අනවසරික විදේශිකයිනට සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව ඉතිරි වී ඇති දින කිහිපයේ තවමත් තාවකාලික ගමන් බලපත්‍ර ලබා නොගත් ශ්‍රී ලාංකිකයින් සදහා අවස්ථාව උදාකර දීමට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතියේ දිනවල ඕනෑම දිනයක විවෘතව ඇති බවද නැගෙනහිර පළාතේ අල් කොබාර් දමාම් ප්‍රදේශයේ ඇස්ටුන් රෝහල අසල 14 වැනිදා දවස පුරා යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී විශේෂ ජංගම සේවයක් පවත්වන බවද රියාද් තානාපති කාර්යාල බලධරයෝ කියති.
අවතැන් වු හෝ අනවසරයෙන් සෞදි අරාබියේ රැදි සිටින සියළුම විදේශිකයින් ජුලි 03 වැනි දිනට ප්‍රථම සෞදියෙන් ඉවත් වීමට හෝ නිත්‍යනුකූල රැදී සිටිමේ ලියකියවිලි සම්පුර්ණ කර ගත යුතු අතර ජුලි මස 03 වැනි දිනට පසු නිත්‍යානුකූල නොවන විදේශිකයන් අත්අඩංගුවට ගෙන සෞදි රියාල් ලක්ෂයක දඩ හා වසර දෙකක සිර දඩුවමකට යටත් කරන බව සෞදි රජය ප්‍රකාශ කර සිටී.
මේ අනුව අනවසරයෙන් සෞදියේ රැදී සිටින සියළුම ශ්‍රී ලාංකිකයන් ජුනි 15 වැනි දිනට පෙර තානාපති කාර්යාලයයේ ජංගම සේවා ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා සිටින අතර කිසිදු කාන්තාවක් ජංගම සේවයට පැමිණි පසු තානාපති කාර්යාලයේ භාරයට නොගන්නා බැවින් බඩු බාහිර ආදිය සමග නොපැමිණිය යුතු බව අවධාරණය කරන තානාපති නිලධාරීන් කියනුයේ සිය තාවකාලික බලපත්‍ර ලබා ගත් සියළු දෙනා ගමන් ලියවිලි සමග වාර්තා කළ යුතුව ඇත්තේ ආගමන විගමන කාර්යාල වෙත බවයි.
මේ අතර නැගෙනහිර පළාතේ ‘නයින්ටි වන්‘ ආගමන විගමන කාර්යාලයයේ සුදුසුකම් ලත් පුරවැසියන් වෙත පිටවීමේ විසා ලබා දීමට කඩිනමින් සුදානම් බව නැගෙනහිර පළාත් සුභසාධන නිලධාරී චාලි තලයරත්න මහතා පවසන අතර පසුගිය සතියේ පමණක් ශ්‍රී ලාංකකියින් විශාල පිරිසකට පිටවීමේ විසා ලබා දීමට තමා සහ නුර් පහුම් මහතා කටයුතු කළ බවයි.
කෙසේ වුවද ඉදිරි දින කිහිපයේ විශාල පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරනා බව ආගමන විගමන කාර්යාලය කියයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි ලාංකිකයනට තවත් අස්ථාවක්