IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සන්ධාන පෙළපාලියෙන් ජනපති කතාවටත් බාධා

මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රචාරක රැලිය අමතා සේනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා කතා කරද්දී බෙරහඩ සහ ජයඝෝෂා නගමින් එහි පැමිණි පෙලපාලියක් නිසා ජනපති කතාව අතර මග නතර කළේය.

රැලිය අමතමින් සිටි ජනාධිපති මේ හඩ ඇසී ‘කඨින පිංකමක් මේ පලාතේ තිබෙනවාද හාමුදුරුවනේ‘ යනුවෙන් එහි පසෙකින් වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ඇසීය.

‘ඔය ගාය එදා අපටත් තිබුණා‘ ජනපති කීවේය.

ජනාධිපතිතුමා ජනතාව අමතනවා ඔය පෙලපාලිය නතර කරන්න යැයි නිවේදක කිහිපවරක් ඉල්ලීම් කළේය.

ඡන්ද අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරටුකරගත් දඹුලු ජනතාවගේ පෙළපාලි එසේ බෙරගහගෙන පෙළපාලියෙන් ආවේය.



අදහස් (0)

සන්ධාන පෙළපාලියෙන් ජනපති කතාවටත් බාධා

ලුම්බිණි Sunday, 08 September 2013 03:35 PM

1977 මහා ඡන්දයට පෙර රාජගිරියේ තිබුන රැස්වීමක ජේ ආර් ජයවර්දන මහතා කතා කරමින් සිටින විට රුක්මන් සේනානායක මහතා මෙවැනි පෙළ පාලියකින් පැමිණියා ජයවර්ධන මහතාගේ කතාවට බාධා කරමින්. ජයවර්ධන මහතා කතාව නතර කර සියල්ලම නිහඬ වෙනතුරු සිට නැවත කතාව පටන් ගත්තා කිසිවක් සිදු නොවූ අයුරින්. අන්තිමට වුනේ මොකද කියල කවුරුත් දන්නවා. (රැස්වීමේ සිටි කෙනෙකුගෙන් දැන ගතිමි).(නදී)

:       0       0

සේනානායක Sunday, 08 September 2013 04:40 PM

මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ . (දී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 10 September 2013 09:46 PM

දැන් ලංකාවේ ගහන්න ඉතිරි වෙලා තියෙන්නේ මල බෙරේ විතරයි.(නදී)

:       0       0

මනම්පෙරී Monday, 09 September 2013 08:22 AM

ලොකු පෙළපාලියක් වගේ

:       0       0

මොහාන් Monday, 09 September 2013 09:36 AM

අප්පිරියාවේ බැහැ. (ස)

:       0       0

චාන් Sunday, 08 September 2013 07:00 PM

නාහෙට නාහන ගෝලයෝ හැදුවම ඔහොම වෙනවා.(නදී)

:       0       0

මිනිපෙ Sunday, 08 September 2013 07:03 PM

මම නම් දේශපාලනය ගැන කතාකරන්න කැමතියි. හැබැයි දේශපාලනය කරන්න අකමැතියි.මගේ හිතවත් අය සමග දේශපාලනය කතා කරලා, තියෙන හිතවත් කම් නැතිකරගන්න මම අකමැතියි.ලංකදිපෙන් මේ වේදිකාවේ අපට ඉඩක් දීම ගැන මම ස්තුතිවන්ත වෙමි.(නදී)

:       0       0

රෝහණ Sunday, 08 September 2013 07:03 PM

එදා හිටියේ දේශපාලකයෝ, අද ඉන්නේ දේශපාළුව. ඒකයි වෙනස. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 947 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 64 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1096 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 186 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2011 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32243 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23824 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site