IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සනත් ජයසූරිය විරෝධතා පිලට බැට් කරයි

දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන්  සුළු තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව විශ්ව විද්‍යාල සිසුහු කියති.

විරෝධතාකරුවන්  පිවිසුම් දොරටුව හා ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින බව ද ඔවහු පවසති.

නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.

ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.

 



අදහස් (0)

සනත් ජයසූරිය විරෝධතා පිලට බැට් කරයි

සඳුන් Friday, 06 June 2014 01:26 PM

නියම අදහස ඉෂාන්. ඔබ කියා ඇති ලෙසම සිසුන් කරන සියලු දේ නිවැරදි නොවෙයි. නමුත් මෙතන ලියන සමහරක් හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලය කියන්නේ ටියුෂන් පන්තියක් වගේ කියලා. බුද්ධිමතුන්ට ඒ අය ඉරිසියා කරනවා. (දී)

:       0       0

සඳුනි Monday, 02 June 2014 07:59 PM

විශ්ව විද්‍යාල කියන්නේ අන්තරේ බූදලයක් නොවේ. (නදී)

:       0       0

සරිත් Monday, 02 June 2014 08:01 PM

මෙ ප්‍රශ්නය ගැන හුගක් අය දැනුවත් නැහැ වගේ. ඔය කියන දැයට කිරුල ප්‍රදර්ශනය සදහා ළමයි විරුද්ද උන හේතුව තමා කැම්පස් එක වහලා දැයට කිරුල පවත්වන්න යෑම. දැයට කිරුලට විශ්ව විද්‍යාලය මාස තුනක් වහලා තියන්න හැදුවේ. මොකද ඒකෙ ප්‍රදර්ශන බූමිය හදන්න ලොකු වියදමක් කාලයක් යනවා. ළමයි බයවුනේ ඒ අයගේ උපාදිය ගන්න තව 3 මාසයක් පරක්කු වෙන නිසා. ලමයි අතර දේශපාලන අරමුනු තිබුනත් නැතත් මේකෙන් වෙන්නේ ළමයි නිකන් තව මාස ගානක් වයසට යන එක. අධ්‍යාපනය අතපසු කරල කරන්න හදන සංවර්දනය මෝඩ වැඩක් (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 06 June 2014 01:30 PM

71 පටන් ගත්තේ සරසවිය ඇතුලින්..88/89 පටන් ගත්තේ සරසවිය ඇතුලෙන්.තරුණ වයසේ ඇතිවන ආවේගයන් තමන්ගේ අභිමතාර්ථ සදහා යොමු කරවගන්න පහසුම ස්ථානය හැටියට මළමිනී දෙසපාලනය සරසවි බිම එදත් තෝරා ගත්ත..අදත් තෝරා ගන්නවා..හෙටත් තෝරා ගනීවි..මේ ක්‍රියාවලිය සදහා ඔවුන් විසින් අධ්‍යාපනය සදහා නොවන අරමුණු උදෙසාම සියලු නඩත්තු දරමින් ඔවුන්ගේ ඉත්තන් ඇතුලත්කරගෙන ඉන්නවා..ඔවුන්ගේ කාර්යය විශ්ව විද්‍යාල පද්දතිය අඩාල කරාන එක කඩාකප්පල් කරන එක සරසවි වස්සවන එක .පුළුවන් තරම් සිසුන්ගේ මළමිනී ගොඩ ගහන එක.ඕක මේ රටේ හැමෝම දන්නා සත්‍යය ඉශාන් මල්ලි. .ඔයා දන්නේ නැති උනාට.ඕකෙන් එලියට ආපු දවසකට තමයි තේරෙන්නේ තමනුත් ඇතුලේ ඉන්නකම් කලේ බංකලොත් දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් කඩේ ගිය එක විතරයි කියල. (දී)

:       0       0

තිලක් ඩුබායි Monday, 02 June 2014 08:06 PM

ඇසළ, අන්තරේ සහ ජෙ.වි.පි එකට පින් සිද්ද වෙන්නයි අපි මෙහෙමවත් පොළවේ අඩිය ගහල ජීවත් වෙන්නේ.(නදී)

:       0       0

ජයසුරිය Monday, 02 June 2014 08:12 PM

කෝ මේ බන්දුල පෙරේරා පණ්ඩිත තුමා (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 02 June 2014 08:12 PM

විශ්ව විද්‍යාල වලට මෙතෙක් දී ඇති " කිරුළු" හොදටම ප්‍රමාණවත්ය , මෙම කිරුල අවශ්‍ය නැත,ළමුන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ දෙන්න (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 June 2014 11:59 PM

රමසි බැට් කරන්න සනාව අවුට් කරගන්න එපැයි..ඔය විදියට බෝල් කරලා සනාව ගලවනවා බොරු.ඕවට මොන්ටිසෝරි ළමයිනුත් ඇස් වහගෙන ගහයි..රම්සිට හැමදාම බෝල අහුලන්න තමයි වෙන්නේ..ගහන්නනම් වෙන්නේ නැහැ ..සනා දිගටම බැට් කරනවා..එක ඉතින් හෙට ඉර පායනවා වගේ ෂුවර්.. (දී)

:       0       0

අසේල Monday, 02 June 2014 08:27 PM

ඕක විශ්ව විද්‍යාලයේ තිබ්බම මොකද වෙන්නේ. ප්‍රදර්ශනයක්නේ. ජේවීපී කාරයින්ට නම් ටිකක් රිදෙයි . කරන්න දෙයක් නැහැ .ඕකෙන් හොදක් වෙන්නේ විශ්ව විද්යාලෙටමනේ.(නදී)

:       0       0

ජීවක Monday, 02 June 2014 08:29 PM

මොකද මන්දා මෙතනම මේක තියන්න මෙච්චර දඟලන්නේ? මොකක්හරි විශේෂ හේතුවක් තිබේද? (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 02 June 2014 08:29 PM

දැයට කිරුළ වෙන තැනක තියන්නම බැරිද? (නි)

:       0       0

බුද්ධික Sunday, 08 June 2014 12:06 PM

මගේ රටට මොකද මේ වෙන්නේ මෙතන අපිට නොකියන නොපෙනෙන මොකාක් හෝ දෙයක් තියෙනවා (දී)

:       0       0

පූර්ණ Monday, 02 June 2014 08:33 PM

කෙසේ වෙතත් එය වෙනත් තැනක පැවැත්වූවා යැයි කියා විශ්ව විද්‍යාලයට කිසිදු පාඩුවක් සිදුවන්නේ නැහැ.දැයට කිරුළ නැතුවත් සංවර්ධනය කරන්න වුවමනා නම් එය කළ හැකියි.සනත් වැනි කීර්තිමත් ක්‍රීඩකයකු මෙවැනි දේට යොමුවීම මට නම් කණගාටුවට කරුණකි (නි)

:       0       0

ශෙහාන් Monday, 02 June 2014 08:42 PM

මේ විශ්ව විද්‍යාලයෙම තියන්න මොකද මෙච්චරටම තිබෙන අවශ්‍යතාව? (නි)

:       0       0

නුවන් Monday, 02 June 2014 08:57 PM

දැයට කිරුළේ සංවර්ධනය මොකක්ද?ඇවිල්ලා බලන්න අනුරාධපුර ඔයාමඩුවේ සංවර්ධනය දැන් කොහොමද කියලා. (නි)

:       0       0

තිලක් Tuesday, 03 June 2014 12:20 PM

දේශපාලන ප්‍රචාරක කටයුතු විශ්ව විද්‍යාල වලට ගෙන එ්ම හොඳ නෑ. ඕනම නම් මේක වෙනත් තැනක තියෙන එක තමයි හොඳ. (ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 June 2014 10:43 PM

මොනවා වුණත් සරසවියට පැමිණියා නම් ඉගෙනගැනීමටයි මුල් තැන දියයුත්තේ (නි)

:       0       0

සුසන්ත Monday, 02 June 2014 09:02 PM

මමත් සනත්ගේ පැත්තේ තමයි... (නි)

:       0       0

රූපසිංහ Monday, 02 June 2014 09:10 PM

උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්ට නිදහසේ එය කරගන්නට ඉඩදී, බැරිද ඔය දැයට කිරුළ වෙනත් ඉඩ ඇති තැනකට අරගෙන යන්න? අනෙක විශ්ව විද්‍යාල සිසුන් කොහොමත් ආවේගශීලී පිරිසක් බව දැන දැන ඇයි ඔවුන් සමඟ ප්‍රශ්න ඇති කරගන්න යන්නේ? (නි)

:       0       0

සරත් Monday, 02 June 2014 09:11 PM

කොහොමත් අන්තරේ වැඩි දෙනා හිතාගෙන ඉන්නේ එයාලා හරි ලොක්කන් කියලා. (නි)

:       0       0

නිමල් Monday, 02 June 2014 09:13 PM

ඉතින් ඕක ඔතනම තියන්න ඕනෑද? වෙන තැනක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

බටන්ගල Tuesday, 03 June 2014 12:36 PM

මේවා කොච්චර ලස්සනට සැලසුම් කරලද කියල පේනවා අර බැනර් එක දැක්කම. අර කතාවක් තියනවා වෙලාව අාපුවහම ගෙදර හිටියත් කෝච්චියට අහුවෙනවා කියල. මේකට උපදෙස් දුන්න අයත් උපදෙස් පිලිගත්ත අයත් ලඟඳීම ගෙදර යාවි. (ස)

:       0       0

සම්පත් Monday, 02 June 2014 09:18 PM

මමත් ඉන්නේ සරසවි සිසුන්ගේ පැත්තේ.... (නි)

