IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘

මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතා කියයි.

පක්ෂය තුළ මහින්ද පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය ලෙස බෙදීමක් ඇති කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දැක්වූ පිරිසට ඡන්දය නොදෙන්නැයි ප්‍රචාරයක් ගෙන ගිය බවත්, එනිසා අපේක්ෂකයක් පිරිසක් පරාජයට පත් වූ බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි.

එවැනි හය දෙනකු ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගැනීමේ ගැටළුවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස වසර විස්සකටත් වැඩි කාලයක් සිටි පණ්ඩු බණ්ඩාරනායක මහතා පරාජයට පත්වීමේ වගකීම ද මහ ඇමැති සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක බාර ගත යුතු යැයි ඔහු කියයි.

එරංග සේනානායක මහතා එජාපයෙන් සන්ධානයට ගෙන ඔහු ජයග්‍රහණය කරා මෙහෙයෙව්වේ පණ්ඩු බණ්ඩාරනායක මහතා බවත්, ඒ වෙනුවෙන් බණ්ඩුරනායක මහතාට දුන් තෑග්ග ඔහුට තිබූ ඡන්ද කැලණිය ප්‍රාදේශීය සභාපතිට හැරවීම බවත් බස්නායක මහතා පවසයි.

කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීරට ගම්පහ ආසනයේ ඡන්දය නොතිබුණු බව ද, බස්නාහිර මහ ඇමැතිගේ කීමට කැලණිය සභාපතිට ඡන්දය දෙන්නැයි ගම්පහ ආසනයේ ජනතාවට කීවේ ගම්පහ නගරාධිපති බව ද, පණ්ඩු බණ්ඩාරනායක පැරදුණු පසු ගම්පහ ආසන සංවිධායක කම ගැනීමට සමහරුන් බලා සිටි බන ද ඔහු ප්‍රකාශ කරයි.



අදහස් (0)

‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘

අනුර Friday, 21 August 2015 03:16 PM

අන්තිමට මහින්ද මාර්ගයෙන් ඔහු වටේ හිටපු හා ඔහුව අනාථ කරපු පිරිස නැවත පාර්ලිමේන්තුවට රිංගුවා. (ම)

:       0       0

මාටින් Friday, 21 August 2015 03:29 PM

ගම්පහ ඉන්නේ මොන වගේ ජනතාවක් ද කියල ඉතිහාසය දන්නා අය දන්නවා ....අර පබාවත් පාර්ලිමේන්තු යවපු ඥානවන්ත පිරිසක්නේ ඉන්නේ, මේ පාරත් වැඩිම මනාප ගත්තේ කවුද කියල ආයෙත් එක පැහැදිලි කළා (ම)

:       0       0

පාලිත Saturday, 22 August 2015 05:39 AM

ඕවා ඔහොම තමයි, ඕව ඔහොම තමයි හිතට දුකයි තමයි, හැබැයි ඕව ඔහොම තමයි (නදී)

:       0       0

කෝකිල Friday, 21 August 2015 03:35 PM

ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතාගේ පැටිකිරිය දන්නෙ නැති අයට දැන ගැනීම පිණිස මොහු ගම්පහට පැමිණෙන්නේ මෙවර නාම යෝජනා නොලැබුණු කැළණියේ මැරයාගේ කර මතින්ය නමින් ඔහු මර්වින් සිල්වා ජනවාරි 1 වැනිදා බස්නයාක තවත් නාගරික මන්ත්‍රීන් සමග චන්ද්‍රිකා හමු වී ප්‍රථමයෙන්ම සන්ධානය පරාජය කිරීම සදහා සහය වුනේද මොහු අජිත් බස්නායක, වංචනික සල්ලි වලින් මැතිවරණයට වියදම් කර මොහු ගම්පහ භීෂණයක් ඇති කළා. (බ)

:       0       0

අජිත් Saturday, 22 August 2015 06:46 AM

දැන් මොකටද ඔය කතා? (නි)

:       0       0

දුමින්ද Saturday, 22 August 2015 06:54 AM

අසමගියේ ප්‍රතිඵල! (නි)

