එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් තව සුළු මොහොකින් කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා දැන් පැවැත්වෙන ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.
එම රැස්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිත බව ඔහු පැවසීය.
අද සවස 4ට ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමක්ද කැඳවා ඇතැයි එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී 8ට රැස්වන බවත් එක්සත් ජාතික පෙරමුණින් තරග කරන ඇමැති රාජිත සේනාරත්න ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඊයේ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව කීවත් සන්ධාන පරදින බව නොකී බවයි. ඒ හේතුවෙන් එජාපය බියවී සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සන්ධාන නායකයෝ අද රැස්වෙති : විශේෂ තීරණ රැසක්
රිචි බාලසුරිය Wednesday, 15 July 2015 06:42 AM
මහින්ද පරදිනවා කියන්නේ සංධානය පරදිනවා , සංධානයේ බහුතර අය මහින්දගේ වහලුන් , කොටසක් ඉන්නවා මධ්‍යස්ථ (අ)
ශකුවි Wednesday, 15 July 2015 07:02 AM
සන්ධානේ සාමාජිකත්වය කිය කිය වෙන පක්ෂ වලින් තරග කරන හැමෝගෙම සාමාජිකත්වය අහෝසි කළ යුතුයි (බ)
අසිත Thursday, 16 July 2015 03:35 PM
මේ ගැටළු විසදගෙන ජයග්‍රහනය කරන්න බලන්න.(හේ)
ලලිත් Thursday, 16 July 2015 03:36 PM
මොන සාකච්ඡා තියලා හරි කමක් නෑ ගැටළු විසඳගෙන ශ්‍රී .ල.නී. ප. ජයග්‍රහනය කරවන්න කටයුතු කරන්න. ආයෙත් සාපලත් එ.ජා.ප. රජයක් නම් එපා......ජය වේවා .. (හේ)
දුමින්ද Wednesday, 15 July 2015 07:55 AM
නිර්පාක්ෂික නමුත් පක්ෂක්ග්‍රාහී විප්ලවයකට එජාපය බය වුණේ (ම)