IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සංධානෙ පුංචි අතු තුනක් ඡන්දෙන් ගැලවේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික පෙරමුණෙන් ද, ඕමල්පේ සෝභිත හිමියන්ගේ ජාතික හෙළ උරුමයෙන් ද, දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණෙන් ද තරඟ කළ අපේක්ෂකයෝ පරාජයට පත්වී සිටිති.

විජය කුමාරතුංග මහතා විසින් අරැඹුණු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායක අසංක නවරත්න වයඹට සන්ධානයෙන් තරඟ කර ජය ගත්තේය.

එහෙත් යාපනයට තනිවම තරඟ කර ඡන්ද 209ක් ලබා හත් වැනි ස්ථානයට පත්වී පරාජය විය.

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් මාතලේට තරඟ කළ සරත් විජේසිංහ, මහනුවරට තරඟ කළ හිටපු පළාත් කෘෂිකර්ම ඇමැති විමල් පියතිස්ස මහත්වරු ද පරාජය වූහ. වයඹින් ද එම පක්ෂයට තිබූ මන්ත්‍රී ධුරය අහිමි විය.

ජාතික හෙළ උරුමයෙන් මහනුවරට තරඟ කළ නාලක ස්වර්ණතිලක ද පරාජය විය.

 

 



අදහස් (0)

සංධානෙ පුංචි අතු තුනක් ඡන්දෙන් ගැලවේ

විජේ Tuesday, 24 September 2013 07:26 PM

අනේ සාදු. ඔහොම තමයි වෙන්න ඕනෑ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න සේරම මිනිස්සු මෝඩයෝ කියලා. (නි)

:       0       0

සමන්ත Tuesday, 24 September 2013 02:21 PM

අසංක නවරත්න හොඳ මනුසයක්..... (ස)

:       0       0

නිමල් Wednesday, 25 September 2013 08:51 AM

නිරන්ජි,සත්‍ය,උදය,මහානාම .ඔබලාගේ අදහස් දැක්වීමට මගේ ස්තුතිය. (නි)

:       0       0

සම්පත් Wednesday, 25 September 2013 09:00 AM

කරපු වැඩක් නැහැ . ඝෝෂාව විතරයි! හොඳ පාඩම්. ෆොන්සේකා මහත්තයට ඉද්රියටත් ජය නියතයි. අලුත් දෙයකට අපි එක්වෙමු ! (නි)

:       0       0

ධම්මික Tuesday, 24 September 2013 02:32 PM

ලංකා සම සමාජ පක්ෂයේ දෙදෙනෙකු ජය ගත්තා කුරුණෑගලින් හා මහා නුවරින්... (ස)

:       0       0

චන්දන Wednesday, 25 September 2013 02:17 PM

ජාතිවාදය සිංහලයන් ප්‍රතික්ෂේප කරලා. උතුරේ දෙමළ අයත් ආදර්ශයට ගන්න. (නි)

:       0       0

හාරූන් අන්සාර් Tuesday, 24 September 2013 02:35 PM

මෙවර පළාත් තුනෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ගත්තේ අසාද් සලී මැතිතුමා. එතුමාට අපේ සුබ පැතුම්!! ඈත්තෙන්ම මහනුවරින් ඉල්ලීමට ගත තීරණය ඉතාමත් බුද්ධිමත් සහ විශිෂ්ට ජයග්‍රහණයකි අනෙක් සියලු පක්ෂ පැරදවූ ජනතාවට ස්තුතියි! මහනුවර මහනායක හිමිවරුන්ගේ කැපවීමත් සහයෝගයත් අගය කරමි. (ස)

:       0       0

මොහොමඩ් රිස්වි Tuesday, 24 September 2013 08:54 PM

උතුරේ කරපුවා කොච්චර රජයේ නාලිකාවල පෙන්නුවද, නමුත් දිනන්න බැරිවුනා. මෙය පටන් ගැම්ම ඉදිරියට බලන්ඩ පුළුවන්.(නදී)

