IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘සන්ධාන ආණ්ඩුවක් හදන්න තවම පුළුවන්‘ - දිනේෂ්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තවමත් අවස්ථාව ඇතැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණය ආසන්නයේ කළ පක්ෂ ලේකම්වරු ඉවත් කිරීම වැනි ක්‍රියාවක් තදබල පාලනයක් ගෙනගිය ජේ.ආර්.ජයවර්ධන මහතා පවා කර නොමැති බවත් සන්ධානය ඡන්දයේදී ආණ්ඩුවක් පිහිටුවීමේ දොරකඩ සිටියදී සන්ධාන සභාපති ලෙස ජනපති ගත් නීතිවිරෝධී පියවර හේතුවෙන් ජයග්‍රහණය අඩපණවූ බවද ගුණවර්ධන මහතා කීවේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා හෘද සාක්කියට අනුව කටයුතු නොකළ බවත් ඔහු හෘද සාක්කියට අනුව කටයුතු කළේ නම් මහ ලේකම් ධූරයෙන් ඉවත් විය යුතුව තිබුණේ මීට පෙර බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

විකෘති ජාතික ලැයිස්තුවකට අත්සන් කළ සන්ධාන හිටපු මහ ලේකම් සන්ධානය විනාශ කළ බවද ඔහු එහිදී පැවසීය.

Dinesh_201826p



අදහස් (0)

‘සන්ධාන ආණ්ඩුවක් හදන්න තවම පුළුවන්‘ - දිනේෂ්

ලුම්බිණි Thursday, 27 August 2015 02:00 AM

මෙතුමාට වුණ දේ ගැන දුකයි. කොහොම හොඳට හිටිය කෙනෙක්ද? (ම)

:       0       0

යසපාල Thursday, 27 August 2015 03:06 AM

මේ පාර වෙනසක් කරමු. අලුත් කට්ටිය හරියට කරේ නැත්තන් ඒ ගොල්ලත් අවුරුදු 5 කින් මාරු කරමු.(ම)

:       0       0

ජයරත්න Thursday, 27 August 2015 03:25 AM

බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ... කිරි රස දන්නෝ මව් හදුනන්නෝ.(ම)

:       0       0

කැවම් Thursday, 27 August 2015 03:27 AM

පහුගිය කාලෙ කෑම වල රහ තවමත් මතකය් .කොහොම වාවගෙන ඉන්නද ? (ම)

:       0       0

අනුර විතාන Thursday, 27 August 2015 03:47 AM

වයස නිසා මම හිතන්නේ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ .මේ වගේ පිස්සෝ යවන්ට ඕන අංගොඩ (බ)

:       0       0

ජනක Thursday, 27 August 2015 03:47 AM

කාට හරි ප්‍රබල පක්ෂයකට මුක්කු ගහල ගොඩ ගිය ඔබ තුමාලා වාසුල විමල්ල ගම්මන්පිලල වගේ අය හින්ද තමා පොදු පෙරමුණට හෙන ගැහෙව්වේ මහත්තයෝ.දැන්වත් උණුවතුර ටිකක් නාල ගෙදරට වෙලා හිටියනම් හොඳා නේද නිකන් දවල් හීන දකින්නේ නැතුව..(බ)

:       0       0

සංදීප Thursday, 27 August 2015 03:53 AM

දිනේෂ් මහත්තයෝ දැන් ටිකක් ගෙදර ගිහින් විවේක සුවයෙන් කල් ගෙවන්න. මහින්ද මහත්තය පැරදුනේ ඔබතුමාලා එතමාගේ වැරදි දේටත් එහෙයි කියපු නිසා. 18 වෙනි සංශෝධනය කියන්නේ ඉතිහාසයේ බරපතල වරදක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවිය යුත්තක්. මහින්ද මහත්තය බල ලෝබයෙන් තොරව විදායක ක්‍රමය අතඇරියනම් එතුමා අදටත් අගමැති. රනිල් කියන්නේ කාලයකින් පහළවන ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා 2005 ඔබතුමන්ලාගේ සුළුතර ආණ්ඩුව කකුලෙන් ඇද්දේ නැහැනේ. දැන් එතුමාට පාඩුවේ වැඩේ කරගෙන යන්න දෙන්න. (බ)

:       0       0

අමිත Thursday, 27 August 2015 03:55 AM

මේ අර බොරලුගොඩ සිංහයාගේ පුතාද? වෙන්ඩ බැහැ ඔහුගේ පුතෙක් නම් මේ වගේ වෙන්ඩ බෑ.බල ලෝභයට මේ වගේ කෑගහන්නේ නෑ. (බ)