:       0       0

අජිත් පේරා Tuesday, 03 June 2014 12:54 PM

අදහස් දාල තියෙන්නෙ පින්තූරෙකින්වත් විශ්ව විද්‍යාලයක් නොදැක්ක මිනිස්සු කියලා තේරෙනවා. හරියට සාමාන්‍ය පෙළවත් ගොඩදාගන්න බැරි කොම්පියුටර් දාර්ශනිකයො මෙතන පිරිලා. විශ්‍වවිද්‍යාල වල ඉන්නෙ බුද්ධිමත්ම කොටස. ඒක අමතක කරන්න එපා. මාසෙකින් හරි ඉගෙන ගන්න කාලේ පස්සට යනව කියන්නෙ අම්මට තාත්තට තවත් නොකා නොබී ඉන්න වෙනව කියන එක. අපි කැම්පස් වල සැප විදින්නෙ නෑ. කන්නේ දවසට එක වේලයි. ඉතුරු සල්ලි වල අධ්‍යාපන වැඩ. මහපොල බෝඩිම් ගාස්තුවටත් මදි. හුඟක් ළමයි ඉගෙන ගන්න අතර රස්සාවල් කරන්නේ ආශාවට නෙවෙයි. ජීවත් වෙන්න කරන්න දෙයක් නැති හින්දා. අපි කොහොමහරි උපාධිය අරගෙන රස්සාවක් ගන්න ඕන.අපි පාඩුවේ උපාධිය කරගෙන යන්නම් ඔයගොල්ලො දැයට කිරුළ දාගෙන ලෝකෙටම ණය වෙන්න.අපෙ ඉගෙනීමේ නිදහසට බාධා කරන්න එපා. (ස)

:       0       0

සුලෝච් Monday, 02 June 2014 09:29 PM

අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 02 June 2014 09:38 PM

සමහරු මැර බලයෙන් තමයි විසදුම් හොයන්නේ,වෙන දෙයක් කරන්න දන්නෙත් නැහැ. ඇ‍ඟේ සවිය යොදවා ප්‍රශ්න විසඳන්න හදනවා. මොළය යොදන්නේ නැහැ. විශ්ව විද්‍යාලයේ ඕවා තිබුණහම ළමයි කොහෙද ඉගෙනගන්නේ? (නි)

:       0       0

රත්න Monday, 02 June 2014 09:44 PM

උගත් සරසවි සිසුන්ට පහර දීම අපි තරයේ හෙළා දකිමු.මුවහත් සීතල යකඩ ගිනියම් නොකරනු! (නි)

:       0       0

සීල Monday, 02 June 2014 09:45 PM

ඔය විරෝධයට මමත් විරුද්ධයි (නි)

:       0       0

රෝයි Monday, 02 June 2014 09:46 PM

අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන්න සල්ලි නැහැ, එහෙත් මේ වගේ දේවල් වලට සල්ලි තිබෙනවා. ඔය ප්‍රදර්ශනය ඔය භූමියේ තිබුනා කියලා ප්‍රදේශවාසීන්ට ලැබෙන සෙත මොකද්ද? (නි)

:       0       0

නිශාන්ත Monday, 02 June 2014 09:46 PM

අන්තරේ දන්නේ මොනවද නිදන් තියෙන තැන දන්නේ නැහැනේ. (නදී)

:       0       0

උදුල Monday, 02 June 2014 09:54 PM

මේකෙන්ම තේරෙනව නේද ප්‍රශ්ණ ඇති කරන්නෙත් අවුල් කරන්නෙත් වැස්සකටවත් පාසලකට නොගිය දේශ පාලුවෝ කියලා. පොලිසිය මොනවා කරන්නද? (නදී)

:       0       0

නලින් Monday, 02 June 2014 09:57 PM

මට හිතෙන්නේ රාජ්‍ය ආරක්ෂාව ඇතුව කරන උද්ඝෝශනයක්. එ්කනේ ඇමතිලත් උද්ඝෝශනය පැත්ත අරගන තියෙන්නේ. විශ්ව විද්‍යාලය අවුරුද්දේ වැඩි කාලයක් වහල. ඕක අවොත් එහෙම තව කීකාලයක් වහයිද දන්නේ නෑ. ඕක ඔතන ඇරෙන්න තියන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? (ස)

:       0       0

සුනිල් රියාද් Monday, 02 June 2014 09:59 PM

වයඹ වී. වී. ට දැයට කිරුල හොඳ වෙන්නත් රුහුණට නරක වෙන්නත් හේතුව මොකද්ද? අන්තරේ හැමදාම එක එකාගේ කොන්ත්‍රාත් අරන් ළමයිව බිල්ලට දීපු එකයි කලේ. 1985 ඉඳන් 1991 වෙනකන් වෙච්චදේ අපි හොඳින් දැක්කා. 89 භීෂණයට කලින් සහ පස්සේ තත්වයත් ඊටත් වඩා හොඳට මතකයි. ඔය දැන් දඟලන අය වී. වී. පිටවෙලා අවුරුද්දකින් විතර ඉන්න තැනත් දැන්ම කියන්න පුළුවන්. එනිසා ඕවා නවත්තල දැයට කිරුළෙන් වී.වී.ට අත්‍යවශ්‍ය වැඩ කරව ගත්තා නම් කටත් හොඳයි. (ස)

:       0       0

රාජා Tuesday, 03 June 2014 01:11 PM

දකුණේ ඕක තියන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද ? (නදී)

:       0       0

සමිතා Monday, 02 June 2014 10:04 PM

ක්‍රිකට් ගහපු මේ වගෙ අයට මේ ළමයින්ගෙ අගය තෙරෙන්නෙ නැහැ. වැස්සකට වත් කෑම්පස් එකකට ගිහින් තිබුණා නම් මේ වගෙ වෙන්නෙ නැති වේවි. (ස)

:       0       0

රෝහිත Monday, 02 June 2014 10:05 PM

මැතිතුමා තැන තියාගෙන ඉන්නකෝ. ඕනෑම කෙනෙක් කොච්චර උඩට ආවත් තමුන්ගේ පසුබිම මත එයාලගේ අනාගතය රදවගන්නවා කියන කතාව ඇත්ත කියල හිතෙනවා.ගොඩක් උඩට අව මිනිස්සුන්ට තැන තියාගන ඉන්න දන්නේ නැහැ.(ස)

:       0       0

ෆාතිමා Monday, 02 June 2014 10:06 PM

ඕකේ ඉගෙන ගන්න ළමයි කී දෙනෙකුට විතර කඹුරුගමුවේ චන්දෙ තියෙනවද? (ස)

:       0       0

සුනේත්‍රා Monday, 02 June 2014 10:20 PM

අයියෝ ! (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 02 June 2014 10:32 PM

මුලින්ම මොන යම් විධියේ මැර ප්‍රහාරයක් උනත් හෙලා දකිනවා සහ එයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතුයි කියන තැනත් මම ඉන්නවා. නමුත් එදා ලෝක තරුණ සමලුව දවසේ අන්තරේ කැදවුම් කරු අරලිය ගහ මන්දිරේ ලඟ පාරම් බෑවේ දැයට කිරුල තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එවැනි ප්‍රකාශ වලටත් සාමාන්‍ය මනුස්යයෙක් විධිහට මම විරුද්ධයි. මොකද එයාල පාලු ගෙයි වලන් බිඳිනවා වගේ තනියම වීරයෝ වෙන්න හැදුවා. එයාලා ඔය විදියට 88-89 කාලේ කිවුව නම් එහෙම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිවෙනවා. දැන් මැර ප්‍රහාර ගැන කතා කරන බහුතරයකට ඒ කාලේ සිදුවීම් මතක නැහැ වගේ කතා කරන්නේ. අද අඩු තරමේ කොළඹ පාරකට ඇවිත් ඔහොම හරි දගලන්න එයාලට නිදහසවත් තියෙනවා. සිදුවෙන සිදුකරන සියලු මැර ක්‍රියා අකටයුතුකම් දුෂණ වංචා ජනමාධ්‍යවල නිතර අහන්න දකින්න ලැබෙනවා. (ස)

:       0       0

විමුක්ති Monday, 02 June 2014 10:45 PM

බංකොලොත් දේශපාලන ව්‍යාපාර වලට සරසවිය යොදා ගැනීමට ඉඩ නොදෙන සිසුන්ට අපේ ප්‍රණාමය. (ස)

:       0       0

ඩීඩී Monday, 02 June 2014 10:48 PM

දේශපාලකයෝ මේ හැම කෙහෙල්මලකටම රිංගනවා. (ස)

:       0       0

තරිදු Monday, 02 June 2014 11:00 PM

රුහුණේ අය හිතන් ඉන්නේ විශ්වවිද්‍යාලෙ උන්ගේ බුදලේ කියල එ්ක ෙම්වා නඩත්තුෙවන්ෙන් මහජන මුදල් වලින් (ස)

:       0       0

අමාර Monday, 02 June 2014 11:12 PM

තරිඳු එක එක අයට මෙහෙම විශ්ව විද්‍යාලය ඇතුලට එන්න දෙන්න බැහැ.(නදී)

:       0       0

ප්‍රමිලා Monday, 09 June 2014 02:54 PM

දේශපාලනයට යටකරන්න එපා දැයට කිරුල (දී)

:       0       0

නිවන්ත Tuesday, 03 June 2014 12:54 AM

රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය මාතර සාමාන්‍ය ජනතාවට අයිති දෙයක් නොවේ. එහි තීරණ ගත යුත්තේ විශ්ව විද්‍යාලයට අයත් පිරිසයි (නි)

:       0       0

අජන්ත Tuesday, 03 June 2014 01:03 AM

මෙහි අවසානය කෙසේ විස‍ඳේවිද? (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 03 June 2014 01:04 AM

ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට අපි සනත්ට කොච්චර ගරු කරාද. එ්ත් දැන්? (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 03 June 2014 01:25 AM

විශ්ව විද්‍යාලයකට අහම්බෙන්වත් ගිය නැති අයියල දන්නේ නැහැ විශ්ව විද්‍යාලය භූමියකට ඇතුල් වීමට පොලිසියටත් ඕනේ විදියට නොකළ හැකි බව. (නදී)

