අක්කරපත්තුවේ දී සන්ධානයේම පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික කොංග්‍රසය අතර අද පැවැති ගැටුමකින් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ගේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අක්කරපත්තුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. සියලු අපෙක්ෂකයනට ආරක්ෂාව දෙන බව පොලිසිය ඔවුනට දැන්වීය. ජාතික කොංග්‍රසයේ නායක ඇමැති අතාවුල්ලාගේ ආධාරකරුවන් තම ආධාරකරුවනට හිරිහැර කරතියි මුස්ලිම් කොංග්‍රසය කියයි. අතාවුල්ලා පාර්ශවය කියනුයේ මුස්ලිම් කොංග්‍රස් චෝදනා එක හෙළාම ප්‍රතික්ෂේප කරන බවයි.මේ අතර තම පක්ෂපාතීත්වය නොවෙනස්ව පවත්වාගෙන යමින් මුස්ලිම් කොංග්‍රසයට අවනත වන බවට මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයන් ඉලාමීය ආගමික නායකයන් ඉදිරියේ දිවුරුම් දීමේ වැඩ පිළිවෙළක් ද මේ දිනවල ක්‍රියාත්මක කරයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සන්ධාන පක්ෂ දෙකක් අක්කරපත්තුවේ දී ගැටෙති
ඩියෝ Saturday, 01 September 2012 02:15 PM
නුසුදුස්සන් පුටු වලට පත් වූ විට මෙහෙම වෙනවා. (නි)
හසිත Saturday, 01 September 2012 02:27 PM
මේ අය මේ තරම්ම ඡනතා සේවයට කැමතිද?
බණ්ඩාර Saturday, 01 September 2012 02:11 AM
මේක අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)
අමිල කටුනායක Saturday, 01 September 2012 07:50 AM
මේ අමනාපය මනාපයටද? (නි)
ප්‍රවීන් මැනිලා Saturday, 01 September 2012 04:13 PM
ඔහොම බෑ.. කපා කොටා මරා ගන්න ඕන.. (නු)
කුරේ නාවලගේ Saturday, 01 September 2012 04:48 PM
මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. (නි)
වරුණ Saturday, 01 September 2012 08:31 AM
මෙයයි ආශ්චර්යය. (නි)
ධනුක Saturday, 01 September 2012 04:52 PM
වෙලාවකට දුකත් හිතෙනවා මේ ඔක්කොම කරන්නෙ රටට සේවය කරන්න ඕන හින්ද නේද කියලා..?? ලෝකෙ කෙහෙවත් නැතිව ඇති ගහ මරාගෙන රටට සේවය කරන රටක්..!!(නු)
චන්දිමා Saturday, 01 September 2012 09:26 AM
මේක මුළු රටටම හොද දෙයක් නම් නෙමෙයි..!!(නු)
පද්මි Saturday, 01 September 2012 09:54 AM
අනේ මන්දා, තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා? ශිෂ්ටසම්පන්නව ඡන්දයක් කරන හැටි බටහිරින්වත් ඉගෙනගන්න බලන්නකෝ. (නි)
මහේෂ් Saturday, 01 September 2012 10:25 AM
අනේ හොදයි. හොදට මරාගන්න. (නි)
අමිල Saturday, 01 September 2012 10:33 AM
අවුරුද්දට දෙතුන්සැරේ අල්ලනකොට හොද පොරේ ඔහොම තමයි වෙන්නේ සුමිතුරේ ආශ්චර්යය.!!(නු)
ප්‍රියා Sunday, 02 September 2012 01:46 PM
ප්‍රචණ්ඩත්වය (දී)
ෆාරුක් Saturday, 01 September 2012 11:13 AM
බොහොම හොදයි ආදර්ශමත් වැඩක් (දී)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 01 September 2012 01:10 PM
වෙලාවට කලින් නැගෙනහිර සභාව විසුරුවා ඡන්දය ආණ්ඩුවට වැරදුණා... (නු)
චන්දන Saturday, 01 September 2012 01:19 PM
ඔක්කොම එයාලගේ වාසියට වගෙයි. (නි)
මංජු Saturday, 01 September 2012 01:29 PM
බණ්ඩාර, හැමදේටම ආගම් ගාවගන්න එපා. (නි)