IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


සීනි බද්ද අඩු කිරීමෙන් පාඩුවක් වී නැහැ

මුදල් අමාත්‍යංශයේ ලේකම්

(රංජන් කස්තුරි)

සීනි ආනයනය කිරීමේදී අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නැතැයි මුදල් අමාතයංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව විවිධ අවස්ථාවල බදු අඩුවැඩි කරන බව සීනි බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නැතැයි ද රුපියල් බිලියන 15.9 පාඩුවක් වූ බවට කරන ප්‍රකාශ මුදල් අමාත්‍යංශය පිළි නොගන්නා බව ද ඔහු පැවැසීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකිරීමට සහ පාරිභෝගිකයිනට  සහනයක් ලබාදීමේ අරමුණින්  සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීම නිසා පාඩුවක් සිදු වූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ආටිගල මහතා පවසයි.

ඡායාරූප ළහිරු හර්ෂණ



අදහස් (19)

සීනි බද්ද අඩු කිරීමෙන් පාඩුවක් වී නැහැ

gamunu Friday, 12 March 2021 11:50 AM

සීනි ආණ්ඩුව මෙහෙම කළාම නැවත රටේ ජනතාවට 70-77 යුගයේ හකුරු සමග තේ බොන්න වෙයි.

:       6       44

chandani Friday, 12 March 2021 12:07 PM

ආණ්ඩුවේ ඉඳුල් කන මෝඩ නිලධාරින්. අනාගතයේදී මේවාට උත්තර බඳින්නත් ලැහැස්තිවෙලා ඉන්න මහත්තයෝ...

:       8       78

ranjith Friday, 12 March 2021 12:35 PM

මොන්ටිසෝරි ළමයි කියන කතා නේද? බදු අඩුකරලා බදු ආදායම අඩුවෙන්නේ නැතිද? පාරිභෝගිකයාට සහනයක් දුන්නේ නැහැ නේද?

:       1       77

sachithFriday, 12 March 2021 12:50 PM

මෙයාලා පාරිභෝගිකයා කියලා සලකන්නේ සීනි ආනයනකරුවන්ගේ සාක්කුවේ ඉන්න මේ වගේ නිලධාරීන්, පාලකයන් වෙන්න බැරිද?

:       2       55

Rohana Friday, 12 March 2021 12:49 PM

එතකොට රු. 50 - රු. 0. 25 = රු. 49.75 බැගින් සෑම සීනි කිලෝග්‍රෑම් එකකින්ම රජයේ බදු ආදායම පහත වැටීම රජයට පාඩුවක් නොවෙයිද? රජයට පාඩුවක් ඇති බවට අංක ගණිතය දන්නා ඕනෑම කෙනෙකුට පැහැදිලිවන මේ සරල කාරණය පාඩුවක් නැති බවට පෙන්නුම් කරන මූලාශ්‍රය කුමක්ද?

:       4       60

සෙනෙවිරත්න Friday, 12 March 2021 12:53 PM

සර් එහෙම කියන්න කිව්වද?

:       3       55

pradeepa Friday, 12 March 2021 01:09 PM

මගේ පෙරපාසල් යන දුවත් දන්නවා මේකෙන් ආණ්ඩුවට පාඩුයි කියලා. කවුද මේ පාඩු නැහැ කියන්නේ..? එහෙනම් කාටද ඒ වාසි ලැබුණේ? ජනතාවට හෝ ආණ්ඩුවටද? අපේ ආර්ථිකයට මේ වගේ කෙනෙක් ගෙනාවනේ...

:       2       45

සෙනෙවිරත්න Friday, 12 March 2021 01:29 PM

කතාව හරි... බදු අඩු කලේ රජයට ලැබෙන ලාභය නොසලකා එම ලාභය ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව වුවද ජාවාරම් කරුවන්ට අයුතු ලාභ ලබා ගැනීම⁣ට නොවේ.

:       7       19

siri Friday, 12 March 2021 02:48 PM

ඊළඟට කියයි ඉබ්බන්ගෙන් තටු ගන්න එකත් හරිම ලෙහෙසි වැඩක් කියලා. මේ වගේ අය තමයි ඔය දේශපාලනේ දන්නේ නැති අයව ලෙහෙසියෙන්ම අන්දන්නේ...

