IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සුදු රටේ සිංහ කොඩිය ලෙළදෙයි

වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් 1818 දී කන්ද උඩරට ශ්‍රී දළඳා මාලිගාව අභියසදී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඔසවන ලද බ්‍රිතාන්‍ය කොඩිය කුඹ ගසින් ඇද දමා සිංහලේ ධජය යළි එසවීම සිහිගන්වමින් පසුගිය 2වැනි සඳුදා වර්තමාන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු භුමියේදී ලන්ඩන් නුවර පදිංචි පුංචි සිංහල දරුවෙක් සියලු දෙනාට පෙනෙන අයුරින් සිංහ කොඩිය එසැවීය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය විසින් සංවිධානය කරන ලද මෙම ජන හමුවේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පැවසුවේ "ඉංග්‍රීසීන් විසින් 1818 දී මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කැරැණු උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ නිදහස "බලහත්කාරයෙන් උදුරා ගත් බවයි. ඒ මඟින් රටත්, ජාතියත් ආගමත් සංස්කෘතියත් විනාශ කරමින් දේශීය ජනතාවට එරෙහිව ඉංග්‍රීසීන් විසින් සිදුකල යුද අපරාධ, දේපළ කොල්ලකෑම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සාපරාධී මිනිස් ඝාතන සහ අනෙකවිධ අපරාධ සම්බන්ධ සාක්ෂි සහිත තොරතුරු ඇතුලත් දීර්ඝ ලිපියක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ටත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් ලබාදී ඒපිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් මෙම ජන හමුවේ බලාපොරොත්තුවයි.

1818 උඩරට ගිවිසුමට අත්සන් කළ ප්‍රභූන් සංකේතවත් කරමින් උඩරට සම්ප්‍රදායික නිල ඇඳුමකින් සැරසුණ දරුවකු ඇතුළු බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කණ්ඩායමක් ඩවුනින් වීදියේ අංක 10 දරන තැන පිහිටි අගමැති නිල නිවාසය වෙත ගොස් එම තොරතුරු ඇතුළත් සංදේශයේ පිටපතක් අගමැතිවරයාවෙත භාර දුන්හ.

1C 1ll 3 4 k

 



අදහස් (0)

සුදු රටේ සිංහ කොඩිය ලෙළදෙයි

විජයබාහු Tuesday, 03 March 2015 08:51 AM

මේ ඡායාරුප බැලුවම සිංහලය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. (ර)

:       0       0

යසිරු Tuesday, 03 March 2015 09:34 AM

ඉතින් ඔච්චරම ජරා වැඩක් කරපු සුද්දන්ට බැන බැන උන්ගෙම රටේ ජීවත් වෙන්නෙ මක්කටෙයි (නදී)

:       0       0

සුදර්ශනී Tuesday, 03 March 2015 09:50 AM

ආඩම්බරයි පුතේ නුඹ එසවු සිංහ කොඩිය (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 03 March 2015 09:58 AM

1815 මාර්තු 2 ගිවිසුම සිංහලයෝ අත්සන් කලේ කැමැත්තෙන්. මොකද ශ්‍රී වික්‍රම රජතුමා එලවන්න තිබුන ආසාව නිසා. (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 03 March 2015 10:01 AM

සුද්දෝ මේවා දැකල පස්ස පැත්තෙන් හිනා වෙන්නේ (නදී)

:       0       0

රණවක Tuesday, 03 March 2015 10:40 AM

රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය. අපේ සමහර මිනිසුන්ට ජාතික කොඩිය මතක් වෙන්නේ ක්‍රිකට් මැච් වලදී පමණයි. සුද්දෝ අපේ රට කෑවා. තාමත් ඒ අයගේ රූකඩ තියාගෙන ඉන්නවා.(නදී)

:       0       0

රන්දික Tuesday, 03 March 2015 10:42 AM

රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය.(හේ)

:       0       0

රණවක Tuesday, 03 March 2015 10:42 AM

රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය.අපේ සමහර මිනිසුන්ට ජාතික කොඩිය මතක් වෙන්නේ ක්‍රිකට් මැච් වලදී පමණයි.(හේ)

:       0       0

මංගල Tuesday, 03 March 2015 10:42 AM

ඉතාමත් හොද වැඩක්. (හේ).