:       0       0

මසූඩ් Tuesday, 24 September 2013 09:21 PM

මේ පක්ෂ තුනේ සහ සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ඡන්දදායකයන් විසින් පිළිඅරගෙන වගේ (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 24 September 2013 09:25 PM

සිල්වා මහත්තයා හරි (නි)

:       0       0

මහනාම Tuesday, 24 September 2013 09:39 PM

ෆොන්සේකා මහත්මයට තුන්වන බලවේගයෙන් දෙවන බලවේගයට එන්න පුළුවන් .(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 24 September 2013 09:51 PM

උතුරේ ජාති ප්‍රශ්නයක් තිබෙනවා. ෆොන්සේකා මහත්තයා ගේ ගමනත් ඔච්චර තමයි. යු එන් පි එක කව්රු නායක උනත් ඔච්චර තමයි. ජේ වී පි එකට තමන්ගේ වැඩ පිළිවෙලක් ජනතාවට ඉදරිපත් කලයුතුයි. හැම එකටම කෑගහිමෙන්,කරදර ගෝශාකාරී පක්ෂයක් වෙලා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 24 September 2013 03:29 PM

හැමදාම ජාතිවාදය අවුස්සමින් අධිරාජ්‍යවාධින් පෙන්න පෙන්න ජනතාව මුලා කරමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් හිතන බදගොස්තරවාදීන්ට හොඳ පාඩමක්. (ස)

:       0       0

මිනිපෙ Tuesday, 24 September 2013 10:18 PM

ඡන්ද දින්නන්න ඕනෑ නම්, උගත්කම් නොසළකා,නලු නිලියන් යොදාගන්න.හින්දි ගීත සංදර්ශන තියන්න.වේදිකා වල, ඉන්දියානු ක්‍රමයට හැඳපැළදගත් නිලියන් දාන්න.භාරත ප්‍රසිද්ධ නලු නිලියන් ලංකාවට ගෙන්නා,වේදිකාවල කතා කරවන්න. (නි)

:       0       0

පිටිගල Tuesday, 24 September 2013 11:03 PM

මේ වගේ අයට ඡන්දෙ දෙන්න දැන් ඉන්න චන්ද දායකයෝ මෝඩයෝ නෙවෙයි.ජේ.වී.පී. එකත් ඔච්චර තමයි. මනාප ක්‍රමේ නිසා මෙච්චර කල් ඇදගෙන ආව, නැත්නම් මෙලහට අර බාහුගේ වාසුගේ පක්ෂ වගේ තමයි.පොන්සේකා මහතා ඉදිරියට ඇවිත් තියෙන එක සුභ ලකුණක්.(නදී)

:       0       0

ෆරීඩ් Tuesday, 24 September 2013 04:24 PM

අනේ අරයා හැමතැනම කතා කරන්නේ බෙදුම්වාදය, ත්‍රස්තවාදය, ඊලාම්වාදය මිසක් වෙන රටේ දුප්පත් මිනිසුන් ගැන කතාකරන්නේ නැහැනේ (නි)

:       0       0

උදය Tuesday, 24 September 2013 04:38 PM

මේ පක්ෂ තුනම ජාතික මට්ටමේ දේශපාලනයක යෙදෙන පිරිස්. සාමාන්‍යයෙන් පළාත් සබාවක බලය ලැබෙන්නේ ග්‍රාමීය මට්ටමේ ප්‍රායෝගික දේශපාලකයන්ට. ඒ සදහා ඔය පක්ෂ තුනටම අවස්ථාව නැහැ. නමුත් ඔවුන් ජාතික මට්ටමෙන් උත්තරීතර සේවයක යෙදෙනවා. ඒ වගේම අලුත් දෙයක් ජනතාව බලනවා. අලුත්ම විකල්ප ඉල්ලුම ෆොන්සේකා . රජය තවමත් ජනතාවගේ අලුත් බලාපොරොත්තු නංවන නිසා ඔවුන්ට තවමත් ජනතාවගේ ඉල්ලුමක් තියෙනවා. ෆොන්සේකා රටේ තත්වය තේරුම් ගත්තේ නැත්නම් එයත් වැටෙනවා. (නි)

