සෝනම් කපූර් සිය පෞද්ගලිකත්වය රැක ගන්නට බෙහෙවින් පි‍්‍රය කරන නිළියකි. එම නිසාම ඇය සිය සමීප සම්බන්ධතා ගැන මාධ්‍යයන්ට හෙළි කරන්නේ නැත. මාධ්‍ය නිහඬව සිටින්නේත් නැත. ආනන්ද් අහුජා සහ ඇය අතර ඇතැයි කියැවෙන සම්බන්ධය ගැන ප්රවෘත්ති පළ වන්නේ එම නිසාය. ‘‘ආනන්ද් අහුජා මගෙ හොඳම යාළුවෙක් මිසක් ඊට එහා දෙයක් නෑ..’’ ඇය කියන්නීය.
එහෙත් ඇය විසින් අලූත් අවුරුද්ද වෙනුවෙන් සමාජ වෙබ් අඩවියක පළ කළ පින්තූරය දකිද්දී ඔවුන් අතර මිතුරුකමට එහා ගිය සම්බන්ධයක් ඇති බැව් පැහැදිලි වෙයි. එය සෝනාම් සහ ආනන්ද් අහුජා එකිනෙකාට ළංව ගත් සේයාරුවකි.
මින් ටික දිනකට පෙර සෝනම් ගේ පියා අනිල් කපූර් සිය 60 වෙනි උපන් දිනය සැමරුවේ ලන්ඩන්හිදීය. ආනන්ද් අහුජා එයට ද සහභාගි වෙන්නට ලන්ඩනයට ගිය බැව් අනිල් විසින් වෙබ් අඩවිවල පළ කරන ලද ඡායාරූපයකින් දැක්විණි. ඔහු එයට මාතෘකාව යොදා තිබුණේ පවුලේ අය විසින් සමරන ලද 60 වශයෙනි. එයින් අදහස් කෙරෙන්නේ ආනන්ද් අහුජා පවුලේ අයෙකු ලෙස පිළි ගන්නා බැව් නොවේදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබිණි.
ආනන්ද් අහුජා මෝස්තර නිර්මාණ ව්‍යාපාරිකයෙකි. මින් පෙර ආක්ෂේ කුමාර් විසින් පවත්වනු ලැබු සාදයකට ද ඇය සහභාගි වී තිබුණේ ආනන්ද් සමඟය.
‘‘සෝනම් ගේ ආදර සම්බන්ධකම් ගැන කටකතා මාධ්‍යවල පළ වෙන්නේ බොහොම කලාතුරකින්.. ඒවා පවා අන්තර්ජාලයෙන් ඉවත් කරන්නට ඇයට වුවමනා වී තිබෙනවා.. ඇය කැමති සිය පෞද්ගලික ජීවිතය ගැන සාකච්ඡා නොකරන එකම බොලිවුඞ් නිළිය විදියට පෙනී සිටින්නයි..’’
ඇගේ නියෝජිතයෙක් එසේ පැවසුවේය. කෙසේ වුවත් ඇය විසින් පළකරන ලද සේයා රුව විසින් ලෝකයට බොහෝ දේවල් කියනු ලැබිණි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සෝනම් ගේ අලූත් අවුරුදු පැතුම...