:       0       0

ආනන්ද Tuesday, 03 June 2014 02:12 AM

ලංකා තිලක් ඔයා ගියේ මොන විශ්ව විද්යාලයටද ? විශ්වවිදයාල තියෙන්නේ ළමයින්ට ඉගෙන ගන්න මිසක් එක එක දේවල් පෙන්නන්න නෙමේ. ඔයා දන්නවද ලංකාවේ නොම්ලේ අද්‍යාපනය තවදුරටත් රැකිලා තියෙන්නේ සිසුන්ගේ ඉල්ලීම් නිසා කියලා. පොලිසියෙන් දේශපාලුවන්ගේ ගුටි කාකා මේ රකින්නේ අනාගත දුප්පත් දරුවන්න්ගේ නිදහස් අද්‍යාපනය කියලා. එහෙම අයට බනින එක නවත්තල බුද්දියෙන් හිතන්න බලන්න. දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව (නදී)

:       0       0

රමසි Saturday, 07 June 2014 08:42 AM

බන්දු අය්යා, මාතර මිනිස්සු දෙපාරක් මෝඩ වෙන්නේ නැහැ. මතක නැද්ද අනර්කලී කියපු තොරොම්බල් කරත්තෙට දුන්න පාර. (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 07 June 2014 07:31 PM

විශ්ව විද්‍යාල සිසුන් එක්ක අපේ තරහක් නැහැ.අපි තරහ එකේ ඉන්න දේශපාලකයන්ගෙන් නඩත්තු වෙන දේශපාලන කොන්ත්‍රත්කාරයෝ ටිකත් එක්ක.අපේ දු දරුවන්ට අපි උගන්නන්නෙත් ඔතනට යන්න. ගිහින් ජීවිතය ජය ගන්න අඩි තාලම දාගන්න. හැම දේම අපේ කැමැත්තට වෙන්නේ නැහැ. පවත්නා රජයට පමණක් නෙමෙයි පත් වුනු පත් වෙන සියලු රජයන්ට යම් දේශපාලනික න්‍යාය පත්‍රයක් තියෙනවා. රාජ්‍ය ආයතන කිසිවක් ස්වාධීන නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ බලය තියෙන කාල සිමාව තුල ඔවුන්ගේ න්‍යාය පත්‍රයට යටත් වෙන්න ආයතන වලට සිදු වෙනවා. විශ්ව විද්‍යාල කියන්නේ ස්වාධීන ආයතන කියල හිතනව නම් එ්ක මුලාවක්. රජයේ න්‍යාය පත්‍රයට ඒකත් යටත්. රජයේ දේශපාලන ප්‍රතිරූපය පුම්බන්න හෝ අවංක අදහසින් හෝ රජයෙන් කරන කාර්යයකදී රජයෙන් වෙන්වන ප්‍රතිපාදන වලින් යැපෙන විශ්ව විද්‍යාල වලට ඒවා වර්ජනය කරන්න ඒවාට තහංචි දාන්න බැහැ. අවශ්‍ය නම් රජය විශ්ව විද්‍යාල වහල හරි ඒක කරයි ඔය කව්රු විරෝධතා දැක්වුවත් එපා කිව්වත්. සර්ව අසුභවාදිව සෑම දෙයක්ම දිහා බලන අන්තරේ කන්නාඩියෙන් බැලුවොත් නරකට පේන දෙයින් ඇත්තටම නොසිතන හොඳක් වෙන්නත් පුළුවන්. සිසුන්ගේ තර්ක සාධාරන නම් ගමේ මිනිස්සුන්ගේ කේන්තියත් සාධාරණයි. මම දන්නා විධියට නම් මේ ප්‍රදර්ශනය සරසවි භූමියේ තියන්නේ නැහැ. ඒ අන්තරේට බයේ නෙමෙයි. වෙන තාක්ෂණික ගැටළුවක් නිසා. අද හෙට ඔය ප්‍රශ්න විසඳේවි. (ස)

:       0       0

මනමේ බංඩා Tuesday, 03 June 2014 02:17 AM

අනේ කොල්ලනේ උබලත් සනත් ජයසූරිය වගේ ක්‍රිකට් ගහපල්ලා.(නදී)

:       0       0

දාස් Tuesday, 03 June 2014 03:34 AM

අද්‍යාපනයේ අගය තේරෙන්නේ උගත් අයටයි.(නදී)

:       0       0

සේරම් Tuesday, 03 June 2014 02:17 PM

ලංකා තිලක්ව නම් පෙර පාසලකට යවන්න වෙයි වගේ (නි)

:       0       0

මෙවන් Tuesday, 03 June 2014 05:00 AM

මම මේ මතය මධ්‍යස්ථව තමා ලියන්නේ. මෙතන ළමයින් ඉගෙන ගන්න තැනක්. සැණකෙළි මඩුවක් නෙවෙයි නේ. මෙහෙම දේවල් කරන්න ගියාම එතන කරන අධ්‍යයන කටයුතු වල ට බාධා වෙනවා. ඊළඟට සරසවි භුමිය පුරා නොයෙකුත් තාවකාලික ඉදිකිරීම් නිසා පරිසරය අපිරිසිදු වෙනවා. ඒ මදිවාට සංවිධාන කටයුතු ආදී නොයෙකුත් දේවල් කරන්න කියලා පිටස්තරයන් රිංගාගෙන විශ්ව විද්‍යාල දේපල වලටත් අත තියන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට පිළියම් සහිතව මේ වැඩේ කරන්න යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නදී)

:       0       0

ඉෂාන් Friday, 06 June 2014 08:39 AM

මංජුල කොපමණ බුද්ධිමත් ජනතාවක් රටේ සිටිත්ද? වැඩි හරියක් බුද්ධිමත් ද ? එහෙම නැත්නම් අහිංසක අසරණයෝද? (නදී)

:       0       0

හසන්ත Tuesday, 03 June 2014 05:14 AM

ලංකා තිලක් , කාට කඩේ ගියත් සනත් ට ට කඩේ ගියොත් නම් වැටෙන්නේ එසේ මෙසේ අමාරුවක නෙවෙයි. (නදී)

:       0       0

භානු Tuesday, 03 June 2014 02:21 PM

අජිත්, පළමුව පුවත් සංවාදය හොඳින් කියවා බලන්න. මෙතන බහුතරයක් මේ වැඩේට විරුද්ධයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 03 June 2014 06:16 AM

ඉතාම කණගාටුයි. මහජන නියෝජිතයෝ කියාගෙන ඉන්න අය කරන වැඩ කටයුතු දැක්කම. විශ්විද්‍යාලය කාගේ වත් බුදලයක් නුනත් හමුදා ප්‍රදර්ශනයක් ඒ වගේ තැනක තියන්න තරම් අද ඉන්න මිනිසුන් නුගත්ද කියන එකයි ප්‍රශ්නය. බොහොම දෙනෙකුට අමතක වෙලා හමුදාවේ මහත්වරු 1971, 1989 වගේ කාලවල විශ්ව විද්‍යාල සිසුන්ට සලකපු ආකාරය සහ විශ්වවිද්‍යාල හිර කඳවුරු කරලා ඒවා හමුදා පාලනයට යටත් කරගෙන තිබුන බව. මගේ අදහස මෙම ප්‍රදර්ශනය අවශ්‍යම නම් වෙනත් ස්ථානයක් තෝරා ගත යුතු බවයි.(නදී)

:       0       0

නිලංග Tuesday, 03 June 2014 02:28 PM

අජිත් පේරා, ඔබේ උගත්කම කෙසේ වෙතත් බුද්ධිමත් කම ඔය කියවපු කියවිල්ලෙන් පෙනුනා. අනුන් ගේ උගත්කම සොයන්න කලින් ඔබේ ආකල්ප වල ඇති නුගත්කම සොයා බලන්න. මෙතන අදහස් ලියන කවුරුන්වත් තම තමන්ගේ විභාග සහතික දිග ඇරගෙන නැහැ. මේක විවුර්ත සංවාදයක්. මහන්තත්වයෙන් හිස උදුම්මාගෙන අනුන්ව පහත් කරන ඔබ උගත්කම කියන්නේ මොකද කියා වත්නොදන්න කෙනෙක්. (නදී)

