IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සුනාමි මහ සැමරුම පැරෑලියේ

වසර 12කට පෙර ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකිරීම සඳහා අද (26) රටපුරා විවිධ වැඩසටහන් සංවිධානය කැර තිබිණි.

මගීන් 1500කට අධික පිරිසක් සමග උදම් රලට පැරෑලිය තෙල්වත්තේදී අසුවූ දුම්රියේ එන්ජිම අදත් යළි මාතර බලා ධාවනය කරමින් එදින මියගිය පිරිස් සිහිපත් කැරිණි. 2004 දෙසැම්බර් 26 වැනිදා මාතර දුම්රිය ධාවනය කළ රියදුරාත් සහායකයාත් මියගිය අතර ජීවිතය බේරාගත්තේ ප්‍රධාන නියාමක ඩබ්ලිව්.කරුණාතිලක මහතා පමණි. ඔහු සුනාමි සැමරුම සඳහා අද එක්ව නොසිටියේය. ඔහු අසනීපයෙන් පසුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා කීවේය.  ගිය වසරේ සුනාමි සැමරුමට එක්වූ ඔහු සංවේදී ස්වරූපයෙන් පැවසූයේ එදා කුඩා දරුවකු බේරාගෙන සුනාමි ස්මාරකය අසල තැබූ බවයි. එම දරුවා ගැන ඉන්පසු තොරතුරක් නොලැබුණු බව ඔහු කියයි. තෙල්වත්ත පැරෑලියේ දී අඩු ගණනේ දුම්රියේ ගමන් කළ 1500කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.

2004 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක ලක්ෂ ගණනකගේ ජීවිත හා දේපොළ අහිමි කරමින් සුමාත්‍රා දූපත්හි ඇතිවූ භූ කම්පනය හා සුනාමි තත්ත්වය එදා මෙදාතුර මෙරටට ඇතිවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකේ.

තෙල්වත්ත පැරැලියේ සහ ප්‍රදේශ රැසක සුනාමියෙන් මියගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ ඥාතිහු ආගමික වතාවත් සිදුකොට පුෂ්පෝපාහාර දැක්වූහ.

2004 දෙසැම්බ්ර් 26 වැනිදා සුනාමියේදී යාපනය ,මඩකලපුව,මාතර,හම්බන්තොට, වැනි ප්‍රදේශ රැසක මෙන්ම පැරැලියේදී කොළඹ සිට මාතර බලා ගිය දුම්රිය සුනාමියට හසුව විශාල පිරිසක් මිය ගියහ. සුනාමියෙන් මියගිය ගණන 50000කට අධිකය.

සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක් ද පැවැත්විණි.

IMG_5443 IMG_5447 IMG_5454 IMG_5507

 

 

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා

DSC06486 DSC06487 DSC06498

ඡායාරූප - සනත් ගමගේ

S9940027 S9940026 S9940020 S9940015

ඡායාරූප- ජව්ෆර් කාන්

  



අදහස් (0)

සුනාමි මහ සැමරුම පැරෑලියේ

මොහොමඩ් Monday, 26 December 2016 07:06 AM

මෙවන් විපතක් යළි කිසිදිනක නොමවේවා! (නි)

:       0       0

රොහාන් Monday, 26 December 2016 07:14 AM

ස්වභාව ධර්මය කියන්නේ අපට පෙනෙන දෙවියන්. එයට අපි හැමෝම යටයි. මෙවන් විපතක් නැවත කිසි දිනක නොවේවා! (නි)

:       0       0

කුමාර Monday, 26 December 2016 10:33 AM

මෙවන් විපතක් යළි කිසිදිනක නොමවේවා. මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 171 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 438 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 316 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 922 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 96 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 202 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site