ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අතරමග නතරවන බව රහස් පොලිසිය කියා සිටි අතර ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ වාර්තාව පදනම් කරගනිමින් එම නියෝගය ලබාදී ඇත.
ඔහුගේ සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නයිජීරියාවට යාමට සේනාධිපතිගේ නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයේ අවසර ඉල්ලා තිබූ අතර නයිජිරියාවට නොගියහොත් ඔහුට සහ රටට රුපියල් මිලියන 3500 ක පාඩුවක් සිදුවන බවද ඔවුහු සඳහන් කර සිටියහ.
මෙහි වැඩිදුර විභාගය ජූලි 11 වැනි දිනට කල් තැබිණි.
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේනාධිපතිගේ නයිජීරියා සිහිනය බොඳවෙයි
සෙනරත් බණ්ඩාර Friday, 13 March 2015 06:39 AM
යුද්ධය අවසන් වුණාට පසු විශ්‍රාමික රණවිරුවන්ටත් රටටත් අමතර අදායමක් ලබාදෙමින් ඔවුන්ගේ ශ්‍රමය ඵලදායකව යොදාගෙන රට තුළ සේවාමුක්ත භටයන් බහුලවීමෙන් ඇති වියහැකි අපරාධත් අවම කිරීමක් ඇවන්ට් ගාර්ඩ් නිසා සිදුවුණා.(හේ)
තෝමස් Thursday, 12 March 2015 09:56 AM
මෙච්චර අත්‍යවශ්‍ය පරීක්ෂණයක් නම් මේ නඩුව ජුලි වලට කල්නොදා ඉක්මනට කරන්න තිබුනනේ.? (ර)
දුමින්ද Thursday, 12 March 2015 10:08 AM
අතර්ජාලෙන් වැඩේ කරගන්න. (ර)
අරුණ Thursday, 12 March 2015 01:23 PM
ජාත්‍යන්තරය අභියෝගයට පත්කළ යුද වීරයෙක්! (නි)
කින් බෙනට් Thursday, 12 March 2015 02:11 PM
ඔය වැඩේ කොහොමහරි කරගන්න ඕනෑ නම් නයිජීරියාවේ කට්ටියව ලංකාවට ගෙන්වා ගන්න (නි)
ලාල් Thursday, 12 March 2015 09:00 PM
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
සුමුදු Thursday, 12 March 2015 09:43 PM
යුද්ධය අවසන් වුණාට පසු විශ්‍රාමික රණවිරුවන්ටත් රටටත් අමතර අදායමක් ලබාදෙමින් ඔවුන්ගේ ශ්‍රමය ඵලදායකව යොදාගෙන රට තුළ සේවාමුක්ත භටයන් බහුලවීමෙන් ඇති වියහැකි අපරාධත් අවම කිරීමක් ඇවන්ට් ගාර්ඩ් නිසා සිදුවුණා. (නි)