:       0       0

විජේසුන්දර Friday, 21 August 2015 04:04 PM

වෙච්ච දේවල් වලට කවුරුවත් පළි නැහැ (නි)

:       0       0

කුමාර Saturday, 22 August 2015 07:01 AM

අනේ මගේ කට? (නි)

:       0       0

මධුරංග Friday, 21 August 2015 04:17 PM

ඒ කළ වැඩ වලින් බාගයක්වත් ඔයා කරලා තියෙනවද අජිත් මහත්තයා? නිකන් රට්ටු හිනස්සන්නෙ නැතුව ඉන්න (නි)

:       0       0

වින්සන්ට් Saturday, 22 August 2015 07:10 AM

පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව බලනවිට තිලක් - ඩුබායිගේ ප්‍රකාශය ඉතා නිවැරදිය. (නි)

:       0       0

සමන් Saturday, 22 August 2015 07:30 AM

ඡන්දෙ දෙන්නේ මිනිස්සු නෙමෙයිද? ඉතිරි ඇඟිලි 04 ඔබ දෙසට එල්ලව ඇත. (නි)

:       0       0

රන්ජිත් Friday, 21 August 2015 04:35 PM

ප්‍රසන්න රණතුංග කොන්ද පණ තිබෙන, මිනිස්සු ආදරය කරන කෙනෙක් (නි)

:       0       0

මංජු Friday, 21 August 2015 04:50 PM

ප්‍රසන්න ගත් මනාපත් එක්ක මේක හිතේ දුකට කියන කතාවක් බව හිතෙනවා. (නි)

:       0       0

උදයසිරි‍ Friday, 21 August 2015 04:55 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 22 August 2015 08:02 AM

පරාජයට හේතුව සන්ධානයට ඡන්දය දුන් සියල්ල දන්නවා. (නි)

:       0       0

ඩැනී Friday, 21 August 2015 05:02 PM

මොනවද මේ බොළඳ කතා? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 08:16 AM

සමස්තයක් වශයෙන් රටේ මුළු ජනතාවගෙන් 75% ක් නිවැරදිව ඡන්දෙ පාවිච්චි කළත් අනෙක් 25% ඡන්දෙ පාව්ච්චි කරලා පත්කරගත් අය දිහා බැලුවම හිතට කණගාටුයි. (නි)

:       0       0

ගජේන්ද්‍ර Friday, 21 August 2015 05:51 PM

තමන්ගේ වැරදි වලට අනුන් මොනවා කරන්නද? (නි)

:       0       0

ටොම් Friday, 21 August 2015 06:05 PM

මෙහෙම අයටත් වැඩිම මනාප ගහලා උඩ යවන්න තරම් මිනි්සසු මේ රටේ ඉන්නවනේ? (නි)

:       0       0

ඔලිවර් Friday, 21 August 2015 07:00 PM

දැන් ඔය කතා ඇති නේද? (නි)

:       0       0

ගුණතුංග Friday, 21 August 2015 07:45 PM

එක එක්කෙනාට ඇඟිල්ල දික්කළා කියලා දැන් වැඩක් නැහැනේ (නි)

:       0       0

ගිහාන් Friday, 21 August 2015 08:19 PM

ප්‍රසන්නද දැන් වැරදි එතකොට? (නි)

:       0       0

පුෂ්ප Saturday, 22 August 2015 11:09 AM

ඔය ප්‍රසන්න මහතා ගැන මමත් කලින් හිතාගෙන හිටියේ වැරදියට (නි)

:       0       0

අකලංක Friday, 21 August 2015 08:26 PM

බාරගත්තා කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

විපුල Friday, 21 August 2015 09:35 PM

විලිලැජ්ජා නැති හැටි... පැරදුන අය ආයෙත් ඇතුළට අරගෙන. ඕක යහපාලනය නෙමෙයි. ඕවට පිළිතුරු පස්සේ ලැබේවි මිනිසුන්ගෙන් (නි)

:       0       0

විකුම් Friday, 21 August 2015 11:22 PM

දිලූ , ඔබ හරියට හරි. (නි)

