IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය.

සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි ඔවුහුය.

මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමනේ්තු මන්ත්‍රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.

ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.

ජාතික ලැය්ස්තුවේ නම් කර සිටි සෙසු පිරිස වූයේ මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල් සහ ගෙවින්දු කුමාරතුංග ය.

 



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

රවින්ද්‍ර Friday, 21 August 2015 03:13 PM

දන්නේ නැති කමට අහන්නේ ... මේකට ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? (ම)

:       0       0

කිරගල Saturday, 22 August 2015 05:33 AM

රනිල්ව ආදර්ශයට ගන්න. මෙහෙම ගියොත් පොදු පෙරමුණට ඡන්දෙ දෙන මිනිස්සු නැති වෙයි. මෙහෙම කරන්න ඡන්ද තියන්නෙ මොනවටද අපෝ යහපාලනය දුකයි තරහයි. ලැජ්ජයි අපට. (නදී)

:       0       0

ප්‍රභාත් Saturday, 22 August 2015 05:48 AM

මට නම් දැනුනේ අපේ ඡන්දය ගැන පුදුම කළකිරීමක් (නදී)

:       0       0

මිනිපෙ Friday, 21 August 2015 03:42 PM

අනේ කෝ අපේ මර්වින් සිල්වා? (නි)

:       0       0

ඉන්දික Saturday, 22 August 2015 06:04 AM

අනේ මට හරිම දුකයි අපේ ජී. ඇල්. ලොක්කට සහ පනින තිස්සට වෙච්ච අකරටබ්බය ගැන. හොඳ අපුරුවට පක්ෂේත් එක්ක හිටියනම් අද මේ දෙන්න ඉන්න තැන හිතාගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඕක තමා කියන්නේ පනින්න පෙර සිතා බලනු කියල මහත්තයෝ.(නදී)

:       0       0

ජයරත්න Saturday, 22 August 2015 06:08 AM

ඇරසොයිසගෙ එහෙම ආයෙත් කල්ල මරේ. ජනතාවට එපා වෙච්චි මේ නඩය නැතිව මෛත්‍රී මහත්තයට රට ගෙනියන්න බැරිද(නදී)

:       0       0

මහින්ද Friday, 21 August 2015 03:46 PM

ජවිපෙට ජයවේවා! (නි)

:       0       0

සමන් Friday, 21 August 2015 03:54 PM

මම හිතුවා නන්දිමිත්‍ර මහතාටත් අවස්ථාවක් දෙයි කියලා (නි)

:       0       0

මොහ‍ොට්ටාල Saturday, 22 August 2015 06:26 AM

ප්‍රතික්ෂේපිත පුද්ගලයින්ට අපි කැමති නැහැ (නි)

:       0       0

ඔලිවර් Friday, 21 August 2015 03:56 PM

නියම යහපාලනය! (නි)

:       0       0

ආලෝක Saturday, 22 August 2015 06:43 AM

ලංකාවේ දේශපාලනය 'යහ' පාලනයක් වෙන්න තව බොහොම කාලයක් යාවි. එතෙක් කෝඳුරු තෙල් හත් පට්ටය එක්රැස් කිරීමේ පාපය සහ වෙහෙස පරම්පරා ගණනකට උහුලන්නට වෙනවා. මේ අපි දකින යහපාලනය මායාවක් වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. එළඹ සිට සිහියෙන් කටයුතු කරනු විනා අපේක්ෂාභංගත්වය අනවශ්‍යයි. මේ 'ජයෙන්' උදම්වීම, ඊට මුලාවීම හෝ එයට ගැරහීමද නිරර්ථකයි. එයට පහර දී විනාශ කිරීමට එතුලම අධම බලවේග එක්රැස් වෙනවා. එයට මුහුණ දීම එතුල සිටින නායකත්වයේ පෞරුෂය හෝ ශක්තියම මත පවතින දෙයක්. අපිට කළහැකි කිසි දෙයක් නැහැ. ඔහොම යන්න දෙමු. (නි)

