IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක‍්‍රිකට් තරු රාත‍්‍රියෙන්..

වසරේ හොඳම පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා  සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප‍්‍රියම ක‍්‍රිකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2012) සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා කොළඹ මියුසියස් විදුහල් ශාලාවේදී පැවැත්විණි. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ හිටපු කළමනාකරු මයිකල් තිසේරා මහතා සහභාගි විය. මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගවාරයේ (2012) විශිෂ්ටතම සමස්ත ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස මහනුවර ත‍්‍රිත්ව විදුහලේ නායක මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජන කරන නිරෝෂන් දික්වැල්ල සම්මාන ලැබීය. ත‍්‍රිත්ව විදුහල් පිලේ කඩුලූ රකින්නා ද වන නිරෝෂන් මෙවර සම්මාන රාත‍්‍රියේදී දක්‍ෂතම නායකයා සහ දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන දෙක ද හිමිකර ගත්තේය . වසරේ දක්‍ෂතම ක‍්‍රිකට් කණ්ඩායම වූ මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රිකට් කණ්ඩායම. හිටපු ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා දක්ෂතම කි‍්‍රකට් කණ්ඩායමට කුසලාන පිරිනමමින් කුඩා ඡායාරූපයේ දැක්වේ. මෙවර ‘බාටා සන්ඬේ ටයිම්ස්’ වසරේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය මහනුවර ත‍්‍රිත්ව විදුහල් පිලේ නායක නිරෝෂන් දික්වැල්ල, ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මයිකල් තිසේරා මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාව. පසුගිය වසරේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ වසරේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වූ යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ ද මෙහි සිටියි. බාටා සමාගමේ කළමණාකාර (පිරිවැය සහ ඵලදායිතාව) අජිත් බෝගොඩ (වමේ) සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අමිල අපෝන්සු වසරේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා අනු ශූරතාව (වමේ) සහ කොළඹ ආනන්ද විදුහලේ පසිඳු මධුෂාන් වසරේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෙවැනි ස්ථානය (මැද) සහ වසරේ නැඟී එන පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස රත්ගම දේවපතිරාජ විදුහලේ තරිඳු කෞෂාල් (දකුණේ) මයිකල් තිසේරා මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථා.  බාටා සමාගමේ කළමණාකාර (පිරිවැය සහ ඵලදායිතාව) අජිත් බෝගොඩ මහතා ද මෙහි සිටියි. බාටා සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ හට්ටා ටුටුකො මහතා අතින් සමස්ත ලංකා දක්‍ෂතම පන්දු යවන්නා වූ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අමිල අපෝන්සු (වමේ) සහ සමස්ත ලංකා දක්‍ෂතම පන්දු රකින්නා වූ මහනුවර ත‍්‍රිත්ව විදුහලේ නිරෝෂන් දික්වැල්ල (දකුණේ) සම්මාන ලබමින්.. බාටා සමාගමේ පරිපාලන කළමණාකාර අජිත් ප‍්‍රනාන්දු මහතා ද මෙහි සිටියි. පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා අතින් සමස්ත ලංකා දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්වූ පානදුර රාජකීය විදුහලේ කවිඳු අෂාන් (දකුණේ) සහ සමස්ත ලංකා දක්‍ෂතම පිතිකරු බවට පත්වූ කොළඹ මහානාම විදුහල් දුලීක තිස්සකුටිගේ (වමේ) කුසලාන ලබාගත් අවස්ථා. බාටා සමාගමේ ගිණූම් කළමණාකාර පී. කේ. කොටවල මහතා ද මෙහි සිටියි. විජය පුවත්පත් සමාගමේ මුල්‍ය අධ්‍යක්‍ෂ පී‍්‍රති විරාජ් ද සිල්වා මහතා අතින් සමස්ත ලංකා ජනප‍්‍රියම පාසල් ක‍්‍රීඩකයා සම්මානය තර්ස්ටන් විදුහල් නායක සජීව සල්ගාදු (වමේ), පිට පළාත් පාසල් ජනප‍්‍රියම ක‍්‍රීඩක සම්මානය පානදුර ශාන්ත ජෝන් විදුහලේ සසිඳු පෙරේරා (මැද) සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ලක්‍ෂාන් කෝදාගොඩ, අන්තර්ජාතික පාසල් ජනප‍්‍රියම ක‍්‍රීඩක සම්මානය (දකුණේ) ලබාගත් අවස්ථා. විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි (වෙළෙද ලාංඡන සහ ප‍්‍රවර්ධන) සුජිත් පතිරැන්නැහැ මහතා ද මෙහි සිටියි.



අදහස් (0)

සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක‍්‍රිකට් තරු රාත‍්‍රියෙන්..

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 404 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 255 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 206 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 667 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site