(අජිත් ලංකා තිලක සහ සුදේෂ් කොඩිකාර )
මාතර බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා සිටියදී අද (20) සොයාගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් විසින් නවීන තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් අද (20) අලුයම් කාලයේ අතුරුගිරිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව පැහැර ගත් පුද්ගලයා සොයාගැනීම මෙන්ම මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ එයට භාවිතා කළ වෑන් රථ දෙකින් එකක් ද පොලිස් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
පැහැර ගැනීමට ලක්ව සිටි සුරංග ලක්මාල් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට යොමුකොට ඇත. මෙසේ පැහැරගැනීමට ලක්ව සිටි දෙව්ලියද්ද පාර , බෙරලපනාතර ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකි.
ඔහු සිය දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවා නිවසට යමින් සිටියදි පැහැර ගැනීමට ලක්ව තිබුණේ ඉදිරිපස අංක තහඩු නොමැති සුදු වෑන් දෙකකිනි.
පොලිසිය නොමග යැවීමට පැහැර ගැනීමෙන් අනතුරුව එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසටත්, අනෙක් වෑන් රථය කොටපොල දෙස සිට ඌරුබොක්ක දෙසටත් ධාවනය වී ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමු වෙයි
අමා Friday, 20 September 2019 05:51 AM
අල්ල ගත්ත ක්‍රම මාද්‍යට දෙන්න එපා.
දිමුත්Friday, 20 September 2019 11:08 AM
ඒක හරි...
max Friday, 20 September 2019 05:55 AM
මේකත් ගෝඨාගේ ගිණුමට බැර කරපු කට්ටිය හිටිය නේද? අනේ මෙහෙමත් අවිචාරවත් මිනිස්සු.
NishanSaturday, 21 September 2019 08:42 AM
පළපුරුදු අය ගැන තමයි මුලින් සැක කරන්නේ...
Maax Friday, 20 September 2019 07:06 AM
ගිණුමක් පටන් ගත්තා නම් ඒ ගිණුමට සල්ලි බැරවෙන එක වෙනවා මැක්ස් මහත්තයෝ . ආරම්භ නොකළ ගිණුමකට කොහොමද සල්ලි බැරවෙන්නේ ?
maxFriday, 20 September 2019 07:52 AM
බොරු ගිණුම් වලට සල්ලි බැර කළාට කවුරුත් ගණන් ගන්නේ නැහැ. Maax අවිචාරවත් මිනිස්සු ඇරෙන්න....
MaaxFriday, 20 September 2019 08:04 AM
බොරු ගිණුම් වලට සල්ලි දාන්නේ කවුද මහත්තයෝ ? එහෙම සල්ලි දාන අයත් ඉන්නවාද?
bakathapas Friday, 20 September 2019 09:50 AM
බම්බුව තමයි ගිණුම තියෙන්නේ සිරිකොතේ වෙන්න ඇති...
kamal Friday, 20 September 2019 07:24 AM
අරයා ඕක කරානම් ආයේ සොයාගන්න ලැබෙන්නේ නැහැනේ. එහෙනම් ඉතින් එයාත් මෙයත් දෙන්නම දැන් නිදහස්.
සේන Friday, 20 September 2019 08:09 AM
මේක බොරු සෙල්ලමක් වෙන්න බැරි නෑ. ඇහැටවත් දැක්කෙත් නැති, ඉස්සුවානම් ඉස්සුවේ කවුද කියලා දන්නෙත් නැති, හරි වැරද්දක් නොදන්න ඇතැමුන් දැනටමත් ඉක්මන් වෙලා.
gunasenaFriday, 20 September 2019 08:53 AM
වැරැද්දක් නොදන්න ඇතැමුන් දැනටමත් ඉක්මන් වෙලා .....
Bandara Friday, 20 September 2019 09:42 AM
දැන් සමනල්ලු ටික කියයි ගෝඨාභය ගැනත් දැම්මා කියලා..
රවින් Friday, 20 September 2019 09:44 AM
සමූපකාරයෙන්, හොර ගුහාවල්, යටිමඩි වහන්නද? හොරකම වහන්නද? නැතිනම් විකුණපු කුණු ගොඩට සල්ලි ගන්න බැරුවද? නැතිනම් කුණු ගොඩක් සමුපකාරේට තල්ලු කරන්නද? හැම පැත්තම බැලුවොත් තමයි හොඳ...
Mahee Friday, 20 September 2019 01:56 PM
අනේ දෙවියනේ, මොනවද මේ අදහස් දාන අය කියන්නේ? අැයි හත් ඉලව්වේ, පැහැර ගැණුනයි කියන එක්කෙනා නොවැ වෙච්ච් දේ දන්නේ...
ranaSaturday, 21 September 2019 07:02 AM
අනේද කියන්නේ? සොයාගත් කෙනාගෙන් කට උත්තරයක් දෙනකන් ඉවසන්න.
chandima Friday, 20 September 2019 04:25 PM
පොඩි අය අඬනවා.. තවත් නම් මෙහෙම හැංගිලා ඉන්න බැහැ කියලා එළියට ආව කියන්නේ. අනික සුදුවෑන් කතාව කියලා ඡන්ද කඩන්න ඕනෑ නැහැ. අර සජිත් රනිල් පොරේ නිසා දැන් එක්සත් ජාතික පක්ෂය ගැන තිබුණු ජනතා කෝපේ නැත්තටම නැතිවෙලා. රනිල් කෝපයක් බවට හැරිලා ඉවරයි. දැන් සජිත් වෙනුවෙන් පෙලපාලි යන්නත් පටන් අරන්. ඉතින් තවත් හැංගිලා ඉඳලා වැඩක් නැහැ.
Chathuri Friday, 20 September 2019 07:24 PM
අද මේ මනුස්සයව කාල්ටන් වත්ත පහළින් හමුවුණා නම් කාටද ආඩම්බර? කරන දෙයක් තේරුමක් ඇතිව කරන්න ඕනෑ. එහෙනම් අද ඇප තියනවා වෙනුවට, ඇප දෙන්න වෙන්නේ...
සුරංග (ediriya) Saturday, 21 September 2019 08:00 AM
මට සෑහෙන ගානක් හම්බ වුණා. මගේ පවුලට කන්න අඳින්න දෙනවද? කමෙන්ට් නොදා ඉන්න. මම ඡන්දෙ දෙන්නෙත් ගෝඨාට තමයි.
alahap Saturday, 21 September 2019 08:04 AM
සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමුවෙයි... පෙර කරන ලද දේවල් මිස්ටර් බීන් වගේ දේවල් ගැන බැලුවම පුදුමයක් නොවේ.