:       0       0

ඉෂාන් Friday, 06 June 2014 08:50 AM

කව්ද මැරයෝ? අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉ‍ටුකරන්න ආපු, පක්ෂ විපක්ෂ කඹ ඇදිලි වලින් අන්තිමටම තැලෙන, රුපියල් 30 කැන්ටිමේ බත් එක කාලා උදේම ලෙක්චර් දුවන, එකම කලිසම මුලු සතියෙම හෝද හෝද අදින, රටේ වෙන දේවල් වලට බල්ලෙක් වත් බුරන්නේ නැතිකොට ඒ වෙනුවෙන් කෑ ගහන අපිද? මේ රටේ වෙන දේවල්වලට තරුණ අපිට කතා කරන්න අයිතියක් නැද්ද ? එහෙම කතා කරන්න යන අපි මැරයෝ එහෙමද? අපිත් ආවේ පිකටින් කරන්නවත් දෙමව්පියන්ගේ මුදල් කාබසිනියා කරන්නවත් නෙවෙයි ඉගෙනගන්න. ඒත් අපි පොත් ගුල්ලෝ නෙවෙයි. පොතටම ඇලිලා සමාජය ගැන මෙලෝ හසරක් නොදන්න බෝනික්කන් වාගේ අනාගතේ එක එක අයගේ සුරතල්ලු වෙලා ඉන්න, තියන එකා ළග දෙකට නැමිලා, නැති මිනිහා දිහාට පුප්පන උපාධිධාරින්ද බලදාරින් හා රටේ මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ. කොන්දක් ඇති කොල්ලෙක් කෙල්ලෙක් රටකට බිහිවෙන එක,පණ ඇතුව කෙලින් කතා කරන්න පුලුවන් මිනිසෙක්,ගැහැණියක් රටට බිහිවෙන එක රටට බරක්ද? එහෙම නැත්නම් ඒකට බයද? ඇතැම් මාධ්‍ය පෙන්නන දේවල්ම ලෙවකකා වටපිටාව ගැන මෙලෝ හසරක් නොදන්න ලිං ගෙම්බො වගේ ලිං ගැට්ටට ඒහා ලෝකයක් විශ්වාශ නොකරන ගතානුගතික මිනිසුන් ඇත්ත ලෝකය විශ්වාස නොකරයි. යතාර්ථය පිලිකුල් කරයි. මන්ද ඔවුන්හට ගැති බවින් තොරව පැවැත්මක් නොමැති හෙයිනි. එවන් සිතුවිලි වලින් හිස්ගෙඩි පුරවා ගත්තවුන්ගේ හිත් දැන් ඇත්න් ලවා වත් අද්දවා ගත නොහැක. අපට ඉතිරිවී ඇත්තේ ඔවුන් දෙස උපෙක්ශාවෙන් බැලීම පමනි. අපද 100% නිවැරදි නොවිය හැකියි....නමුත් අපේ හඩ සම්පූර්නයෙන්ම වැරදිද නැත....පෞද්ගලික කැම්පස් එකකට යන්න වත්කමක් නැතිව රාජ්‍ය විශ්ව විද්‍යාලයකට පැමිණි අපි, අපි වෙනුවෙන් කතා කරන එක මිනිස්සු දකින්නේ මහජන මුදල් කාබාසිනිය කිරීමක් ලෙසද? අපිත් ඉගෙනගන්නේ අනාගත රටට සේවයක් කරන්න...අපේ දැනුම,අප ලබාගත් දෙය එක හා සමානව අපේ නංගිලා,මල්ලිලාට දෙන්න..මහ පාරවල් ගානේ රස්තියාදුවෙවී,උගුරට ලේ රහ එනකන් කෑ ගැසීමට,කාලකණ්ණි,නාස්තිකාරයෝ කියා ඇසීමට අපිත් අකමැතිය....!!!! ඒත් මතක තියාගන්න!!!!විශ්වවිද්යාල ශිෂ්‍ය ප්‍රජාව යනු මැරයන් නොවෙයි...කන බත් කටට පවා දෙමව්පියන්ට,අහිංසක මිනිසුන්ට ණය වී සිටින,කවදා හෝ ඒ ණය ගෙවාදමන අභිමානවත් ශිෂ්‍ය ප්‍රජාවකි.(නදී).

:       0       0

චම්පික Tuesday, 03 June 2014 06:26 AM

රට පාලනයට එන එන උදවියට කුමක් හෝ උසස් අධ්‍යාපන සුදුසු කමක් තිබිය යුතුයි. වැස්සකටවත් සරසවියකට ගොඩ නොවුන, පවුල් පසුබිමේ හතර වරිගයේ වත් උගත්කමක් කෙසේ වෙතත් , යහපත් ප්‍රතිපත්තිවත් නොතිබුන මිනිස්සුන්ට බලය අතට දුන්නම හැමදාම ඉතින් රටේ ජරමරම තමයි. . (නදී)

:       0       0

ගුණේ Tuesday, 03 June 2014 06:29 AM

මාතර කියන්නේ බුද්ධිමතුන්ගේ පුරවරයක්. එ්ත් ඉතින් වඳුරාට දැලි පිහිය අතට දුන්න සේ මොකද්ද පෙර පිනකින් කඩා වැටුන ජන බලය ලැබුන නුසුදුස්සෝ නිසා මුළු දකුණු පලාතම දැන් විහිළුවක් වෙලා. (නදී)

:       0       0

සිරිසෝම Tuesday, 03 June 2014 06:32 AM

මහා ජනයාගේ සල්ලි වලින් විශ්වවිදයල පාලනය ක‍රන්නේ. මේ අයට මොලේ නැද්ද කෝලම් කරන්නේ?  තව දවස් කිපයෙකින් කීප දෙකෙක් වෙඩි කාල මරුනමද තේරෙන්නේ? (නදී)

:       0       0

බමුණු Tuesday, 03 June 2014 06:35 AM

"කෝ මේ වීරෝදාර අදහස් දක්වන්නෝ . කව්රුවත් අදහස් දාන පාටක්වත් නැහැනේ" (නදී)

:       0       0

බමුණු Tuesday, 03 June 2014 06:37 AM

"රුහුණේ අය හිතන් ඉන්නේ විශ්ව විද්‍යාලෙ ඒ අයගේ බුදලේ කියලා. මේවා නඩත්තු වෙන්නේ මහජන මුදල් වලින්" ඔය විරෝද පලකරන කව්රුවත් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ වෙලා තිබෙනවද? (නදී)

:       0       0

රමසි Saturday, 07 June 2014 10:16 AM

පව් අප්පා , ඔහොම හරි මෙයාට විශ්ව විද්‍යාලයක පස් පාගන්න ලැබුනානේ. මීට පස්සේ එයත් කියාවි "මමත් කැම්පස් ගිහින් තියෙනවා..." කියල. අපි එයාට ආචාර්ය පට්ටමක් දෙමුද? මම යෝජනා කරනවා ...ආචාරිය කියල, මොඩ් විදියට නම් බට්ටාචාර්ය කියල උනත් කියන්න පුළුවන්. (ස)

:       0       0

සත්‍යයා Tuesday, 03 June 2014 07:06 AM

සමහරු ප්‍රතිචාර දක්වල තියෙන්නේ සනත්ගෙන් ගානක් අරගෙන වගේ. සනත් ක්‍රිකට් වලින් පටන් ගත්තට දේශපාලනයෙන් ඉවර කර ගන්න වගේ හදන්නේ. දැයට කිරුල කියල අහිංසක ගැමි මිනිසුන්ව මෝඩයින්ට අන්දවන්ට පුළුවන් උනාට විශ්ව විද්‍යාල වල තියා පාසැලක ළමයෙක් වත් රවටන්න බැරි බව මේ ගොල්ලෝ නොදන්නා වා නොවේ. ඔය අන්තට්ටුව (කිරුල) තමන්ම පළඳවා ගන්න එක හොඳයි. (නදී)

:       0       0

රමසි Saturday, 07 June 2014 10:24 AM

අර පාර හරහා දපල ඉන්නේ, හම්බන්තොට කුනු බිත්තර ගහපු එක්කෙනාගේ මල්ලිද? (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 04 June 2014 10:45 AM

විශ්ව විද්‍යාල වහන වට අන්තරේට වඩා කැමති කට්ටියක් තවත් නැහැ..ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ක්‍රියාකලපයකින් නැතුව රජයේ යම් පරමාර්ථයකට වහන එක...ඔය විශ්ව විද්‍යාල සිසුනුත් අම්බරුවෝ වගේ තමයි.දක්කන කෙනා දක්කන පැත්තට මෙලෝ හසරක් නැතුව දැක්කෙනවා...අන්තරේ දක්කනවා.මෙයාල දැක්කෙනවා..සමාජය ගැන මෙලෝ හසරක දැනීමක් නැතුව පොත් ගුල්ලෝ වෙලා විශ්ව විද්‍යාලයට රිංග ගත්තම අන්තරේ මවන ලෝකේ තමයි ලෝකේ. ඊට වඩා දෙයක් ලෝකේ නැහැ කියල හිතන ඔය සරසවි සිසු පරපුරේ මොළ අන්තරේ ගොඩක් ලේසියෙන් හෝදලා එයාලට ඕන විදියට පදම් කර ගන්නවා.දැයට කිරුළට විරුද්ධ දේශපාලන කුහක කමකට මිස වෙන දේකට නෙමෙයි..අජිත් මහත්තය කැම්පස් වහනවා දැකලම නැහැ වගේ . මාස ගණන් නෙමෙයි අවුරුදු ගණන් කැම්පස් වහල තරුණ තරුණියෝ ගෙවල් වලට නාකි කරවපු විතරක් නෙමෙයි හතර රියනේ සැත පෙන්නවත් වරම් නොදී ටයර් සෑය වල යවපු අන්තරේ මේක වහනවට විරුද්ධ වෙන්නේ ළමයින්ගේ අධ්‍යාපනේ ගැනම හිතල වෙන්න ඇති. කොහොම උනත් නන්දිකඩාල් වලින් පස්සේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක් තිබිල තියෙනවා කියල මේ සිදුවීමෙන් පැහැදිලි වුණා.මම හිතන්නේ දැන් ගමේ මිනිස්සුම ඒකත් මුදා ගන්න මෙහෙයුම් ආරම්භ කරලා තියෙන්නේ. (ස)

:       0       0

විමුක්ති Tuesday, 03 June 2014 07:25 AM

විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක් එක එක අයට ඕන ඕන විදියට උත්සව තියන්න නෙමෙයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 07 June 2014 10:37 AM

රම්සිලගේ දේශපාලනේ තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි සතුරාව අවතක්සේරු කිරීම. සමච්චල් කිරීම.තමන් ගැන අධි තක්සේරුවකින් සිතීම. 71 දී ඉල්ලන් කෑවෙත්,88/89 දී ඉල්ලන් කෑවෙත් අද වැලේ වැල් නැතුව පළාත් සභාවක ආසනයක් ගත්තම ආංඩුව පෙරලුව කියල හිතන්නෙත් එක තමයි. ඔය ලෙඩේ හොඳ කරගෙන සතුරාව නිවැරදිව හදුනා ගෙන ඒ අනුව ක්‍රියා කලොත් කවද හරි කලක් යාවි...නැත්නම් ඉතින් හැමදාමත් ඉල්ලන් කන්න තමයි වෙන්නේ. (ස)

:       0       0

ලංකා තිලක් Thursday, 05 June 2014 09:12 AM

විශ්ව විද්‍යාල කියන්නේ දේශපාලන මැරයන්ගේ නාඩගම් මඩුවක් නෙමෙයි කියල කවුද කියන්නේ. එදා ඉදල අපි දැක්කේ එක්තරා බංකලොත් දේශපාලන පක්ෂයකින් ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කරන්න විශ්ව විද්‍යාල පද්දතිය තුල නඩත්තු කරවන කොන්ත්‍රාත් මැරයන්ගේ කෙලි බිමක් හැටියට තමයි. එදත් එහෙමයි අදත් එහෙමයි. මේ ගහපු මිනිස්සු මැරයෝ නම් ඉතින් පොඩි වෙනසයි දෙගොල්ලන්ගේ තියෙන්නේ. ඇතුලෙයි පිටෙයි කියන වෙනස විතරයි. මැරයන්ට මැරයෝ ගහල අපිනම් දන්නේ එච්චරයි.(නදී)

