IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සේනසිංහ අදත් උසාවි නොයයි

පසුගිය මැතිවරණ සමයේ හෝමාගම හබරකඩ දී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා හතක් යටතේ අතුරුගිරිය පොලිසියෙන් හෝමාගම උසාවියේ ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද තෙවැනි දිනටත් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.

ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ ඉල්ලීම නොපිළිගත් මහේස්ත්‍රාත් ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

ඔහු සමග චෝදනා ලබා සිටි අනෙක් සැකකරු රුපියල් දෙලක්ෂයක ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.



අදහස් (0)

සේනසිංහ අදත් උසාවි නොයයි

තිලක්-ඩුබායි Wednesday, 26 August 2015 10:23 AM

මොනම පක්ෂයක කෙනෙකුටවත් නිතිය සමඟ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.අනිවාර්යෙන්ම නිතිය සමව ක්‍රියාත්මක කරන්න.(ම)

:       0       0

චතුර Wednesday, 26 August 2015 05:45 AM

සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ දින දෙයිද? එක දවසින් අත්අඩංගුවට ගන්න කියලා ඉවරයි..(නදී)

:       0       0

ධම්ම Wednesday, 26 August 2015 05:50 AM

මිනිස්සු බලා ඉන්නවා නීතිගරුක සමාජයක් බිහිවෙනතුරු.(නදී)

:       0       0

ඉමේෂ් Wednesday, 26 August 2015 05:51 AM

අපි හිතුවේ ඔබතුමා හොඳ නීති ගරුක පුද්ගලයෙක් කියලා. (නදී).

:       0       0

ප්‍රියංක Wednesday, 26 August 2015 05:54 AM

ඇමතිලා මොකටද උසාවි එන්නේ? (ම)

:       0       0

ජයනාත් Wednesday, 26 August 2015 06:04 AM

නිතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනසක් විය නොහැක .... .(ම)

:       0       0

සිසිර Wednesday, 26 August 2015 06:17 AM

අධිකරණ ඇමති කමට හොදින්ම ගැලපෙනවා (ම)

:       0       0

හේමන්ත Wednesday, 26 August 2015 06:17 AM

මෙයින් කියවෙන්නේ එයා යහපාලනයට දේශපාලනයට හොදටම ගැලපෙන බවයි, මොකද එයාලට නීතියක් නැහැනේ. (නදී)

:       0       0

ප්‍රභූ Wednesday, 26 August 2015 06:17 AM

යහපාලනයට ජය වේවා ! (නදී)

:       0       0

සංක Wednesday, 26 August 2015 06:21 AM

ගරු අගමැතිතුමාත් ඉස්සර බොරු චෝදනා එල්ල කරපු අවස්ථාවල ගෞරවනීය විදිහට උසාවියට ගියා. ඔබත් චෝදනා ඇත්ත උනත් බොරු උනත් උසාවිය මග අරින්න එපා. (නදී)

:       0       0

නුවන් Wednesday, 26 August 2015 06:24 AM

නියම යහපාලන නීතිය. (නදී)

:       0       0

පිරිස් Wednesday, 26 August 2015 06:46 AM

කතා කළ විදිහට හා තර්ක විතර්ක කළ විදිහට නම් අපි හිතුවේ මෙයා නියම යහ පාලකයෙක් කියයි. බලාගෙන ගියාහම මෙයත් අන්ත යට වඩා කිසි වෙනසක් නැහැ වගේ..(ම)

:       0       0

පිරිස් Wednesday, 26 August 2015 06:48 AM

නීතිය රකින්න එන අය හැසිරෙන්නේ මෙහෙම නම් ඉස්සරහට අනිත් අය ගැන කිම කවර කතාද? (ම)

:       0       0

ජයන්ත Wednesday, 26 August 2015 07:01 AM

හරිම අපුරුයි (නදී)

:       0       0

සුනිල් Wednesday, 26 August 2015 07:34 AM

විරුද්ද පක්ෂෙන් ඕක උනා නම් එහෙම කොහොමද ? (නදී)

:       0       0

ලංකා Wednesday, 26 August 2015 07:34 AM

මේවා දැන දැනත් ලිස්ට් එකේ මුලටම තේරුවේ අපිම නේද ? (නදී)

:       0       0

අමිත Wednesday, 26 August 2015 07:34 AM

නීතියට ඉහලින් කිසිවෙකු නැත මට මතකයි ඉස්සර පොලිසි වල ඇතුල් වන විට පෙනෙන්න ලොකුවට ලියලා තිබ්බා. දැන් නම් ඒක වෙනස් වෙලා වගේ අපි හිතපු පතපු යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය මෙයද? දේශපාලකයාට උසාවියෙන් විශේෂ වරප්‍රසාදයක් ලැබිය යුතුද? (නදී)

:       0       0

ලීලා Wednesday, 26 August 2015 08:10 AM

මොහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලු අතුරුගිරිය පොලිසියේ කොන්ද පන ඇති නිලධාරින්ට ප්‍රණාමය....නිතිය කටත් එකක් විය යුතුය..(අ)

:       0       0

විජයබාහු Wednesday, 26 August 2015 08:12 AM

මහින්දගේ කවුරුහරි නම් (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 26 August 2015 08:13 AM

විරුද්ධ පක්ෂයේ ඕක වුණා නම් බලාගන්න තිබුණා එතකොට මේකද යහපාලනය (අ)

:       0       0

අනිශංකා Wednesday, 26 August 2015 08:14 AM

මේක මාර යහපාලනයක් (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 26 August 2015 08:36 AM

ඉවසන්න පුරුදුවෙන්න රට පාලනය කරන්න ඉදිරිපත් වෙනවනම්.(ම)

:       0       0

ශානක Wednesday, 26 August 2015 09:08 AM

මේවා වෙන බව අපි දැනගෙන හිටියා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1706 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1776 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1337 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1381 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1974 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 810 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14572 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site