පසුගිය වසර කිහිපයේදී එකිනෙකට වෙනස් නව ආරේ ගීත ශෛලයන් ඉදිරිපත් කරමින් තරුණ සිත් දිනාගැනීමට සමත් වූ සංගීත කණ්ඩායමක් ලෙස 'සෙන්ට්‍රිගේට්' සංගීත කණ්ඩායම හැඳින්විය හැකිය. 'දිවුරාලා පවසන්නේ', 'මන්දාරම් වැහි', 'සිරියාව' හා 'නඟේ' යන ගීත අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබේ. 'හැඟුමන්', 'සෙන්ටිග්‍රේට්' සංගීත කණ්ඩායම අවසන්වරට නිකුත් කළ ගීතය වන අතර, එය අදටද සංගීත ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වී තිබේ. කාලයකට පසුව අලුත් නිර්මාණයකට සැරසෙන 'සෙන්ටිග්‍රේට්' සංගීත කණ්ඩායම ඒ පිළිබඳව 'තරුණයා' අපිට පැවසුවේ මෙවැන්නකි.
"මේ දවස්වල අපේ අලුත් ගීතයක් එළිදක්වන්න සැළසුම් කරලා තියෙනවා. ඒ තමයි 70/80 දශක වල අතිශය ජනප්‍රිය ගායකයෙකු වුණ ෆිලීක්ස් ඇන්ටන්ගේ 'සුළං රැල්ල ලෙස හමා ඒමි' කියන ගීතය රිමෙක් එකක් විදිහට අපි යළිත් එළිදක්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙහි ඕඩියෝව වගේම විඩියෝවකුත් අපි එකම දිනයේදී එළිදක්වනවා. විඩියෝව නිර්මාණය කළේ 'ඩ්‍රීම් ඉන්ෆෙක්ට්' ප්‍රඩක්ෂන් එකේ ප්‍රසාද් රණසිංහ අපේ මිතුරා. බොහෝ දුරට මේ ගීතය තවත් සතියකින් හෝ දෙකකින් අපේ රසික, රසිකාවියන්ට අහන්නත් දකින්නත් පුළුවන්කම ලැබෙයි කියලා කියන්න පුළුවන්."
"ප්‍රවිණ ගායකයෙකු සමග අපි මේ වැඩේ කළ පළමු අවස්ථාව මේක නෙමෙයි. කලකට පෙර අපි එළිදක්වපු 'සිරියාවි' කියන ගීතයටත් පැරණි ප්‍රවීණ ගායකයෙකු වූ සූර්යකුමාර් මුත්තලගේ සම්බන්ධ කරගත්තා. ඒක අපි අලුත් ව්‍යාපෘතියක්. ඉදිරියටත් මෙවැනි පැරණි ප්‍රවීණ ගායක, ගායිකාවන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ගීත රීමික්ස් කරන්න හෝ අපේම කියලා නිර්මාණ වලට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ වැඩත් එක්ක අපේ 'සෙන්ටිග්‍රේට්' ලයිව් ඉන් බෑන්ඩ් කියලා අපේ සංගීත කණ්ඩායම වැඩිදියුණ කරන්න අදහස් කරමින් ඉන්නවා. කාලයක ඉඳලා අපි ප්‍රසංග වේදිකාවේදී කළේ තැටිය දාලා ගීත ගීත කියපු එක. නමුත්, මේ ලයිව් බැන්ඩ් එක හරහා ඉදිරියේදී රසික, රසිකාවියන් අපේ ගීත සජිවිව රසවිඳින්න පුළුවන්."
බුද්ධික සේනාධීර
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෙන්ටිග්‍රේට්ගෙන් අලුත් වැඩක් ළඟදීම