:       0       0

රකිත් Tuesday, 03 June 2014 07:35 AM

මෙතන අවම බලය පාවිච්චි නොකළේ තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගත යුතු නිසා, මොකද අර දඩ කොලය දීලා වුනු සිද්ධිය මතකනේ. (නදී)

:       0       0

චාන්දනී Tuesday, 03 June 2014 07:37 AM

විශ්ව විද්‍යාල කියන්නේ , අධ්‍යාන කටයුතු කෙරෙන තැනක් මිසක් ප්‍රදර්ශන තියන තැන නෙවෙයි. මේ ළමයින් ගේ ඉගෙන ගන්න කටයුතු වලට බාධා නොකර වෙන තැනක තියන්න. (නදී)

:       0       0

ඉෂාන් Wednesday, 04 June 2014 11:01 AM

විශ්වවිද්‍යාලයක් යනු දේශපාලන මැරයන්ගේ නාඩගම් මඩුවක් නෙවේ.එදා එයාල අපිට ගහද්දී අපේ කොල්ලො මරන්න හදද්දී රටේ නීතීය අපි දිහා හිනාවෙවී බලා හිටියා. රෑ වෙලා එලියට එන්න බැරුව හරියට කෑමක්වත් නැතුව ඇතුලට වෙලා මැරයන්ගේ කුණු කතා අැහුවේ අපි ජාතක කරපු දෙමව්පියන්ට ඉඳලා බැනුම් ඇහුවේ අපි ආණ්ඩු පෙරලන්නවත් ගහගන්න ගිය නිසාවත් නොවේ. අපිට සන්තකටම ඉතිරි වෙලා තියන අධ්‍යාපනය වෙනුවෙන් කට අරින්න ගිහින්. කඩු,පොලු ,කිණිසි අරන් රටේ අනාගත කොල්ලන්ට,කෙල්ලන්ට ගහන්න ආපු මැරයන් අතරින් උදේ,හවස බත් පැකට් එක හදලා දෙන ගමේ ඉන්න අක්කා කෙනෙක්වත්, මල්ලී කොහොමද කියලා හැමදාම අහන ගමේ අයියා කෙනෙක්වත් නෙවෙයි.එල්ලෙන්න වැල් නැතුව,වැස්සකටවත් පාසලකට නොගිය හෙන්චයියල ටිකක්. (ස)

:       0       0

චනිල් Tuesday, 03 June 2014 07:40 AM

මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි. මතකනේ අර කලින් වතාවක නෝනා කෙනෙක් පරම්පරා හතකට හම්බ කරගෙන මේ ප්‍රදර්ශනය හින්දා නඩුවක් පටලවා ගත්තා. (නදී)

:       0       0

ඉෂාන් Saturday, 07 June 2014 10:50 AM

කාගේවත් අතකොලු වීමට,කාගේවත් පදයකට නැටීමට අපිත් අකමැතිය...අපි මේ සැරසෙන්නේ 71,88,89 අඳුරු කාල සීමව තුල පැවති භීෂණ සමයක් එදා පැවති අඳුරු කාල සීමාවක් නැවත ඇති කිරීමට නොවෙයි...එ වෙනි අඳුරු යුගයක් නැවත හිස ඔසවා ගැනීමට සැරසුනොත් ඊට විරුද්ධව මමත් ඔබ සමග සිටිනු ඇත.දෙමව්පියන්ගේ කරගැට දහඩිය සුවද දැනුනු,කෝටි ගනන් වත්කම් නොමැති දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් කනකර පවා උකස් තියපු,තම දරුවාගේ ජීවිතයට දීමට ඉතිරිව තිබෙන එකම,වටිනම දායාදය වන අධ්‍යාපනය ලබාදුන් අහිංසක දෙමව්පියන්ගේ හඩ නෙමෙයිද අයියේ අපෙන් ඇසෙන්නෙ...??කැම්පස් යන අපි ,අයියලා දකින ආකාරයේ සුරංගනා ලෝක,සිහින ලෝක වල ජීවත් නොවෙමු.එවැනි ලෝකයන් අපිට උවමනාත් නැත. දැයට කිරුලට මා පෞද්ගලිකවම විරුද්ධ වූවත් එය වලක්වන්නට මාගේ වචන ප්‍රමානවත් නොවිය හැක..නමුත් විශ්වවිද්‍යාලය තුල හැර වෙනත් පෙදෙසක පැවැත්වීම පිලිබඳව අප හට කිසිවක් කිරීමට නොහැකිවූවත් එයට අපගේ විරුද්ධත්වයක්ද නොමැත...එතරම් අප අසරණ වී ඇත....අපව අසරණ කර ඇත.... (ස)

:       0       0

මෙවන් Tuesday, 03 June 2014 07:46 AM

මෙවන් ගේ කතාව හරියට හරි. ඊළඟට ප්‍රදර්ශන වැඩ කටයුතු වල ට කියලා විශ්ව විද්‍යාලයේ පරිගණකයේ ඉඳලා බඩු මුට්ටු ටික අරගනීවි. අන්තිමට ඒවා ගිහින් නවතීවි ගත්තු මිනිස්සුන්ගේ ගෙවල් වල. අපේ රටේ සංවිධායක වැඩ ගැන අපේ හොඳට දන්නවානේ. බලවතුන්ගේ ළමයින් පිටරට , ඉතින් මෙතන ළමයින් ගේ ඉගනීම් වැඩ පාඩු වුනාට කමක් නැහැ.(නදී)

:       0       0

ධනු Tuesday, 03 June 2014 07:56 AM

විශ්ව විද්‍යාලය ළමයින්ගේ බුදලයක් නොවෙන්න පුළුවන්. එ්ත් ඔය කෑගහන අයට වඩා ලොකු අයිතියක් ඒ ළමයින්ට තියනවා. විශ්ව විද්‍යාලය කියන්න මොකද්ද කියලා වත් දන් නැති අය කියන කතා අහනකොට ඇත්තටම දුකයි. විශ්ව විද්‍යාලය තියෙන්නේ ඒවා වහලා රජයේ උත්සව තියන්න නෙමෙයි.(නදී)

:       0       0

බිමල් Tuesday, 03 June 2014 07:59 AM

උගත්කමක් කෙසේ වෙතත් , බුද්ධිමත් කමක් වත් තියන දේශපාලකයන්ට විතරයි ඉගෙනීමේ සහ අධ්‍යයන කටයුතු අඛණ්ඩව බාධා කිරීම් වලින් තොරව ගෙන යාමේ වටිනාකම තේරෙන්නේ. එහෙම අයද පත් කරගත්තේ කියන එක හිතන එක මාතර ජනතාවට භාරයි. (නදී)

:       0       0

අකලංක Tuesday, 03 June 2014 08:00 AM

ලැජිජයි අපොයි ලැජ්ජයි (නදී)

:       0       0

මෙවන් චානක Tuesday, 03 June 2014 08:05 AM

මම මෙවන් චානක , ඉහත මෙවන් ගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ. නම නිසා පටලැවිල්ලක් වෙන්න පුළුවන් නේ එක දවසක් ලලිත් ල දෙන්නෙක් අදහස් දාල සිද්ධ වුනා වගේ. (නදී)

:       0       0

රුවන් Tuesday, 03 June 2014 08:08 AM

මේ අපි උඩ පැන පැන චියර් කරපු ලෝක පුජිත ක්‍රීඩකයාද ? (නදී)

:       0       0

කැලුම් Tuesday, 03 June 2014 08:17 AM

කවුරු හරි වුණත්, කවුරු වැරදි වුණත් කාටවත් තව කෙනෙකුට ගහන්න අයිතියක් නැහැ. අවසානයේදී තමන්ටම එය එනවා, එතකොට කවුරුවත් නැහැ (නි)

:       0       0

දර්ශන Tuesday, 03 June 2014 08:20 AM

මම නම් හිතන්නේ විශ්ව විද්‍යාල දියුණු කරන්න නම් විද්‍යාගාර, පුස්තකාල,දේශන ශාලා, පර්යේෂණ කටයුතු වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ කියලා (නි)

:       0       0

සරත් Tuesday, 03 June 2014 08:23 AM

විශ්ව විද්‍යාලයේම තියන්න මෙච්චර වලිකන්නේ මොකද මන්දා? (නි)

:       0       0

රෙක්ස් Tuesday, 03 June 2014 08:24 AM

අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වේවිද කියලා (නි)

:       0       0

කසුන් Tuesday, 03 June 2014 08:45 AM

මමත් සනත් ජයසූරියට එකඟයි (නි)

:       0       0

චන්දන Tuesday, 03 June 2014 08:48 AM

මම නම් කියන්නේ විශ්ව විද්‍යාලය යනු සිසුන්ට ඉගෙනීමට ඇති පෙදෙසකි (නි)

:       0       0

මලික් Tuesday, 03 June 2014 08:49 AM

මේ වැඩේට වෙන තැනක් ඇත්තෙම නැද්ද? මම මේ ශිෂ්‍යන්ගේ ඉගෙනීම් කටයුතු ගැන සිතලා අහන්නේ? එහෙම නැතුව අන්තරයකින් හෝ වෙනත් මන්තරයකින් මට වැඩක් නැහැ. (නි)

:       0       0

ඇන්ඩර්සන් Tuesday, 03 June 2014 08:53 AM

දැයට කිරුළට මෙච්චර සල්ලි කන්දරාවක් වියදම් කරන එකේ තේරුමක් නැහැ නේද? මේ ජනතාවගෙ සල්ලි නේද? මේ රටේ මිනිස්සු කවදා ඇත්ත තේරුම් ගනීද දන්නෙ නැහැ.අන්තරයට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

