IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපාලු

පරාජය වු අපේක්ෂකයන්  ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට නොයවා  එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා  නිදහස්  සන්ධානය කෙරෙහි ද ක්‍රියාත්මක කරන්නැයි  ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේන මහතාගෙන්  ඉල්ලීමක් කළේය.

ජනතාව තෝරා  පරාජය කරන ලද්දේ  ඔවුන්ට එපා යැය සළකන නියෝජිතයින් වන බැවින් පස්සා  දොරෙන්  ඔවුන් ඇතුළට  ගැනිම ජනතා  අපේක්ෂාවන්ට  එරෙහිව යාමක්  යැයි ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සංවිධායක ගෙවිදු කුමාරතුංග මහතා කීවේය.

ඔහු මේ බව කීවේ නාරාහේන්පිට  අභයාරාමයේ  අද (21) පැවති  මාධ්‍ය හමුවක දී ය.



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපාලු

පීරිස් Saturday, 22 August 2015 06:10 AM

පැරදුනත් පස්ස දාරෙන් ගන්න ඕනෑනම් ඇයි මිනිසුන්ට බැන බැන මැතිවරණ තිබ්බේ (නදී)

:       0       0

දිනේෂා Friday, 21 August 2015 03:55 PM

යහපාල මහතාගේ කතාව මසුරන් වටිනවා (නි)

:       0       0

සෑම් ද මෑන් Friday, 21 August 2015 03:58 PM

ඡන්දදායකයො ඉවත් කළාට පස්සෙ, ආයෙත් ගෙනල්ලා ඇතුළට දානවා (නි)

:       0       0

බන්දු Friday, 21 August 2015 04:00 PM

හොඳයි, ඒවගේම තමන්ගේ හිතුමතයට පැත්තෙන් පැත්තට පනින එකත් තහනම් කරන්න. ඒකත් ඡන්දය දුන් අයට කරන අසාධාරණයක්.... (නි)

:       0       0

සමන් Saturday, 22 August 2015 07:33 AM

මනාප අඩුවූ පමණින් ඔවුන් පරාජිතයින් හෝ ප්‍රතික්ෂේපවුවන් නොවේ. (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 22 August 2015 07:35 AM

රට ගැන හිතන්නේ නැති පිරිසක් එකතු වී ආණ්ඩු කරන්නේ මොකටද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විකාර කතා කිවුවාට රට විනාශ කරලා තමයි පස්ස බලන්නේ (නි)

:       0       0

මහින්ද Friday, 21 August 2015 04:59 PM

මෙය ජනතා පරමාධිපත්‍ය විමසා බලන වෙලාව නිසාවෙන් ජනතා පරමාධිපත්‍යට පයින් ගසා පැරදුන අය ගන්න එපා ජනාධිපතිතුමනි. ජනතාව පරාජය කළ අය නැවත ගන්න එපා. (නි)

:       0       0

ප්‍රමිලා Friday, 21 August 2015 05:30 PM

විලිලැජ්ජයි අපිටත් එක්ක (නි)

:       0       0

තිලක් Friday, 21 August 2015 05:49 PM

රනිල් හරි තීරණයක් එඩිතරව ගත්තා.ඒ ගැන හරි සතුටුයි.ඉදිරියටත් එවැනි තීරණ ගනී කියා සිතමු (නි)

:       0       0

කපිල Friday, 21 August 2015 06:08 PM

ජාතික ලැයිස්තුවෙන් බොහෝ දේ තීරණය වේවි (නි)

:       0       0

ධම්මික Friday, 21 August 2015 07:39 PM

කරුණාකර මහජන අදහස් වලට ගරු කරන්න.ඡන්දෙ පැරදුන නම් කවදාවත් ගන්න එපා. (නි)

:       0       0

ජනක Friday, 21 August 2015 08:26 PM

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අනෙකුත් සියලුම දේශපාලන නායකයින්ට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීන් නම් කිරීමේදී හොඳ පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා. මෙය ඉතාමත්ම හොඳ අගය කළයුතු පියවරක් (නි)

:       0       0

යටවත්ත Saturday, 22 August 2015 11:21 AM

අනේ මන්දා මගේ රටට වෙන්න යන දේ? (නි)

