(යොහාන් භාසුර)
සීනිවලට උපරිම මිල නියම කරමින් ඉනිකුත් කළ ගැසට් නිවේදනය අද (21) රාත්‍රී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ මස 3 වැනිදා නිකුත් කළ එම ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද පස්වරුවේ යොමු කළ බවත් ඒ අනුව රුපියල් 50 ක නව බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි ආනයනකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය මත මිලකට සීනි අළෙවි කළ හැකි බවත් එම නිලධාරියා කීය.
එම ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද, පැනවිණි.
ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි මෙටි්‍රක්ටොන් 18,000 ක් පමණ රටතුළ ඇති බවට මේ වන විට ගණනය කර ඇති බවත් එම තොග පවරාගැනීමේ කටයුතු වෙළෙඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීනි පාලන මිල ගැසට්ටුව අදින් අවසන්
Aravinda Monarawila Tuesday, 21 November 2023 05:10 PM
ඔය කියන ගණන වගේ හතර පස් ගුණයක් වත් ඇති වෙළෙන්දෝ ගාව .ඒකෙන් සියයට විස්සක් ඇමතිගේ සාක්කුවට ගියත් ඇති