IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුදු වෑන් කල්ලියේ කෙළි එළියට

මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කළ සුදුවෑන් කල්ලිය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනාගෙන් ඉදිරි දිනවල දී ප්‍රශ්න කිරීමට නියමිත බව මහජන සාමය අමාත්‍යංශය කියයි.

චෝදනා එල්ල වී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනා අතර යුද හමුදා මේජර් ජනරාල්වරයකු, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු සහ යුද හමුදා මේජර් වරයකු සිටින බව පොලිස් ආරංචි සඳහන් කරයි.

දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් ජනරාල්වරයා සහ නාවික හමුදා සේවයෙන් ඉවත්ව සිටින ලුතිනන් කමාන්ඩර් සම්බන්ධයෙන් සකස් කළ රහස්‍ය වාර්තා ජනාධිපතිට සහ අගමැතිට බාර දී ඇති බව ද එම ආරංචි කියයි.

චෝදනා එල්ල වී ඇති මේජර් දැන් ආරක්ෂක අංශයක ඉහළ නිලයක් දරයි.



අදහස් (0)

සුදු වෑන් කල්ලියේ කෙළි එළියට

සේනක Tuesday, 14 July 2015 11:03 AM

යහපාලගේ අදහසට රට ඉන්න මිනිස්සු පුදුම වෙනවා ගල් යුගයේ අයවත් මෙහෙම නැහැ (බ)

:       0       0

තරංග Tuesday, 14 July 2015 04:50 PM

සියල්ල අපිට හෙළිකරන්න (නි)

:       0       0

ප්‍රියංකා Tuesday, 14 July 2015 04:53 PM

අපි අතීතය අමතක කරමු නේද? (නි)

:       0       0

සඳුන් Tuesday, 14 July 2015 11:55 AM

නීතියට පටහැනිව සැකකරුවන්ට දඬුවම් දෙන්න බෑ. කවුරු කලත් ඒ අයව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (නදී)

:       0       0

සම්පත් Tuesday, 14 July 2015 12:04 PM

පිවිතුරු ඔයාගේ වචන හරිම අපිරිසිදුයි (බ)

:       0       0

ජානක Tuesday, 14 July 2015 12:06 PM

සත්‍ය හෙළි කර වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙනවානම් ගොඩක් හොඳයි. (නදී)

:       0       0

චමිලා Tuesday, 14 July 2015 07:28 PM

හොයන්න , හොයන්න... හොඳට හොයලා බලන්න (නි)

:       0       0

චන්දා Tuesday, 14 July 2015 12:38 PM

මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කලැයි කියන අයගේ නම් කිහිපයක් දන්නා කෙනෙක් කියන්නකෝ බලන්න ?(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 08:05 AM

අපිත් අසාවෙන් ඉන්නේ මේ සුදු වැන් වල ගිහින් අතුරුදන් වුනා කියන මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරිකයින් වෘත්තීය සමිති නායකයින් කවුද කියල.අපි දන්නා විදියටනම් අපි අහපු අපි දැකපු විදියටනම් සුදු වැන් වල ගියේ පාතාලයෝ,කුඩුකාරයෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ වගේ නීතියෙන් ලිහිල් දඩුවම් දීමෙන් සමජයට අසාධාරනයක් වන සමාජ පිළිල පමණයි.ඒ කියන්නේ ඒ අයඅතර මේ වගේ වෘත්තිකයිනුත් ඉඳල තියෙනවද? අනෙක කවුද මේවා හොයන්නේ..තරුණ තරුණියෝ 60 දාහකට මහ මග ටයර් සැයවල් හිමිකරවමින් සියලු මිනිස් අයිතිවාසිකම් බල්ලට දමමින් අවිචාර සමයකට රට ගෙන ගිය අතීතයක් තියෙන එදා කල දේවල් වලට අදටත් දඩුවම් නැති අයගෙන් පිරුණු සැදුනු යු අන් පි කියන පක්ෂය....කාටද මේ විහිලු.. (ස)

:       0       0

සමන්ත Tuesday, 14 July 2015 09:19 AM

88/89 සුදු වැන් , සූරියකන්දේ ළමයි ගැනත් මේ වගේම හොයනවා නම්? (ස)

:       0       0

දිනේෂ් Tuesday, 14 July 2015 09:21 AM

බුද්ධි අංශ පාවාදෙන්න එපා. එහෙම උනොත් ඔයාලට ගොඩක් කරදර වෙයි. (ස)

:       0       0

වරුණ Tuesday, 14 July 2015 09:21 AM

සමාජ පිළිල උවත් වැරදි කාරයොන්ට දඬුවම් දෙන්න රටේ නීතියක් තියනවා . ශෝර්ට්කට් හොයාගෙන වැඩ කරනකොට වැරදි ට්‍රැක් වලට වැටෙනවා. (ස)

:       0       0

සුපුන් Tuesday, 14 July 2015 09:23 AM

පිවිතුරු යහපාල මහත්තයා ඔයා නිකන් බබා වෙන්න එපා...... ඔයාගේ හැම අදහසක්ම අපි දකිනවා ලංකාදීප පත්තරේ.... ඔයා නිකන් රාජපක්ෂගේ වන්දිබට්ටයෙක් වෙන්න ලජ්ජා නැද්ද....ඔයාල වගේ රාජපක්ෂලාට කඩේ යන මනුස්සයෝ දැන් නෑ.....ඔයාගේ අදහස් පිරිමිකමටත් ලජ්ජා හිතෙන ඒවා......... (ස)