:       0       0

ජයලත් Friday, 21 August 2015 11:30 PM

ඇයි මෙතරම් වියදම් කරගෙන ගහමරාගෙන ඡන්දෙ ඉල්ලන්නේ? ජනතාවට සේවය කරන්නද? නැත්නම් තමන්ට සේවය කරගන්නද? නරකද ඔය ඡන්දෙට වියදම් කරන සල්ලි දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා නම්. (නි)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 12:27 AM

බලමුකෝ පසුවට වෙන දේ... (නි)

:       0       0

චන්න බුවනක Saturday, 22 August 2015 02:32 PM

ඔය කතා නවත්වලා රටට වැඩක් වෙන දෙයක් කරනචාද? (නි)

:       0       0

දිලූ Friday, 21 August 2015 11:57 AM

සමහරු හිතාගෙන ඉන්නේ ජනතාව කියන්නේ එයාලා කියන කෙනාට ඡන්දෙ දෙන මෝඩයෝ කියලා. ඇයි මිනිසුන්ට මොළයක් නැද්ද හිතලා වැඩක් කරන්න. හිතාගෙන ඇති එයාලා කියන දේ තමයි ජනතාව කරන්නේ කියලා. ජනතාව දීලා තියෙන්නේ ජනතාවගේ මනාප. තම තමන් කළ ඒවා තමයි පළදීලා තියෙන්නේ. ඒකට කාටවත් ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

නිතේෂ් Friday, 21 August 2015 12:00 PM

100%ක් නිවැරදියි ඔබගේ කතාව. (නි)

:       0       0

තිලක් Saturday, 22 August 2015 04:34 PM

ශ්‍රී ලංකා එකේ පරාජය වගේම පැරදුනු අය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම මේ අය කියන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. අනික තමයි ජනතාවගේ ඡන්දයට දෙන වටිනාකම බාල්දුවීම. ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන ක්‍රමයක් මේක (නි)

:       0       0

යටවත්ත Friday, 21 August 2015 12:20 PM

දැන් ඉතින් එක එක්කෙනා පිට වරද පටවලා වැඩක් නැහැනේ (නි)

:       0       0

සිසිර Friday, 21 August 2015 12:23 PM

අජිත් බස්නායක මහතාණෙනි, ඔබ කෙසේද මෙහෙම කතාකරන්නේ? (නි)

:       0       0

සුදු Monday, 24 August 2015 07:08 AM

ප්‍රසන්න කලේ මහින්ද මහත්තය විකුනල මනාප එකතු කිරිම විතරයි. පක්ෂයට ඡන්ද හදල නෑ පක්ෂයට ඡන්ද හැදුවා නම් මිනුවන්ගොඩ වැඩි ඡන්ද ගනනකින් දිනන්න එපායැ. (නදී)

:       0       0

නාරද Friday, 21 August 2015 12:44 PM

මාගේ නිගමනයත් පරාජයේ වගකීමට 25% ක පමණ දායකත්වයක් මෙතුමා දරනු ලැබූ බවයි. අපි බලමුකෝ... (නි)

:       0       0

දිනේෂ් Friday, 21 August 2015 01:01 PM

සමහරු පරාජය වුණේ ජනතාවට කිසිම සේවයක් කළේ නැති නිසයි (නි)

:       0       0

විද්‍යා Friday, 21 August 2015 01:16 PM

දැන් මොනවටද ඔය කතා? (නි)

:       0       0

පුබුදු Friday, 21 August 2015 01:25 PM

දැන් ඕවා බාරගත්තා කියලා ‍මොනවා කරන්නද? (නි)

:       0       0

තුෂාර Friday, 21 August 2015 01:28 PM

නටන්න බැරිවුණාම පොළොව ඇදලු. කොහොම වුණත් ප්‍රසන්න කියන්නේ කොන්දක් ඇති මිනිසෙක් (නි)

:       0       0

සංජීව Friday, 21 August 2015 01:31 PM

ගම්පහ වතුර ඉල්ලපු අහිංසක මිනිසුන්ට අසාධාරණ වෙද්දී කවුද කතාකරපු අය..?? (නි)

