IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'සුදු හංසියේ' සමග එන අචිර

2016-08-01-ent-40

පාසල් වියේදීම ගායන ලොවට පිවිසි අචිර සුභාෂ්ගේ නවතම ගීතය වන "සුදු හංසියේ" පසුගිය දිනෙක එළිදැක්වූවා. ඔහු ඒ පිළිබඳව අපත් සමග මෙසේ කතාබහට එක්වූවා.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-01-ent-41මගේ නම අචිර සුභාෂ් පෙරේරා. මම වෘත්තියත් සංගීතයමයි. ඉතිං මගේ පළමුවැනි මියුසික් වීඩියෝව තමයි "සුදු හංසියේ" කියන ගීතය. මේ අතර මම සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙකු විදිහටත් කටයුතු කරනවා. එහි නම "රත්තා". ඊට අමතරව මම සිරස සුපර් ස්ටාර් සීසන් 02 හිටියා. මීට අමතරව මම ගීත කිහිපයක් කරලා තියෙනවා. නමුත් මියුසික් වීඩියෝවක් කරලා තියෙන්නේ මේ ගීතය සඳහායි.

 

ඔබ කොයි කාලයේදීද කලාවට එකතු වෙන්නේ?

මම සාමාන්‍ය පෙළ ලියන කාලේ තමයි කලාවට එකතු වුණේ.

 

ඒ කියන්නේ පාසල් කාලේ සිටම කලාවට ළැදි කෙනෙක්ද?

අහම්බෙන් තමයි සංගීතයට එකතු වුණේ. මගේ ළැදිකම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි ආසාව තිබුණේ. නමුත් ඒකාලේ අපේ පාසල්වල ඒ සඳහා පහසුකම් තිබුණේ නැහැ. නමුත් දැන් වෙද්දී ඒ දේවල් හැදිලා.

 

ඔබගේ අනෙකුත් ගීත ගැන කිවුවොත්?

දැනට කරලා තියෙන ගීත කිහිපයක් තියෙනවා. ඊට අමරතව "ප්‍රේමෙන් හොරෙන්", ප්‍රේමෙන් හොරැහින්, කවි කියන්න, සුසුමක් වී, පර්සානා යන ගීත කරලා තියෙනවා. ඉදිරියේදී තව ගීත දෙකක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා.

 

'සුදු හංසියේ' කියන්නේ කාලීන ගීතයක්ද?

මේ ගීතයත් විරහවට සම්බන්ධ දෙයක්. මේ ගීතයේ අන්තිමට, වෙන්නේ තමන් ආදරය කරපු කෙනා ජීවිතෙන් සමුගන්න එක. හම්බෙලා Marry කරන්න අතරතුරදී දෙන්නා අනතුරකට ලක්වීමෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එවැනි කතාවක් ඔස්සේ තමයි මේ ගීතයේ වීඩියෝව නිර්මාණය වෙන්නේ.

 

ඉදිරි කටයුතු ගැන කිවුවොත්?

අලුතෙන් ගීත දෙකක් කරන්න ඉන්නේ, ඒ ගීතයේ නම 'සිදන්ගනාවී' සහ 'අමනාප නැහැ සදා' කියන ගීතයන් දෙකයි. තව වැඩකටයුතු ටිකක් කරන්න තියෙනවා. ඉතා ඉක්මනින් ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

අතහිත දුන් අය ඉන්නවාද?

ඔව්, ගොඩාක් අය ඉන්නවා. පාසලේ යාළුවන් සහ මට හිතවත් අය ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ ගීතයේ වීඩියෝව කරපු අජිත් කුමාරතන්ත්‍රි අයියාව සහ මියුසික් කරපු චාමින්ද ගමගේ, පද රචනය කරපු ප්‍රසන්න දිසානායකවත්, මේ Track හැදුව සන්ෆ්ලවර් කීබෝර්ඩ් වාදක දිනේෂ් දිසානායක සහ ප්‍රියන්ත නාවලගේ යන අයව. ඒ අයට විශේෂ ස්තුතියක් දක්වන්න ඕනා. මට ගොඩක් උදවු කරන එක්කෙනෙක් තමයි දිලුක් සංජය. මම වීඩියෝව කළේ, සංගීත ප්‍රසංගයක් කරලා. ඒකට මට උදවු කළේ ලියාරා සංගීත කණ්ඩායමේ ප්‍රසන්න අයියා. මේ අයව මතක් කරන ගමන් මගේ සංගීත කණ්ඩායමේ හැමෝමත් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-08-01-ent-42



අදහස් (0)

'සුදු හංසියේ' සමග එන අචිර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 17 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 84 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 310 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 324 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 502 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 531 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site