සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" ලෙස ඔබ හමුවන ගීතිකා රාජපක්ෂ නව පරපුරේ ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළියකි. "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයට අමතරව සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" ලෙසත්, දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "විශ්මි" ලෙසත් ඇයි වර්තමානයේ ඔබ හමුවට පැමිණෙයි. මෙවර "සාරවිට" අපේ තරු කතාබහ හැඩකිරීමට ඇය එක්කර ගත්තෙමු.
"මේ දවස්වල වැඩිපුරම රසික ප්‍රතිචාර ලැබෙන්නේ සඳුන් රාජකරුණා මහත්මයාගේ "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයේ "දිල්කි" කියන චරිතයට. මේක ටිකක් දුෂ්ට චරිතයක්. නමුත්, ගොඩ දෙනෙක් ඒ නිසාම මේ චරිතය ගැන කතා කරනවා. ඒ වගේම ආදරය කරනවා. පළමු වතාවට තමයි මෙහෙම චරිතයකට මම දායක වෙන්නේ. මේක බොහෝ පිරිසක් කළු චරිතයක් විදිහ හැඳුන්වුවත් මම හිතන්නේ මේ "දිල්කි" කියන චරිතය සාධාරණ හේතුවක් මත තමයි කළු චරිතයක් වෙලා තියෙන්නේ කියලා. එයා ආදරය කරන පෙම්වතා වෙන කෙනෙක්ගේ බවට පත්වෙනවා. ඉතින් ඒ ගැන කනගාටු වෙලා මානසිකව වැටිලා තමයි ඇය සිය පෙම්වතාටත්, පෙම්වතාගේ හිතගත්තු කෙනාටත් විරුද්ධකම් පාන්නේ. "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" කියන චරිතය වගේම "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" චරිතය ගත්තොත් ඒක ටිකක් කෙළිලොල් දඟකාර චරිතයක්. ඒ වගේම "අංකල් සෑම්" ටෙලිනාට්‍යයේ %විශ්මි^ කියන්නෙ ආදරබර චරිතයක්. ඇත්තටම, එකිනෙකට වෙනස් චරිත මට රඟපාන්න ලැබුණ එක වාසනාවක් විදිහටයි මම දකින්නෙ. මම ක්ෂේත්‍රයට අලුත්. බොහෝ දුරට ක්ෂේත්‍රයට අලුතින් එකතු වෙන අය එකම රාමුවකට කොටු වෙන අවස්ථා මම දකිනවා. නමුත්, මට එහෙම වුණේ නැහැ. මේ චරිත තුනටම ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක මම හිතනවා මේ හැම චරිතයකටම මම සාධාරණයක් ඉටුකරලා තියෙනවා කියලා."
බුද්ධික සේනාධීර
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'සුදු හාමිනේ' කෙළිලොල් චරිතයක්