IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සෝනියා කැළඹුණු දියේ මාළු බායි

මන්මෝහන් සින්ග් ගේ එක්සත් ප්‍රගතශීලී සන්ධානරජයෙන් තම පක්ෂය ඉවත්වෙන බවට තමිල්නාඩු මහා ඇමති ද්‍රවිඩ මුන්නේත්‍රකසාගම් නායක කරුණානිධි ප්‍රකාශ කරනවාත් සමගම බොරවී ගිය තමිල්නාඩු දේශපාලනගොහොරුවේ මාළුබෑමට කොන්ග්‍රස් පක්ෂ නායක සෝනියා ගාන්ධි යුහුසුලුවී ඇතිබවක් මේ දිනවල පලවන ඉන්දිය මාධ්‍ය වාර්තා කියවීමේදී පෙනීයයි. 

ජිනීවාමානවහිමිකම් සැසිවාරයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවට පක්ෂවචන්දය පාවිච්චි කරන ලෙසට තමිල්නාඩුව පුරා ගෙනයන උද්ගොෂන පසුබිම්කොටකරුණානිධි උත්සාහ කරන්නේ ඉන්දියා රජයට කෙරෙන බලපෑම හැකිතරමට උග්‍රකරවීමටය. 

කරුණානිධි ඉන්දියා සභාග රජයෙන් ඉවත්වුබව ප්‍රසිද්ධියට පත්වූ සැණින්ම නවදිල්ලි නුවරදී පැවැත්වුන කොන්ග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි  කියා ඇත්තේ "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ස්වාධීන සහ විශ්වාසනීය පරීක්ෂණයක්" පැවැත්විය යුතු බවයි.

මෙහිදී වන්දනා ගමනකට සහභාගීවූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ශූන් වහන්සේට තමිල්නාඩුවේදී සිදුවූ අමානුෂික පහරදීම් ගැන කියන්නේ මොනවාදැයි ඇයගෙන්මාධ්‍යවේදීන් විමසා ඇතත් ඒගැන මේ අවස්ථාවේ කිසිදෙයක් කිව නොහැකිබවපැවසු බවද වාර්තා වී තිබුණි.

ඇය කියා ඇත්තේ " ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාවෙත යුක්තිසහගත සාධාරණ දේශපාලන අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරතිබීම දැකීමට ලැබීම ගැන තමන් සන්තාපයට සහ වේදනාවට පත්වන" බවයි.

දේශපාලන කතා රචකයන් අතින් ලියවී ඇති මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අරුත තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලංකා විරෝධී කලබල අස්සේ කොන්ග්‍රස් පක්ෂයේ ජනප්‍රියත්වය වැඩිකරගැනීම බව වාර්තාවී තිබුණි.

"ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුනුනපා ඇති අසාධාරණ තත්ත්වයපිළිබඳව අප සිත් තුල ඇත්තේ දැඩි කණස්සල්ලකි. ඔවුන්හට සමාන අයිතිවාසිකම්ලබාදීමටත් නීතියේ ආරක්ෂාව ලබාදීමටත් ඉන්දිරා ගාන්ධි මැතිනිය මෙන්ම මගේසැමියා වූ රජීව් ගාන්ධි ද ගත් මහන්සිය තවදුරටත් ගෙනයාම අපගේබලාපොරොත්තුවයි. දෙමල ජනතාවගේ දේශපාලන අයිතීන් ලබා නොදීමත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන වකවානුවේ සිදුවූ යුද අපරාධ පිළිබඳවත් අපි බලවත්සේ සංවේගයට පත් වන්නෙමු" යයි ද ය පවසා තිබුණි.

ඉන්දියානු අගමැතිව සිටි ඇගේ සැමියා ඝාතනය කරනු ලැබුවේ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් බව මේ මොහොතේ පහසුවෙන් අමතක කර දැමීමට ඇය පෙළඹවාගැනීමට හැකිවී ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා පමණක් බවද එම වාර්තා වල දැක්වෙයි.

දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් කාලෙන් කාලෙට කවුරු මොනවා කීවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර කාලාන්තරයක් තිස්සේ පවතින ඓ තිහාසික නැදෑකම කිසිදිනෙකත් වෙනස් නොවන බව මේ පිළිබඳව තතු දන්නෝ පවසති.



අදහස් (0)

සෝනියා කැළඹුණු දියේ මාළු බායි

ප්‍රියා Thursday, 21 March 2013 10:41 AM

දේශපාලනය කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

නුවන් Wednesday, 20 March 2013 09:27 PM

අපිට මොකුත් නොකර ඕනා වැඩක් කරගන්න (දී)

:       0       0

තාරක Wednesday, 20 March 2013 09:27 PM

සෝනියා ගාන්ධි. ඝාන්ධි පවුලේ තවත් ප්‍රබලයෙක් (දී)

:       0       0

ගාමින්ද Wednesday, 20 March 2013 09:30 PM

ඉන්දියාවේ දේශපාලනය ගැන මම කතා නොකරමි (දී)

:       0       0

නිරෝෂා Thursday, 21 March 2013 11:01 AM

සැම රටකම දේශපාලනය කැලබිලා (දී)

:       0       0

රොහාන් Wednesday, 20 March 2013 09:46 PM

ලංකාවට එරෙහි චෝදනා අකුලා ගන්න (දී)

:       0       0

සංජු Wednesday, 20 March 2013 10:43 PM

අපි කියන්නද කොටි කරපු වැඩ (දී)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 10:45 PM

