IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක

බාල වයස්කාර දරුවන් තිදෙනකු  කලක සිටම අපයෝජනය කළැයි  නුවරඑළියේ සන්ධානයේ  ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

නුවරඑළිය මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා  වෙත  අද (16) එම ළමයින් ඉදිරිපත් කළ බවත් ඔවුන් සමඟ ඔවුන්ගේ මව්පියන්ද  මහෙස්ත්‍රාත් නිල නිවසට කැඳවාගෙන ගිය බවත් දැනගන්නට ඇත.

එම ළමයි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා කොළඹට රැගෙන එනු ලැබුහ.

අවිවාහකයකු වන ප්‍රාදේශිය දේශපාලනඥයා (45) නුවරඑළියෙන් බැහැරව සිටින බව  පෙනේ යැයි පොලිසිය කියයි.



අදහස් (0)

සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක

සිල්වා ගුණරත්න Friday, 16 August 2013 10:48 PM

කැමැත්තෙන් යමක් කලොත් ඒක ළමා අපයෝජනයක් වෙන්නේ නැහැනේ. මේක හරි දෙයක්ද ? නැහැ. මේක වැරදි දෙයක්. මේක මම ඉතා වගකීමෙන් කියන දෙයක්. (නි)

:       0       0

මධූෂා Friday, 16 August 2013 10:50 PM

මෙවන් ළමා අපයෝජනයකට ලක් වූවන් විවාහ ජීවිතයක් ගත කරද්දී වුනත් ලිංගික ඇසුරට තදබල අකමැත්තක් දක්වනවා. මොකද කුඩා කාලයේදී ලබපු අමිහිරි අත්දැකීම වැඩිහිටියෙක් වූ පසුව වුනත් හිතෙන් ඉවත් කර ගැනීම අසීරු නිසා (නි)

:       0       0

පෙරේරා Friday, 16 August 2013 11:34 PM

100% ෂුවර්. ශ්‍රී ලංකාවේ මිනිස්සු ඡන්දය දෙයි (නි)

:       0       0

රූපවතී Friday, 16 August 2013 11:48 PM

මේක නම් මහා පුදුමම ශාපයක්. ලැජ්ජයි. අපිට දරුවෙක් හදාගෙන කුලී වැඩක් කරලා වත් ජීවත් වෙන්න අවකාශයක් නැහැ රටේ (නි)

:       0       0

සරත් අතාවුද Saturday, 17 August 2013 12:23 PM

අපරාද කරන තරමක් කරන්නේ දේශපාලුවෝ.(නදී)

:       0       0

ජයලත් Saturday, 17 August 2013 12:02 AM

ඔක ගැන හරියට දැනගන්න නම් කැබිනට් ප්‍රකාශකගෙන් අහගන්න ඕනෑ. සමහර විට විදේශීය කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)

:       0       0

සත්‍ය Saturday, 17 August 2013 12:03 AM

රටේ දරුවන්ට සුබ අනාගතයක්! (නි)

:       0       0

චමීර Saturday, 17 August 2013 12:28 PM

ළමා අපයෝජකයාව නිදහසේ සිටීමට ඉඩහල යුතුයි. අපයෝජනයට ලක් වූ දරුවා සැබවින්ම අපයෝජනයට ලක්වී ඇති දැයි පිරික්සීම සඳහා කීප දෙනෙකුගෙන් සැදුනු කමිටුවක් මඟින් යළිත් වරක් දරුවාට අපයෝජනයට ලක් කළ පරීක්ෂා කළ යුතුය. දරුවා කෑ නොගසා නිකම් ඉන්නේ නම් ඔයා අපයෝජනයට කැමැති බව වටහා ගෙන මේ චෝදනාවෙන් අපයෝජකයා නිදහස් කළ යුතුය.(නදී)

:       0       0

සංජීව Saturday, 17 August 2013 12:32 PM

අර හැම දේටම රතු මල්ලිලට බනියි කියන කෙනා මේකටත් රතුමල්ලිලාගේ වැඩක් කියයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

