IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සුදු වෑන් එකකින් ඇවිත් නළුවා අරගෙන ගිහින්

2016-06-10-ent-171

2016-06-10-ent-172මෙවර ‘‘මතක පොතට ආරාධනා ලබන්නේ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය ප‍්‍රවීණ රංගන ශිල්පී රමණී සිරිවර්ධන.

දැන් තිරගතවන "පත්තිනි" චිත‍්‍රපටයේ රඟන රමණී සිරිවර්ධන රංගනයට පිවිස ඇත්තේ ‘‘"චාරුලතා" ටෙලිනාට්‍යයෙන්. එතැනින් ඇරඹි ඇගේ රංගන ජීවිතයේදී ‘‘රුපියල් සත ‘‘මන්දාරම් එළි’’ ‘‘ඉටිමල්’’ පාරා වළලූ’’ ඇතුලූ ටෙලිනාට්‍ය රැසකට දායකවූ රමණී සිරිවර්ධන ‘‘පත්තිනි’’ සහ

’’උලත් එකයි පිලත් එකයි’’ ‘‘ආකර්ෂා’’ සහ ද්‍රවිඩ භාෂාවෙන් නිෂ්පානය කෙරුණු චිත‍්‍රපටයකත් රඟපා ඇත.

දැන් ඉතින් සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ සුන්දර ඉතිහාසයක මතක සටහන් පොකුරෙන් බිඳක් අපි ඇගෙන් අසාගනිමු.

මං මුලටම කියන්නම් උලත් එකයි පිලත් එකයි චිත‍්‍රපටයේ රූපගත කිරීම්වලදී වෙච්ච සිදුවීමක්.

මේ චිත‍්‍රපටයේ රඟපාන එක්තරා නළුවෙක් ෂූටින් තියෙන ස්ථානයට එක්කරගෙන එන්න නිෂ්පාදන කණ්ඩායම වාහනයක් පිටත් කර යැව්වා එයාගේ ගෙදරට. අපිත් බලාගෙන හිටියා ඒ නළුවා එනතුරු ෂූටින් පටන්ගන්න. සෑහෙන වෙලාවකට පස්සේ අපේ වාහනය ආවා. ඒත් නළුවා නැහැ. වාහනයක් ඇවිත් මහත්මයා එක්කරගෙන ගියා කියලා එයාගේ නෝනා කිව්වා. අපේ ඩ‍්‍රයිවර් එහෙම කිව්වම අපි අන්දුන් කුන්දුන් වුණා.

අද රටේ සිද්ධවෙන දේවල් ගැන කල්පනා කරනකොට මේ මනුස්සයා සුදු වෑන් එකකින් උස්සන් ගියාවත්ද? කිහිප දෙනෙක් එහෙමත් කිව්වා. අනේ ඔය වයසක මනුස්සයා මොහොකට උස්සන් යනවද? තවත් කෙනෙක් කිව්වා. ඉතින් අපි දන්න කරන හැම තැනටම ටැලිෆෝන් කරලා අපේ නළු මිත‍්‍රයාව සොයන්න උත්සාහ ගත්තත් හරි ආරංචියක් ලබාගන්න බැරි වුණා.

අපි එකිනෙකාගේ මුහුණු බලාගෙන ඉන්නකොට ඔන්න වාහනයකින් ඇවිත් නළු මිත‍්‍රයා අපේ සෙට් එකට සෙට්වුණා. අපි හැමෝම එයාව වටකරගෙන මොකද වුණේ කියලා ඇහුවා. වෙනත් චිත‍්‍රපටයක ෂූටින් එකකට ගෙනියන්න ඕනෑ නළුවා වෙනුවට මාව එක්කගෙන ගිහින්. වැරැුද්ද කරලා තියෙන්නේ ඩ‍්‍රයිවර්. ඇඩ‍්‍රස් මාරුකරගෙන මාව එක්කගෙන ගියා. මමත් ඇහුවෙ බැලූවේ නැහැ වාහනයක් ආවාම මමත් නැගලා ගියා. අපේ නළු මිත‍්‍රයා එහෙම කිව්වාම ‘‘වයසට යනකොට.... සිහිකල්පනාව අඩුවෙනවා තමයි’’ අපිත් ඒ අහිංසක විහිළුව කරලා ෂූටින් පටන් ගත්තා.

‘‘උලත් එකයි පිලත් එකයි’’ චිත‍්‍රපටයේ ෂූටින්වලදී සිදුවූ තවත් සිද්ධියක් කියන්නම්.

මේ දර්ශන පෙළේ රඟපෑවේ මිහිරි තිලකසිරි, රොෂාන් පිලපිටිය සහ ගංගු කියන ජනප‍්‍රිය ශිල්පීන් දෙන්න සහ ශිල්පිනිය.