:       0       0

ලාල් Friday, 21 August 2015 01:34 PM

සම්පූර්ණ ඇත්ත. පසුගිය දවස් වල දඟලනකොට අපිට හිතුනා ඔහොම වෙයි කියලා. (නි)

:       0       0

අමිත Friday, 21 August 2015 01:43 PM

අනෙක් අයට ඇඟිල්ල දික්කිරීමට තරම් පහත් තත්වයට පත්වෙන්න එපා (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 01:43 PM

මොන අහවල් සේවයක් කළා කියන්නද එක අතකට? (නි)

:       0       0

චන්න Friday, 21 August 2015 02:01 PM

මමත් එකඟයි මෙම ප්‍රකාශයට. (නි)

:       0       0

නිරෝෂන් චම්පික වෙරෙල්ල Saturday, 22 August 2015 04:30 AM

නටන්න බැරිවුණාම පොළොව ඇදලු. කොහොම වුණත් ප්‍රසන්න කියන්නේ කොන්දක් ඇති මිනිසෙක් (නි)

:       0       0

බමුණු Saturday, 22 August 2015 04:52 AM

සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි. එ් කියන්නේ ප්‍රසන්න ගම්පහ ඉදන් කියන දේට ඡන්දෙ දෙන්නේ ත්‍රිකුනාමලේ මිනිස්සු. මැටි කමෙත් සීමාවක් තිබෙන්න ඕනේ (නදී)

:       0       0

තිස්ස Saturday, 22 August 2015 04:57 AM

සන්දානේ පරාජය විතරක් නොවේ ශ්‍රී ලංකා එක දෙකට කැඩීමත් බාර ගන්න ඕනේ. (නදී)

:       0       0

නිෂා Saturday, 22 August 2015 04:59 AM

දිලූ , ඔබ 100% නිවැරදියි. ඒත් ඡන්ද පොළවල් වල හිටපු අයගෙන් ලැබුන ආරංචි හැටියට ලොක්කෝ තමයි තීරණය කරන්නේ කව්ද හලන්නේ, කව්ද ගන්නේ කියලා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 22 August 2015 05:03 AM

රන්ජිත් , "ප්‍රසන්න රණතුංග කොන්ද පණ තිබෙන, මිනිස්සු ආදරය කරන කෙනෙක්". ඒ කතාවට මමත් එකඟයි. අපි දැක්කනේ වීඩියෝවක් (නදී)

:       0       0

මනිරාජ් Saturday, 22 August 2015 05:05 AM

ගම්පහ ජනතාව නියම වගකීම දුන්නා (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 22 August 2015 05:05 AM

ලංකාවේ දුප්පත් මිනිස්සු නැහැ. ඉන්නේ සුපිරි පොහොසත්තු සහ ඒ පොහොසත්තුන්ට සිය කැමැත්තෙන්ම වහල් සේවය කරන වහල්ලු ටිකක් විතරයි. තමන්ගේ පන්තිය තේරුම් ගන්න පුලුවන්නම්, ජවිපෙට ඡන්දය නොදී ඉදීවිද. (නදී)

:       0       0

නඳුන් Saturday, 22 August 2015 05:06 AM

අනේ මෙහෙමත් බුරු කතා (නදී)

:       0       0

මොහාන් Saturday, 22 August 2015 05:09 AM

ඔහේගේ කව්රු හරි නේද ගම්පහ ගෙදරක නිදන් හාරලා චාටර් උනේ ? (නදී)

:       0       0

රොජර් Saturday, 22 August 2015 05:16 AM

බස්නායක මහත්තයෝ ඔයා සපෝර්ට් කරපු රුවන් රණතුංගයි, කෝකිලායි දෙන්නම අන්ත පරාදයි නේද මහත්තයෝ. එරංග සපෝර්ට් කරපු ප්‍රසන්නයි, ප්‍රසන්න රණවීරයි දෙන්නම 1,2 පණ්ඩුට ගත්ත ඡන්ද ටික හරි ලැබුනේ එරංග හින්දා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 99 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 178 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 314 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 309 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 677 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 506 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site