IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සනත් ජයසූරියගේ සිද්ධිය විනිසුරුවන්ගේ අවධානයට

තරගයකට සහභාගි වෙමින් සිටියදී කි‍්‍රකට් කී‍්‍රඩක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසුරිය  එම තරගය අතරතුර පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම සඳහා නිදහස් කිරීම තරග නීති රීති උල්ලංඝනය කිරීමක් බවට මේ වනවිට කි‍්‍රකට් විනිසුරු  ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. අන්තර් සමාජ ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ ”බී” කාණ්ඩයේ තරගයකදී මේ සිදුවීම වාර්තාවී තිබේ. මෙම තරගාවලියේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර  සනත් ජයසූරිය ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් තරග වදියි. මෙම තරගයේදී පළමු ඉනිමේ පන්දුවට පහර දුන් ජයසූරිය දැවී  යාමෙන් පසු පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි වීම සඳහා පිටත්ව යාමට තරගයේ විනිසුරු වන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විනිසුරුවන් ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයාගෙන් උපදෙස් පතා තිබෙන අතර එහිදී තීරකවරයා සිය මතය ප‍්‍රකාශ කිරීමට නොහැකි වූ තැන එය කි‍්‍රකට් ආයතනයට යොමු කළ බව වාර්තාවේ. කෙසේ වුවත් පාර්ලිමේන්තු රැස්වීමට පිටත්ව ගොස් යළි පෙරළා පැමිණ තරගයට සහභාගි වී තිබෙන ජයසුරිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර  දී  තිබේ. එහිදී ඔහුට විනිසුරුවන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ දෙවෙනි ඉනිමේදී පස්වැනි කඩුල්ල  දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පිටියට පැමිණෙන ලෙසය. එහෙත් ප‍්‍රවීන කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් ලංකාදීපයට පැවසුවේ ජයසුරිය පාර්ලිමේන්තු රැස්වීමට පිටව ගොස් යළි පැමිණිමෙන් පසු තරගයට සහභාගි කර ගැනීම තරග නීති රීතිවලට පටහැනි බවය. තරගයක් පැවැත්වෙන අතර ඊට සහභාගිවී සිටින කී‍්‍රඩකයෙකු අතර මග නිදහස් කළ හැකි වන්නේ ඔහුට අනතුරු හා ආබාධ සිදු වුවහොත් හෝ තරගයට සහභාගී වීමෙන් පසුව පිළිගත හැකි වෙනත් සාධාරණ හේතුවක් පදනම් කර ගනිමින් පමණක් බවත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව මේ කී‍්‍රඩකයා කලින් දැන සිටි බව  නිගමනය කළ  හැකි බැවින් ඔහු තරගයෙන් නිදහස් කිරීමට කටයුතු කිරීම දැන් පවතින තරග නීති රීතිවලට පටහැනි බව විනිසුරුවෝ පවසති. සනත් පිටියෙන් ඉවත්වීමෙන් පසු ඒ වෙනුවට පන්දු රැකීමට ආදේශ  කි‍්‍රඩකයකු සහභාගී කර ගැනීම තුළත් හා පස්වැනි කඩුල්ල දැවී යාමෙන් පසු සනත් පන්දුවට පහරදීමට නියම කිරීමත් තරග නීති රීති උල්ලංඝනය කිරීමක් බව විනිසුරුවන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයෙන් උපදෙස් ලබා ගැනීමේදී එම උපදෙස් ලබා ඇත්තේද විෂයට අදාල නොවන නිලධාරියකුගෙන් බවද දැනගන්නට ඇත.



අදහස් (0)

සනත් ජයසූරියගේ සිද්ධිය විනිසුරුවන්ගේ අවධානයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1659 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1768 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1327 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1374 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1966 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 808 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14571 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site