කොටි මානව හිමිකම් කඩුවේ නැද්ද (දී)

:       0       0

නිමන්ත Wednesday, 20 March 2013 11:09 PM

මාළු කතාවක් (දී)

:       0       0

චතුර Thursday, 21 March 2013 12:21 PM

ගණන් ගන්න එපා (දී)

:       0       0

කුසුමාලතා දාබරේ Thursday, 21 March 2013 07:20 PM

සෝනියා හරි නරකයි.(නදී)

:       0       0

ශාමලි Thursday, 21 March 2013 12:32 PM

කවුරුත් කරන්නේ ඕක තමයි (දී)

:       0       0

සරත් Thursday, 21 March 2013 12:35 AM

අනේ ද කියන්නේ. (නි)

:       0       0

සුදීර Thursday, 21 March 2013 12:54 PM

කව්රුත් කරන වැඩක් නේ

:       0       0

රත්නේ Thursday, 21 March 2013 03:07 AM

අනේ සර්, ඇයි ඔහොම කතා කියන්නේ? (නි)

:       0       0

නන්දලාල් Thursday, 21 March 2013 05:58 AM

ලංකාවට අහිතක් කරන්න හිතන්න එපා (දී)

:       0       0

හේමසර හිමි Thursday, 21 March 2013 06:46 AM

ඇයි ඔයාට මතක නැද්ද කලින් සිදුවීම්? (නි)

:       0       0

සුමති Thursday, 21 March 2013 07:17 AM

බල ලෝබයට සොනියා මහත්මිය මුල වෙලා (දී)

:       0       0

චමින්ද Thursday, 21 March 2013 07:56 AM

අයියෝ අනේ මන්දා (දී)

:       0       0

ඉෂාර Thursday, 21 March 2013 08:13 AM

ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. අනුන්ගෙ ඇස් වල තියන කෙස්ගහ හොයනවා තමන්ගෙ ඇහේ කොස්ගහක් තියාගෙන. (නි)

:       0       0

ජනක Thursday, 21 March 2013 08:50 AM

ඕක මොකක්ද අනේ? මෙහෙත් සමහර වෙලාවට ඔහොම ඒවා වෙන්නේ? (නි)

:       0       0

චම්පි Wednesday, 20 March 2013 07:40 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතුමිය කොටින්ට කැමතිද එතකොට? (නි)

:       0       0

පාරු Thursday, 21 March 2013 09:05 AM

ගාන්ධි නේරු උත්තමයෝ වුණත් කුල බේදය සැළකුවා. (නි)

:       0       0

දිමුතු Thursday, 21 March 2013 04:14 PM

අපේ පොඩි එවුන්ගේ ඉදලා දන්නේ අපි පැවත එන්නේ විජය රජුගෙන් කියලා.ඔක්කොටම කලින් මෙන්න මේ බොරුව නවත්වන්න ඕනේ. අපට එයිට වඩා ශේෂ්ඨ අතීතයක් තිබුන බව අපි දන්නවනේ.(නදී)

:       0       0

මහින්ද Thursday, 21 March 2013 09:08 AM

ඕක කාගේත් පුරුද්ද (දී)

:       0       0

නීලා Thursday, 21 March 2013 09:13 AM

ඔබතුමියට කලින් දේවල් මතක නැතුවවද්ද? (නි)

:       0       0

ජයා Wednesday, 20 March 2013 08:00 PM

ඕක තමයි දේශපාලනෙ හැටි . අනික මහත්මා ගාන්ධි, ශ්‍රීනේරු වැනි උත්තමයන්ගේ දේශපාලනයක් වගේ නොවෙයිනෙ ඉන්දියාවේ දැන් තියෙන දේශපාලනේ. (නි)

:       0       0

මිලින්ද Wednesday, 20 March 2013 08:12 PM

මගේ ලංකා මාතාවට මොකුත් කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 21 March 2013 09:38 AM

මට අපේ විරුද්ධ පක්ෂය මතක් වුණා. මොකද මන්දා? (නි)

:       0       0

විරාජිත් Wednesday, 20 March 2013 08:19 PM

කන්න ඕනෑ වුණහම කබර‍ගොයත් තලගොයා වෙනවනේ. (නි)

:       0       0

ශානක Thursday, 21 March 2013 09:40 AM

කරලා බලන්නකෝ (දී)

:       0       0

ගාමිණි Thursday, 21 March 2013 09:47 AM

මිනිස්සු ඔහොමතමයි. (දී)

:       0       0

සිසිර Wednesday, 20 March 2013 08:33 PM

අනේ මන්දා මෙහෙමත් රටක්? (නි)

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 08:45 PM

ප්‍රතිඵල ළගදීම බලාගත හැකිවේවි. (නි)

:       0       0

චන්දන Wednesday, 20 March 2013 08:48 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

ඉසුරු Thursday, 21 March 2013 10:07 AM

ලංකාව සරණ කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

අරුණ Wednesday, 20 March 2013 08:57 PM

ලංකාවට කෙනිහිරි කම් කරන එකනේ විදින්න බැරි (දී)

:       0       0

මහේෂ් Thursday, 21 March 2013 10:24 AM

හැමෝම බලන්නේ ලංකාව අසරණ කරන්න (දී)

:       0       0

මනෝජ් Wednesday, 20 March 2013 08:57 PM

කවුරුත් බලන්නේ ඔහොම කරන්න තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 293 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 933 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1777 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6339 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1853 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site