:       0       0

මිහිර Friday, 21 August 2015 04:01 PM

පිවිතුරු යහපාලට උත්තර දෙන්න ගියොත් මට අනවශ්‍ය වචන මතක් කරන්නයි වෙන්නේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඔය කියන පිවිතුරු යහපාල දන්නේ නැහැ රටේ තියෙන සාමකාමී වාතාවරණය ගැන කියලයි. මෝඩකම රටටම පෙන්නන්න යන්න එපා. (නි)

:       0       0

විජිත Saturday, 22 August 2015 06:55 AM

මේ වැඩ ගැන පුදුම කළකිරීමකින් ජනතාව ඉන්නේ. (නි)

:       0       0

කමල් Sunday, 23 August 2015 08:53 AM

නැවත මගේ ඡන්දය කවදාවත් මෛත්‍රිපාල ජනපති ප්‍රමුඛ නිදහස් පක්ෂයට නොදෙමි (බ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 21 August 2015 04:25 PM

නැවතත් රට කන්න ඇවිල්ලා.මේවට අපි අපිටම ගහගන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 21 August 2015 04:26 PM

බලාගෙන ගියාම සන්ධානය කියන්නේ අපි හිතපු විදියේ දෙයක් නෙමෙයිනේ (නි)

:       0       0

සඳුන් Friday, 21 August 2015 05:19 PM

මිනිස්සු ප්‍රතික්ෂේප කළ දේශපාලුවෝ නැවත ගෙනා එක තරම් දෙයක් නැහැ. ඒ අතින් රනිල් කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියනවා (නි)

:       0       0

දුෂ්මන්ත Friday, 21 August 2015 05:52 PM

ඔක්කොම කරන්නේ අපිව රවට්ටන එක (නි)

:       0       0

යටවත්ත Friday, 21 August 2015 06:06 PM

මේක නම් ලෝක වාර්තාවක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

ඔෂාන් Saturday, 22 August 2015 08:35 AM

මේක කරගන්නද මෙච්චර දැඟලුවේ? (නි)

:       0       0

ටොම් Friday, 21 August 2015 06:25 PM

දැන් කට්ටිය අර වස බෝතල් ටික හොය හොයා දුවනවා ඇති (නි)

:       0       0

මාලික Friday, 21 August 2015 06:29 PM

මේ මොකද වෙන්නේ? අයියෝ අපේ අයිතිය! (නි)

:       0       0

ද සිල්වා Friday, 21 August 2015 07:07 PM

සිවිල් සංවිධාන සහ දේශප්‍රේමින් පුන පුනා කිවේ පක්ෂයට කෙසේවෙතත් දුෂිතයන්ට මනාප දෙන්න එපා කියලා. මිනිසුන් දුෂණ චෝදනා ඇති අයට මනාප ගැසීමෙන් වැළකුණා. සන්ධානය ජනතාව විසින් ගෙදර යවපු පුද්ගලයන් ජනමතයට විරුද්ධ වෙමින් පාර්ලිමේන්තුවට ගෙනයනවා. ලබනපාර මිනිස්සු මනාප දීම කෙසේවෙතත් සන්ධානයට කතිරය ගැසීමෙන් වැළකේවි. රනිල් කෙළින් තීරණ ගනිමින් ජනප්‍රිය වෙමින් වැඩිපුර පාවෙන ඡන්ද තම ගොඩට දමාගන්නා අතර දුන් පොරොන්දු කඩනොකරන පිරිසිදු නායකයෙක් ලෙස සිවිල් සංවිධානවල , සුළු ජාතිකයන්ගේ , සිංහල බෞද්ධයන් අතර සහ ජාත්‍යන්තරයේ නමක් හදා ගන්නවා (නි)