සමීර අබේවර්දන , ජපුර සරසවිය Friday, 06 June 2014 10:42 AM

ඉෂාන් ඔබගේ අදහස් කදිමය.මමත් ඔබ සමග 100% එකහ වෙමි. (දී)

:       0       0

කාන්ති Tuesday, 03 June 2014 08:55 AM

සිසුන් යනු බුද්ධිමත් පිරිසකි. මෙම හැසිරීම මම අනුමත නොකරමි (නි)

:       0       0

සේනක Tuesday, 03 June 2014 08:56 AM

අපි මාතර අවමඟුල් ගෙදරක ගියා. පාරවල් වල වාහන තියා මිනිස්සුන්ට යන්නත් බැහැ. ගම් ප්‍රදේශ වලට වෙන්න මිනිසුන්ට හදිසි ලෙඩෙක්වත් ගෙනියන්න බැරි විදියට පාරවල් අන්තිමයි. සැණකෙළි ප්‍රදර්ශන කටයුතු වලට ‘හෝයියා‘ කියන්න දුවන්න පෙර මේ දේවල් සොයා බැලුවා නම් හොඳයි. (නි)

:       0       0

ලාල් Tuesday, 03 June 2014 08:57 AM

මින්පෙර දැයට කිරුළ පැවැත්වූ ප්‍රදේශ වල මිනිසුන්ට ලැබුණේ මොනවාද? (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 03 June 2014 09:05 AM

ඇයි මේක වෙන තැනක තියන්න බැරි ? (නදී)

:       0       0

ගාමිණී Tuesday, 03 June 2014 09:16 AM

දැයට කිරුළ මාතර වෙන තැනකට ගෙනියන්න පුලුවන්. ඇයි විශ්ව විද්‍යාල වහලා ඕවා තියෙන්නේ? (නි)

:       0       0

රමසි Sunday, 08 June 2014 06:43 AM

".....මම දන්නා විධියට නම් මේ ප්‍රදර්ශනය සරසවි භූමියේ තියන්නේ නැහැ. ඒ අන්තරේට බයේ නෙමෙයි. වෙන තාක්ෂණික ගැටළුවක් නිසා. අද හෙට ඔය ප්‍රශ්න විසඳේවි. ..............................." පැන්නා නේද බළලා මල්ලෙන් එලියට. (දී)

:       0       0

කමල් Tuesday, 03 June 2014 09:18 AM

මිනිස්සුන්ට ලැබුනේ නැතිවුනාට ලාල් වගකිවයුතු උදවිය පරම්පරා හතකට හරි හම්බ කරගත්තේ. මතකනේ අර නෝනා කෙනෙකුගේ නඩුව . විශ්වවිද්‍යාලයේ නෙවෙයි , දෙවුන්දර දේවාල භූමියට හරි ගිහින් උද්ගෝෂණ කරාවි කමක් නැහැ තමන්ගේ මඩිය තරවෙනවා නම්. (නදී)

:       0       0

මංජුල Wednesday, 04 June 2014 12:56 PM

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න බහුතරය ලංකාවේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. එයාලා ගැන වෛරයෙන් හිතන්න අපේ බුද්ධිමත් ජනතාව යොමුවෙන්න හේතුව මොකක්ද? පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩකරන අන්තවාදී ඇසින් බලන්නේ නැතිව ඔබේ ඇසින් සරසවි ශිෂ්‍යයන් දෙස බලන්න. (නදී)

:       0       0

කමල් Tuesday, 03 June 2014 09:20 AM

විශ්වවිද්‍යාල දියුනු කරන්න ඕනෑම නම් ඔච්චර දඟලන්න ඕන නැහැනේ. විශ්වවිද්‍යාලය හදන්න. ළමයින්ට ඉගෙනගන්න දෙන්න. දැයට කිරුල හරි නයට කිරුල හරි කඹුරුගමුවේ තියන්න. මොනවද මේ කරන්නේ ඉස්සර ප්‍රේමදාස මහත්තයා ගම් උදාව කියල එකක් කරා කාටවත් කරදරයක් උනාද?. (නදී)

:       0       0

ඉසංකා Saturday, 07 June 2014 12:32 PM

මේවා කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

සාරංග කොලොඹගේ Monday, 02 June 2014 06:30 PM

ඔන්න අම්මේ තාත්තේ දැන්ම කිව්වා, තමන්ගේ දරුවන්ව පරිස්සම් කරගන්න' කීදෙනේක්ගේ ජීවිත විනාශ වෙhsද දන්නේ නැහැ. තවත් අටමගුලකට සැරසෙන්නේ. එ්කෙන් වෙන්නේ තමන්ගේ දරුවන් දෙමාපියන්ට නැතිවෙන එක පමණි (නදී)

:       0       0

ඩෙන්සිල් Monday, 02 June 2014 06:32 PM

පොලිසියේ අවම බලය මෙයාලට නැද්ද?.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 03 June 2014 09:26 AM

ඇත්තටම දැයට කිරුළ කියන්නෙ මහජන මුදල් සුලු පිරිසක් විසින් සාක්කුවෙ දා ගැනීමක්. මෙවැනි කාලකන්නි මුදල් නාස්ති කරන වැඩවලට උගත් සිසුන් විරුද්ධ වීම රටේ පැවැත්මට හොඳ පෙර නිමිත්තකි. අනේ සනත් හරිම දුකයි. (ස)

:       0       0

තේජා Monday, 02 June 2014 06:33 PM

කෝ මේ වීරෝදාර අදහස් දක්වන්නෝ . කව්රුවත් අදහස් දාන පාටක්වත් නැහැනේ.(නදී)

:       0       0

ජයන්ත Monday, 02 June 2014 06:33 PM

ඔය විරෝදතාවයට සහය දෙන මන්ත්‍රීවරු කඹුරුගමුවෙන් ඡන්දෙ බලාපොරොත්තුවෙන්න වත් කැන්වසින් එන්නවත් එපා.(නදී)

:       0       0

නලින් Tuesday, 03 June 2014 09:30 AM

දකුණේ මිනිස්සු මෙච්චර මෝඩයෝ ද? (ස)

:       0       0

තේනුවර Friday, 06 June 2014 07:59 PM

ඔය කිරුළෙන් රට ලබා ගත් දියුණුව මොකක්ද කියා ටිකක් හිතලා බලනවද? වටේ පිටේ පාරවල් ටික කඩිමුඩියෙ හැදුවට දැන් කීයක් ගිලා බහිනවද? ඔය ටික කරන්න මේ වගේ සංදර්ශනාත්මක සැණකෙළිම ඕනෑද?අන්තරයට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

ලංකා තිලක් Monday, 02 June 2014 06:40 PM

විශ්ව විද්‍යාල කියන්නේ තමන්ගේ පරවේණි බුදල් කියල හිතාගෙන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ වන කිසිම දෙයකට ඉඩ නොදී කඩාකප්පල් කරන්න හදන,නැති අවුල් ඇති කරලා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන අන්තරේට මාතර මිනිස්සුන්ගෙන් නිසි පාඩමක් මෙදා පාර ඉගෙන ගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

ස. බණ්ඩාර Monday, 02 June 2014 06:41 PM

කෝ අවම බලය යොදවල පාර අරින්න හමුදාවේ හරි පොලෝසියේ හරි මහත්වරු පේන්න නෑනේ. අඩුම ගානේ සෙල්ලම් පිස්තෝලයක් වත්.(නදී)

:       0       0

රශ්මි Saturday, 07 June 2014 12:59 PM

මගේ කිසිම දේශපාලනයක් නැහැ. හුදෙක් අහිංසක සරල අදහස් දැක්වීමක් කළා පමණයි. (ස)

:       0       0

කුමා Monday, 02 June 2014 06:45 PM

කඹුරුගමුව තියන්නේ ඉන්දියාවේ වෙන්න ඇති. ජන්දේ දෙන්නන් අපි බලාගෙන ඉන්නේ එනකම්.(නදී)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 03 June 2014 09:48 AM

විශ්ව විද්‍යාල අයිති එහි ඉගෙන ගන්න ශිෂ්ෂ්‍යයින්ටද ? නැත්නම් දේශපාලුවන්ටද ? (නදී)

:       0       0

පන්නිල Monday, 02 June 2014 06:46 PM

අනේ සනත්, ගිය සතියෙත් ලන්ඩන් ඇවිත් ඉන්නවා අපි දැක්කා. ඔයාට හොඳ නැද්ද තත්වේ තියාගෙන හිටියා නම්.(නදී)

:       0       0

රම්සි Saturday, 07 June 2014 01:00 PM

සමවෙන්න බන්දු අයියා මගේ කිසිම දේශපලනයක් නැහැ. බොහෝම සරල ප්‍රතිචාරයක් දැම්මා පමණයි. අනිත් එක මේ ලොකෙ තක්සෙරු කරන්න පුළුවන් හරි කෙලින් ස්තවර ප්‍රතිපත්තියක් තියෙන සහ බුද්ධිමත් මිනිසුන් පමණයි. අපේ රටේ ඉන්න දේශපලකයන්ට ඔය දෙකම නැහැ. (අ)

:       0       0

රනුක Saturday, 07 June 2014 01:00 PM

වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නේ (දී)

:       0       0

සුනේත්‍රා Saturday, 07 June 2014 01:00 PM

ජයවේවා නියමයි සුභපතනවා (දී)

:       0       0

සේන Monday, 02 June 2014 06:50 PM

ඕක කොහොම හරි විශ්ව විද්‍යාලයේම තියන්න ඕන. (ස)

:       0       0

රංග Saturday, 07 June 2014 01:01 PM

දැයට කිරුල ලංකාවේ නව ප්‍රවනතාවයක් (දී)

:       0       0

චන්ද්‍ර Monday, 02 June 2014 06:50 PM

මේ උද්ගෝෂණය මගින් අපට නිගමනය කල හැක්කේ, රුහුණු විශ්ව විද්‍යාල භුමියේ පස් යට සැඟවුණු මහා ධන සම්භාරයක් ඇති බවද? (ස)

