IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සීනි - ලොකු ලූනු - අර්තාපල් මිල ඉහළට

(යොහාන් භාසුර)

සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී ඇති බවත් වෙළෙන්දෝ කියති.

ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දේශීය ලොකු ලූනු සමය ආරම්භ වීම නිසා ලූණු මිල ඉහළ යෑම සාමාන්‍ය තත්වයක් බවත් පසුගිය වසරේ දේශීය ලොකු ලූනු සමයේ උච්චතම කාලය වූ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කිලෝවක් රුපියල් 400 ක් දක්වා ඉහළ ගිය බව ද වෙළෙන්දෝ පවසති.

ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 ත් 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ත් 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති. 



අදහස් (10)

සීනි - ලොකු ලූනු - අර්තාපල් මිල ඉහළට

Lalith M Thursday, 14 October 2021 05:08 PM

තොග සහ සිල්ලර මිල අතර ඉහල වෙනස. ලංකාව තුල මෙතරම්ම මිල වෙනස්වීම අසාධාරණයි. කොහේ වුවද වගාකරන්නා හිඟන මිල ලබන්නා වන අතර අතරමැදියන් වවන්නා සහ පාරිභෝගිකයා සූරාකනවා. රජයක් නැතිකම පේනවා.

:       0       0

Bandara Thursday, 14 October 2021 05:14 PM

මේ රට දැන් තනිකරම පාලනය කරන්නේ කළු කඩ මාෆියාවකින්. එක්කෝ ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය සහ රජය කියන්නේ නිකන්ම නිකන් බෝඩ් ලෑලි සෙට් එකක්, එහෙමත් නැත්තම් ඔවුන් ඇවිල්ලත් මේ කළු කඩ මාෆියාවේම කොටසක්.

:       0       1

Sena Thursday, 14 October 2021 05:23 PM

සාධාරණ වැඩි කිරීමක්

:       0       0

සුරලොව ඇල්මන් Thursday, 14 October 2021 06:25 PM

භාණ්ඩ ප්‍රවාහන ලොරිවල පසුපස පැත්තේ KMP,H 40 ලෙස දක්වා තියෙනවා.. නමුත් ඒ ලොරි යන්නේ අධිවේගී හෙවත් KMPH 80 ඉක්මවා යායුතු මාර්ගවල මේ රටට වෙලා තියෙන්නේ ඒකයි...

:       0       0

fairoos Thursday, 14 October 2021 06:47 PM

නන්දසේන ෆේල් .ඉන්න හිටින්න දෙන්න ආපු කෙනා රට කනවා

:       0       18

69lakshayaFriday, 15 October 2021 11:26 AM

ඒ වුනාට අපි ආයේ චන්දේ දෙනවා

:       0       1

siri Thursday, 14 October 2021 08:34 PM

"මට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි" කියලා කිව්වේ කවුද හැබෑට...!!!

:       0       1

බද්රානි Thursday, 14 October 2021 09:33 PM

ආහාර වර්ග වල මිල වැඩිවීම ඉතාම සාධාරණයි. මේ රට රැක ගැනීමට නම් භාණ්ඩවල මිල පමණක් නොවෙයි ගෑස් මිල වැඩි උනාසේ ඉන්ධන මිලත් වැඩිවිය යුතුයි. කාට හෝ හිතෙනවා නම් ලංකාවේ බඩු මිල වැඩියි කියලා පිටරටකට යන්න. මතකනේ, පහුගිය රජය දින සියය තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකම මිල අඩු කරලා, ඉන්ධන මිල අඩුකරලා කරගත්ත දේ? ඒ මදිවාට රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් දාහකින්ම වැඩි කළා. ඒ කාලේ අපි කෑවේ වඳ කොත්තු, ඇන්දේ වඳ බ්‍රශියර්, ඒ මදිවාට දොස්තර සාෆි ගැබ් ගෙල මිරිකලා වඳ කරනවා. මතක් වෙද්දීත් බයයි. දැන්, බදුර්දීන් විල්පත්තුව කපන්නේත් නැහැ. මුළු රටම ගස් කොලන් වලින් පිරිලා, කාබනික පොහොර යොදලා කරපු වගා වල අස්වැන්න සරුවට තියනවා. ඒ නිසා දේශීය ගොවීන්ට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන ප්‍රතිලාභ ලැබෙන්න ඕනා. මොනවලින්ද අඩුපාඩු? අපිට ජීවත් වෙන්න රටකුයි ඕනා. ඒ නිසා කරුණාකර තව භාණ්ඩ වල මිල වැඩි කරන්න කියලා මම රජයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙතරම් හොඳට ජනතාවට සලකන පාලකයින්ගේ අගය නොදැනීම ජාතියේ අවාසනාවක්??

:       0       1

පියල් Thursday, 14 October 2021 11:14 PM

අල, බොම්බයි ළුණු ලගදී කෑවයි? වෙනස සැප ද........

:       0       1

swene Friday, 15 October 2021 05:49 AM

බන්දුල එන්න වේදිකාවට, ඔයාගේ රස්සාවනේ. මොනවහරි කියවන්න . "යහපාලනය" වචනයත් අඩංගු කරන්න අමතක කරන්න එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 448 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 145 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 991 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 140 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 319 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2251 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 616 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site