අද්විතීය ශී‍්‍ර ලාංකික සිනමා අධ්යක්ෂ වරයකු සහ සංස්කරණ ශිල්පියකු වූ ජනාධිපති සම්මානලාභී ටයිටස් තොටවත්ත, 82 (ටයි මහත්තයා) සෙනසසුරාදා රාතී‍්‍ර කොළඹ පෞද්ගලික රෝහලක දී දැයෙන් සමුගත්තේය. 1929 අපේ‍්‍රල්17 වැනි දින බොරැල්ලේදී එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නමින් උපත ලද ටයිටස් තොටවත්ත 60 සහ 70 දශකයන්හි දී සිංහල සිනමාවේ ළමා වැඩසටහන් නිෂ්පාදනයේ සහ සංවර්ධනයේ ලා බෙහෙවින් ජනාදරයට පත්විය. කොළඹ ආනන්ද විද්‍යාලයයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ තොටවත්ත සහෝදරයන් තිදෙනකුගෙන් සහ සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. ඔහු කලාව ප්‍රගුණ කරන ලද්දේ සුප්‍රකට ජේ.ඞී.ඒ.පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහයන් ගේ මගපෙන්වීමෙනි. පසුව මාතර තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යාපනය ලද්දේය. තොටවත්තයෝ පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් විසින් 1956 දී නිෂ්පාදනය කරන ලද රේඛාව චිත්‍රපටයේ සංස්කාරකවරයා වූහ. රේඛාව චිත්‍රපටයේ ඔහු සංස්කාරක ලෙස ඉටුකරන ලද මෙහෙවර එවකට දකුණු ඉන්දීය සිනමාව කොපි කිරීමෙන් පරිබාහිරව සිංහල සිනමාවේ කඩඉම් සළකුණක් සනිටුහන් කිරීමක් විය. ඉන්පසු 1965 චන්ඩියා, 1969 දී කවුද හරි , 1970 දී තෙවත, 1971 දී හාරලක්ෂය, 1979 හඳයා ළමා චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළ ඔහු බාල තරුණ වැඩිහිටි සියඑ දෙනාගේ සිත් සතන් දිනා ගැනීමට සමත්වූවේය. හෙළයේ මහා ඉසි කුමාරතුංග මුණිදාසයෙන්ගේ ඇසුරෙන් ලැබූ භාෂා ප්රාගුණ්යය ද තොටවත්තයන්ගේ නිර්මාණ තුලින් නිරන්තරවම දක්නට ලැබිණි. තොටවත්ත හෙළ බස ප්‍රචලිත කිරීමේ ලා වැදගත් මෙහෙවරක් කෙළේය. අසූව සහ අනූව දශකයන්හි දී ඉංගී්රසි කාටූන් චිත්රපටවූ ‘‘බග්ස් බනී’’ ‘‘හා හා හරි හාවා’’ ලෙසටත් ‘‘ඩොක්ටර් ඩූ ලිට්ල්’’ ‘‘දොස්තර හොඳ හිත’’ ලෙසටත් සිංහලයට හ`ඩකවා ඉදිරිපත් කිරීමෙන් සිංහල රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර සදා නොමියෙන මතක සටහනක් තබන්නට හෙතෙම සමත්විය. රූපවාහිනී ක්ෂේත්රයේ හ`ඩකැවීමේ වැඩසටහන් ජනපි්රයකිරීමට තොටවත්තයන් දැක්වූ දායකත්වය සදා අමරණීයය. ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ ප්‍රථම ජාතික මාධ්‍ය සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී මාධ්‍යයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට ස්වර්ණ සම්මාන හිමිවිය . තොටවත්ත මහතාගේ දේහය රාජගිරිය නාවල පාරේ අංක 6/292 දරන නිවසෙහි තැන්පත් කර ඇත. අවමඟුල ලබන බදාදා (10) බොරැල්ලේ කනත්තේදී පස්වරු 4 ට සිදු කැරේ. එදින පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා කොළඹ ජාතික කලාභවනෙහි දේහය තැන්පත් කැරෙයි. ඔහු විසින් සංස්කරණය කරන ලද චිත්‍රපට 1956 රේඛාව 1960 සංදේශය 1962 රන් මුතු දූව 1964 ගැටවරයෝ 1964 ධීවරයෝ 1965 පරසතුමල් 1966 සාරවිට 1967 සොරුන්ගෙත් සොරු 1967 වසන්ති 1968 පුංචි බබා 1969 බඩුත් එක්ක හොරු 1969 හන්තානයේ කතාව 1975 සිකුරුලියා ඔහු විසින් තිර රචනය, අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත්‍රපට 1965 චණ්ඩියා 1970 තෙවත ඔහු විසින් අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත්‍රපට 1969 කවුද හරි 1971 හාරලක්ෂය 1974 සිහසුන 1974 සාගරිකා 1976 මංගලා 1977 මරුවා සමග වාසේ 1979 හඳයා
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිනමා මිණි පහනක් නිවේ
චමින්ද ප්‍රසාද් Monday, 17 October 2011 04:33 AM
මගේ පුංචි කාලේ මතක් උනා 80 ගණන්වල රූපවාහිනියේ ගිය දේවල් ළමා වැඩසටහන් පටන් ගත්තේ ඔබේ නමින් අපි අද ලොකු මිනිස්සු අපේ ළමයි ඔබව නොදනි නමුත් ඔබ දුන් දේවල් ඔවුන්ට ඉතිරිව තිබේ කදුඵ පිරි නෙතින් දුර සිට ඔබට නිවන් සුව පතමි
චමිලා Monday, 17 October 2011 06:42 AM
ඔබට නිවන් සුව පතමි
දීප්ති සේනාධීර Monday, 17 October 2011 07:05 AM
සහෘදයාණෙනි ! ඔබට නිවන් සුව පතමි
ප්‍රියංගිකා Monday, 17 October 2011 08:45 AM
සහෘදයානෙනි ඔබට නිවන් සුව!
ගීතානන්ද තිලකරත්න Monday, 17 October 2011 10:22 AM
දේශීය සිනමාට ඔබ කළ සේවය අමරණීයයි!! උතුමාණෙනි!!! ඔබට නිවන් සුව පතමි!!!!
එදිරි Monday, 17 October 2011 10:24 AM
අමරණීය සහෘදයාට නිවන් සුව පතමු.
රෝයල් Monday, 17 October 2011 10:40 AM
ඔබට නිවන් සුව පතමි
නිර්මාල් Monday, 17 October 2011 01:38 PM
ටයි මහත්තයා, ඔබට නිවන් සුව !!!