday, 24 December 2015 04:51 PM

ඕනෑම දඬුවමක් ඕනෑම අවස්ථාවක වෙනස් කළහැකිය. එයට අවශ්‍ය වන්නේ ඒ සඳහා වන කැපවීමයි. (නි)

:       0       0

අරුණ Thursday, 24 December 2015 05:21 PM

මොනවද කරන්නේ, මොනවද කියන්නේ කියලා දන්නේ නැතුව කියනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ජනක Thursday, 24 December 2015 05:18 PM

ඒ වැරදි දෙක සමාන කරන්න බැහැ (නි)

:       0       0

සන්තුෂ් Thursday, 24 December 2015 05:22 PM

මොනවා දුන්නත් මොළය දෙන්න බැහැ. ඒක උපතින් ගෙනෙන දෙයක්නේ. මේ රජය තිබුණා නම් ප්‍රභාකරන්ගේ උතුරේ ඊළාම් දේශයේ දේශසීමා සඳහා කිසිකලෙකත් නිමනොවන ලේ වැගිරීම් හා ජීවිත විනාශයන් තවමත් පවතින බව පිළිගන්න සමහරු කැමති නැහැ (නි)

:       0       0

කරුණාරත්න Thursday, 24 December 2015 06:21 PM

මොනවද මහත්තයෝ මේ කතා? (නි)

:       0       0

ටෙනිසන් Thursday, 24 December 2015 07:30 PM

රන්ජන් මහත්තයෝ, ජයග්‍රහණය ප්‍රශංසනීයයි. අපි කවුරුත් ඒ ගැන සතුටු වෙනවා. නමුත් මිනීමැරුමක් හා අනාචාරයේ හැසිරීමක් අතර පරතරය තේරුම් නොගන්නේද? එය එසේ නම් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? (නි)

:       0       0

කමනි Thursday, 24 December 2015 07:59 PM

රොෂාන්, කොහෙද එහෙම දෙයක් වුණේ? (නි)

:       0       0

මහේෂ් Thursday, 24 December 2015 08:08 PM

මේ නිදහස් කිරීමට එකම හේතුව රජයේ උත්සාහය විතරක් නෙමෙයි.ලොව පුරා මෙම නීති වලට නැ‍ඟෙන විරෝධයත් මේකට මූලික හේතුවක්. මේක සමබර නැති හේතු දැක්වීමක්. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 24 December 2015 09:18 PM

මතිෂ චාමර, ඔයාගේ කතාව හරියටම හරි. මේ වැරදි දෙක එක විදිහට සමාන කරන්න බැහැ. (නි)

:       0       0

අබය Thursday, 24 December 2015 10:48 PM

තරඟයකදී ජයග්‍රහණය ගැන සතුටුවන්න. පරාජිතයාගේ අඩුපාඩු හොයන්න යන්න එපා. එය ජයග්‍රහණය පළුදු කරගැනීමක්. (නි)

:       0       0

ජනහිත Thursday, 24 December 2015 11:16 PM

රඟපාන එකත්, කතාකරන එකත් දෙකක්. ඔක්කොම කුණු කන්දල් බේරුවල බොක්කට දාන්න එපා. කාටවත් දොස් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

සත්‍යපාල Friday, 25 December 2015 03:22 AM

කරපු වැඩේට ස්තුති ! හැබැයි එක දෙයක් කරලා ඒකෙන් ලකුණු දාගන්නව වෙනුවට කරන්න බැරිවුන දේවලුත් පසුගිය දේවලුත් කියකිය ලකුණු ගන්න හදන්න එපා. (කෞ)

:       0       0

සෑම් Friday, 25 December 2015 03:22 AM

ගල් ගසා මැරීමට නියමිතව සිටි කාන්තාවගේ දඩුවම ලිහිල් කිරීම මෙම රජයේත් විදේශ කටයුතු අමාත්‍යංශයෙත් ජයග්‍රහනයකි. එය පැසසිය යුතුයි. (කෞ)

:       0       0

චමින්ද Friday, 25 December 2015 03:27 AM

කිසිම මොලයක් නැහැ. ඇමතිකම ළමයකුට දුන්නනම් හොඳයි. (ස)

:       0       0

අචිරා Friday, 25 December 2015 03:44 AM

මහින්දගේ ආණ්ඩුව සිටිය නම් මෙම කාන්තාවත් ගල් ගහල මැරෙන්න ඉඩ තිබුණ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3606 7

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1434 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4218 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 400 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4055 12

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2337 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33900 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site