:       0       0

කමල් Friday, 21 August 2015 07:08 PM

මේ කට්ටියව බැලුවම පේනවා මේ ඉන්නේ කාගේ කට්ටියද කියලා. මේ කට්ටියව පත්කරන්න හේතුව අපි දන්නවා (නි)

:       0       0

මියුරු Friday, 21 August 2015 07:11 PM

ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් පත්කිරීමෙන් අපට ඔප්පුවු කාරණා බොහොමයකි (නි)

:       0       0

දම්මික Friday, 21 August 2015 07:37 PM

ඒක ඇත්ත. පැරදුනු අයට ජාතික ලැයිස්තුවෙන් යන්න නම් ඡන්දෙ වැඩක් නැහැනේ. (නි)

:       0       0

ගයාන් Friday, 21 August 2015 07:53 PM

මට නම් දැනෙන්නේ පුදුමාකාර කළකිරීමක් (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 22 August 2015 10:41 AM

සුදුසු පුද්ගලයන් පමණක් ඉදිරි මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම රටේ සමස්ත ඡන්දදායකයන්ට පැවරී ඇති මහඟු වගකීමක් කියලා නේද කිව්වේ ඡන්දෙට කලින්? දැන් ඒ වගකීම් ඉටුකළ ඡන්දදායකයින්ට සළකන්නේ මෙහෙමද..? (නි)

:       0       0

ජනක Friday, 21 August 2015 08:27 PM

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලබාදුන් පූර්වාදර්ශය ගැන බැලුවහම මේ අය ගැන හරි ලැජ්ජයි. (නි)

:       0       0

භාග්‍ය Saturday, 22 August 2015 11:30 AM

ඡන්දය නොදුන් ජනතාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

හර්ෂ Friday, 21 August 2015 09:40 PM

රටට ඕනෑ නැති දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවලා මොනවද මේ කරන්න හදන්නේ? (නි)

:       0       0

ගයාන් Friday, 21 August 2015 11:10 AM

අනේ තිස්ස මහත්තයට වෙච්ච දේ මම මේ කල්පනා කළේ. ඉවසීමෙන් හිටියා නම්...... අද එහෙනම් කොහෙද. (නි)

:       0       0

සතිෂ් Saturday, 22 August 2015 12:40 AM

අයියෝ අපි මොකටද ඡන්දයක් තිබ්බේ? (නි)

:       0       0

විජිත් Saturday, 22 August 2015 01:04 AM

ජාතික ලැයිස්තුව තියෙන්නේ රටට සේවය කළහැකි උගත් බුද්ධිමත් වෘත්තිකයන්ටයි. මේ අය කවුරුන්ද? පරාජිත දුෂිත අය නේද? (නි)

:       0       0

චන්න බුවනක Saturday, 22 August 2015 02:38 PM

රනිල්ගේ ජාතික ලැයිස්තුව බලන්නකෝ. මොනතරම් හොඳද. මේකෙන් පොදු පෙරමුණ කරගත්තේ තවත් ඡන්ද ටිකක් අඩුකර ගැනීම සහ යු.එන්.පී . එකට තවත් ඡන්ද ටිකක් එකතුකළ එකයි. (නි)

:       0       0

උදය පුෂ්ප කුමාර Saturday, 22 August 2015 01:19 AM

හිරු නිව්ස් වල අන්තිමේට කිව්වේ ඊළඟ පාර දෙමල සන්ධානෙට දෙනවා කියල එ්ක කරන්නත් මිනිසුන්ට තව අවුරුදු 5 ක් බලන් ඉන්න වෙනවා පැරදිච්ච කට්ටිය අාපහු දාලා ගරු ජනාධිපතිතුමා එතුමාගේ ගරු නමට අගරු එකතු කර ගන්නව මගේ ඡන්දෙත් ජනවාරි 08 දුන්නේ එතුමාට ඒකට මම දැන් දුක් වෙනවා මට වැරදුනා කියල එ්ත් එ්ක හදන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 05 කින් එතකන් බලාගෙන ඉන්නවා (බ)