:       2       31

sp1 Friday, 12 March 2021 04:11 PM

කොන්ඩේ බැන්ද චීන්නුන්ට ඕවා කියාපන්....

:       2       33

sugath Friday, 12 March 2021 05:14 PM

අපේ රට තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන්ට එක හේතුවක් නම්, අපි අපිටම බොරු කියා ගැනීමයි.

:       0       0

බද්රානි Friday, 12 March 2021 05:20 PM

ලෝකෙන් උතුම් රට, ලෝකයේ අනිත් රටවලට වඩා, වෙනස් කියන්නේ. හොර තක්කඩි බදු ප්‍රතිපත්ති වලටත් මේ අය කියන්නේ බදු සහන කියලයි. හරි ෂෝක් නේද? කාටද ආඩම්බර??

:       0       0

Harsha Friday, 12 March 2021 06:20 PM

හත්වලාමේ අපේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ?

:       0       0

මුණසිංහ Saturday, 13 March 2021 02:28 AM

සීනි වලින් ගසාගෙන කෑවද කියලා දන්නෙ නෑ. නමුත් ඕනෑ ම රජයක් කරන දෙයක් තමා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යන කොට රට තුළ බදු අඩු කිරීම එවිට සිදු වන්නේ ැඅදාල භාණ්ඩයෙ මිල අඩු වීම නොව වැඩි නොවී ස්ථාවරව පවත්වා ගැනීම. මෙතනත් වෙලා තියෙන්නෙ ඒකමයි. එවිට රජයට ලැබිය යුතු අදායම අඩු වෙනව. නමුත් ජනතාවට සහන ලැබෙනවා. තවෙකක් කියන්න තියෙනවා, දැන් මේ රජයට එරෙහිව ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම ක් FB එකේ විශාල ප්‍රචාරයකුත් ගෙන යනවා, කුඩා දේවල් විශාල කර පෙන්වමින් සහ බොරු දේවල් පෙන්වමින්

:       0       0

S. Vitharana Saturday, 13 March 2021 02:42 AM

ආදායම අඩුවීම පාඩුවක් නොවන්නේ ඇයි?

:       0       0

duminda Saturday, 13 March 2021 06:02 AM

කාටද එහෙනම් වාසි වුණේ? තකතීරු වහල්ලු.

:       1       7

kahawitaratne Saturday, 13 March 2021 07:32 AM

මේ වගේ මොලේ කොලොප්පම් වෙච්ච නිලධාරීන් දාලා දැන් වැරැද්ද හදන්න හැදුවට, වෙච්ච පාඩුව සුලුපටු ගණනක්ද? කාගේ සාක්කුවටද ගියේ..? මේ අයට හෙණ ගහනවා මහ දවල් කරන වංචාවලට.

:       1       7

Rata Perata Saturday, 13 March 2021 08:32 AM

අනේ මෙහෙමත් අය...!!! 

:       1       4

Anurudda Saturday, 13 March 2021 04:34 PM

පාරිභෝගිකයන්ට සහන සැලසිමට සිනි කිලෝවකින් අය කරන බද්ද රැපියල් 50 සිට ශත 25 ට අඩු කලා නම් සිනි කිලෝවක මිල 49.75 කින් අඩු විය යුතුය. එහෙම වෙන්නේ නැත්තම් එක්කො මට ගනන් බැ. නැත්තන් ආටිගල මහත්ත්යට ගනන් බැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ආණ්ඩුවේ රෝහලේදී ඇස් අන්ධ වුනාට ආණ්ඩුව වන්දි ගෙවයි
2025 ජනවාරි මස 07 0 0

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්ම වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි
2025 ජනවාරි මස 07 19 0

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි
2025 ජනවාරි මස 07 81 0

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන


ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්
2025 ජනවාරි මස 07 68 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ත්‍රිකුණාමලය දිසාපති පත් කරයි
2025 ජනවාරි මස 07 376 0

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුදල් කාරක සභාව අලුත් වෙයි
2025 ජනවාරි මස 07 297 0

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 237 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site