දසුනි Saturday, 17 August 2013 01:10 AM

මොන දේ කලත් අපේ අය ඡන්දෙ දෙනවා කියල දන්නවා. ඒකනේ බය, සැක නැත්තේ. අපිව ඒ තරමටම විශ්වාසයි.(නදී)

:       0       0

අමිළ Saturday, 17 August 2013 01:15 AM

සන්ධානයේ උඩ ඉඳල යට වෙනකන් ඉන්නේ අපයෝජකයෝ තමයි.(නදී)

:       0       0

ඡයා Saturday, 17 August 2013 01:25 PM

කව්ද දන්නේ ළමයි කැමැත්තෙන් ගියාද කියලා. අර ගස් බැද ගත්ත වගේ.(නදී)

:       0       0

අස්මිත් Saturday, 17 August 2013 01:28 PM

සන්දානේ මන්ත්‍රී කෙනෙක් මේවා නොකලොත් පුදුමයි. දේශපාලන ඉතිහාසයේ හැම දහජරාවක්ම කරන,දුෂ්ටයන ගැන ආඩම්බර වෙන්න තමයි වෙන්නේ. මේ අයව නඩත්තු කරන ලොක්කට කිසි ගානක් නැහැ,සේම අපි මේවට දාන ප්‍රතිචාර වත් පලකරන්න බයයි. සමාජය මෙතරම් පිරිහිලත් මේ අයටම ඡන්දය දෙන ජනතාව මේවට වග කියන්න ඕනේ.(නදී)

:       0       0

කුමාර Saturday, 17 August 2013 03:55 AM

දේශපාලකයන්ගේ මුලික අයිතිවාසිකම් උදුරා ගන්න අදිකරණයට බලයක් නැහැ. දේශපාලකයා උත්තරීතරයි. (නදී) .

:       0       0

ගයාන් Saturday, 17 August 2013 04:05 AM

අපයෝජනය කරන කෑල්ල කපල පස්චාත් බාගයේ ගහන්න ඕනා.(නදී)

:       0       0

පිටිගල Saturday, 17 August 2013 02:04 PM

ප්‍රතිචාර දැම්මාට වැඩක් නැහැ පලකරන්න බය නම්.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 17 August 2013 04:39 AM

ඔබ හරි විජේ !!!(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 04:55 AM

මොන බොරුද, අපේ සන්ධානයේ මෙහෙම අය නැත මේක තුන්වන පාර්ශවයක් සම්බන්ද වෙලා කරපු විදේශ කුමන්ත්රණයක්.(නදී)

:       0       0

ජයසූරිය Saturday, 17 August 2013 02:41 PM

අද ඔකතමා සන්දානේ යන රැල්ල .(නදී)

:       0       0

චමී Saturday, 17 August 2013 05:46 AM

කෝ මේ බන්දුල පෙරේරා, නියම මිනිහෙක්නම් මේවත් හෙළා දැකලා අදහස් පලකරන්නකෝ නිකන් දේශපාලුවන්ට කඩේ යනවා.(නදී)

:       0       0

පිටබැද්දර ජය Saturday, 17 August 2013 05:50 AM

අනේ මන්ද දැන් දැන් මේ කට්ටියට විනයක් කියන එකක් ඇත්තෙම නැද්ද කියල ? එහෙන් වැලිවෙරියේ දරුවෝ දෙන්නෙක් පට පට ගාල ඉවර කරලා දැම්ම , දැන් මේ අහිංසක මල් වගේ දරුවෝ අඹුබුකමට ගන්නවා , රාජා භවතු දම්මිකෝ.(නදී)

:       0       0

ද සිල්වා Saturday, 17 August 2013 06:06 AM

මොහුගේ නම කුමක්ද?(නදී)

:       0       0

ලංකාසිරි Saturday, 17 August 2013 03:30 PM

ඡන්දෙ දෙන අයට බැනල වැඩක් නෑ. දැන් කලක ඉඳන් මේ අය දින්නේ හොර ඡන්දෙන්. මේකට විකල්පයක් හොයන තාක් වට්ටන්න බෑ. රට යන්නේ ඔහොමම තමයි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 17 August 2013 06:16 AM

