IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක්

2016-11-09-ent-35

කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අපි සම්බන්ධ කර ගත්තෙමු. මීට මාස කිහිපයකට පෙර රංගන ක්ෂේත්‍රයේම ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ දිවියට එක්වූ ඇය සිය අලුත් ජීවිතය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අප සමග පැවසුවාය.

 

කොහොමද අලුත් ජීවිතේ?

2016-11-09-ent-34ගොඩක් හොඳයි. හැබැයි විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා කියලා නම් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. පෙර පරිදිම මගේ සුපුරුදු ජීවිතේ නිදහසේ ගෙවනවා. මොකද, හර්ෂණ කියන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. විවාහ වුණාහම බොහෝ වෙලාවට වෙන්නේ ගෙදරට සීමා වෙන එක. නමුත්, මට එහෙම සීමා නැහැ. මගේ අම්මලා, තාත්තලා වගේම හර්ෂණත් මම රඟපානවට ගොඩක් කැමතියි.

 

මේ දවස්වල කලා කටයුතුවලට දායක වෙන්නේ නැද්ද?

රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ අලුත් ටෙලියක වැඩ කරනවා. ඊට අමතරව ප්‍රවීණ රංගනවේදි සනත් ගුණතිල මහත්මයාගේ ටෙලි නාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම නිල්වලා ආයතනයෙන් කරන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ කලා කටයුතු නිසා ඉදිරි කාලයේදී මම තරමක් කාර්ය බහුලවෙලා ඉන්නවා. මේ දිනවල මාව ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන %ජෝඩු ගෙදර^ ටෙලි නාට්‍යය තුළින් දකින්න ලැබෙනවා.

 

ඔබ "සිල්ලර කාසි" ටෙලි නාට්‍යයේ කළ චරිතය හරහා පසුගිය කාලේ කතාබහට ලක්වුණා නේද?

ඔව්, ජනක සුරංජිත් මහත්මයාගේ "සිල්ලර කාසි" ටෙලි නාට්‍යය කොටස් 60කින් සමන්විත ටෙලි නාට්‍යයක්. ඇත්තටම එය පවුලේ සැමට ආදර්ශවත් ටෙලි නාට්‍යයක්. මොකද, අද සමාජයේ කතාබහට ලක්වන මාතෘකා කිහිපයක් ඔස්සේ තමයි මෙම ටෙලි නාට්‍යයේ කතා තේමාව දිගහැරිලා තිබුණේ. මම එහි රඟපෑවේ "උමායා" කියන චරිතය. ටෙලි නාට්‍යය දැන් විකාශය වෙලා අවසන් වුණත්, තවමත් මට එම චරිතයට ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ.

 

වොල්ගා දැන් රංගනයට පිවිසිලා කොපමණ කල්ද?

අවුරුදු 3 ½ක් විතර වෙනවා. මේ කාලය තුළ මම රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා.

 

මේ කාලය ගැන ආපසු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටුයි. මේ කෙටි කාලය තුළ මම රංගනය පැත්තෙන් යම් දුරක් ඇවිල්ලා තියෙනවා. දැනට ටෙලි නාට්‍යය 15කට ආසන්න ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ඊට අමතරව එක් චිත්‍රපටයකටත් මම දායක වෙලා තියෙනවා. "කොළඹ අහස" ටෙලි නාට්‍යයේ "චතුරි" කියන චරිතයට මට "සුමති" සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් පවා හිමිවුණා. ඊට අමතරව සම්මාන කිහිපයක් සඳහාත් මට නිර්දේශ වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් නිළියක් විදිහට මේ වෘත්තිය ගැන මම ගොඩක් සතුටු වෙනවා මේ කෙටි කාලය තුළ.

 

පසුගිය කාලයේ ඔබ චිත්‍රපටයකටත් දායක වුණා?

ඔව්, අර්ජුන් කමලනාත් මහත්මයාගේ "කුණාටුවේ මාරයා" කියන චිත්‍රපටයට. දැනට මෙහි වැඩ කටයුතු සියල්ල නිමාවෙලා තියෙනවා. බොහෝ විට මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා.

 

ටෙලි නාට්‍යය හා චිත්‍රපට කියන්නේ එකිනෙකට වෙනස් එකක්. කොහොමද ඔබට මෙහි ලැබුණ සිනමා ඇත්දැකීම?

ටෙලි නාට්‍යයක් නම් බොහෝ වෙලාවට එක් දිනක් තුළදී දර්ශන කිහිපයක් ගන්නවා. නමුත්, චිත්‍රපටයක දිනක් තුළ රූපගත කරන්නේ එක් දර්ශනයක් විතරයි. එහෙම ගත්තාම ටෙලි නාට්‍යයකට වඩා චිත්‍රපටයක රඟපාන එක ලොකු බැරෑරුම් කටයුත්තක්. මම ගොඩක් කැමැති සිනමාවට. කොටින්ම කිව්වොත් පුංචි කාලේ මගේ තිබුණ ලොකුම හීනයත් ඒක.

 

චිත්‍රපටයෙන් පස්සේ ඔබට වෙනත් ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා, මම කැමති චරිතයක් තියෙන චිත්‍රපටයක්. නමුත්, තවමත් එය ස්ථිර වශයෙන්ම සඳහන් කරන්න බැහැ. බොහෝ විට දෙසැම්බර් මාසයෙදි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු ලැබෙනවා. බලමු, ඒ චිත්‍රපටයේ වැඩ ආරම්භ කළාම ඒ ගැන විස්තර කියන්නම්.

 

2016-11-09-ent-37
2016-11-09-ent-36
2016-11-09-ent-33
2016-11-09-ent-32
2016-11-09-ent-31



අදහස් (0)

සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 34 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2183 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1769 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 376 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 623 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 786 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site