:       0       0

රසික Wednesday, 26 August 2015 12:18 PM

මහත්තයෝ දැන් නැගිටින්න. දැන්වත් තේරුම් ගන්න කෝච්චිය ගිහින් ඉවරයි කියලා.(හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 August 2015 12:22 PM

කොහොමද ආණ්ඩුවක් හදන්නේ බහුතරක් නෑනේ.(හේ)

:       0       0

ස්මිත් Thursday, 27 August 2015 04:17 AM

අනේ පවු, දුකට කියන කතා අපි දන්නවා ඔහේගේ හීන මාන, දැන ඉතින් මක් කරන්න දෝ.(අ)

:       0       0

සරත් Wednesday, 26 August 2015 12:30 PM

පැරදුනා නම් දැන් ඉන්න පැත්තකට වෙලා.(හේ)

:       0       0

සිල්වා Wednesday, 26 August 2015 12:37 PM

ශ්‍රී ලංකා අයගේ ඡන්දෙ නැත්නම් මහත්තයෝ ඔයාලා අද ඉන්නේ අනාත නිවසෙක (හේ)

:       0       0

සුජීව Wednesday, 26 August 2015 12:38 PM

අවුරුදු 10 හදා ගත්තු ආණ්ඩුවට මොන ද වුනේ ? දිනේෂ් මහතාණනි , (හේ)

:       0       0

බණ්ඩා Wednesday, 26 August 2015 12:40 PM

දැන් ගෙදර ගියොත් නරකද ?(හේ)

:       0       0

ධම්ම Wednesday, 26 August 2015 12:42 PM

ලොකු කතා කිව්වට තනියම ආණ්ඩුවක් හදන්න කාටවත් බෑ.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 26 August 2015 12:49 PM

අතහැරිය යුතු විට අතහරින්න (හේ)

:       0       0

අසේල Wednesday, 26 August 2015 12:49 PM

අවුරුදු දහයක් ආණ්ඩුව කරා නේද?දැන් වෙනසකට ඉඩ දෙන්න.(හේ)

:       0       0

නාමල් හේරත් Wednesday, 26 August 2015 12:50 PM

දිනේස් මන්ත්‍රී තුමා මාර කතා කියන්නේ ? (හේ)

:       0       0

සේපාල Wednesday, 26 August 2015 12:54 PM

2019 දී බලමු .ඔයා මහජන එක්සත් පෙරමුණෙන් ඉල්ලලා දිනන්න.(හේ)

:       0       0

නන්දන Wednesday, 26 August 2015 12:57 PM

අවුරුදු 10ක් රට කලා මොකද කරේ.දැන් පාඩුවේ ඉන්න.(හේ)

:       0       0

අනුර Wednesday, 26 August 2015 12:59 PM

ඇමති කමක් නැතිව බැහැ වගේ (හේ)

:       0       0

සිරිල් Thursday, 27 August 2015 04:53 AM

මේයා ට පිස්සු. (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 26 August 2015 12:59 PM

රටේ බහුතර ජනමතයට එරෙහිව කතා කරන මොවුන් තමයි ප්‍රජාතන්ත්‍ර විරෝදින් .(හේ)

:       0       0

මොහොමඩ් Thursday, 27 August 2015 05:00 AM

දැන් විවේක ගන්න (අ)

:       0       0

අබය Thursday, 27 August 2015 05:02 AM

දහතුනක් සල්ලි දීල ගන්න බැරිද (අ)

:       0       0

ගයාන් Wednesday, 26 August 2015 01:23 PM

අංගොඩ, අංගොඩ,,,, අංගොඩ , යන්න යන්නේ .යන අය නගින්න ? (බ)

:       0       0

අනුර Thursday, 27 August 2015 05:17 AM

පිලිප් ගුනවර්දන මැති තුමාගේ අති ජාත පුතා හැටියට රට ජාතියට ඉදිරියටත් නොසැලී සේවය කරන්න. ජනතාව ඔබ සමග සිටිනවා. (අ)

:       0       0

අමර Wednesday, 26 August 2015 01:42 PM

මහින්දව ගේන්න මේ කට්ටියට තම ලොකු උවමනාවක් තියෙන්නේ එක පෙන්නලා මන්ත්‍රීකම ගන්ඩ (බ)

:       0       0

මහසෙන් Wednesday, 26 August 2015 01:47 PM

මේ කෙප්ප වස්සෝ මස් කඩේට දක්කන්න ඕනේ. (බ)

:       0       0

ප්‍රීටර් Thursday, 27 August 2015 05:26 AM

ඔයාලට වැඩිය අපි උගත්,ඔයාලට වැඩිය අපි ඉස්කෝලේ ගිහින් තියෙනවා.(අ)

