IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සීනි බද්ද ශත 25ට අඩු කරයි

ආනයනික සීනි මත පනවා තිබූ    බද්ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සත 25ක් දක්වා පහත දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 30ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 29.75කින්  පහත දැමෙනු ඇත. සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇතැයි රජය කියයි. මේ වන විට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 95කි.

වාර්ෂිකව ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 650,000ක් පමණ ආනයනය කරනු ලබයි. එම ප්‍රමාණය මෙරට සීනි පරිභෝජනයෙන් 92%කි. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 56,000ක් පමණි. එය සමස්ත පරිභෝජනයෙන් 8%කි.



අදහස් (0)

සීනි බද්ද ශත 25ට අඩු කරයි

රන්ජිත් Tuesday, 19 July 2016 09:27 AM

රාජිත කිව්වේ මිල වැඩි කරලා සිනි පරිබෝජනය අඩුකරනවා කියලනේ. ඒ ප්‍රතිපත්තියට මොකද වුනේ? මේ ආණ්ඩුවේ කිසිම එකගතාවයක් නෑ. මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්න බෑ (බ)

:       0       0

අබය Monday, 18 July 2016 11:10 PM

ඔහොම බඩු මිල ගණන් අඩුකරන්න ගියොත් ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද මන්දා. (නි)

:       0       1

ටිකිරි Tuesday, 19 July 2016 01:27 AM

එතකොට සීනි රුපියල් 29.75 කින් ගණන් අඩුවෙනවද? (නි)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 19 July 2016 02:09 AM

ඡන්දෙට සීනිබෝල හදන්න වාගේ සූදානම් වෙන්නේ (නි)

:       0       0

පීරිස් Tuesday, 19 July 2016 03:09 AM

ඡන්දෙට කලින්, මිනිසුන්ට සීනිබෝල දීලා රවට්ටාගන්නයි බලන්නේ. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 19 July 2016 04:12 AM

ඔන්න ජනතාවට දියවැඩියාව හදවන්න හදනවා මේක විදේශ කුමන්ත්‍රණයක්...? (ම)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 19 July 2016 06:39 AM

සමහරක්ට සීනි මිල වැඩි කලත් වැරදියි. අඩු කලත් වැරදියි. එහෙනම් මොනවද කරන්නේ කියල කියල හිටිය නම් නේද හොඳ? (ම)

:       0       0

දුෂාරා Monday, 18 July 2016 02:15 PM

නිෂ්පාදනය වැඩි කරන ක්‍රමත් හොයන්න වෙනවා. නිෂ්පාදන වියදම් අඩුකරන විදියකුත් හොයන්න වෙනවා. නැතිනම් තව ටික කාලයකින් 100% ආනයනය කරන්න තමයි වෙන්නේ (බ)

:       0       0

ඉන්දු Tuesday, 19 July 2016 07:08 AM

හ්ම්ම්.. දැන් ඉතින් දියවැඩියාව පාලනය කරනවා බොරු.. බත් වෙනුවටත් සීනි කයි..(ම)

:       0       0

කරුණාපාල Tuesday, 19 July 2016 07:29 AM

සත 25ක් පහළට දාලා මොනා කරන්නද?(හේ)

:       0       0

අනුරාධ Monday, 18 July 2016 03:05 PM

මට අන්දරේ මතක් වුනා. "උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස් " (බ)

:       0       0

ප්‍රවීන් Monday, 18 July 2016 04:22 PM

දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ සමස්ත පරිභෝජනයෙන් 8%කි. ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි (නි)

:       0       0

ලලිත් Monday, 18 July 2016 04:23 PM

කොහොමටත් සීනි මිල කියන්නේ ලංකාවේ ජනතාවගේ හදවතටම වදින දෙයක්. එක්තරා විදේශික සඟරාවක කියවපු පරිදි ලාංකිකයෝ අතේ ඇළෙන ගන්නට තේ කෝප්පයකට සීනි දමාදෙන්නේ වැඩි ආගන්තුක සත්කාරය දක්වන්නලු. (නි)

:       0       0

නිශාන්ත Monday, 18 July 2016 04:39 PM

දැන් පැණිරස කැවිලි සහ තේ මිල බහීද? (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 19 July 2016 07:46 AM

උක් කරමාන්තය රටට ගැලපෙන තරමට පමණක් දියුණු කර රටේ වන ගහනය ආරක්ෂා කරන ගමන් පමණි උක් වගාව වැඩි කළ යුත්තේ උක් වගාවෙන් සීනිවලට වඩා හකුරු හදන්න බලනවා නම් දියවැඩියාව පාලනය කළ හැකි වෙනවා (හේ)

:       0       0

දොම්පේ Monday, 18 July 2016 06:06 PM

මේ බද්ද නම් වැඩිකළාට කමක් නැහැ. ලංකාවේ සීනි පරිභෝජනය අඩු කරන්න ඕනෑ. අපේ කට්ටිය තේ කෝපි බොනවා කියලා බොන්නේ සීනි. පැණි රස දේවල් කනවත් වැඩියි. (නි)

:       0       0

පද්මිණි Monday, 18 July 2016 06:07 PM

සීනි කන්න එපා. අල,බතල,බත් ඔය හැමදෙයකින්ම ශරීරයට අවශ්‍ය සීනි ලැබෙනවා. කොපමණ කිවුවත් අහන අය අඩුයි. පළතුරක් කන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

කරුණාපාල Monday, 18 July 2016 08:26 PM

අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා පලක් නැහැ කියලා සමහරක්ට වැටහෙද්දී, වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 3927 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 380 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1551 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3006 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2992 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39008 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25546 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site