IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


’’සනත්ගේ මරණයට හේතූව දැන්ම කියන්න බෑ’’

(මනෝප්‍රිය ගුණසේකර)

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කළේය.

සනත් නිශාන්ත මහතාගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේය.

සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ-කටුනායක ආධිවේගී මාර්ගයේ කෙරළපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මියගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රත්වරයා මෙම අනතුරින් මියගිය සනත් නිශාන්ත මහතාගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති හෙයින් මෙම මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

රිය අනතුරක් සිදුවු විට එම ස්ථානය පරීක්‍ෂා කිරරීමට අවශ්‍යතාවයක් නැතත් අනතුර සිදුවු පසුගිය ජනවාරී 24 වැනිදා තමා එම ස්ථානය නීරීක්‍ෂණය කළ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඉන් ගැට`ථ අවම කර ගැනීමට හැකියාවක් ලැබුණේ යැයිද අවධාරණය කළේය.

මෙම සිද්ධියේදී මියගිය අයගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා ලබන ජුලි මස පළමුවැනිදා මෙම පැමිණීල්ල යළි කැඳමටද නියම කළේය.



අදහස් (0)

’’සනත්ගේ මරණයට හේතූව දැන්ම කියන්න බෑ’’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 72 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 56 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 225 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 554 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1166 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1313 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site