(යොහාන් භාසුර)
රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අදාල දඩය කෝටි 16කට අඩු කිරීමෙන් පසුව දේශපාලන අධිකාරියේ ඉහළතම නිලධාරියෙක් එම දඩය පිළිබඳව සළකා බලන ලෙස රේගු දෙපාර්තමේන්තුවට නිල නොවන මට්ටමින් දැනුම්දීමෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකා රේගු පශ්චාත් නිෂ්කාශන සහ විගණන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස අත්අඩංගුවට ගත් මෙම සීනි තොගය බහාලුම් 45 ක සුදු සීනි කිලෝ 50 බැගින් වන මිටි 270 බැගින් අසුරා ආනයනය කර තිබූ බවත් එම සීනි තොගයේ සම්පූර්ණ බර මෙට්‍රික්ටොන් 1,215 ක් බවත් රේගුව සඳහන් කරයි.
දඩය පැනවීමෙන් පසුව අදාල ආනයනකරු මුදල් අමාත්‍යංශයට යොමුකළ අභියාචනය ප්‍රතික්ෂේප කළ එම අමාත්‍යංශය දෙවැනි වර දඩය කෝටි 3ක් අඩු කරන ලෙස දැනුවත් කර ඇති බවත් නැවතත් ඉහළම දේශපාලන අධිකාරියේ ලේකම්වරයෙක් දඩය පිළිබඳව නැවත සළකා බලන ලෙස දැනුම් දී ඇති බවත් රේගු ආරංචි මාර්ග සදඟන් කරයි.
දඩය නියම වූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ඔහුට අයත් අනෙකුත් සමාගම්වලට මීට පෙර අවස්ථා 23 ක දී රේගු වැරදි සම්බන්ධයෙන් රුපියල් කෝටි 7කට අධික දඩ මුදලක් පනවා ඇති බව කියන රේගුව මෙහිදී නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි සහ සුදු සීනි තොගය රේගු ආඥා පනතට අනුව රාජසන්තක කළ යුතු වුවද, රේගු පරීක්ෂණයේදී වරදේ ස්වභාවය, රජයට අහිමි වන ආදායම සහ ආනයනකරුගේ දුක්ගැනවිලි පිළිබඳව සළකා රුපියල් 189,293,778 අහිමි කිරීමට යටත් කර අයිතිකරු සීනි තොගය මුදා හළ බව ද සඳහන් කළේය.
දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සහ මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් ආනයන අපනයන පාලන පනතේ 2262/17 අංක දරන 11.01.2022 දිනැති ගැසට් පත්‍රය හරහා දුඹුරු සීනි ලංකාවට ආනයනය කිරීමට සීමා පනවා ඇති අතර ආනයනකරු සතුව රුපියල් මිලියන 189 ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආනයනකරුගේ ඉල්ලීම් මත රුපියල් මිලියන 190 බැංකු ඇපකරයක් තබා සීනි තොගය මුදාහැරි බවත් රේගුව සඳහන් කරයි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීනි වංචාව වහන්න රජයේ හස්තයක් දිගු වෙලා
පැරකුම් Monday, 08 May 2023 02:13 PM
ඕක මොකද්ද අනේ...! වෙනදා වගේ අපි කවුරුත් එක්ක ඕක ගෙවලා දාමු. මහ ලොකු ගාණකුත් නෙවෙයිනේ…!
අනුරුද්ධ Monday, 08 May 2023 02:15 PM
ඔහොම යන්නකෝ අපේ අනුරයියා ඇවිල්ලා ඔය දඩේ සියයට සියයක් වැල් පොලියක් සමග අයකර ගන්නවා... බලන්න තමයි අපේ බලාපොරොත්තුව... එතෙක් ඉවසමු...
Always break down Monday, 08 May 2023 02:40 PM
ඔක්කොම යාලුවන්... මාධ්‍යයට ෂෝ... එයා ගෙවයි බදු..
de silva Monday, 08 May 2023 02:56 PM
දඩේ ගෙවන්නේ නැති නම් නඩු දමන්න .දේශපාලකයාට බම්බු ගහගන්න කියන්න
ravin Monday, 08 May 2023 02:57 PM
හොර තක්කඩින්ගේ නම ගම ආගම වයසද දාතම සේරම ලියා ඇති හතරැස් කොලේම එලිකරන්නකෝ .වැඩේ කම්මුතුයි
raja Monday, 08 May 2023 04:41 PM
බලු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන් !!! පවුල් පිටින්ම මකබැවිලා පල !!!
BamunuarachchiWednesday, 10 May 2023 05:55 PM
නියම ජෙප්පෙක්. මේ ගොන්තඩියා මොනවා දැනගෙන කියවනවාද? මේ ගොයියාට මලබද්ධය හැදුණත් රාජපක්ෂලා පලිද? ඒ දඩමුදල අදාළ සමාගම ගෙවා ඉවරයි.
ෆ්‍රැන්සිස්කෝ Monday, 08 May 2023 04:50 PM
2019 පොහොට්ටුව ජය ලැබීමෙන් පස්සේ දෙවැනි වතාවටත් සීනි වංචාවක් කරලා නේද කියන්නේ? එහෙම නම් පොහොට්ටු කියන්නේ සීනිවලට වහවැටුණු ඇඹලයින්ගේ සංවිධානයක් කියන්න පුළුවන්නේ... (ඇඹලයින් කියන්නේ මොන වගේ සතුන්ද කියලා ඔවුන් ගොඩාක් සිටින තැනක හිටගෙන චූටි වේලාවක් ඉඳලා බලන්න... එතකොට තේරුම් ගන්න පුළුවන් පොහොට්ටු පිරිසත් ඒ වගේමයි කියලා)
Aruna Ramanayake Monday, 08 May 2023 04:55 PM
ලංකාවේ මහා පරිමාණ වංචා, දූෂණ නවත්වන්න බැරි ඒවා සඳහා මැදිහත්වෙන දේශපාලකයින් ප්‍රසිද්ධ නොකරන නිසා මේකෙදිත් කියන්නේ දේශපාලන මැදිහත් වීම නිසා දඩය අයකරගන්න අසීරුවෙලා කියලා මේ අයගේ නම්, ගම් එක්කම දැම්මා නම් ජනතාවට දැනගන්න පුළුවන් කාගේද කියලා... ඊට පස්සේ එයාලා ගැන ඡන්දෙදී ජනතාව බලාගනියි.
Manel Samaranayake Monday, 08 May 2023 05:43 PM
නම්ගම් එක්කම දැම්මා නම් තවත් හොඳයි නේද?
udara Tuesday, 09 May 2023 11:08 AM
මේවා ලියද්දි මුන්ගේ නම්ගම් එළිකරන්න බැරිනම් බොරුවට මේවා දාන්න එපා. නම් ගම් දන්නා බැරි මේවා බොරු නිසාද? බය නිසාද? මොකක්ද ඒ මාද්‍ය සදාචාරය? නිවැරදි පුවත් බෙදාහරින්න බය වෙන්න ඕනෙද?