IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සීනි බෝල පිස්සු කතාවල පඹයෙක් වෙන්න මම කැමති නෑ

2016-11-11-ent-68

නළුවන් අතර හරි අපූරු නළුවෙක් වෙන්න පුළුවන් කිහිප දෙනෙකුටයි. රංග ප‍්‍රතිභාවක් විෂය ක්ෂේත‍්‍රයන් පිළිබඳ මනා හැදෑරීමක් තුළින් වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය තුළ ඔහු මැවූ භූමිකාව පේ‍්‍රක්ෂක හදවත් තුළ ඉතා සියුම් ලෙස තැන්පත් කරන්නට ඔහු සමත් වුණා. ඔහු නම් රංගවේදී ජයලාල් රෝහණයි.

 

කොහොමද මේ දවස් වල රාජකාරි කටයුතු එහෙම

මේ දවස් වල හංකිති දහතුන නාට්‍යයත් එක්ක ලංකාව වටේටම යනවා. ටෙලි නාට්‍ය වල නම් මේ දවස් වල මම නැහැ.

 

ඇයි ඒ?

හොඳ පිටපතක් මට මෑතකදී ලැබුණේ නැහැ. මම ඔය දහජරාවල රඟපාන්නේ නැහැ. පේ‍්‍රක්ෂකයාට ගුණාත්මක යමක් දෙන්න පුළුවන් පිටපතක් ලැබුණොත් මම රඟපානවා. සීනි බෝල, පිස්සු කථා වල මම පඹයෙක් වෙන්නේ නැහැ. අපිට බාල මොංගල් එවුන් එක්ක ඉන්න බෑනේ.

 

මෙගා ක‍්‍රමයට විරුද්ධ වෙනවා කියන්නේ කළු ගලේ ඔළුව ගහ ගන්නවා වගේ වැඩක් නේද?

අපි කරන දේ හරියට කරනවානම් එහෙම වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් ගැන බාගෙට ඉගෙන ගත්ත මෝඩයෝ තොගයක් ඉන්නවා. උන් තමයි මේ මෙගා නාට්‍ය කරන්නේ. උන් හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන හැමදේම තමන් දන්නවා කියලා දැන් බොනට් එක උඩ තියන් පිටපත් ලියන නාට්‍ය කලාවක් බිහිවෙලා ඉවරයි. මෙගා වල නළු නිළියෝ කියලා රඟපාන්නේ හාල් කෑලි.

 

ටෙලි නාට්‍ය වලින් වගේ චිත‍්‍රපටිවලිනුත් ඈත් වෙලාද?

මම මැරෙනකම් කිසිම දේකින් ඈත් වෙන්නේ නෑ. මැරෙනකම් කලාවට සේවය කරනවා. හොඳ නිර්මාණ ලැබුණොත් ලබන වසරට චිත‍්‍රපටයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒක නිදහසේ පියා ඞී.එස්. සේනානායක මහත්මයා ගැන නිර්මාණය වෙන චිත‍්‍රපටයක්.

ආ... තව පොඩි වැඩක් කෙරෙනවා. රොඞ්නි සහ මම රඟපාන අලූත් වේදිකා නාට්‍යයක් ජනවාරි මාසයේ වේදිකා ගත කරන්න සූදානම් වෙනවා. ”ගොං ඩෝලා” කියලා මේ නාට්‍යයත් හොඳ නාට්‍ය කෘතියක් වේවි කියලා හිතනවා.

 

යථා කාලේ තථා අයුරින් සියල්ල සිද්ධ වෙනවා කියලා කලකට ඉස්සර ඔබ කිව්වා. ඒ මුතුමිණ විදිහට. දැන් මුතුමිණට යථාකාලය ඇවිල්ලද?

මම හිතනවා මගේ ජීවිතේ හැම මොහොතක්ම යථා කාලයට ඇවිල්ලා කියලා. අපිට මූණ දෙන්න ලැබෙන අත්දැකීම් එක්ක ඒවා ධෛර්යයෙන් යුතුව භාරගන්න පුළුවන් නම් ඒ කාලය යථා කාලය තමයි.

 

ඔබ ජීවිතේ ඔබ ලත් දැනුම දරුවන්ට ලබා දෙන්න වෙහෙස වුණා. වෙහෙස වෙන ගුරුවරයෙක් ඉගෙන ගත්ත ගෝලයෝ දිහා බලලා ඔබට සන්තෝස වෙන්න පුළුවන්ද?