මේ තුන්දෙනා ගෙදරක ඉන්නකොට මිහිරි තිලකසිරි සහ රොෂාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න පොලිසිය කඩා පනිනවා. මේ වෙලාවේ මිහිරි තිලකසිරි තාප්පයට ඉනිමඟක් තියලා අනෙක් පැත්තට පනිනවා. තාප්පයෙන් පැන්න ගමන් එහෙමම කොන්ද බිම ඇනිලා නැගිටගන්න බැරිවෙනවා. මේ නිසා කැමරාව කට් කරලා ආයෙත් වතාවක් තාප්පයෙන් පනින්න කිව්වාම මිහිරි තිලකසිරි අරවගේම බිම ඇනෙනවා. කිහිප වතාවක්ම කළාම තමයි මිහිරිට තාප්පයෙන් පැනලා දුවන්න පුළුවන් වුණේ.

ඊළඟට රොෂාන්ගේ කොටසේදී තමයි බලා හිටපු අපටත් මාර ජොලියක් ගියේ. රොෂාන් පොලිසියට බයේ රිංගගත්තේ නානකාමරයකට. ඒ නාන කාමරයේ බාගෙට ඇඳගෙන ඉන්නවා ගංගු කියන අපේ මිතුරිය. රොෂාන් ඒ කිසිවක් සලකන්නේ නැතුව නානකාමරයේ තිබුණු චීත්තයක් උඩට ඇදගෙන දුවන්න පටන් ගන්නවා. කාන්තාවක් විදියට. ඒ වෙලාවේ අපේ නිළිය අයියෝ අපේ ආච්චිගෙ චීත්තය ආච්චිගෙ චීත්තය කිය කියාම රොෂාන්ව අල්ලගන්න පිටුපස්සෙන් දුවනවා. මේ සීන් එක කැමරාගත කරපු වෙලාවේ හිනා නොවී හිටපු කෙනෙක් නෑ.

ළඟ ළඟ එන්නේ පොසොන් උත්සවයක් නිසා මට මේ සිද්ධියත් මගේ මතකයට ආවා.

වෙසක් පොසොන් උත්සව දවස්වලටත් රූපගත කිරීම්වලට යාම සාමාන්‍ය දෙයක්. මේ විදියට එක් පොසොන් උත්සව දවසකදී රූපගත කිරීමකට අපි ඈත පළාතකට යන්න කොළඹින් පිටත් වුණා. ඉතින් ඒ වගේ දවස්වලට රටපුරා දන්සැල් තිබෙන නිසා අපේ ශිල්පියෙක් ලොකු කෝප්පයක් අතේ තියාගෙන වාහනයේ ජනේලයක් ළඟ වාඩිවෙලා හිටියා.

ඉතින් මෙයාගේ වැඬේම දන්සැලක් ළඟින් යනකොට ජනේලයෙන් අතදාලා කෝප්පය දික්කරනවා. මේ ලොකු කෝප්පයට කෝපි ලැබුනාම අපිටත් බොන්න දෙනවා. මේ විදියට සව්, බෙලිමල්, සරුවත් වගේ දේවල්වලින් හොඳ හැටි සප්පායම් වෙලා ටික වෙලාවකට පස්සේ අපේ මිත‍්‍රයාට හොඳටම නින්ද ගියා.

වාහනය එක්තරා තැනක නතර කළාම අපේ කණ්ඩායමේ කොලූ පැට්ටෙක් දන්සැල් වදින ශිල්පියා දිහා බලාගෙන ‘‘දන්සලක්’’ ‘‘දන්සලක්’’ කියලා කෑගහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අපේ අර ශිල්පියා නින්දෙන් ඇහැරිලා පටස් ගාලා කෝප්පය දැම්මා ජනේලයෙන් එළියට. අපි දැන් ඔක්කොම මේ සීන් එක බලාගෙන. අපේ මිත‍්‍රයා කෝප්පය දික්කලාම තද නිල්පාට සූට් එකක් අඳගෙන හිටපු මනුස්සයා කියාපි මහත්තයා මේක දන්සලක් නොවෙයි. පැට්‍රොල් ෂෙඞ් එකක් කියලා.

ඉතින් කියලා වැඩක් නැහැ. ෂූටින් ඉවරවෙලා කොළඹට එනතුරුම දන්සල් වැඳපු අපේ මිත‍්‍රයා මාර විදියට බයිට් වුණා.

 

අමරදාස සිල්වා

 

sandalla



අදහස් (0)

සුදු වෑන් එකකින් ඇවිත් නළුවා අරගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 194 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 381 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 374 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 566 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1745 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site