:       0       0

වසන්ජය Friday, 21 August 2015 08:33 PM

ජාතික ලැයිස්තුවකින් වියයුත්තේ පරාජිතයින් පත්කිරීම නොව ජාතීන් නියෝජනය සහ විද්වතුන් එක්කර ගැනීමයි (නි)

:       0       0

ශාන්ත Saturday, 22 August 2015 01:33 PM

මේ සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ඡන්දෙ දිනන්නේ ප්‍රචාරය වැඩියෙන් කරන කෙනා. වැඩියෙන් සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනා. වැඩියෙන් බොරු කියන්න පුළුවන් කෙනා. ඒක නිසා මේ පරදින අය සැබෑ පරාජිතයෝ නෙමෙයි. ආසන ක්‍රමය තිබුනා නම් මේ පැරදුනු අය දිනන්න ඉඩතිබුනා. මම නම් කියන්නේ කරන්න ඕනෑ ඉක්මනින්ම මේ සමානුපාතික ක්‍රමය නැතිකිරීමයි. මේ ඡන්ද ක්‍රමයෙන් ජනතා කැමැත්ත විකෘති කරනවා. (නි)

:       0       0

සිල්වා Friday, 21 August 2015 11:04 AM

සහතික ඇත්ත.පරාජය වු අපේක්ෂකයන් අවුරුදු පහ ගෙදර තියන්න ඕනෑ (නි)

:       0       0

ටෙනිසන් Friday, 21 August 2015 11:05 AM

මුළු රටම එපා කිව්ව අය ඇයි ආයෙත් ගන්නේ? (නි)

:       0       0

නදීකා Friday, 21 August 2015 11:47 PM

අපිත් එකඟයි (නි)

:       0       0

මහින්ද Saturday, 22 August 2015 01:57 PM

ජනතාව එපා කිව්වට එයාලව පත්කළේ නැත්නම් ඉවරයිනේ! (නි)

:       0       0

පාලිත Saturday, 22 August 2015 12:18 AM

යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

සිරිනේරිස් Friday, 21 August 2015 11:10 AM

අපරාදෙ ඡන්දයක් තියලා සල්ලි කාලය කෑවේ (නි)

:       0       0

ගයාන් Friday, 21 August 2015 11:13 AM

ඒක හරි (නි)

:       0       0

හිරාන් Saturday, 22 August 2015 02:22 PM

ජාතික ලැස්තුවෙන් මන්ත්‍රීවරු පත්කීරීම පටන්ගත්තේ 1978 ව්‍යවස්ථාවෙන් යම් විෂයන් සම්බන්ධව දැනුම තියෙන එහෙත් මනාප ඡන්ද ඉල්ලීමට අකමැති විශේෂ දැනුම ඇති අය පාලනයට සම්බන්ධකර ගැනීමට. එහෙම නැතුව ඡන්දය ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරපු රටට වැඩක් නැති ගමටත් වැඩක් නැති පුද්ගලින් පත්කරන්න නෙමෙයි. ඔය පත්කරන්න හදන වගේම පත්කළ අයගෙන් කීදෙනෙකුට විශේෂ දැනුමක් තියෙනවද? (නි)

:       0       0

යසපාල Friday, 21 August 2015 11:16 AM

ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිම කෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම අවංක ක්‍රියාකලාපයක් නොවිය යුතුය. කිසිම පුරවැසියකු මෙයට අවංකවම කැමති වෙන්නේ නැති බව රටම දන්නා රහසකි. (නි)

:       0       0

විභූති Saturday, 22 August 2015 12:54 AM

මේ ඉල්ලීම සර්ව සාධාරණයි (නි)

:       0       0

අතුල Friday, 21 August 2015 11:23 AM

හොඳ ඉල්ලීමක්. කන්දෙයිද බලමු (නි)

:       0       0

චන්න බුවනක Friday, 21 August 2015 11:40 AM

මේක බලවත් වැරැද්දක්. ජනතාව ප්‍රතික්ෂේප කළා නම් එස්.බී පාර්ලිමේන්තුවට ගන්නේ ඇයි? (නි)

:       0       0

ඒකනායක Saturday, 22 August 2015 01:41 AM

ජාතික ලැයිස්තුවෙන් පැරදුන අය ගන්නේ, තමන්ට ඕන හැටියට, තමන් කියන ඕන දෙයකට, අත උස්සගන්න ඕන නිසයි. රනිල් මහතා කාටත් ආදර්ශයක්. ඕකට ඉතින් මැතිවරණ ඕන නැනේ, ඔහොමම ඉතුරු ටිකත් ගන්න තිබුනනේ. (බ)

