බොලිවුඞ් සිනමාවේ නැගී එන නිළියක වන සොනක්ෂි සින්හා දින හතරක විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහා පසුගිය 17 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණියාය. ඒ යුරෝපයේ සුප‍්‍රකට විලාසිතා සගරාවක් වන එල්- ඔෆීෂියල් හි විලාසිතා ඡායාරූප ගත කිරීමක් සඳහා රැසකට පෙනී සිටීමටය. ඇගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ ශී‍්‍ර සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සහ ඉවෙන්ට් කන්සෙප්ට් ආයතනයයි.
මෙම ඡායාරූපවල පසුබිම් දර්ශන සඳහා තෝරාගෙන ඇත්තේ සීගිරිය අවට ප‍්‍රදේශයි ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ සුන්දර මුහුදු තීරය ද මෙම ඡායාරූප සඳහා දර්ශන තල ලෙස සඳහා යොදා ගනු ඇත.
සොනක්ෂි තම මුල්ම චිත‍්‍රපටිය වූ ඩබාන්ග් හි රගපෑ චරිතයෙන් සම්මාන ගණනකටම හිමිකම් කීම රංගන ශිල්පිනියක හැටියට ඇය ලද භාග්‍යයකි. ඇය එහි තම මුල්ම රඟපෑම ඉදිරිපත් කළේ සල්මන් ඛාන් සමඟය.
ඇය තම වෘත්තියමය ජීවිතය ආරම්භ කළේ මෝස්තර නිරූපිකාවක ලෙසය. නැගී එන හොඳම නිළිය ලෙස 2011 ෆිල්ම්ෆෙයා, සී සිනේ,ස්ටාර් ඩස්ට් ආදී ඉන්දියාවේ විවිධ සම්මාන රැසකින් පිදුම් ලැබූ සොනක්ෂි පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ ශ‍්‍රී ලංකාවට පැමිණී පසු එය ඇයගේ නිවස ලෙස දැනුණු බවයි.
‘‘ ශී‍්‍ර ලංකාවේ ජනතාව මාව උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්තා-මෙය මා ශී‍්‍ර ලංකාවට පැමිණි දෙවැනි සංචාරයයි. ඇත්තෙන්ම ශී‍්‍ර ලංකාව හරිම ලස්සන රටක් ’’ඇය කීවාය.
සොනක්‍ෂි නිළියක ලෙස මෑතකදී සිනමාවට එක් වුවද ඇයගේ පියා 70 හා 80 දශකවලදී ඉමහත් ජනප‍්‍රියත්වයක් ලද සිනමා නළුවකු වූ ශතෘගන් සිංහාය. වඩාත්ම පේ‍්‍රක්‍ෂකයන් ඔහු හඳුනාගෙන ඇත්තේ දුෂ්ඨ චරිත රඟපෑ නළුවකු ලෙසය. ශතෘගන් ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වූ අයිෆා සම්මාන උළෙලටද ඔහු සහභාගි විය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොනක්ෂි ලංකාවට වශීවෙයි
චින්තක Thursday, 03 November 2011 12:17 PM
ඉන්දියාවේ වන්දනාවට හරි ගිය කෙනෙක් දන්නවා එහෙ කොහොමද කියල ! ඉතින් මෙහෙ දැකල වශී වෙන එක අහන්න දෙයක් ද
නිත්‍යා Wednesday, 09 January 2013 11:15 AM
අපේ රටට මුළු ලොවම වශී වුණා. අද විතරක් නොව අතීතයේ සිටම (ස)
ධම්මිකා ජේ.පි Wednesday, 02 November 2011 09:36 PM
ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ලංකාවට වශීවුණා කියන එක හාස්සයට කරුණක් නොවේ. මක්නිසාද යති ලංකාව මුතු ඇටයක් නිසා