:       0       0

ලියනගේ Saturday, 22 August 2015 03:04 PM

එයාලට හොඳ නම් අපිට මොකෝ? (නි)

:       0       0

විජේතුංග Saturday, 22 August 2015 03:26 PM

බලනකොට කවුරුත් එකයි (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 22 August 2015 03:27 PM

මෙන්න යහපාලනය... (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 22 August 2015 03:28 PM

මහජනතාව පැරදවූවන් ගැනීම යහපාලනයද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 22 August 2015 01:41 AM

දූෂිතයෝ කිහිප දෙනෙක් සන්ධානෙන් තේරුණා. උදාහරණ අවශ්‍ය නෑනේ. මේ පැරදුණ අය ඔක්කොම මෛත්‍රී මහත්තයාට උදව් කළ අය. ඒ අයට මනාප දෙන්න එපා කියලා මහින්ද මහත්තයයි එයාගේ අනුගාමිකයොයි වෙනම කැම්පේන් එකක් ගෙන ගිය නිසා මෙයාලා පැරදුණේ (බ)

:       0       0

හසන්ත Saturday, 22 August 2015 04:15 PM

බුද්ධිමතුන් බහුතරය එළියේ...... (නි)

:       0       0

චමිල Friday, 21 August 2015 12:08 PM

මේකෙන්ම අපිට බොහෝ දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

ටෙනිසන් Friday, 21 August 2015 12:13 PM

මට නම් දැනුනේ අපේ ඡන්දය ගැන පුදුම කළකිරීමක් (නි)

:       0       0

කුමාර Saturday, 22 August 2015 02:06 AM

ඔව් පිවිතුරු යහපාලන හැමදාම නත්තල් නෑ යුන්පී ඡන්ද දායකයෝ පත් කරපු මනුෂලා පබාලා මහින්ද සමරසිංහලා ගන්න කොට හිරිකිතයක් නැතුව අත් උස්සගෙන හිටිය ඔයාලා දැන් කළ පව් පළ දෙන කාලේ ආවාම දගලනවා. ඕවා තමයි දිට්ට ධර්ම වේදනිය කර්මය. (බ)

:       0       0

අනිල් අකුරැස්ස Saturday, 22 August 2015 02:13 AM

මොකටද ඡන්දයක් තිබ්බේ ජාතික ලැයිස්තුවෙන් සේරම ගන්න තිබුනනේ (බ)

:       0       0

අනුර Saturday, 22 August 2015 02:15 AM

මෙයත් හරියට ඒ ලෙවෙල් වගේ ආසනයෙන් පැරදුනත් මුළු රටෙන්ම දිනුම් වගේ ජාතික ලැයිස්තුවට ආසනය අදාල නැහැ වගේ ජාතිය ආසනය වෙනස් අරුතක් (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 21 August 2015 12:29 PM

ඌරාගෙ මාළු ඌරාගෙම ඇ‍ඟේ තියලා කපලා වගෙයිනේ.ඔහොම යමු ඔහොම යමු.අද මේ කණට ගැහුවේ සන්ධානයට ඡන්දය දුන් ජනතාවට.ඔවුන් පෙළගැස්සවූ ජන නායකයින්ට. හැබැයි ප්‍රවේශමෙන්. හැමදාමත් නත්තල් නැහැ කියනවනේ. (නි)

:       0       0

චන්දි Friday, 21 August 2015 01:23 PM

අපගේ පුර්ණ විරෝධය! මේකටද අපි ඡන්දෙ දුන්නේ? ජනතාව එපා කියපු අය පත්කරලා. ජනාධිපතිතුමනි, මේකද ඔබ අපිට පොරොන්දු වුණ යහපාලනය? මේකද ආදර්ශය? පුදුම අපැහැදීමක් තියෙන්නේ දැන්නම් (නි)

:       0       0

රූපසිංහ Saturday, 22 August 2015 11:18 PM

පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා නම් ජනතා පරමාධිපත්‍යයට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිහාල් Saturday, 22 August 2015 02:58 AM