කෝ දැන් අර තනතුර නොබලා දඬුවම් කිරීමේ තියරිය? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 04:05 PM

අපගේ පාඨක සමාජයට සුපුරුදු ලෙසම මේ ළමයන් අපයෝජනය වීම දේශපාලුවකුගේ අතින් වීමත් ඔහු සන්දානයයේ අයකු වීමත් නිසාම මෙම පුවත වැදගත් වුවා මිසක අපයෝජනය වූ ළමුන් පිලිබදව ඇති වූ අනුකම්පාවක් නිසා මේ පුවත වැදගත් නොවුණු බව ඉතා පැහැදිලිය. සියලු වෘත්තිකයන් අතර අපතයෝ සිටිති..මේ දේශපාළුවන් අතර සිටින අපතයෙකි..ගුරුවරුන් වෛද්‍යවරුන් ආදී සමාජයේ වැදගත් අය යැයි කියාගන්නා අය අතරත් මෙවැනි විකෘති ආශාවන්ගෙන් යුත්තන් බොහෝ සිටිති..පාඨකයන් පවසන ලෙස මින් පසු නාම යෝජනා දීමේදී ඔවුන්ගේ ලිංගික චර්යාවන් පරීක්ෂා කර බලා හැකිතාක් දුරට නපුන්සකයින් සොයා නාම යෝජනා ලබා දීමෙන් මේ දෝෂාරෝපණ වලින් ගැලවීමට රජයට හැකිවනු ඇත..ඉදිරියේදී එන විපක්ෂයේ රජයකටද මෙය සළකා බැලීම වැදගත් වනු ඇත. (නදී)

:       0       0

ජෙරාඩ් Saturday, 17 August 2013 06:47 AM

මෙයට පක්ෂ සම්බන්දයක් නොමැති අතර මොහුගේ පුද්ගලික ක්‍රියාවකි එබැවින් මොහුට නීතිය මගින් දඩුවම් ලබාදෙනු.(නදී)

:       0       0

විජේ Friday, 16 August 2013 07:08 PM

ආයේ අපයෝජනය කරන්න බැරි වෙන විදියට වැඩේ කළා නම් වැඩේ ඉවරයි. (නි)

:       0       0

ලසන්ත Saturday, 17 August 2013 07:29 AM

චින්තනේ හැටියට නම් දඩුවම් ලබපු අයව නිදහස් කිරීමනේ කෙරෙන්නේත තවම දඩුවම් දුන්නේ නැහැනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 07:31 AM

සන්ධානේ කෙනෙක් නොවුනානම් තමයි පුදුමය.(නදී)

:       0       0

ගයනා Saturday, 17 August 2013 07:39 AM

ප්‍රශ්නයක් නැහැ. කෙරෙන පරීක්ෂණ ගැන බය වෙන්න දේකුත් නැහැනේ. තව සතියකින් මල් මාලා දාල පිළිගන්න මේවට කැමති පිරිසක් මග බලා ගෙන ඉන්නවානේ.(නදී)

:       0       0

විජේ Friday, 16 August 2013 07:18 PM

ප්‍රශ්නය අවසන් කර දමන්න (නි)

:       0       0

කපිල Friday, 16 August 2013 07:23 PM

මොහුට හොද දඩුවමක් දෙන්න (නි)

:       0       0

දිසානායක Friday, 16 August 2013 07:28 PM

ප්‍රශ්නයක් නැහැ.කෙරෙන පරීක්ෂණ ගැන බය වෙන්න දේකුත් නැහැනේ.තව සතියකින් මල් මාලා දාල පිළිගන්න මේවට කැමති පිරිසක් මග බලා ගෙන ඉන්නවානේ. (නි)

:       0       0

විමල් Friday, 16 August 2013 07:28 PM

දේශපාලකයෝ නොව මොවුන් දේශය කන්නෝය. මිනිසුනේ දැන්වත් හරියට හිතන්න (නි)