:       0       0

රුක්ෂාන් Saturday, 07 June 2014 01:01 PM

තරඟය ඉවර වෙනකල්ම සෙල්ලම් කරන්න (දී)

:       0       0

රූපා Saturday, 07 June 2014 01:00 PM

අනිවාර්යයෙන්ම ඒ පිල දිනනවා (දී)

:       0       0

තිලක් Tuesday, 03 June 2014 10:16 AM

ලෝකයේ මොන අධිරාජ්‍යවාදියෙක් වත් ප්‍රදර්ශන තියන්න කියල රටේ විශ්වවිද්‍යාල වහල දානවා කියල මම නම් උපන්තෙකට අහල දැකල නැහැ. (ස)

:       0       0

විශ්ව Saturday, 07 June 2014 01:00 PM

අපිට මොකද අනේ (දී)

:       0       0

සුමන Monday, 02 June 2014 06:52 PM

"දැයට කිරුළ" මහජන මුදල් නාස්තියක් පමණි. මොළය ඇති විශ්ව විද්‍යාල සිසුන් ඊට විරුද්ධයි. ආණ්ඩුවට කඩේ යන අය මහජනයාගේ මුදල් කාබාසිනියා කරන බව දන්නේ නෑ. (ස)

:       0       0

ටිකිරි Tuesday, 03 June 2014 10:18 AM

අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල භූමියේත් අනුරාධපුර ඔයාමඩුවේ වගේ ලොකු නිධානයක් ඇති. (ස)

:       0       0

රනුක Saturday, 07 June 2014 01:01 PM

ජයසුරිය මහත්තයා මොන පදනමෙන්ද ඒ පැත්ත ගත්තේ (දී)

:       0       0

චමි Monday, 02 June 2014 06:56 PM

අයියෝ සනත්. (ස)

:       0       0

භානු Tuesday, 03 June 2014 10:19 AM

ඕන දෙයක් ක්‍රිකට් වලටයි තැපෑලටයි දමා ගත්තාට කමක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපන නිදහසට අත නොතියා. (ස)

:       0       0

රොෂාන් Saturday, 07 June 2014 01:00 PM

සමහරු මේකට බනිද්දි සමහරු තියන්න කියලා ගහ ගන්නවා (දී)

:       0       0

ටිකිරි Tuesday, 03 June 2014 10:20 AM

රටේ නීතිය කරවන අග්‍රවිනිසුරු තුමිය එලවන්න උද්ඝෝශනය කරපු, පොළවේ පස් කාපු උදවිය ඉන්න රටක නේ අපේ කරුමෙට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. (ස)

:       0       0

රණතුංග Saturday, 07 June 2014 01:01 PM

දැයට කිරුල තියන්න ඕන තැන තීරණය කරන්නේ කවුද (දී)

:       0       0

කළණ Monday, 02 June 2014 06:57 PM

අධ්‍යාපනයේ වටිනාකම සැමදෙනාම තේරුම් ගැනීම වටී (නි)

:       0       0

රන්ජි Saturday, 07 June 2014 01:01 PM

වාසි පැත්තට හෝයියා (දී)

:       0       0

බමුණුසිංහ Monday, 02 June 2014 06:58 PM

සමහරු ඉන්නේ ලංකාවෙද කියලා හිතෙනවා අදහස් දුටුවහම (නි)

:       0       0

ටිකිරි Tuesday, 03 June 2014 10:21 AM

රටේ පුන්නකු මිලට නම් අත තියන්න එපා. (ස)

:       0       0

ශිරානි Saturday, 07 June 2014 01:01 PM

ඕන නැති දේවල් වලට අත දාලා සව්ත්තු වෙන්න එපා (දී)

:       0       0

ඩෙන්සිල් Monday, 02 June 2014 06:59 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රේමා Saturday, 07 June 2014 01:02 PM

මේ දැයට කිරුල යනු අහිංසක ජනතාවගේ මුදල් නහස්ති කිරීමකි. ඒ මුදලින් අසරණ අබාධිත රණවිරුවන්ට සේවයක් කරන්න (දී)

:       0       0

දිනා Saturday, 07 June 2014 01:02 PM

බන්දුල පෙරේරා ඔබ හරි (දී)

:       0       0

සිනාල් Saturday, 07 June 2014 01:01 PM

ජනතාව එකතු කරගෙන කරන පිස්සු වැඩක් (දී)

:       0       0

චන්ද්‍රෙජා්ති හිමි Tuesday, 03 June 2014 10:30 AM

ජනතාවනි, සනත් කියන්නේ මොන ජාතියේ කෙනෙක්ද කියා දැන්වත් තේරුම් ගන්න. (ස)

:       0       0

ලොකු කුමාර Saturday, 07 June 2014 01:02 PM

හරි පැත්තට බැට් කලාට කමක් නැහැ (දී)

:       0       0

වින්දික රත්නායක Monday, 02 June 2014 07:00 PM

පසුගිය වර හැදූ මාර්ග ගැන කිවුවොත්, මාස 3ක් ගතවෙද්දී කෑගල්ල නගරය මැද ගිලා බැස්සා. (නි)

:       0       0

නිලන්ති Saturday, 07 June 2014 01:01 PM

නිකන් ඉන්න බැරුවට (දී)

:       0       0

ටෙරාන් Monday, 02 June 2014 07:00 PM

මම නම් කියන්නේ දැයට කිරුළ නොමැති නම් මුළු රටම අපහසුතාවයට පත්වන නිසා, ඒ වෙනුවෙන් පාරවල් වසා උද්ඝෝෂණය කළාට කමක් නැහැ කියායි. (නි)

:       0       0

සනත් Saturday, 07 June 2014 01:01 PM

කව්රු මොනවා කිව්වත් අනිතිමට වෙන දේ බලන්නකෝ (දී)

:       0       0

කොළඹ සිසු කැළ Saturday, 07 June 2014 01:01 PM

මේකට නම් අපිත් විරුද්ධයි (දී)

:       0       0

කමල් Monday, 02 June 2014 07:01 PM

සරසවියත් දැන් හැසිරෙන්නේ හරිම අමුතු ආකාරයකටනේ.... (නි)

:       0       0

හිමාශි Saturday, 07 June 2014 01:01 PM

මේවා ගැන මෙයාල මොනවා දන්නවාද? (දී)

:       0       0

කැලුම් Saturday, 07 June 2014 01:01 PM

දයට කිරුල කරන්න හදන්නේ අතට පිස්තොලේ අරන් වගේ (දී)

:       0       0

රෙහානා Saturday, 07 June 2014 01:01 PM

ළමයින්ටත් උද්ඝෝෂණය කරන්න එකක් තිබිලම නැහැ (දී)

:       0       0

රමසි Saturday, 07 June 2014 01:02 PM

සමාවෙන්න බන්දු අයියා මගේ කිසි දේශපාලනයක් නැහැ. නැහැ. හුදෙක් අහිංසක සරල කමෙන්ට් එකක් දැම්මා විතරයි අනිත් එක මේ ලෝකේ කරන්න පුළුවන් හරි කෙලින් ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙන බුද්ධිමත් මිනිස්සු පමණයි.අපේ රටේ දේශපාලකයන්ට ඔය දෙකම නැහැ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 08 June 2014 09:40 AM

සති අන්ත ලංකාදීපේ හොද මධ්‍යස්ත ලිපියක් තියෙනවා මේ ප්‍රශ්නය පිලිබදව..නොදන්නා ගොඩක් දේ ඒකෙන් දැන ගන්න පුළුවන්..එපා කියන ඕන කියන සියලු දෙනාගෙන් ඒ ලිපිය බලන්න කියල කාරුණිකව ඉල්ලනවා..(දී)

:       0       0

භානුක Monday, 02 June 2014 07:05 PM

ඉතින් ලංකා තිලක් ඔබ හිතන්නේත් මුළු ලංකාවම ඔබේ පරවේණි බුදලේ කියලානේ. අන්තරේ සහ තිලක් තුමා අතර වැඩි වෙනසක් නැහැ. භුමි ප්‍රමාණයේ වෙනස විතරයි. (නදී)

:       0       0

ජයබ්ත Monday, 02 June 2014 07:06 PM

බුද්ධිමත් ළමයිගේ ඉවසීම ඉතාම ඉහලයි. මෝඩයන්ට රැවටෙන්න එපා. නැත්නම් තව මහා ඛේදවාචකයක්.(නදී)

:       0       0

ඇසළ Monday, 02 June 2014 07:07 PM

අන්තරේ මුළු රටේම විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කාල ඉවරයි. 71 ඉදම්ම කරේ කැරලි ගහනවා, පාරවල් වහගෙන උද්ගෝෂණ, ගුටි කනවා පස්සෙන් බලෙන් අරගෙන ගිය උන් මැරුම් කනවා. අහිංසක දෙමාපියන් විදවනවා. නිදහස් අධ්‍යාපනේ රැක ගැනීම කියල දේශප්‍රේමියෝ බඩ ගෝස්තරේ හොයා ගන්නේ මේ වගේ වැඩ වලින් තමයි.(නදී)

:       0       0

නිමාලි Saturday, 07 June 2014 01:17 PM

මොනවා උනත් විරුද්ධ වෙන එක අන්තරේ හැටිනේ (දී)

:       0       0

හර්ෂ Monday, 02 June 2014 07:07 PM

මේතුමටත් හරි යන්නේ ලංකා තිලක් වගේ ලේකම් තුමෙක්. කඩේ යනවා, එ්ත් මල්ලේ හිලක්. (නදී)

:       0       0

ලක්විදු Saturday, 07 June 2014 01:17 PM

රුපියල් කොටි සිය ගානක් හිමි ධන කුවේරයෙක් වට කරගත් ඔහුට කත අදින,එදා වෙලා කාල කුලියට කරන මිනිස්සු (දී)

