හිරු පාපැදි සවාරියේ පළමු අදියර ජය ගනිමින්, සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත්විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන සමන්ත ලක්මාල්ටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘සී’ කණ්ඩායම නියෝජනය කරන චරිත් ප‍්‍රනාන්දුටත් හිමිවිය.
පාපැදි තරගකරුවන් 150 කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම තරගයේ පළමු අදියර අද (05 වැනිදා) උදෑසන 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වී ගාලූ පාර ඔස්සේ දෙහිවල, මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල හරහා පැමිණ බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටින් අවසන් කෙරිණ.
පළමු අදියර නිමාවන විට කෙටි දුරක් වේගයෙන් පැද යන්නාට (ස්ප‍්‍රින්ට් ශූරයාට) හිමි ශූරතාව දිනාගැනීම සඳහා දෙහිවල - ගල්කිස්ස නගරසභා කණ්ඩායම නියෝජනය කරන ජිතේන්ද්‍ර ගමගේ ලකුණු 8 ක් ලබාගෙන ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහේෂ් පුෂ්පකුමාර ලකුණු 2 බැගින් ලබාගෙන එහි දෙවැනි ස්ථානයේ පසුවූහ.
කෙසේ වෙතත් සුධීර නිලංග, දක්ෂතම කඳු නගින්නාට හිමිවන ශූරතාව සඳහාද ලකුණු 18 ක් ලබාගෙන පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ලකුණු 8 ක් ලබාගෙන එහි දෙවැනි ස්ථානයේ රැදී සිටී.
මෙම තරගයේ දෙවැනි අදියර හෙට (06 වැනිදා) බලංගොඩ බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වී පැල්මඩුල්ල, රත්නපුර, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, යක්කල, නිට්ටඹුව, අත්තනගල්ල හරහා පැමිණ කිරිඳිවැල ලංකා සතොස ඉදිරිපිටින් අවසන් වීමට නියමිතය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුධීර හිරු සවාරියේ පෙරමුණ ගනී