:       0       0

අනුර Friday, 16 August 2013 07:30 PM

කරන්න තියෙන්නේ එක දෙයයි (නි)

:       0       0

තිලා Saturday, 17 August 2013 08:13 AM

අර ඉස්සර වගේ තවමත් 32 කාමරේ තිබ්බනම් ලාච්චුවට දාන්න තිබ්බා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 06:43 PM

මොන බොරුද සන්ධානේ අය කවදාවත් ඔය වගේ ජරා වැඩ කරන්න් නැහැ. ඕකත් රතු මල්ලිලගේම කුමන්ත්‍රණයක් කියලා මට හිතෙන්නේ. මේ අපචාරයට ලක්වුනා කියලා දරුවා රතු දරුවෙක් යොදා ගෙන කැමැත්තෙන් සිදුවූ අපචාරයක් වැරදියට සන්ධානය අපහසුතාවයට පත් කිරීමට වෙනස් විදිහට අර්ථකථනය කරලා.(නදී)

:       0       0

පිටිගල Friday, 16 August 2013 08:07 PM

දැන් ඉතින් මේවා අපේ ආශ්චර්යය කියලා හිතාගෙන අහක බලන ගිරිගෝරිස් වගේ ඉන්නයි තියෙන්නේ.මොකද මේවා ඒ අයට ආවේනික ලක්ෂණ. මේවාට බේත් නැහැ. (ස)

:       0       0

රෝහණ Saturday, 17 August 2013 06:57 PM

මේ අයව අයින් කරනවානම් මේ සැරේ පලා බබ්බු හොයාගන්න වෙන්නේ නැහැ දැන් කි දෙනෙක් රිමාන්ඩ් කරලාද. ඒවුනාට ඕව තමයි නියම සුදුසුකම්.(නදී)

:       0       0

චමීර Saturday, 17 August 2013 09:02 AM

1වැනි සිහිනය:- කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි. බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. (නදී)

:       0       0

මංජුල රියාද් Friday, 16 August 2013 08:24 PM

මඩ මඩ ඔය බොරු.(නදී)

:       0       0

චන්දි Friday, 16 August 2013 08:25 PM

දෙන්න ඕන දඩුවම මෙහි සදහන් කලොත් පල කරන එකක් නැහැ ''එහෙත්'' කියන්න තියෙන්නේ අරාබි රටවල දෙන දඩුවමක් දෙන්න ජිවිත කාලෙම එහෙම දෙයක් කරන්න බැරි වෙන්න.(නදී)

:       0       0

දිසානායක. Friday, 16 August 2013 08:25 PM

මම කල්පනා කළා මේ මෑතක සිට සමහර දේශපාලකයෝ එක එක සංවිධාන සමග එකතු වී වැඩියෙන් දරුවන් හදන්න කියා මිනිසුන් පොලඹ වන්නේ මොකද කියලා.(නදී)

:       0       0

කමල් Friday, 16 August 2013 08:29 PM

මෙයාට බෑණා කෙනෙක් ඉන්නවානම් බයවෙන්න දෙයක් නැහැ ගොඩයන්න පුළුවන්. (නදී)

:       0       0

සුනිල් Friday, 16 August 2013 08:30 PM

එක ගමකට එක (බලු) වැඩක් !!(නදී)

:       0       0

කවී Saturday, 17 August 2013 09:26 AM

තිරිසන් වැඩ කරන අය රජ පුටුවල.(නදී)

:       0       0

රාහුල Saturday, 17 August 2013 09:52 AM

මෙයා අපේ හාදයෙක්, මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ රට වැසියනි මේවට අහුවෙන්ඩ එපා. අපේ කට්ටිය දේශාභිමානයි.(නදී)

:       0       0

ආරච්චිගේ Friday, 16 August 2013 09:06 PM

එක්කෙනෙක් කිව්වේ 300 කරලා ආවේ කියලා. ප්‍රාදේශිය මන්ත්‍රී වරුන්ට දෙන්ඩ ඕනේ රජ කාලේ දඩුවම්.(නදී)

