ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කළ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ආබාධිත සහිත පුද්ගලයන්ට සියලු පුරවැසියන්ට හිමිවන වරප‍්‍රසාද හා අයිතිවාසිකම් එක සමානව භුක්ති විඳීමට හිමිකමක් ඇති බැවින් ඒවා ලබාදීම රජයේ මෙන්ම සමාජයේ වගකීමක් බව ප‍්‍රකාශ කළේය.
ඇමතිවරයා එම අදහස් පළ කලේ ජාත්‍යන්තර සුදු සැරැයටි දිනය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (15) මොරටුව කටුබැද්ද ජනසෙත ජන කලා කේන්ද්‍රයේ පැවති සැමරුම් දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම සැමරුම් උළෙල ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය මගින් සංවිධානය කර තිබූණි.
සුදු සැරැයටි බෙදා දීමක්ද ගයන්ත කරුණාතිලක මහතා අතින් එහිදී සිදු කෙරිණි.
‘මාගේ දේශපාලන ජීවිතයේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන් විශාල පිරිසක් එකම වහලක් යටදී හමු වූ ප‍්‍රථම අවස්ථාවයි මේ. අපගේ ජීවන ගමනේදී දෛවය විවිධාකාර බලපෑම් එල්ල කරනවා. ලෝකය දැකලා විවිධ අනතුරු නිසා දෘශ්‍යාබාධිත වූ අයත් උපතින්ම දෘශ්‍යාබාධිත වූ අයත් මෙහි සිටිනවා. දෛවය ඔබට සරදම් කළත්, ඔබව පරාජය කිරීමට නොහැකි වී තිබෙනවා. ඔබ අධිෂ්ඨානශිලීව දෛවය පරාද කරලා දෛවයට සරදම් කරලා කීර්තිමත් විශ්ව විද්‍යාල තුළින් උපාධිය සමත් කරලා සෙසු ලෝකයාට ආදර්ශයක් සපයනවා. දෘශ්‍යාබාධිත වූ ඔබට සුදු සැරැයටිය වටිනාම මෙවලමක්. ඒ නිසා සැමදෙනාම මේ සුදු සැරයටිය සංකේතවත් කර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරනවා. 1969 ඔක්තෝම්බර් 15 වැනිදා ගාලූ මුව දොරට රැස් වූ දෙස් විදෙස් දෘශ්‍යාබාධිතයනගේ ඇති කරගත් යෝජනා ශී‍්‍ර ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළා. එකී යෝජනා පිළිගැනීම නිසා සෑම වසරකම ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නම් කර මේ දක්වා කි‍්‍රයාත්මක වෙනවා‘ යැයිද අමාත්‍යවරයා එහිදී කීවේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:43 AM
ඇස් වසාගෙන සිටින මිනිසුන්ගේ ඇස් අරවන ඔබගේ සුන්දර වචන යථාර්ථයක් වනු නොඅනුමානයි. (ර)