:       0       0

කිර්ති Wednesday, 26 August 2015 02:20 PM

දිනේෂ්, දැන් දේශපාලනේන් විශ්‍රාම යන්න. පිස්සුවෙන් වගේ අනුන්ට කඩේ යන එක එපා වෙන්නේ නැද්ද ඇත්තටම?(හේ)

:       0       0

චන්න බුවනක Wednesday, 26 August 2015 02:21 PM

මේ මිනිස්සුන්ට තමන්ගේ වැඩක් කරගෙන ඉන්න බැරි හැටි.(හේ)

:       0       0

හෂී Wednesday, 26 August 2015 02:26 PM

දැන් මේ අය කල් ඉකුත් වෙච්ච අයයි.(හේ)

:       0       0

ආරියසේ Thursday, 27 August 2015 05:47 AM

මීට පෙර මහින්ද මහත්තය යහපත් පැත්තට ගන්න කොන්දක් තිබ්බා නම් මෙහෙම වෙන් නැහැ. (අ)

:       0       0

අනුර Wednesday, 26 August 2015 02:27 PM

ජනතාවගේ තීන්දුවට හිස නමන්න ඉගෙනගන්න .(හේ)

:       0       0

විජිත් Wednesday, 26 August 2015 02:28 PM

දැන්වත් රට වෙනුවෙන් සේවය කරා ඇති.දැන් නිදහසේ අනිත් අයටත් අවස්ථාවක් දිලා බලන්න.(හේ)

:       0       0

රුවන් රණසිංහ Thursday, 27 August 2015 05:48 AM

යු.එන්.පි. නැත්නම් පුළුවන් (අ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 05:52 AM

මේ ඔක්කොටම පිස්සු, දිනුවේ වෙන රටවල් පැරදුනේ ශ්‍රී ලංකාව. උදාහරණ - චීනය පැරදුන ඇමෙරිකන් , ඉන්දියාව දිනුව. ගොන් වහන්සේලාට තේරෙන්නේ නැහැනේ. (අ)

:       0       0

වරුණ Wednesday, 26 August 2015 02:46 PM

කාලය හැමදේම විසදයි. (හේ)

:       0       0

සහන් Wednesday, 26 August 2015 03:10 PM

දැන් පරක්කු වැඩියි.(හේ)

:       0       0

ෂහාන් Thursday, 27 August 2015 06:25 AM

මෙයාගේ පක්ෂෙන් ආවනම් මෙයාගේ ගෑනිගේ ඡන්දෙ වත් මෙයාට ලැබෙන්නේ නෑ. (අ)

:       0       0

මෙවන් Wednesday, 26 August 2015 03:31 PM

ඉස්සර මමත් දිනේෂ්ට ගරු කළා, දැන් පිස්සුවෙන් දොඩවනවා, බලයට තියෙන පෙරේත කමට (බ)

:       0       0

විමල් Wednesday, 26 August 2015 03:37 PM

වයස නිසා මීටර් අවුට් වගේ (බ)

:       0       0

ජයසේන Wednesday, 26 August 2015 05:08 PM

මේ අය ආයෙම කෑගහන්න පටන් අරන්. ආණ්ඩුවක් හදන්නේ 3 නාද? 5 නා ඳ? (බ)

:       0       0

කමල් Wednesday, 26 August 2015 05:22 PM

දැන් බණක් භාවනාවක් කරන්න වයස හරිනේද? (ම)

:       0       0

පද්මිණි Wednesday, 26 August 2015 05:51 PM

අනේ, ඔය සන්ධානේ පැරදුනා කියල මෙයාටත් මතක නැත්තේ වයසට වෙනැති. (අ)

:       0       0

නිමල්රජපක්ෂ Wednesday, 26 August 2015 06:46 PM

හිතවත් දිනේෂ් ,තවම බලයට තියෙන කෑදරකම ඇත හැර නැහැ වගේ කරුණාකර ඔබේ සහෝදරයා ,ඉන්දික මෙන් වැදගත් විදිහට ගෙදරයන්න කාටවත් කඩේ යන්න එපා (අ)

:       0       0

සුනිල් Wednesday, 26 August 2015 06:57 PM

හදාගන්නම ඕනි නම් හදාගත්තට කමක් නැහැ. එත් අපිට නම් ඕනි නැහැ. ජනතාවගේ කැමැත්ත කියන එක මෙයාලට අද විහිළුවක් වෙලා. (අ)

:       0       0

රජිව Wednesday, 26 August 2015 07:03 PM

ඔව් දැන්වත් තමුන්තේ තමුන්ගේ තරම දෙනගන්න. (අ)

:       0       0

පිරිස් Wednesday, 26 August 2015 08:57 PM

තනියම ඉල්ලන්න ...............(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 159 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1485 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1037 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1140 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1715 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 688 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site