:       0       0

චමින්ද ප්‍රදීප් Saturday, 17 August 2013 10:12 AM

ළමා අපයෝනයකදී අදාළ දරුවා එම ලිංගික කටයුත්තට කැමැත්තෙන් සහභාගී වී තිබුනහොත් එය තවදුරටත් ලමා අපයෝජනයක් නොවේ. මන්ද ලමයාද එම ලිංගික කටයුත්තන් තෘප්තියක් ලබා ඇතැයි එමඟින් පෙනී යන බැවිනි. (නි)

:       0       0

අමිල Friday, 16 August 2013 09:33 PM

මේ අය‍ට කරන්න තියෙන්නේ එකම දෙයයි. වෙනම පක්ෂයක් හදන්න ඕනේ අපචාර සන්දාන පක්ෂය ,එතකොට ඡන්දෙ දෙනවද නැද්ද මහජනයා තින්දුකරයි. නම් ලිස්ට් එක උසාවියෙන් ගන්න.(නදී)

:       0       0

දම් Friday, 16 August 2013 09:44 PM

මේ ඡන්ද කාලේ මේවා එලියට දැම්මොත් මොනවායින් මොනවා වේවිද දන්නේ නෑ.(නදී)

:       0       0

භද්‍ර සුබසින්ග්හේ Friday, 16 August 2013 10:01 PM

මෙවැනි අයට ඡන්දය දෙන අයට හොදක් නොවේවා! (නි)

:       0       0

කිරීයා Saturday, 17 August 2013 11:02 AM

දේශපාලක ගල් වඩුවනුත් ඉන්නවද අනේ? (නදී)

:       0       0

චමිල - පානදුර Friday, 16 August 2013 10:07 PM

මේ වගේ අයද ඡන්දෙ දීලා ප්‍රාදේශීය සබාවට යවලා තියන්නේ, දෙමපියෝනුත් මීට වැඩිය දරුවෝ ගැන අවධානයෙන් ඉන්නවා නම් තමා හොද.වහාම තනතුරින් එලවලා දාන්න ඕනෑ. (නි)

:       0       0

අචිනි Saturday, 17 August 2013 11:15 AM

රාහුල , මටත් හිතෙන්නෙම මේක ජාත්‍යන්තර බළල් හස්තයක හෝ ඊළාම් ඩයස් පොරවේ වැවක් කියලයි රට අරාජික කරන්න උත්සහ දරන.(නදී)

:       0       0

පිටිගල Friday, 16 August 2013 10:24 PM

සන්ධානේ කෙරුමන්ට වුව මේ රටේ නීතිය වලංගුය (නි)

:       0       0

අසිත Sunday, 18 August 2013 03:16 AM

ෂික් වීතරක්!...... (නි)

:       0       0

හෙළයා Friday, 16 August 2013 10:35 PM

විජේ, ඒ කියන්නේ මොකක්ද? (නි)

:       0       0

සීල Friday, 16 August 2013 10:38 PM

මේ අය මෙච්චර ගානක් වියදම් කරලා මන්ත්‍රී වෙන්නේ ඔය වල් වැඩ කරන්න. කෝ අපේ උගත් බන්දුල මහත්තයා.?(නදී)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 11:38 AM

ෂරියා නීතිය හෝ ඊටත් වඩා ප්‍රබලව මෙරටේ නීතිය සංසෝධනය කල යුතුයි එවිටයි මෙරට යන අපරාධ රැල්ලෙන් මුදවා ගත හැකිවෙන්නේ.(නදී)

:       0       0

පිටිගල Friday, 16 August 2013 10:43 PM

මොකක් කරන්නද අනුර? වැඩේ ගොඩින් බේරා ගන්නද? නැත්නම් පැමිණිලි කරලා උසාවි පොලිසි ගිහින් රස්තියාදු වෙලා ළමයින්ගේ නමත් කැත කරගෙන නිකම් ඉන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3227 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2344 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3189 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3069 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36079 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site