:       0       0

ගයන් Monday, 02 June 2014 07:12 PM

දේශපාලුවෝ මුළු ලංකාවම පරවේණි බුදලේ හැටියට හිතනකොට අන්තරේ විශ්ව විද්‍යාලේ ඒගොල්ලන්ගේ බුදලේ හැටියට හිතන එක පුදුමයක් නෙවෙයි තිලක් තුමෝ. කකුළුවා හරහට ය නගමන් පැටවුන්ට කෙලින් යන්න කියලා වැඩ නැහැනේ. (නදී)

:       0       0

සුනිල් Saturday, 07 June 2014 01:17 PM

සමිතාගේ කතාව හරියටම හරි (දී)

:       0       0

ලකී Saturday, 07 June 2014 01:17 PM

නොදැවී ඉන්න ලැබේවා (දී)

:       0       0

මහි Saturday, 07 June 2014 01:17 PM

අනික් පැත්තෙන් මුහුණ දෙන්න බැරි පන්දුවක් ආවොත් තමා වැඩේ (දී)

:       0       0

සනත් Monday, 02 June 2014 07:23 PM

ඇයි දැයට කිරුල තියන්න මාතර වෙන තැනක් ඇත්තෙම නැද්ද? ළමයින්ගේ ඉගෙන ගන්න කාලයට හානි නොකර වෙන තැනක ඕක තියලා ඊට සමගාමිව විශ්ව විද්‍යාලයත් සංවර්ධනය කලානම් ඉවරනේ. අර ගම් උදාව කාලයේ වගේ.(නදී)

:       0       0

ගයා Saturday, 07 June 2014 01:17 PM

කාට කියන්නද මේ අවනඩුව ...................(දී)

:       0       0

අබීත මාතරගේ. Monday, 02 June 2014 07:27 PM

ඉගෙන නොගත් අයට කැම්පස් එකක විශ්ව විද්‍යාලයක තියන වටිනාකම තේරෙනවද? (නදී)

:       0       0

කසුන් චන්දිම Monday, 02 June 2014 07:28 PM

විශ්වවිද්‍යාල කියන්නේ සංදර්ශන තියන්න කුළියට දෙන හෝල් එකක් නෙමේ. ගමක් සංවර්ධනය කරන්න කෝටි ගණන් වියදම් කරලා දැයට කිරුළ වගේ නාස්තිකාර සංදර්ශන පවත්වන්න ඕනේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආණ්ඩුවක වගකීමක්. ආණ්ඩුවේ ඇමතිලා එළිපිටම තමන්ගේ මැරයන් යොදාගෙන සහ ඇමතිලා නිල වශයෙන් ප්‍රසිද්ධියේ සහභාගී වෙමින් මෙවැනි පහරදීම් කරද්දී මානව හිමිකම් ගැන ජාත්‍යන්තරය ප්‍රශ්න කිරීම පුදුමයක් නෙමේ (නදී)

:       0       0

ජෝන් Monday, 02 June 2014 07:30 PM

ප්‍රදර්ශන තියන්න දකුණු පළාතේ තියෙන්නේ ඔතන විතරද? මේ වැඩේට මෙතනම තෝරාගත් එක සද්භාවයෙන් කරපු දෙයක් හැටියට මම හිතන්නේ නැහැ.(නදී)

:       0       0

ඩිලාන් Tuesday, 03 June 2014 11:27 AM

අපොයි අපේ සනත් මන්ත්‍රී තුමාට වයසේ හැටියට කරන පුළුවන් වැඩද අනේ මේ භාර ගන්න වෙලා තියෙන්නේ ? ක්‍රිකට් වැඩ, තැපැල් වැඩ, ගුවන් සේවා කාර්ය මණ්ඩල වැඩ මදිවට මේ උද්ගෝෂණ වැඩත් ඔලුවට පැටවිලානේ. (නදී)

:       0       0

තපිල Monday, 02 June 2014 07:36 PM

මේකේ අදහස් දාන හුගක් අය මධ්‍යස්ත නැත. විශ්ව විද්‍යාල ළමයි එක්ක වෛරෙන් ඉන්න බව පේනවා. අන්තරේ සමහරක් ක්‍රියා වලට එකග වෙන්න බැරි උනාට ඔවුන් කරන හැම දේම වැරදි නැහැ. හුගක් අය හැම ප්‍රශ්නයක්ම බලන්නේ තමන්ගේ දේශාපලන පක්ෂේ කරන හැම දේම නිවැරදි විදිහට.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 June 2014 12:51 PM

අපි ජිවිතේ අත් විඳලා තියෙනවා..අත්දැකීම් ලබල තියෙනවා..අඳුරු යුග පහුකරන් මෙතනට ආපු අපිට ඒ අඳුරු යුග ආයේ දකින්න අවශ්‍ය නැහැ.ඒවාට යන්න අවශ්‍ය නැහැ. ඒ තරුණ තරුණියන්ගේ මර ලතෝනි ජිවිත ඉල්ලලා යදින යැදුම් අහන්න අවශ්‍ය නැහැ. අපේ දරුවන්ට අපි ආදරෙයි. තරුණ පරපුරට අපි ආදරෙයි. ඔවුන් බංකලොත් දෙශපාලකයන්ගේ අභිමතාර්ථ සපුරන්න අපි කැමති නැහැ. ඔයාල ඔය දකින ඔයාලට ඔය පෙන්නන ලෝකෙට වඩා ඇතුල ගොඩක් ගැඹුරුයි. අඳුරුයි. අතීතය නොදන්නා ඔයාලට බණ කිව්වට තේරෙන්නේ නැහැ කියල දන්නවා. විශ්ව විද්‍යාල පද්ධතියේ අඩුපාඩු ඇති. සර්ව සම්පුර්ණ කිසිවක් මේ ලෝකේ නැහැ.රජයකට හැම අඩුපාඩුවක්ම සපුරන්නත් බැහැ. තමන් කවුද තමන්ගේ වගකීම කුමක්ද කියන එක වටහාගත් සිසුවාට ඔය අඩුපාඩු තමන්ගේ අධ්‍යාපනයට බාධාවක් නෙමෙයි කවදාවත් තමන්ගේ ඉලක්කය සපුරා ගන්න. අපිට අවශ්‍ය අන්න ඒ සිසුවාට ඉගෙන ගෙන එලියට එන්න පුළුවන් වටපිටාවක් සරසවි පද්ධතිය තුළ ඇති වෙනවා දකින්න. නමුත් එ්ක වෙන්න දෙන්නේ නැහැ.එහෙම උනොත් තමාට පැවැත්මක් නැති බව කට්ටිය දන්නවා. (ස)

:       0       0

රමසි Friday, 06 June 2014 10:13 PM

ඉෂාන්, ඔබගේ පිළිතුර කදිමයි. ඉන්න සනා ඊලග චන්දෙදි අපි බැට් කරලා පෙන්නන්නම්. (දී)

:       0       0

මැනික් Tuesday, 03 June 2014 11:36 AM

ඇමතිවරු ජරමර ඇතිකරගෙන උද්ගෝෂණ කරන එකම රට මේක වෙන්න ඇති. ඉන්දියාවේ වගේ අත්‍යාවශ්‍ය ඇමති ධුර විතරක් තිබුනා නම් මෙහෙම ජනතාවට විහිලු සපයන්නේ නැහැනේ. දැන් මෙහෙම වෙලා තියෙන්නේ එදිනෙදා කරන්න කිසිම වැඩක් රාජකාරියක් නැති නිසාත තව මදි නම් උද්ගෝෂණ ඇමති ධුරයකුත් හදලා කවුරු හරි එ්කටත් පත් කර ගමු. (නදී)

:       0       0

අෂේන් Monday, 02 June 2014 07:50 PM

අනේ දකුණේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු කියල නේ අපි හිතුවේ. දැන් බලන කොට ඉන්නේ මොන වගේ අයද කව්රුත් දන්නවා. විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක්, ආණ්ඩුවට මඟුල් නටන්නේ නෙමෙයි.(නදී)

:       0       0

මංජුල Tuesday, 03 June 2014 11:36 AM

අදහස් දාන අය පොඩ්ඩක් හිතන්න, මාධ්‍ය වලින් හුවා දක්වන කරුණු ගැන විතරක් හිතලා කතාකරන් නැතිව අපි හැමෝටම තියෙන බුද්ධිය මෙහෙයවලා ස්වාධිනව හිතලා අදහස් දාන්න. මෙම සිද්ධියේදී නිවැරදි අන්තරයද? විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ද? රජයද? විරෝධතාකරුවන්ද? කියලා නැතිව මේ එකිනෙක පාර්ශව මේ ගැන දක්වා ඇති කරුණු කාරණා ගැන. මමත් රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය යෙකු විදියට අධ්‍යාපනය ලැබූ අයෙක්. ඒ වගේම දැයට කිරුළ එක් ප්‍රදර්ශණයකට ඍජුව සම්බන්ධ වූ අයෙක්. ඊට සම්බන්ධවන සංවර්ධන ව්‍යාපෘති හැරුණූ කල නිරර්ථක යැයි මට හැඟෙන්නාවූ මෙන්ම ජාතික ධනය විශාල වශයෙන් වැයකරන්නාවූ මෙකී ප්‍රදර්ශණය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයක් විදහා දක්වන රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රය අක්‍රමවත් කිරීමට ඉඩදිය යුතු නැත. දේශපාලනය තුළ මනාප ගොඩකර ගැනීමේ අරමුණින් මෙවන්‍ දේට දායක වීමට පෙර විමසා බැලිය යුතුයි නේද? (නදී)

:       0       0

සරත් Monday, 02 June 2014 07:51 PM

කව්ද මේ නාටකයේ අධ්‍යක්ෂක.(නදී)

:       0       0

ඩිසිඩී Monday, 02 June 2014 07:51 PM

කැම්පස් එකේ කට්ටිය සල්ලි ගෙවලද දන්නේ නෑ ඉගෙන ගන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 99 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 795 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 544 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1719 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1601 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 678 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36993 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24381 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 590 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site