කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානයේ බොහෝ පිරිසක් දන්නා හඳුනන ජනප්‍රිය ගායකයෙකු බවට වී සිටියි. වසර කිහිපයක් තිස්සේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක නිත්‍ය ගායකයා ලෙස කටයුතු කළ ඔහු තමන්ගේම ගී නිර්මාණ තුළින් රසිකයන් අතරට සිය හැකියාවන් ගෙනයෑමට සමත් වූ ගායන ශිල්පියෙක්. මෑත කාලයේ ජනප්‍රිය වූ 'ළං ළං වෙලා' හා 'දුක වැඩි තරමට' ගීත ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් වූ අතර, පසුගියදා ඔහුගේ අලුත්ම ගීතය සිය ආදරණිය රසික, රසිකාවියන්ට තිළිණ කරනු ලැබීය. ඒ පිළිබඳව ඔහු මෙසේ අපි සමගින් දොඩමළු වුයෙමු.
"මගේ අලුත්ම ගීතය 'කඳුළු දවා' හා එහි මියුසික් වීඩියෝව මීට සතියකට පෙර එළිදැක්වූවා. ආදරය විරාහව සම්බන්ධව ලියැවුණ ගීතයක් විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ගීතය ලිව්වේ සුලෝචන රාජපක්ෂ, සංගීතය නිර්මාණය කළේ සඳරුවන් ජයසිංහ. මියුසික් වීඩියෝ නිර්මාණය කළේ 'හරි' ක්‍රියේෂන් ආයතනය. ගීතය එළිදක්වලා මේ ගෙවුණ කෙටි කාලය තුළ බොහෝ පිරිසක් 'කඳුළු දවා' ගීතය නරඹලා තියෙනවා. අන්තිමට මම ගීතයක් එළිදැක්වූයේ මීට මාස 08කට කලින්. ඒ 'ඔයා දුන්න දුක' කියන ගීතය. ඉතින් බොහෝ දෙනෙක් මගේ අලුත් ගීතයක් එනකම් මග බලාගෙන හිටියා. මම හිතන්නෙ මේ කෙටි කාලය තුළදී බොහෝ දෙනෙක් මේ ගීතය නරඹලා රසවිඳින්න හේතුවත් එක කියලා. මැයි මාසේ 22 වැනිදාට මම සාමාජිකත්වය දරණ 'සනිධප' කණ්ඩායමේ සංවත්සරය යෙදිලා තියෙනවා. එදාට අපි අලුත් ගීතයක් එක්ක මියුසික් වීඩියෝවක් එළිදක්වන්නත් සූදානම් වෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුත්තට තමයි මේ දිනවල ගොඩක් කැපවෙලා තියෙන්නේ. ඊට අමතරව අවුරුදු කාලේ නිසා රටපුරා ප්‍රසංග සඳහා අපේ 'සනිධප' කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. මේ දිනවල ඉතින් ඒ වැඩ නිසා කාර්යබහුල වෙලා තියෙනවා."
බුද්ධික සේනාධීර
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"සනිධප" අපි සංවත්සරයට ලැහැස්ති වෙනවා