ඇත්තටම මට ඒ දරුවෝ දැක්කම හරි සන්තෝසයක් වගේම හිතට ලොකු ධෛර්යක් දැනෙනවා. අද මගෙන් ඉගෙන ගත්ත ගොඩක් දරුවෝ මට වඩා ගොඩක් ජනප‍්‍රිය වෙලා වේදිකාවෙත්, සිනමාවෙ, ටෙලි නාට්‍ය කලාවේ බැබළෙනවා. ඉගෙන ගත්ත දරුවෝ හොඳ තැන් වල ඉන්නවා දකින තරම් සතුටක් ගුරුවරයෙකුට තවත් නැහැ. හැබැයි ඒ අතර පෙළක් අය ඉන්නවා ඉගෙන ගන්න ඇවිල්ලා ගුරුවරයාට ගහන්නේ කවදද කියලා බලාගෙන ඉන්න අයත්. වර්තමානයේ නම් ගොඩක් ඉන්නේ එහෙම අය. අර කොසොල් රජ්ජුරුවන්ට පෙනුන දහතුන්වන සිහිනය දැන් සැබෑ වෙලා වගේ. බර කළු ගල් වතුරේ පාවෙනවා වගේ හාල්පාරුවෝ තමයි ගොඩක් මේකේ රැුඳිලා ඉන්නේ. අන්තිමට උන්ට උගන්වපු ගුරුවරුන් වත් උන්ට මතක නැහැ. ඔන්න ඕකයි අද සමාජ තත්ත්වය.

 

ඔබ ගුවන් විදුලිය සිනමාවේ, රූපවාහිනියෙ වේදිකාවෙ යන රංග භූමියක් තුළ එකිනෙකට වෙනස් යමක් පේ‍්‍රක්ෂකයාට ගෙන ආ රංගන ශිල්පියෙක්. මේ අතුරින් ඔබ වඩාත් කැමති මොන රංග භූමියටද කියලා ඇහුවොත්?

ලැබෙන දේ මොකක් වුණත් ඒක මොන භූමියද කියලා මට අවශ්‍ය නැහැ. මට ලැබෙන දේ මම හරියට කරනවා. සමහරු කියනවා මම අරකට ආසයි මේකට ආසයි කියලා. කලාකරුවන්ට ආසාවල් නැහැ. තමන් දක්ෂ නම් ඔය ඕනම භූමියක දක්ෂතා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මම ගුවන් විදුලියේ සිනමාවේ, වේදිකාවේ, ටෙලි නාට්‍ය කලාවට මට පුළුවන් උපරිමයෙන් කරලා තියෙනවා. සමාජය මම කරපු දේවල් අගය කරනවාද නැද්ද කියලා මට අදාළ නැහැ. සමාජය ගැන මට වැඩක් නැහැ.

 

වේදිකාවේ මේ දවස් වල හංකිති දහතුන හරි ජනප‍්‍රියයි නේද?

අම්මෝ ඔව්. පසුගිය දින වල හංකිති දහතුන එක්ක ප‍්‍රදේශ කිහිපයක ගියා. කාලෙකට පස්සේ තමයි ලොකු පේ‍්‍රක්ෂකාගාරයක් දැක්කේ. ප‍්‍රතිචාර බොහොමයි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අවුරුදු විසි තුනකට පස්සේ රචනා කරපු හංකිති දහතුන වේදිකා නාට්‍ය කියන්නේ සෝපාහාසාත්මක නාට්‍යයක්. ලෝකයේ මුල්ම වෘත්තිය ගැන කතා කළොත් එකක් ගුරු වෘත්තිය අනෙක් එක ගණිකා වෘත්තිය. අද ගුරු වෘත්තියත් ගණිකා වෘත්තිය තත්වෙටම පහතට වැටිලා. මහත් බරපතළ දේශපාලනික නීතිමය දරුණු මතවාදී කාරණාවන් ගොන්නක් තමයි ජයන්ත චන්ද්‍රසිරි හංකිති දහතුන විදිහට වේදිකාවට අරගෙන එන්නේ. ඇත්තටම මගේ නාට්‍ය ජීවිතේ මම ගොඩාක් ප‍්‍රිය කරන නාට්‍යයක් තමයි හංකිති දහතුන කියන්නේ.

 

2016-11-11-ent-66

මෙහෙම ඇහුවොත්..

වේදිකා නාට්‍ය තුළ තිබුණ හැඩ තළ අද නිර්මාණය වෙන වේදිකා නාට්‍ය වල තියෙනවද?

දැන් නම් එහෙම එකක් නැහැ. ඒ වගේම හැඩ තල තියෙන්න ඕන කියලා නියමෙකුත් නැහැ. ලෝකය දියුණු වෙලා ඉහළට යන්න ඕන. ඒත් දැන් යන්නේ පහළට. ගොඩක් තරුණ නාට්‍යකරුවෝ හිතාගෙන ඉන්නවා එයාල මාර දෙයක් කරනවා කියලා. බැලින්නම් කරන්නේ පරණ නාට්‍යයමයි. අපි හැමදාම එක තැන පල් වෙන්න ඕනේ නැහැ. අපි මෙතනින් එහාට යා යුතුයි. එහාට යනවා කියන්නේ හැබැයි ජවයෙන් පිස්සු නටන එක නෙමෙයි.

ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තුළ අර්ථ පූර්ණමයන් ගෙන එනවාද කියන එක හැම නාට්‍යයකටම ප‍්‍රශ්නයක්. හරියට අව්ව තියෙන වෙලාවේ පිදුරු ගොඩ වේලනවා වගේ. අද කොමඩි කියලා විකාරයි කුණුහරුපයි කියලා සත පහකට වැඩක් නැති නාට්‍ය හදනවා. කටේ තියන්න බෑ බල්ලෙකුටවත් ඒ දෙබස්. ඒවා තමයි මිනිස්සු නාට්‍ය කියලා හිතාගෙන හරි ඔළුවට අරගෙන හිනා වෙවී බලන්නේ. බාහිර ආටෝප වලින් පිරිච්ච බක බක ගාලා හිනා යන බාල විහිළු බහුබූත නාට්‍ය කාලා තිත්ත වෙන වෙලාවක් ළඟදිම එනවා. නැවතත් හොඳ නාට්‍ය කලාවක් ඒවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අද හොඳ වේදිකා නාට්‍ය අඩුයි ගොඩක් තියෙන්නේ බහුබූත.

 

ඔබ අමුතු චරිත වලටත් අඳින්න කැමතියි කියන්නේ ඇත්තද?

මම කරන හැම චරිතයක්ම අමුතුයි. මම කවදාවත් කැමති චරිත කියලා කිසිම විදිහකින් වර්ගීකරණය කරලා නැහැ. මිනිස්සු සල්ලි දීලා නාට්‍යයක් බලන්නේ එන්නේ සල්ලි තියෙන නිසා නෙමෙයි. චරිතයේ වටිනාකම පේ‍්‍රක්ෂකයාට දැනෙන්න කළ හැකි නම් මම ඒක උපරිමයෙන් කරනවා. අද සමහර නවක නළු නිළියෝ ඉන්නවා අධ්‍යක්ෂවරු ගණන් ගන්නේ නැහැ. ඒක ඉතින් අපට හදන්න බැහැ. ඒක ජාතකෙන්ම හැදෙන්න ඕන දෙයක්.

 

ඒ කියන්නේ හොඳයි කියන නාට්‍ය නළු නිළියෝ දැන් නැහැ කියන එකද?

ඉන්නවා. ඉන්නවා. හොඳ නිර්මාණ දැන් ගොඩක් අඩුයිනේ. ලංකාවේ මොන දේ කරන්න ගියත් ඉස්සහරට දාන්නේ බජට් ප‍්‍රශ්නෙ. ඉතින් අලූත් නළු නිළියෝ කරන්නේ ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැතුව දෙකයි පනහෙ චරිත කරනවා.

 

ඔබ දොරමඬලාව වැනි වියතුන් සභා මැද සමාජයට බොහෝ දේ කියන්න උත්සාහ කරන චරිතයක් වෙලා නේද දැන්?

මම එතනට යන්නේ රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි. කථිකාචාර්යවරයෙක් හැටියට මම සරලවම කියන්නද?

අද තියෙන්නේ චාලි චැප්ලින් විහිළු කාරයෙක් කියන කාලකන්ණි සමාජයක්. චාල් චැප්ලින් විහිළු කාරයෙක් නෙමෙයි. ඔහු ඒ කරන්නේ සංකීර්ණ රංගනයක්. අපේ මෝඩ රැුල ඒකට හිනා වෙනවා. අපිත් කොයිතරම් දේවල් කියන්න උත්සහ කළත් සමහර මෝඩ රැුලවල් ඉන්නවා කවදාවත් හදන්න බැහැ. දොරමඬලාවේත් මට නිතර සාකච්ඡුාවලට ආරාධනා ලැබෙනවා. මට හැකි අයුරින් සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් ඒක මම උපරිමයෙන්ම කරනවා. ගොඩක් දේවල් වලට අන්ධ වෙලා ඉන්න තරුණ පරපුර ගොඩගන්න එක අපේ යුතුකමක්.

 

අපි පොඞ්ඩක් මතකය අතීතයට ගෙන යමුද?

කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයෙන් වේදිකාවට නැගපු ජයලාල් රෝහණ කියන කොලූ ගැටයා ගැන.