:       0       0

අශෝක ‍ Friday, 21 August 2015 11:59 AM

කතාව සම්පුර්ණ ඇත්ත. කාගෙන්හරි හොඳ දෙයක් ආදර්ශයට ගන්න පුරුදුවෙන්න. (නි)

:       0       0

චමත් අසංක විතානගේ Saturday, 22 August 2015 02:02 AM

අපරාද සල්ලි ඕව කරන්න ලංකාව ඡන්ද ඕන නේ මෙහෙමත් රටක් අපරාදෙ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු (බ)

:       0       0

විජේතුංග Friday, 21 August 2015 12:13 PM

බලමු ඉල්ලීමට කන්දෙයිද කියලා (නි)

:       0       0

අනුර Friday, 21 August 2015 12:39 PM

ගෙවිදු කුමාරතුංග කියන්නේ සහතික ඇත්ත (නි)

:       0       0

ජීවන් Friday, 21 August 2015 01:05 PM

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර දෙවරක් නොසිතා ස්ථිර තීරණයක් ගෙන ජාතික ලැයිස්තුව නම්කර තිබීම පක්ෂ දේශපාලනයේ වැදගත් පියවරකි. හොඳ ආදර්ශයකි. එතුමා ජනතා පරමාධිපත්‍යට හිස නමා ඇති බව පෙනෙනවා. ඔහු යන ගමනට සුභ පතමි. (නි)

:       0       0

විජයබාහු Friday, 21 August 2015 01:17 PM

ඔය කියන දේවල් අහයිද දැන්? (නි)

:       0       0

සනත් Saturday, 22 August 2015 09:59 PM

යූඑන්පී එක ආදර්ශයට ගන්න. (නි)

:       0       0

සුරංග Friday, 21 August 2015 01:21 PM

අනේ ජනාධිපතිතුමනි, ජනතාව පරාජය කළ අය නැවත ගන්න එපා. එය වැරදි පූර්වාදර්ශයක් වේවි (නි)

:       0       0

තිළිණ Friday, 21 August 2015 01:24 PM

කවුරු ගත්තත් කමක් නැහැ එස්.බී. ගන්නේ නැතුව. (නි)

:       0       0

රෝහණ Friday, 21 August 2015 01:29 PM

රටට අවශ්‍ය මිනිස්සු ජනතාව තෝරා සිටියදී, ජනතා කීමට අහක බැලීමක් මෙය. කවදාවත් ජනතාවගෙන් ආයේ සහයක් ලැබෙන්න නැහැ, මෙවැනි ලොකු වැරදි වලට (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 21 August 2015 01:39 PM

ගණන් ගන්න එපා ගෙවිදු මහත්තයෝ.ද්‍රෝහීන් හඳුනාගන්න ජනතාවට තවත් අවස්ථාවක් දී තිබෙනවා.ද්‍රෝහීන්ට විරුද්ධව ජනමතය පෙළ ගස්සවන්න මහින්ද මහතාව පෙරටු කරගෙන.ඒ වගකීම ඔබතුමන්ලාට බාරයි. (නි)

:       0       0

ලලීන් Friday, 21 August 2015 01:41 PM

එස් බි පරාජය වුණේ ඒ ප්‍රදේශයේ ජනතාවට ඔහුව අනවශ්‍ය නිසා. ඉතින් මොකටද ජාතික ලැයිස්තුවෙන් පත්කරන්නේ. (නි)

:       0       0

සඳරුවන් Saturday, 22 August 2015 04:33 AM

අනිවාර්යයෙන් ගෙවිදු කුමාරතුංග මහතා එක්ක අපි 100%ක් එකඟයි.මිනිස්සු ඡන්දෙ නොදී පරාද කළේ එපා නිසයි.ආයෙත් එයාලා පස්ස දොරෙන් ගන්න කව්රු තීරණය කළත් එය ජනතා තීරණයට පිටුපෑමක්. (නි)

:       0       0

සරත් කුමාර Saturday, 22 August 2015 05:26 AM

ජනතාව ඡන්දයෙන් එපා කියපු අය ජාතික ලැයිස්තු පිලෙන් ගැනීම වැරදිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 119 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1179 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1936 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 842 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 203 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 543 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14593 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site