මිහිර,ඔය රට ගෙන දෙපාරක් සිතන්න .ගේ කුරුළු මොලයක් තිබීම ගැන දුකයි (ම)

:       0       0

කල්පනී Saturday, 22 August 2015 03:19 AM

ජාතික ලැයිස්තුවකින් වියයුත්තේ පරාජිතයින් පත්කිරීම නොව ජාතීන් නියෝජනය සහ විද්වතුන් එක්කර ගැනීමයි. ජනතාව එපා කියපු අය පත්කරලා. ජනාධිපතිතුමනි, මේකද ඔබ අපිට පොරොන්දු වුණ යහපාලනය?(ම)

:       0       0

ලක්ෂිත Friday, 21 August 2015 01:33 PM

පැරදුන අය ගන්න එකේ තේරුම මොකක්ද? (නි)

:       0       0

සමන් Sunday, 23 August 2015 01:06 AM

අත්තෙන් අත්තට පැන පැන හිටි මහාචාර්යලට වුණේ ඒදණ්ඩෙන් යාමට බැරිවීමය. ජනාධිපතිතුමාට අපහාස කළ සියලු දෙනාටම දෛවයේ සරදම අත්වී ඇති බව සනාථ වී ඇත. (නි)

:       0       0

සමන් දකුණු අප්‍රිකාව Friday, 21 August 2015 01:42 PM

අපිට කියන්න මොකුත්ම ඉතුරු කරලා නැහැ.යහපාලනය බේරෙනවා.මිනිස්සු ප්‍රතිෂේප කළ දේශපාලුවෝ නැවත ගෙනා එක තරම් දෙයක් තවත් කොහෙද? ඒ අතින් රනිල් කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියනවා (නි)

:       0       0

සුනිල් Saturday, 22 August 2015 04:05 AM

රුපියල් කෝටි 7ක් විතර වියදම් කරලා මහජන මතයට පයින් ගහලා කරපු දේ නරකම නැහැ (නි)

:       0       0

සුනිල් Saturday, 22 August 2015 04:06 AM

මේ නීති හදපු අය ගැනත් දැන්නම් පුදුම තරහක් එන්නේ (නි)

:       0       0

සරසි Friday, 21 August 2015 01:49 PM

මෙයයි ආරම්භය... (නි)

:       0       0

අජිත් දසනායක Friday, 21 August 2015 01:54 PM

මිනිස්සු ප්‍රතික්ෂේප කළ අයව ආයෙත් පාර්ලිමේන්තුවට අරගෙන. මෙහෙමත් ආණ්ඩු? (නි)

:       0       0

කමල් Friday, 21 August 2015 01:59 PM

පැරදුන අයට මන්ත්‍රීකම් දෙනවා නම් මොකටද ඡන්ද? (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Saturday, 22 August 2015 04:34 AM

අපි සන්ධානෙට ඡන්දෙ දුන්නේ රටට වැඩක් කරන්න පුළුවන් පිරිසිදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න. පැරදුන එකම හේතුව ජනතාවට සේවයක් නොකළ නිසයි. ඔවුන්ගෙන් රටට යහපතක් නැහැ.ඒකයි ජනතාව නිවැරදිව තීරනය කළේ.ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ලකාලා පස්ස දොරෙන් දේශපාලුවෝ පාර්ලිමේන්තුවට ගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු.කරුණාකරලා මේ වැඩේ නතර කරන්න. (නි)

:       0       0

නිශා Saturday, 22 August 2015 05:09 AM

ඇත්ත ජනක, රනිල් හොඳයි බලාගෙන ගියහම.(නදී)

:       0       0

රවින්ද්‍ර Friday, 21 August 2015 03:11 PM

ජන්දයක් තියන්න සල්ලි වියදම් කළේ අපරාධයක්නේ ..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 822 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1493 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 589 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 142 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 498 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1957 2

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14590 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 186 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site