ලෝකයේ ජීවිතේ ජය ගත්තු හැම කෙනෙක්ම උඩ මතු වෙලා තියෙන්නේ මඩ ගොඩෙන්, උල් කටු, බෝතල් කටු තියෙන්නේ මඬේ යට ඒවා ඇණුන වේදනාවල් අපේ ගොඩක් අයට හරි ඉක්මණට අමතක වෙලා යනවා. සමහර අය ඉන්නවා වැසිකිළියක්වත් තිබ්බේ නැති ගම් වලින් කොළඹට ඇවිල්ලා දැන් කුරුඳු වත්තෙන් ආවා වගේ පොෂ් වුණ අය. තව සමහරු ඉන්නවා ටයි එකක් දාගෙන දේශනයක් පැවැත්වුවාම හිතනවා හරි ලොක්කෙක් කියලා. මනුස්සයන් වුණාම ආපු මාවත මතක තියෙන්න ඕන. මම මේ කිව්වේ මම මේ සමාජයේ දැකපු දේවල් ටිකක් විතරයි. ඒත් මම කවදාවත් මම දුක් විඳපු හැටි කාපු බීපු හැටි කියන්න ලැජ්ජාවක් නැහැ. මොකද ඒ දුක තමයි මට ඉගෙන ගන්න ශක්තිය වුණේ. මගේ අප්පච්චි මට අවුරුදු දහතුනේදී නැති වෙනවා. එදා මුළු පවුලේම බර පැටවුණේ මගේ කරට. ඒ කාලේ මගේ ජීවිතේ ගෙවුණේ කොම්පඤ්ඤවීදියේ, මරදානේ, පිටකොටුවේ සල්ලි හොයන්න සිමෙන්ති ඇණුවා. බාස්ලට අත් වැඩ දුන්නා.

මම ඉස්සර පාසල් ගියේ සතියට දවස් 3 යි. ඉතුරු දවස් දෙකේ කුලී වැඩ කළා. ඉස්සෙල්ලාම පිටකෝට්ටේ ඉඳලා කුලී වැඩකට පිටකොටුවට ගිය දවසේ මාව අතරමං වුණා පාර සොයා ගන්න බැරුව එදා මම ගෙදර ආවේ පාරෙ හිටපු කෙනෙකුගෙන් සල්ලි ඉල්ලගෙන. මම එදා ජීවිතේට තනියම මූණ දීලා ලොකුම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබුවේ මගේ ජීවිතෙන්මයි.

පස්ස ඉරුණු කලිසම ඇඳගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයට ගිය මට උගන්නපු ගුරුවරු ලොකු ශක්තියක් වුණා. එක්තරා දවසක විශාල ආරවුලක් බලාගෙන ඉඳලා බලා සිටීමේ වරදට මට බන්ධනාගාරයේ ඉන්න වුණා. එදා පොලිසිය මට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දුන්නා. අද මට විශ‍්‍රාම යන පොලිස් නිලධාරින්ට දේශන කරනවා. මම ඒවා හරි සතුටින් කරනවා. එදා මට ගහපු විදිහට මම හිරේ දාපු විදිහට ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලේ මට උගන්වපු ගුරුවරු මාව කවදාවත් කොන්කළේ නැහැ. වැටෙන්න වැටෙන්න මට අත දුන්නා. මගේ ගුරුවරු එහෙම නොකළා නම් මම අද මිනීමරුවෙක් වෙන්න තිබුණා. මගේ ඉරණම වෙනස් වුණේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයෙන්. මම කොච්චර දුප්පත් වුණත්, බඩගින්නෙන් හිටියත්, ගුරුවරුන්ගෙන් ලැබුණ ශක්තීන් ඉගෙන ගත්තා. කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලේ මට උගන්වපු සමූහයටම මම බුදු වෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා. මගේ දක්ෂතා දැකපු අය මට ගොඩට එන්න අත දුන්නා. අතීතය මතක් කරහම මට පුංචි කතාවක් මතක් වුණා.

ඉස්සර ඉඳලම මට රහට ලියන්න පුළුවන්. අපේ මාමාට අකුරු බැහැ. දවසක් මගෙන් ඇහුවා මාමා ”නැන්දා කෙනෙක් යාළු වෙලා ඉන්නවා උඹට බැරිද මට ලියුමක් ලියලා දෙන්න කියලා එදා මම සත විසිපහේ කුලියට මාමට ආදර හසුන්පත් ලියලා දුන්නා. මට ඒ කාලේ ඕන වුණේ ජීවත් වෙන්න මුදලක්නේ. දුක ඇතුළෙම හරි සුන්දර දේවලූත් වුණා. සමහර වෙලාවට මාමා කියන ඒවට අමතරව මගේ හිතේ තියෙන ඒවත් ලියුම් වල ලිව්වා.” කාලය හරස් වෙලා සිනහව අතරින් සුන්දර කතාබහට සමු දෙන්න වෙනවා.

 

නදීශා අතුකෝරළ

 

2016-11-11-ent-67
2016-11-11-ent-69



අදහස් (0)

සීනි බෝල පිස්සු කතාවල පඹයෙක් වෙන්න මම කැමති නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 213 0

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 425 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 206 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 267 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 742 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 235 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site