:       0       0

ශෂි Wednesday, 15 July 2015 05:18 AM

තමන්ගේ ආධීපත්‍යට එරෙහි වුණ අයට කරපු (තමන්ගේ බලය පාවිච්චිකර) මර්දනයි ඔය සුදු වෙන් සංස්කෘතිය (ම)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Tuesday, 14 July 2015 09:39 AM

සමහර සුදු වෑන් සිද්ධීන් සත්‍ය වෙන්න පුළුවන්. සමහර ඒවා සම්පුර්ණ බොරු. සමහර අය ප්‍රංශයේ, ස්විස්ට්සර්ලන්තයේ ජර්මනියේ, නොර්වේ, ස්වීඩන් රටවල සරණාගත විසා වලින් හොඳ සුඛෝභෝගී ජිවිත වෙනත් නම් වලින් ගතකරනවා. ප්‍රංශයේ මා දන්නා සිංහල දෙන්නෙක් ඉන්නවා ඔවුන්ගේ සිංහල නම් වෙනුවට වෙනත් නම් වලින් ඉන්නේ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 14 July 2015 02:37 PM

පිවිතුරු යහපාල,1971 අමතකද? සූරියකන්දේ ළමයි ගැනත් මේ වගේම හෙව්වා අමතකද? දැන් දියත තියෙන තැන තැනු ස්මාරකය කෝ? (නදී)

:       0       0

ඩයස් Tuesday, 14 July 2015 09:52 AM

පිවිතුරු ජහාපාල මහත්තයෝ මෙදා හම්බන්තොට කෙල වෙනවා. ලොක්ක පැරදුනොත් විශ්‍රාම යනවාද, කුල්ල වගේ එල්ලිලා ඉඳීද? (බ)

:       0       0

ලෙස්ලි Tuesday, 14 July 2015 10:03 AM

සුදු වෑන් ගෙන්වීමත් තහනම් කරා නම් හොඳයි.(ම)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 14 July 2015 10:21 AM

පිවිතුරු යහපාල කියන්නෙත් මහින්දගේ වහලෙක් බව තමයි ඔහු මේ කියන්නේ. මේ රටේ කව්රුත් කැමතියි සුදු වෑන් නැති, භීෂණය නැති කාලයක් උදාවීම ගැන. ඒ වගේම කව්රුත් කැමතියි සුදු වෑන් කල්ලිය නීතිය ඉදිරියට ගෙනාවට. හැබැයි වහල්ලු විතරක් මේවට අකමැතියි. (නදී)

:       0       0

හරිත Tuesday, 14 July 2015 10:36 AM

ඉක්මනට කවුද කියලා එළි කරලා ඒ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම අල්ල ගත්තා නම් හරි.(හේ)

:       0       0

අශාන් Tuesday, 14 July 2015 10:38 AM

මොන අපරාධ කාරයෙකුට වුනත් රටේ පවතින නීතියෙන් දඩුවම් දිය යුතුයි. ඒක තමයි යහ පාලනය කියන්නේ. (ර)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 14 July 2015 10:43 AM

වැරද්ද කවුරු කලත් වැරද්ද ඒවා නැවත් විය යුතුයි ඒ වගේම හොද දේ අගය කළ යුතුයි. (ර)

:       0       0

ගුණපාල Tuesday, 14 July 2015 10:59 AM

මෝඩ යහපාලන මහත්තයෝ තරුණයන් 88 දි මැරුණේ නිකං හිටිය නිසාද පැවති රජයට එරෙහිව මිනිමරු පැසිස්ට් විප්ලවයක් ඔවුන් කළේ නැද්ද එක තුණ්ඩු කෑල්ලෙන් කඩ සාප්පු පාසැල් වැසුවේ නැද්ද? රාජ්‍ය නායකයෝ මැරුවේ නැද්ද? මිනිස්සුන්‍ේ පරම අයිතිය වන ඡන්ද අයිතිය පාවිච්චිය වැළක්වුවේ නැද්ද? බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු පාරේ මැරුවේ නැද්ද? එවැනි පාලනයක් ජේවිපිය අරන් ගියේ 88 89 දී. එතකොට රජයක් විදියට එය මර්දනය නොකරානම් ඔබ අද අද බාලයින් සේ අන්ධ භක්තියෙන් සරණ යන මහින්දටවත් ඉන් පෙර සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටවත් බලයට ඒමට නොහැක. එදා එවැනි ත්‍රස්ත්‍රවාදයක් දියත් කළේ දකුණේ සිංහල ත්‍රස්ත්‍රයන්. එය ප්‍රේමදාස ජනාධිපතිට මර්දනය කරන්න සිදුවුණා. එය මර්දනය කිරීමේදි අහිංසක තරුණයනුත් ජීවිතයෙන් වන්දි ගෙව්වා. එලෙසම දැන් උතුරේ පැවැති එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදයත් එය පහුගිය කාලයේදි මහින්ද රාජපක්ෂ මර්දනය කළ ආකාරයත් සිහියට නගා ගත හොත් දෙක අතර කිසිදු වෙනසක් නොමැති බවත් 88 89 දී මල්ටි බැරල් හෝ ගුවන් ප්‍රහාර පාවිච්චි නොකළ බවත් තේරුම් ගත් විට වඩා විනාශක් වඩා තරුණ ඝාතනයක් සිදුවුයේ කවර යුගයේදීදැයි ඔබ වැනි මිනිස්සු තේරුම් ගනු ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 839 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5253 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3058 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1419 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1527 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28255 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site