IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සුනිල නිල් දියවර නිසල වෙයි

2016-12-08-ent-29කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන "ගමට කලින් හිරු", සුනිල් එදිරිසිංහ ගායනා කරන "මහ වැස්සක් බිමට හෙළා" පදරචනය හා සංගීතය, නන්දා මාලිනී ගයන "වහින්නට හැකිනම්" හා හර්ෂණ දිසානායකගේ "දිය බෙරලිය" හා "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" යන ජනප්‍රිය ගීත ගණනාවක පද රචනය හා සංගීත තනු නිර්මාණ ශිල්පියා වූ විශාරද සුනිල් දයානන්ද කෝනාර මහතා ඊයේ (07දා) මෙලොවින් සදහටම සමුගත්තේය. මිය යන විට 64 වන වියේ පසු වූ එතුමා දින කිහිපයක සිට රෝගාතුරව දඹදෙණිය රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් හිඳ ඇත.

ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් දීර්ඝකාලීන සෙවයක නිරතවී විශ්‍රාම ලබා සිටි හෙතෙම 2006 වසරේ රාජ්‍ය සම්මානද දිනාගනු ලැබ තිබේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 10 වන සෙනසුරාදා සවස 4.00ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අපි ඔහුගේ මතකයන් පිළිබඳව ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දර්ශන වික්‍රමතුංගගෙන් විමසා සිටියෙමු.

පවන සංයුක්තපටය අපේ ගෙදර ගෙනවාම, එහි ගීත ඇහුවම, හිතට දැනුණම සුනිල් දයානන්ද කෝනාරයන් ගැන පුදුම හැඟීමක් හිතට දැනුණා. එක්තරා කාලෙක ජනතා විමුක්ති පෙරමුණේ කලා කටයුත්තකට කතා කළාම සුනිල් දයානන්ද කෝනාරයන් එනවා කිව්වම මාත් බලන් හිටිය කොයි වගේ මනුස්සයෙක්ද කියල. බෑග් එකකුත් එල්ලගෙන අත්දිග ෂර්ට් එකක් කොටට නවල කෝචිචියෙ නැගල ආපු සුනිල් අයියා කියන සරල මනුස්සයා වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ පළවෙනි හමුව. ඔහු මිනිස්සුන්ව පුදුමාකාර විදියට අගයන්නෙක්. ඒත් එක්කම හර්ෂණ දිසානායකව සංගීත ක්ෂේත්‍රයට ගේන්නෙ ඔහුයි. හර්ෂණ වගේ ගෝලයො රොත්තක් එතුමාට ඉන්නවා. ගෝලයො හදන්න මහන්සි ගත්තා මිස කසාද බඳින්නවත් උනන්දුවක් තිබුණෙ නෑ.

එනිසාම කසාදයත් පරක්කු වුණා. අවුරුදු පහක විතර පොඩි දුවෙක් ඔහුට ඉන්නෙ. ඔහු සියලු දේවල් කළේ මිනිස්සුන්ට ආදරෙන්. ඔහු අනිත් මිනිස්සු දිහා බලල සතුටු වෙච්ච මිනිහෙක්. තමන්ගෙ නිර්මාණ ටිකක් එකතු කරගෙන මගේ ප්‍රසංගයක් මේක කියන්න උත්සාහ දරපු කෙනෙක් නෙවෙයි. හැමවෙලාවෙම අතිනුත් වියදම් කරගෙන ළමයින්ගෙ ප්‍රසංග කළා. පොඩි ළමයින්ගෙ කැසට්පට කොච්චරක් නම් ඔහු නිර්මාණය කළාද? නිහතමානීකම මනුස්සකම හා හොඳම දේ මිනිස්සුන්ට දෙන්න බලාගෙන ඉන්නෙක ආදී තත්ත්වයන් යටතේ ඔහුගේ වියෝවීම ඇත්තටම හදවතට දරාගන්න අමාරු කාරණයක්.

අසනීපවලටත් බොහොම බයකිනුයි ඔහු හිටියෙ. අසනීප වෙලා ඉද්දි රෝහලට ගියාමත් සුගත් සෝමවීරයි, මමයි නිර්මාණය කරපු සින්දුවක් අරන් ගියාම අසනීප මැද්දෙත් ඔහු බොහොම ඉහළින් ඒ ගැන කතා කරල තිබුණ. කවුරුහරි අලුත් නිර්මාණකරුවෙක්ව ලෝබකමක් නැතුව අගයන මනුස්සයෙක්. තමන් මතුවෙන්න හදපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම අද සංගීත ක්ෂේත්‍රයේ නම් දරා සිටින රෝහණ ධර්මකීර්ති, පාලිත ලොකු බෝතාලගම, හර්ෂණ දිසානායක වැන්නවුන් එතුමාගේ ගුරුහරුකම් තුළින් අපට ලැබුණු දායාද කියන්නට පුළුවන්. සංගීතඥයෝ ගීත රචනා ලිව්වට ගහට පොත්ත වගේ නිර්මාණයක් කළානම් ඒ සුනිල් දයානන්ද කෝනාරම තමයි. මහ වැස්සක් බිමට හෙළා ගීතය ගත්තොත් එහෙම ගීතයක්. රචනාවත් ඉහළ මට්ටමේ තිබෙන ප්‍රශස්ත මට්ටමේ ගීතයක් නිර්මාණය කරන්න ඔහු සතු හැකියාව ප්‍රබලයි. ඔහු සතුව ප්‍රබල ගීත රචනා පෞරුෂයක් තිබුණා. සුනිල් දයානන්ද කෝනාර කියන්නේ මේ ක්ෂේත්‍රයට වටිනා මනුස්සයෙක්. හැම කලාකරුවෙක්ගෙම කැසට්පටයක ඔහුගේ ගීතයක් තිබෙනවා. ඔහුගේ වියෝවීම දරාගන්න බැරි පාඩුවක්"

 

සටහන - ඉඳුනිල් සින්දු

 



අදහස් (0)

සුනිල නිල් දියවර නිසල වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 61 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 140 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 111 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 91 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 323 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 74 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site