:       0       0

නලින් Wednesday, 25 September 2013 12:14 AM

ලංකාවේ මිනිස්සුන්ට මොළය තිබෙනවා (නි)

:       0       0

නිරන්ජා සිල්වා Tuesday, 24 September 2013 04:52 PM

කොහොම හරි, මහින්ද රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස,සරත් පොන්සේකා එකතු වෙලා සිංහල රට රැක ගන්න බලන්න ඕන.. කවුරුත් අවුරුදු 80 විතර මැරෙනවා. (අ)

:       0       0

ජයන්ත Tuesday, 24 September 2013 04:58 PM

සමහරුන්ගේ කට විතරයි. කරපු දෙයක් නැහැ (නි)

:       0       0

රනා Tuesday, 24 September 2013 12:22 PM

ඡන්දදායකයොත් ඔය පවුල් වලින්ම හොයා ගත්තා නම් හරිනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 September 2013 05:11 PM

හැමදාම බොරුව කරන්න බැහැනේ. ඊළඟ ඡන්දෙදි පොඩ්ඩෝ නෙමෙයි ලොක්කොත් විසි වෙයි. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Tuesday, 24 September 2013 05:13 PM

අනේ පව් පංචායුදේ... (නි)

:       0       0

වසන්ති Tuesday, 24 September 2013 05:14 PM

ජනතාවගේ දහදිය ,ලේ සුවඳ නොහදුනන නායකයින් එළියට යා යුතුයි. කොපමණ බුද්ධිමත් වුණත් වැඩක් නැහැ. අලියා සහ ගිනිසිළුව එකතු වුණොත් ලොකු පෙරලියක් කළ හැකියි. (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 12:34 PM

මේක නම් විජාතික බල වේගවල කුමන්ත්‍රණයක්ම තමයි !!!! (ස)

:       0       0

පද්මේ Tuesday, 24 September 2013 12:35 PM

පැරදිච්ච මේ පක්ෂ තුනම පළාත් සභා ක්‍රමයට විරුද්ධ අය. එතකොට ඒ අයගේ මතය ජනතාව ප්‍රතික්ෂේප කරලා. (නි)

:       0       0

ගමගේ Tuesday, 24 September 2013 05:36 PM

මහජනතාව එතෙන්දි නම් හරියටම හරි. (නි)

:       0       0

කුසුමාවතී Wednesday, 25 September 2013 03:42 AM

මොවුන්ව හේදිලාම යනවා නම් මම සතුටුයි (නි)

:       0       0

එරන්ද Tuesday, 24 September 2013 01:09 PM

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායක අසංක නවරත්න මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!! සදාචාරාත්මක දේශපාලනයට තවම තැනක් තියනවා කියන එක පැහැදිලි. (ස)

:       0       0

උදය Tuesday, 24 September 2013 06:04 PM

නිරන්ජ සිල්වාගේ කතාව නම් හරිම වටිනවා. (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 24 September 2013 06:18 PM

පළාතේ කෘෂිකර්ම ඇමති පැරදුනා කියන්නේ ඒ පළාතේ ගොවීන්ට ඇමතිගෙන් හොද සේවාවක් සිදුවී ඇති බවයි.කුඩා පක්ෂ ආණ්ඩුවට සම්බන්ධ වී ආණ්ඩුවටම කොකා පෙන්නුවම ඔය දේ වෙනවා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 24 September 2013 06:44 PM

සරත් ෆොන්සේකා එදා වැටුණා නොවෙයි වැට්ටුවා. දැන් ඒ මහත්මයා හරි මාර්ගය තෝරාගෙන නැගිටිනකොටත් අස්ථාවර පක්ෂ වලට බැල මෙහෙවර කරන සමහර අය එක එක දේවල් කියනවා. මෙහෙමත් මිනිස්සු! රටේ තත්වය තේරුම් නොගෙන රට පාලනය කරන අය ඔය යසට රජ කරගෙන ඉන්නේ. සමහර විට "ජිල්මාර්ට්" බලයෙන් වෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 01:59 PM

මේවා හරියට පාවෙන ඡන්ද වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 118 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1122 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1472 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1221 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26189 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site