:       0       0

ජී.එන් බන්දුසේන Tuesday, 03 March 2015 10:50 AM

මම ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය රැකගැනීමට අවුරුද්දක් පමණ වෙහෙසෙමි.(නදී)

:       0       0

සරණ Tuesday, 03 March 2015 10:52 AM

විජය කුමාරයා දැන් ශ්‍රී ලංකාව යැයි හැඳින්වෙන දූපත අල්ලාගත්තු සිදුවීමේ සංවත්සරය කවදා ද?(නදී)

:       0       0

සමන්ති Wednesday, 04 March 2015 03:06 PM

සරණ, දිනය හරියට සොයාගත නොහැක. ඒ දිනවල කැලැන්ඩරය දැන් භාවිතාවන රෝමන් කැලැන්ඩරයට ගැලපිය නොහැක. ඉස්සර දින ගනින්නේ පුර සඳ සිට පුර සඳ දක්වා හෝ නවසඳ සිට නවසඳ දක්වා බැවිනි. වසරකට පුර සඳ 12ක් නම් ආසන්න වශයෙන් දින 360කි. (නදී)

:       0       0

සඳරුවන් - ලන්ඩන් Tuesday, 03 March 2015 01:01 PM

මීට වඩා සෙනග හුඟක් හිටියනේ මම යනකොට.? (ර)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 06:39 AM

ලංකාව පුරා සිංහ කොඩිය එස උනේ 30 වසරකට පස්සේ (දිල්)

:       0       0

සිල්වා Tuesday, 03 March 2015 07:06 AM

සුබ පැතුම්.! (ර)

:       0       0

නලින්ද Tuesday, 03 March 2015 07:13 AM

ඇයි ලාංකිකයින් මෙතනට එන්න අකමැතිද? කිහිප දෙනයි ඉන්නෙ.(නදී)

:       0       0

ශීලා Tuesday, 03 March 2015 07:15 AM

එහෙන් කක එහෙටම පහරන්න එපා මිනිසුනේ. ඒ කාලේ උන දේවල් හොඳයි කියනවා නොවේ. නමුත් මෙහෙම දේට කාලේ නස්තිකරලා දැන් වෙන සෙතේ මොකද්ද. අනික මේ වගේ දේවල් තමයි අර අයිසිස් කාරයෝ කියන්නෙත්.අපි එ් ගනෙට වැටෙන්න ඕනද. (නදී)

:       0       0

නන්ද Wednesday, 04 March 2015 12:40 AM

ඉතාමත්ම හොඳයි (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 03 March 2015 07:17 AM

උඩරට ගිවිසුම අත්සන් කළේ 1815 මාර්තු 02 දිනයි. ඊයේට හරියටම වර්ෂ 200 ක් පිරුණා. මේ ගිවිසුම නිසා රටේ ඇතිවූ වෙනස් කම් ගැන යම් සමාලෝචනයක් රාජ්‍ය මට්ටමෙන් කළ යුතුව තිබුණත් කිසිවකුගේ අවධානය ඊට යොමු වූ බවක් පේන්නේ නෑ.(නදී)

:       0       0

නිමල් Wednesday, 04 March 2015 12:40 AM

හිතට පුදුම ආඩම්බරයක් දැනුනා (නි)

:       0       0

රුවන් Tuesday, 03 March 2015 07:28 AM

හොඳ වැඩක්.. අපේ ගෞරවණීය සුබ පැතුම්... ඔබලාට. (බ)

:       0       0

සෑම් Tuesday, 03 March 2015 07:31 AM

දුමින්ද සිංහල අය ගුණමකුයි (බ)

:       0       0

සරත් Tuesday, 03 March 2015 07:42 AM

මමත් මෙම ඉතාමත්ම ලස්සනට සංවිධානය කර තිබුණු වැඩසටහනට සහභාගී වුනා. ලන්ඩනයට ඉතාමත්ම සීත දවසක් උනත්, සඳුදා වැනි සතියේ වැඩ කරන දවසක සෙනග 80- 100 රැස් වෙනවා කියන්නේ විශාල අභියෝගයක්. මේ ඡායාරූප මුලදීම මමත් යාමට පෙර ගත් ඒවා වගෙයි පෙනෙන්නේ. කොටසක් ඩව්නින් විදියේ අගමැති නිල නිවාස ළඟත් අනිත් පිරිස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මැද කොටසේත් සිටියා. සහභාගී වීමට ලැබීම ගැන සතුටුයි (බ)

:       0       0

බුද්ධි Tuesday, 03 March 2015 07:42 AM

මෝඩ වැඩ 10 දෙනෙක්වත් සෙනග නැහැ. ඔය ලංකාවේ ආණ්ඩුවෙන් ලකුණු දාගන්න කරන වැඩ .සැලකිලි ගන්න (බ)

:       0       0

ජොනතන් Tuesday, 03 March 2015 07:50 AM

ශීලා! හරියට හරි, හැබැයි මේකෙ තව පැත්තකුත් තියෙනවා. බලන්න මෙතන ඉන්නේ 25 ට අඩු පිරිසක්. මේ අය සිංහලයන් සේ පෙනී සිටින ත්‍රස්ත සංවිදාන හිතවාදියෝ වෙන්න බැරිද?. මෙවැනි දේවල් කර බ්‍රිතාන්‍යය දැන් අපි කෙරෙහි යම් පැහැදීමක් ඇත්නම්, එයද බිඳ දැමීමේ අදහසින් ඩයස්පෝරාවේ ක්‍රියාවක් වෙන්න බැරිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 45 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 444 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 355 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2890 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site